theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ නෑනා සමඟ සුහදතාවය වර්ධනය කරගන්නේ කෙසේද?

5 අවම කියවීම
ඔබේ නෑනා සමඟ සුහදතාවය වර්ධනය කරගන්නේ කෙසේද?ඔබේ නෑනා සමඟ සුහදතාවය වර්ධනය කරගන්නේ කෙසේද?

නෑනා සමඟ කුළුපග වීම ඔබ හිතන තරම් අමාරු කාරියක් නෙවෙයි. මේ උපදෙස් පිළිපැද ඈට ළං වන්නට පුළුවන්.

ඔබේ ස්වාමිපුරුෂයා සමඟ විවාහ වීම යන්නෙන් අදහස් වන්නේ ඔබ ඔහුගේ පවුලේ අය සමඟ විවාහ වී ඇති බවයි කීවොත් නිවැරදියි. කෙසේ වෙතත්, ඔහුගේ සහෝදරියන්ගේ සමඟ ඔබේ සම්බන්ධතාවය කෙසේද? නෑනා සමඟ මිත්‍රශීලී වීම අභියෝගයක්ද? මේ මාතෘකාව ගත් කල, බොහෝ කාන්තාවන් එය ටිකක් උපක්‍රමශීලී කර්තවයක් ලෙස සලකයි.

විශේෂයෙන්ම ඇය සමඟ හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව. ඔබේ නැන්දම්මා සමඟ හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ සරල මඟ පෙන්වීම් කෙතරම් තිබුණත්, නෑනා සමඟ සබඳතාවය වැඩිදියුණු කිරීමේ උපදේශන එතරම් නොමැත.

අප විවාහ වී නව පවුලක කොටසක් බවට පත්වන විට, අපගේ හදවත් තුළ ඇත්තේ ඔහුත් ඔහුගේ පවුලේ සැමත් සමඟ ආදරයෙන් කටයුතු කරන්නට හොඳම චේතනාවන් හැර අන් කිසිවක් නොවේ.

අපට අවශ්‍ය වන්නේ නව සංස්කෘතිය වැලඳගෙන සෑම කෙනෙකුම අපගේ පවුලේ සාමාජිකයන් ලෙස පිළිගැනීමටයි. කෙසේ වෙතත්, අපගේ නෑනා විසින් මෙම පිළිගැනීම සහ ආදරය  මේ ආකාරයෙන්ම ලබා ගැනීමට අප සැවොම වාසනාවන්ත නැහැ.

ඔබේ නෑණා මිතුරෙකු හා විශ්වාසවන්තයෙකු විය යුතුයි නේද? ඇය විවාහක හෝ තනිකඩව සිටියත් සෙසු කාන්තාවක් වන අතර බොහෝ විට ඔබ හා සමාන ජීවිත තත්වයන්ට මුහුණ දී තිබේ. එසේනම් අපගෙන් බොහෝ දෙනෙක් ඇය සමඟ ගැටලුවලට මුහුණ දෙන්නේ ඇයි? මහන්ත්ත බවේ අරගල, නපුරු කම, ඕපාදූප, සැසඳීම් වැනි අකටුයුතුකම් හා දොස් සහිත ක්‍රියා කරන්නේ ඇයි?

ඔබේ නෑනා සමඟ මිත්‍රශීලී වීම කළ හැකි අගනා ආකාර 11ක්

1. එකිනෙකා සමඟ ගුණාත්මක ලෙස කාලය ගත කරන්නට ඉඩ සොයාගන්න

ඔබේ නෑනා සමඟ ගත කරන්න විශේෂ කාලයක් වෙන්කරගන්න. එකට එකතු වී රසවත් කෑමක් සකසාගන්න, සාප්පු සවාරියක් යන්න, හෝ රූපලාවණ්‍යාගාරයේ විනෝද වීම හෝ ඔබ දෙදෙනාට එකට දිවා ආහාරය ගැනීම වැනි සරල දෙයක් කිරීමට ඔබට පුළුවනි.

2. ඇයට තෑග්ගක් දෙන්න

මෙය කල්පනාකාරී සහ සංවේදී ක්‍රියාවක් පමණක් නොව ඔබ ඇය ගැන සැලකිලිමත් බව පෙන්වන ලකුණක් ද වේ. ලස්සන ලිප්ස්ටික් එකක් වැනි සරල දෙයක් පවා ප්‍රමාණවත් වන නිසා ඔබට පමණට වඩා කරදර වීමට අවශ්‍ය නැත.

