theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

3 අවම කියවීම
මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජනමව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

කිරිකැටියන්ට ලොව අනර්ඝතම ආහාරය මව්කිරි වන්නාසේම ඉන් ඇති තවත් ප්‍රයෝජන රැසක් ගැන ඔබ දන්නවද?

කිරිකැටියන්ට ලොව අනර්ඝතම ආහාරය මව්කිරි වන්නාසේම ඉන් ඇති තවත් ප්‍රයෝජන රැසක් ගැන ඔබ දන්නවද? මව්කිරි වල වාසි අපමණ වාසි වලින් සමහරක් පහතින් දැක්වෙනවා.

මව්කිරි වල වාසි

හිසේ ඇතිවන කබල

උපතේ පටන් වයස අවුරුද්දක් විතර වෙනකන් දරුවන්ගේ හිස්කබලේ මේ කබල දකින්න පුළුවන්. විශේෂඥ මතයට අනුව මෙය සාමාන්‍ය තත්වයක් වගේම ඉන් කිසිදු හානියක් දරුවාට වෙන්නේ නැහැ. නමුත් මේකට හොඳම විසඳුම මව්කිරි බව ඔබ දන්නවද?

ඔබට කරන්න තියෙන්නේ මේ තැන්වල මව් කිරි ගල්වලා ඒ තැන් බුරුල් වූ පසු මෘදු පනාවකින් පීරා හරින්නයි.

ඩයපර් රෑෂ් / නැපි රෑෂ්

මව්කිරි වල වාසි

මව්කිරි වල වාසි

මව්කිරි ආසාදන වලට එරෙහිව ක්‍රියාකරන, ස්වභාවික මිලක් වැය නොවන සත්කාරයක්. පුංචි පැටියාගේ ඉකිලිය දෙපස රතුවීමක්, සමහර විට වණ වීමත් නිසා වන අපහසුතාවයන්ට මව් කිරි අනර්ඝයි.

දිගටම ආලේප කිරීමෙන් පුරුදු සුමුදු හම නැවතත් දරුවාට ලැබෙනවා. මව්කිරි ආලේප කළපසු මද පවනේ වේලෙන්නට හරින්න අමතක කරන්න එපා. ඒත් අම්මලා මතක තියාගන්න ඕනේ දින දෙක තුනකිනුත් පැටියාට ඉන් සහනයක් නැත්නම් දරුවා වෛද්‍යවරයෙකුට පෙන්වන්න.

පැපොල රෝගයෙන් සහනයට

මව්කිරි වල ඇති නිවෙන සුළු ගුණයට පැපොල මගින් ඇතිවන බිබිලි වල කැසීම හා දැවිල්ල මගහරවන්න පුළුවන්. ඒ වගේම සමේ ඇතිවන තද පල්ලම් නැති කරන්නත් මව්කිරි වලට පුළුවන්. ඒත් පැටියාට පැපොල වැළඳී ඇතැයි සිතනවා නම් පළමුව වෛද්‍යවරයා වෙත ගෙන යාම කළ යුතුයි.

සෙම, හතිය, පීනස ගතිය, ඇස් හා කන් වල අසාදන

සෙම ගතිය හා නාසයේ සිරවීම් වලට මව්කිරි බිඳිති දෙක තුනක් දමන්න. එකවරම ඔබට අමුතු බවක් දැනුනත් නාසයට විතරක් නෙමෙයි ඇස් හා කන් වල අසාදන වලටත් මේ දිව ඔසුවෙන් බිඳිති කිහිපයක් දමන්න. නමුත් දරුවාගේ ඇස් රෝස පැහැ ගැන්වී ඇත්නම් වෛද්‍යවරයෙකුට පෙන්වීම කළයුතු වෙනවා.

කෘමින් සපා කෑවිට, සිරීම් හා පිළිස්සුම් වලට

කෘමින් කෑ විට සිරීම් හා පිළිස්සුම් තුවාල වලටත් මව්කිරි වලින් සුවය ලබාගන්න පුළුවන්. එහි ඇති බැක්ටීරියා නාශක ගුණය නිසා අසාදන අසාත්මිකතා සුව කරන්න මව් කිරි වලට පුළුවන්.

