ගතින් දුරින් සිටියත් සිතින් හැමදාමත් ආදරෙන් ඉන්න ක්‍රම 11 ක්

ගතින් දුරින් සිටියත් සිතින් හැමදාමත් ආදරෙන් ඉන්න ක්‍රම 11 ක්

ගතින් දුරස් වී සිටියත් සිතින් හැමදාම එක වගේ ආදරෙන් ඉන්න ක්‍රම 11 ක්

දුරස්ථ විවාහය කියන්නේ අපි සමාජය තුල නිතර අත්දකින දෙයක්.

දුරස්ථ විවාහය කියු පමණින් මේ කතා කරන්නේ විවාහයෙන් වෙන් වී සිටීම ගැන කියා ඔබට හිතෙන්න පුළුවන්.

නමුත් ඇත්තටම අද අපි කතා කරන්න යන්නේ රැකියාව, ඉගනීම හෝ වෙනත් නොවැළැක්විය හැකි හේතු නිසා ගතින් දුරස් සිටින විවාහක යුවලකට ආදරෙන් ඉන්න පුළුවන් ක්‍රම ගැනයි.

ප්‍රේමණිය යුවකට දුරින් ඉන්නවා කියන්නේ වේදනාත්මක අත්දැකීමක්.

ආදරය තුල අපි එකිනෙකා වෙලෙමින් ඉන්න කොච්චර කැමතිද?

ඒත් කට හඩක්වත් ඇහෙන්නේ නැති මානයක දෙන්නා එක්ක සුසුම් හෙල හෙල ඉන්නේ නැතුව සිතින් වත් ලංවෙන්න උත්සහ කරන්න පුළුවන් නම් නේද?

දෙදෙනා ගතින් වෙන් වී සිතින් සමීප වී සිටිනා මෙම අවදිය ගෙවා ගැනීම අසීරුයි තමයි.

ඒ වගේම එය ප්‍රියජනක අත්දැකීමක් නෙමෙයි. දෙන්නා අතර විශ්වාසය තබා ගැනීම මෙන්ම කැපවීම මෙහිදි අත්‍යාවශ්‍ය කාරණා වෙනවා.

දුරින් ඉදන් සම්බන්ධතාවය පවත්වා ගැනීම ලගින් ඉන්නවා වගේ පහසු නැහැ කියන එක පළමුව අවබෝධ කරගන්න.

ඔබේ සැමියා හෝ බිරිද ලගින් නොමැති නම් ප්‍රේමය වියැකි යන්න නොදි තබාගන්න නිතර උත්සහ කරන්න. 

එකින්නෙකා නොපෙනෙන , සිප  වැළඳගැනීම් නැති  දවසක් ගත කරන්න ටිකක් නිර්මාණශිලිව හිතන්න අවශ්‍ය වෙනවා.

එහෙනම්  දුරින් ඉද ආදරය කරන්න මේ ක්‍රම 11 අත්හදා බලන්න.

දුරස්ථ විවාහය අඛණ්ඩව ඉදිරියට ගෙනයන්න ක්‍රම 11 ක්

1. උදේම සුභ පතලා කෙටි පණිවිඩයක් යවන්න

උදේම නැගිටපු ගමන්ම ඇස් අරින්නත් කලින් වගේම රෑ නින්දට යන්න මොහොතකට පෙරත් මතක් වෙන්නේ ඔබ ආදරය කරන එයාගේ මුහුණ නේද?

ඉතින් ඒ බව එයාටත් කියන්න හැමදාම මතක ඇතුව උදේට හා රාත්‍රියට සුභ පතන්න අමතක කරන්න එපා.

ඒ වගේම ඊටපස්සෙත් ඔබට එයාව දිගටම මතක් වෙනවා නම් හොදට නිදාගත්තද නැතිනම් අද දවසේ එයාගේ සැලසුම් කොහොමද කියලා අහලා යවන්න.

ඒක ඔබට වගේම දුරින් ඉන්න එයාටත් ප්‍රේමණියව දවස අරඹන්න හොද මගක් වේවි.

2. දුරින් හිටියත් එක්ව ගත කරන්න සැලසුම් කරන්න

ඔබ දෙදෙනා ශාරිරිකව ස්පර්ශ වෙන දුරකින් නැහැ. ඒත් සිතින් සම්බන්ධ වෙන්න පුළුවන්.