නෑනා සමඟ මිත්‍රශීලී වීම

3. ඇගේ මිතුරියක් වන්න

සමහර විට ඔබට අවශ්‍ය වන්නේ ඔබේ නෑනා යන ලේබලය ගලවා ඇයට මිතුරියක වීමයි. ඇයට ඇහුම්කන් දී ඇය වෙනුවෙන් සංවේදී වන්න. කාලයත් සමඟම ඔබ සහ ඇය අතර ඇති බැඳීම ශක්තිමත් වනු ඇත.

4. නෑනා සමඟ මිත්‍රශීලී වීම සඳහා ඇගේ උපදෙස් ඉල්ලන්න

යමෙකුගෙන් ඔවුන්ගේ මතය විමසූ විට, ඔවුන් අපට වැදගත් යන බව අප ඔවුනට ඒත්තු ගන්වනවා. එය ඔබේ නෑනාටත් එය එසේමය. දේවල් කළ යුතු ආකාරය පිළිබඳ ඇයට හොඳ ඉඟි සහ උපක්‍රම රාශියක් තිබිය හැකිය. විශේෂයෙන් ඔබේ නෑනා සමඟ කටයුතු කිරීමේදී.

නෑනා සමඟ මිත්‍රශීලී වීම

5. සමීපව සිටින්න නමුත් සීමාවන් තබාගන්න

ඔබ ඔබේ නෑනාට සමීප නම්, ඇයව ඔබේ 'හොඳම මිතුරිය’ ලෙස හැඳින්වීමට තරම් සමීප නම් එය ඉතා හොඳයි.

නමුත් ඈ ඔබේ ස්වාමිපුරුෂයා සමඟද ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තිබේ නම් ඇය සමඟ විවාහ ගැටලු බෙදා ගැනීම එතරම් හොඳ අදහසක් නොවේ.

ඈ ඔහුගේ සහෝදරියයි. blood is always thicker than water! කියා ඉංග්‍රීසි කියමනක් තිබෙනවා. ඒ වතුරට වඩා රුධිරය ඝනකම් බවයි. නෑ කමට මෙය සත්‍යයක්.

6. නෑනා සමඟ මිත්‍රශීලී වීම සඳහා ඈට උදව් කරන්න

ඇයට  තමන්ටම වෙන්වූ වේලාවක් අවශ්‍ය බව පෙනෙන සෑම විටම, පැයක් හෝ දෙකක් ඇගේ දරුවන් හා ළදරුවන් රැකබලා ගැනීම වැනි උපකාර ලබා දීම සැමවිටම සතුටක්. ඇය ඒ වෙනුවෙන් ඉතා කෘතඥපූර්වක වනු ඇත.

ඒ අතරම, මෙවැනි ක්‍රියාමාර්ගයක් ඔබගේ විශ්වාසය වර්ධනය කර ගැනීමට සහ ඇගේ විශ්වාසය දිනා ගැනීමට උපකාරී වේ.

7. ගණන් ගන්නට එපා

ඇය සහෝදරියක් වේවා, නෑනා හෝ වෙනත් නෑයෙක් වේවා, සහෝදරියක් සැමවිටම සහෝදරියකි.

දේවල් පවසන විට සහ ඔබට දෝෂාරෝපණය කළ හැකි තැනැත්තියකි. ඔබ එවන් දෝෂාරෝපණ නොසලකා හැරිය යුතු අවස්ථා තිබේ.

ඔබ සත්‍යය වෙනුවෙන් කතා කළ යුතු අවස්ථාද නැතුවා නොවේ. නමුත් එවන් අවස්ථා කාරුණික හා ඵලදායී ආකාරයකින් හසුරුවාගන්න.

8. නෑනා සමඟ මිත්‍රශීලී වීම සඳහා ඔබට දෙදෙනාට පොදු දෙයක් සොයාගන්න

ඔබ එතරම් අකමැති පුද්ගලයෙකු සමඟ සංවාදයක් කිරීමට උත්සාහ කිරීම වෙහෙසකර විය හැකියි.

විශේෂයෙන් එම පුද්ගලයා ඔබේ සහකරුගේ සහෝදරිය නම්. සංවාදයකට මාතෘකාවක් සොයා ගැනීමට හොඳම ක්‍රමවලින් එකක්: ඔබට පොදු දේ කුමක්දැයි සොයා බලන්න.

ඔබ දෙදෙනාම කිසියම් ව්‍යායාම පංතියකට, ආහාර වර්ගයකට හෝ අතුරුපසකට හෝ ඇඳුම් පැළඳුම් වර්ගයකට හෝ වෙළඳ නාමයකට ආදරය කරන්නේ නම්, එය ඔබ අතර කතාබහක් ගොඩනගාගැනීමට භාවිතා කරන්න.

පොදුවේ ගත් කල, ඔබේ නෑනාව ඔබට තේරුම් ගත හැකි තරමට, ඔබට නිශ්ශබ්දතාවයකින් තොරව එකිනෙකා සමඟ ගත කරන කාලය ප්‍රසන්න කරගත හැකියි.

9. ඇයගෙන් වැඩිපුර ප්‍රශ්න අසන්න

ඔබේ නැන්දම්මා වඩා හොඳින් තේරුම් ගැනීමට මාර්ගයක් සොයා ගැනීමට පමණක් නොව ඇය සමඟ සංවාදයක් ඇති කරගැනීමටද ඔබට උපකාරී වන සරල උපක්‍රමයක් නම් ඇයගෙන් ප්‍රශ්න ඇසීමයි. සාමාන්යයෙන් මිනිසුන් තමන් ගැන කතා කිරීමට කැමතියි.

ඇයට ඔබ කවුදැයි අනාවරණය කර ගැනීමටත්, ඇය සමඟ ඔබට ඇති වෙනස්කම් පිළිබඳව නව දැක්මක් ඇති කරන්නටත්, ඇය දැන් ඔබේ පවුලේ සාමාජිකයෙකු වැනිය.

එබැවින් ඇය සමඟ වඩා හොඳින් මිශ්‍ර වීමට ක්‍රම සොයා ගැනීමටත් ඔබට උපකාර කළ හැකි ප්‍රශ්න සොයා ගන්න.

10. නෑනා සමඟ මිත්‍රශීලී වීම සඳහා ඔබගේ අරගල තෝරාගන්න

ඔබ නිතරම ඔබේ නෑනා සමඟ මතගැටුම්, වාද විවාද හෝ නිතර නිතර එකඟ නොවීම් ඇති කර ගැනීමට පෙළඹෙන්නේද?

එසේ නම්, මෙතැන් සිට ඔබ ඇය සමඟ ඔබේ අරගලය ඉතා ප්‍රවේශමෙන් තෝරා ගනු ඇත යන මානසිකත්වය අනුගමනය කරන්න. සැමවිටම නිවැරදි වීමට හෝ ඔබේ අදහස සැමවිටම ඔප්පු කිරීමට ඇති අවශ්‍යතාව මදකට තුරන් කරගන්න.

එය ඔබේ සම්බන්ධතාවයට උදව් වන දෙයක් නොවන අතර එය ඔබව වඩාත් ආතතියට පත් කළ හැකිය.

11. ඇයට යම් සියුම් කාර්‍යයක් පවරන්න

ඇය යමකට දක්ෂ වේ නම් ඔබට ඇගේ දක්ෂතාවෙන් ප්‍රයෝජනවත් වන යමක් වේනම්, ඇගෙන් එය ලබාගන්න. එය ඇයට මහත් අභිමානයක් වේවි. එමඟින් ඇයට යම් වගකීමක්ද ඔබ ලබා දෙන බව ඇයට හැඟේ.

 

නෑනා සමඟ මිත්‍රශීලී වීම

මූලාශ්‍ර:bridestory.com , brides.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ නෑනා සමඟ සුහදතාවය වර්ධනය කරගන්නේ කෙසේද?
බෙදාගන්න :
  • නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

    නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

  • නැන්දම්මාගෙන් ලේලී අහන්න අකමැති කථා

    නැන්දම්මාගෙන් ලේලී අහන්න අකමැති කථා

  • නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

    නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

  • නැන්දම්මාගෙන් ලේලී අහන්න අකමැති කථා

    නැන්දම්මාගෙන් ලේලී අහන්න අකමැති කථා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it