රූපලාවන්‍ය හා මේකප් ඉවත් කිරීමට

මව්කිරි වල වාසි

මේකප් රිමුවර් ඉවර වෙලාද? මුහුණේ ඇති තද මේකප් තට්ටු ඉවත් කරන්න මව් කිරි යොදාගන්න පුළුවන්. එය සම වියළි නොකර මෘදු සුමුදු බවක් එක්කරනවා.

සෙම්ගෙඩි

මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

පෙර කතා කළ බැක්ටීරියා නාශක ගුණය නිසා සෙම් ගෙඩි වලටත් මව්කිරි ප්‍රතිකාරකයක් ලෙස යොදාගන්න පුළුවන්. දරුවාට සෙම්ගෙඩි වැළඳී ඇත්නම් හැකිතරම් මව්කිරි ලබාදීම ඉතා හොඳයි. වැඩුණු දරුවන් හා වැඩිහිටියන්ට දොවාගත් කිරි වලින් උගුර සේදීම කළහැකි නම් එය එකම සත්කාරයයි.

ඉදිමුණු හා රතු වූ ඇස්

පුංචි පැටියා තාමත් රෑ පුරා විටින් විට නැගිටිනවා නම් ඔබේ විඩාබර ඇස් ගැන කතා කරන්න දෙයක් නැහැ. රතු වූ ඉදිමුණු ඔබේ ඇස් මත මව්කිරි පෙඟවූ පුළුන් කැබලි දෙකක් තබාගෙන ඉන්න. ශීතකළ මව්කිරි වුනත් හොඳයි. ඉතින් අයි බාම් මොකටද? 

තොල් හම යාම

තොල්වල වියළි බව නිසා හම ගැලවෙන විට මව්කිරි බිඳිති කිහිපයක් ගල්වා බලන්න. ක්ෂණික සහනයක් ලැබේවි.

අත්යට දුගඳ

මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

ඔබ විශ්වාස කළත් නැතත් අත්යට ඇතිවන දුගඳ නැති කරන්න මව්කිරි ගලවන බොහෝ දෙනෙක් ඉන්නවා. වියළි අත්යට මව් කිරි ගල්වා වියළෙන්නට හරින්න. ඔබට හොඳ ප්‍රතිඵල නිසැකවම ලැබේවි.

කිරි වලින් නාවන්න

සමහර අම්මලට හුඟක් කිරි එරෙනවා. ශීතකරණයේ තැම්පත් කළත් ඔබට ඉන් ප්‍රයෝජනයක් නැතිනම් කාමර උෂ්ණත්වය තෙක් සිසිල් කර අවශ්‍ය උෂ්ණත්වයට උණුවතුර කලවම් කර පැටියාට කිරි ස්නානයක් ලබාදෙන්න පුළුවන්. මෘදු සුමුදු සමක් ලැබේවි.

මව් කිරි වල අනන්ත ගුණ මෙතෙකැයි කියන්න බැහැ. ඔබ කැමතිනම් දරුවන් වෙනුවෙන් හදාගන්න කෑම වලට මව්කිරි එක් කරන්න පුළුවන්. කප් කේක්, ජූස් වර්ග, කුකීස් ආදියට වුනත් මව්කිරි එක් කරන්න පුළුවන්.

ඉතින් තවමත් ඔබට පුදුමයි නේද? මව්කිරි වල ඇති ආශ්චර්යය එයයි. මේ අනන්ත ගුණ ඇති මව්කිරි ගැන කවදත් ආදරෙන් කතාකරන ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka ඔබත් පැටියාත් වෙනුවෙන්ම මේ තොරතුරු ගෙන ආවා.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන
බෙදාගන්න :
  • පැටියා මව්කිරි වලින් සොයන්නේ මොනවාද?

    පැටියා මව්කිරි වලින් සොයන්නේ මොනවාද?

  • මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

    මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

  • පැටියා මව්කිරි වලින් සොයන්නේ මොනවාද?

    පැටියා මව්කිරි වලින් සොයන්නේ මොනවාද?

  • මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

    මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it