දෙදෙනාටම එකම වේලාවේ දෙතැනක ඉදන් එකම රූපවාහිනි වැඩසටහන බලන්න පුළුවන්. 

වැඩසටහනේ විනෝදාත්මක දේවල් මෙන්ම ඒ ගැන අදහස් දෙදෙනාම දුරකථනයේ කෙටි පණිවිඩ හරහා හුවමාරු කරගන්න.

එවිට ඔබේ හිත ලගින්ම එයා ඉන්නවා වගේ දැනේවි.

3. දවසේ ඔබ ගත් ඡායාරූප ටිකක් යවන්න

අද ලෝකය තාක්ෂණය අතින් ඉන්නේ ඉහළ ස්ථානයකයි.

ඔබ මේ මොහොතේ ඉන්නා විදිය ඔබට ඡායාරූප ගත කර ඉතා අඩු වේලාවකින් හා වියදමකින් ලෝකයේ අවශ්‍ය තැනකට පහසුවෙන්ම යවන්න පුළුවන්.

ඉතින් ඇයි ඔබ එයින් ප්‍රයෝජන නොගන්නේ?

ඔබ එසේ දවසේ දේවල් ඡායාරූප ලෙස යැවීමෙන් එයාටත් සංකාව වගේම කංසාව පහ කරගන්න පුළුවන්.

දවසේ ඔබ කරන දෙයක් නැතිනම් හැදු රසවත් කෑමක් ඡායාරූප ගත කර යවන්න අමතක කරන්න එපා.

4. දුරකථන ඇමතුම් කෙරෙහි අවධානයෙන් පසුවෙන්න

ගතින් දුරින් සිටියත් සිතින් හැමදාමත් ආදරෙන් ඉන්න ක්‍රම 11 ක්

දෙදෙනා ඉන්නේ ගතින් දුරින් නම් අනිවාර්යයෙන්ම දුරකථනයට වී පෙම්බස් මුමුණන්ම දෙදෙනාම කැමතියි.

නමුත් ගෙදර වැඩ, උයන්න පිහන්න, රෙදි හෝදන්න ඒ සියල්ලත් ඔබට කරන්න තියෙනවා.

ඔබ මෙම වැඩ වල යෙදෙමින් දුරකථනය හරහා සම්බන්ධ වෙන්න ගියහොත් නොපමාව ඔබ දෙදෙනාටම එය එපා වේවි.

ඒ අනිත් වැඩත් එක්ක දුරකථනය හරහා හෝ ඔබ ගතකරණ ගුණාත්මක කාලයට ගෙදර වැඩ එක්ක අවධානය අඩු වීමයි. 

ඒ නිසා ඔබ දෙදෙනාට දුරකථන ඇමතුම මත සිටින්න හැකි සම්පුර්ණ අවධානය ඇති කාලයක් තෝරගන්න.

ඔබ දෙපල ඒ ගුණාත්මක කාලය  දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙන්න.

5. පුදුම හිතෙන තෑග්ගක් යවන්න

ඔහුට හෝ ඇයට පුදුම කරවන්න කාඩ් එකක් හෝ තෑග්ගක් එකවර යවන්න.

එය කරන්න විශේෂ දිනයක් හෝ සංවත්සර දිනයක් එනතුරු සිටින්න අවශ්‍ය නැහැ.

එය ඔබේ සහකරු හෝ සහකාරිය පුදුම කරනවා පමනක් නොව සතුටටද පත් කරාවි.

ඒ වගේම ඔබට එයාව නිතර මතක් වෙන බව එයාට තේරූම් ගන්න එය හොද අවස්ථාවක් ඒවි

6. නොකියාම ඇවිත් එයාව පුදුමයට පත් කරන්න

ගතින් දුරින් සිටියත් සිතින් හැමදාමත් ආදරෙන් ඉන්න ක්‍රම 11 ක්

එකවර පැමිණ එයාව අපහසුතාවයට පත්නොවන පරිදි කටයුතු කිරීමට මෙහිදි ඔබ ප්‍රවේශම් වෙන්න.

ඔබ ආහාර සකස් කිරීම ආදිය සුදානම් කල යුතු නිසා පුංචි ඉගි කිහිපයක් දුන්නාට කමක් නැහැ.

ඔබ ගැන හිත හිත ඉන්න විට එකවරම ඔබ දොර අසල සිටියහොත් එයා අනිවාර්යයෙන්ම පුදුමයට පත් වේවි. 

7. ඔබ සැලසුම් කර එයාව බලන්න යන්න

එකපාරට යන පුදුම කරන ගමන් වලට අමතරව ඔබ දෙදෙනා යලිත් මුණ ගැහෙන දිනය සැලසුම් කරගන්න.

ඒ මගින් ඔබ තුල ආදරණිය බලාපොරොත්තු ගොඩ නැගෙන අතර නොඉවසිල්ලෙන් මග බලා සිටීමටත් අවස්ථාව උදාවෙනවා.

8. එක්ව සිනාසෙන්න

ඔබ දෙදෙනා අතර විහිලු කියමන් හා පිංතුර හුවමාරු  කරගන්න. ඒවා බලමින් එකට සිනාසෙන්න.

එය ඔබ දෙදෙනාට එකිනෙකා ලගින් සිටීනවා වන් හැගීමක් ඇති කරාවි.

9. එකිනෙකා සමඟ වීඩියෝ ඇමතුම් වලින් සම්බන්ධ වෙන්න

දැන් තාක්ෂණය දියුණු නිසා ඔබට අත ඇති ජංගම දුරකථනයෙන් බොහෝ විට ක්ෂණිකව විඩීයෝ ඇමතුමක් ගන්න හැකියාව තියෙනවා වෙන්න පුළුවන්.

ඒ නිසා විවේක ඇති වේලාවට දෙන්නා එක්ක මුණට මුහුණ බලාගෙන ආදර බස් දොඩන්න.

දුරින් හිටියත් නිතර එකිනෙකා දැකීම සංකාව මදක් අඩු කිරීමට හේතු වෙනවා.

10. ආදර ලිපියක් ඊමේල් කරන්න නැත්නම් පෝස්ට් කරන්න

ගතින් දුරින් සිටියත් සිතින් හැමදාමත් ආදරෙන් ඉන්න ක්‍රම 11 ක්

කෙටි පණිවිඩයක් අනර්ඝ වුවත් එයින් යවන්න පුළුවන් දේවල් සීමිතයි.

දුරකථන සංවාදයක් සුන්දර වුදත් ඔබේ හැගීම් සමහර විට වදන් කිරීමට ඔබට නොහැකි වෙන්න පුළුවන්.

ඒ නිසා ඔබේ හිතට එන හැම දේම ටයිප් කර ඊමේල් කරන්න. නැතිනම් කොළයක ලියා පෝස්ට් කරන්න.

ලව් ඊමේල් එකක් වුනත් ලව් ලෙටර් එකක් වුනත් ලබන්නාට එය සුන්දර අත්දැකීමක් වේවි.

11. ඇමතුම්, කෙටි පණිවිඩ හා  ඊමේල් ප්‍රේමණිය කරන්න.

ඔබ එකිනෙකාට ආකර්ෂණය වෙන බව සත්‍යයක් නමුත් ඔබ දෙදෙනා දැන් ලගින් නැහැ.

ඒ නිසා ඔබ දෙපල සම්බන්ධ වෙන  ඇමතුම්, කෙටි පණිවිඩ හා  ඊමේල් යන සියල්ල ප්‍රේමණිය කරන්න.

දුරස්ථ විවාහය තුල  සම්බන්ධතාවයක ජීවත්වීමට ඉතා අසීරුයි. නමුත් ඔබ එකිනෙකා මොහොතකටවත් අමතක කරන්න එපා.

සමහර විට ඔබ එකිනෙකා මාස ගණන් හමුවෙන්නේ නැති වෙන්න පුළුවන්. 

නැතිනම් ඔබේ ජිවිතයේ සමහර දේවල් එක්ක කාර්ය බහුල වෙද්දි  ඔබට අනෙක් පුද්ගලයා අමතක වෙන්න පුළුවන්.

නමුත් එයට එසේ සිදුවෙන්න ඉඩදෙන්න එපා.

එකිනෙකා දකින්න නැතිවෙද්දි හදවතින් එකිනෙකා හමුවෙන්න බලාපොරොත්තු වෙන වාර ගණන වැඩියි.

ඒ වගේම නොඉවසිලිමත්. ඉතින් දෙන්නා දුරින් හිටියත් එකිනෙකා අතර ප්‍රේමය වැඩි කර ගත හැකි ක්‍රම සිතන්න.

ඔබටත් ඒ සම්බන්ධව අදහස් තිබේ නම් අප හා බෙදාගන්න.

මුලාශ්‍ර - www.lifehack.org

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි