නිතර ඇතිවෙන ලිංගික ගැටළු 12 කට විසදුම්

නිතර ඇතිවෙන ලිංගික ගැටළු 12 කට විසදුම්

ලිංගික ජිවිතය නීරස කරමින් පැන නැගෙන ‌‌මේ ගැටළු ඔබටත් තියෙනවාද බලන්න.

යුවලකට ලිංගික ප්‍රශ්න ඇතිවෙන්න බැහැ කියලා හිතනවා නම් ඔබ වැරදියි.

දෙදෙනා ලිංගික ජිවිතය තුල කොතරම් දුරට සාර්ථක වුනත් ගැටලුවක් පැන නගින්න යන්නේ මොහොතක් විතරයි.

ඇත්තටම සාර්ථක ලිංගික ජිවිතයකට මග අහුරන ලිංගික  ප්‍රශ්න මොනවාද?

අපි එවැනි ප්‍රශ්න 12 ක් ගැන අද කතා කරමු.

1.ලිංගික ප්‍රශ්න: මනස එක තැනක නැහැ

ගොඩාක් කාන්තාවන්ට අද තියෙන ප්‍රධාන ගැටළුවත් මෙයයි.

විශේෂයෙන් මව්වරුන්ට මනස එක තැනක රදවා ගන්න අසීරුයි.

මාතෘත්වයේ පීඩනය ඔවුන්ගේ සරාගී සිතුවිලි වලට බාධාවක් වෙන්න පුළුවන්. මේ සදහා ලිංගික හැසිරීමේ ඉරියව් මාරු කිරීම විසදුමක් විය හැකියි.

2. ලිංගික ප්‍රශ්න: පිරිමියෙක් නිසා හැගීම්බර වෙන්න බැහැ

බොහෝ අයට තම නිදන කාමරය තුල සම්පුර්ණයෙන් හැගීම්බර වෙන්න කැමතියි.

නමුත් ඔවුන් එය කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ.

සමහර පිරිමින් ලිංගික කටයුතු වලදි නොසංසුන් වෙනවා.

ඒ වගේම ඔවුන් තමන්ගේ කාර්යය කරගෙන පසෙකට වෙනවා. නිදන කාමරය සරාගී කරගන්න ඔබ හැගීම් වලින්ද සම්බන්ධ විය යුතු බව අමතක නොකරන්න.

ඔහු හැගීම්බර නොවන්නේ නම් ඔබේ හැගීම් වලින් ඔහුව හැගීම්බර කරන්න.

ඔහු හැගිම්බර නොවන බව දුටු විට ඔබ ඔහුට වැඩිපුර ආදරය දෙන්න

3.ලිංගික ප්‍රශ්න:මම හැමතිස්සේම මුලින්ම ආරම්භ කල යුතුයි.

ලිංගික හැසිරිමකදි සෑම විටකම එය පුරුෂයාම ආරම්භ කල යුතු යැයි නිතීයක් නැහැ.

බොහෝ විට කාන්තාවන් එය බලාපොරොත්තුවෙන් සිටින අතර එසේ නොවුන විටදි කණගාටුවට පත් වෙනවා.

 ඇත්තටම ඔබේ සම්බන්ධතාවය තුල ආත්මාර්ථකාමී වෙන්න එපා.

ලිංගික ජිවිතය තුල ඔබ දෙදෙනාම සමානයි. 

ඒ නිසා ලිංගික හැසිරීමක් අනෙකා පටන් ගන්නා තුරු බලා ඉන්න එපා. ඒ වෙනුවට ඔබ එයට ඇරඹුම දෙන්න

4.ලිංගික ප්‍රශ්න: පුර්ව ක්‍රියාකාරකම් නැහැ.

සුදානම් වීමකින් ‌තොරව එක්වර ලිංගික සම්බන්ධතාවයට ‌යොමු වීමෙන් ‌දෙදෙනාම අපහසුතාවයට පත් ‌වෙන්න පුළුවන්.

පුර්ව ක්‍රියාකාරකම් තෘප්තිමත් ලිංගික හැසිරීමකට මග පෙන්වයි.

ඔබේ හැගීම් ශාරිරිකව ඔබේ සහකරුට දැනුම් දීම වටිනවා.

මෙහිදි ඔබ කැමති දේවල් අනෙකාට පැවසීම සාර්ථක ලිංගික හැසිරීමක ආරම්භයක් ගැනීමට මග පාදයි.

එහිදි අනෙකා ඔබ වෙනුවෙන් කරන පුර්ව ක්‍රියාකාරකම් දිරි ගැන්වීමක්ද වෙනවා.

ලිංගික හැසිරීම

5. අපි වඩාත් ආදරයෙන් බැඳී නැහැ

ආදරණිය බැදීමක් ඔබට දැනෙන්නේ නැතිනම් ලිංගික ජිවිතය නීරස වෙන්න පුළුවන්.

ඒ නිසා සෑම දිනකම ඔබ දෙදෙනා එකිනෙකාගේ අගය කරන කාරණාවක් හුවමාරු කරගන්න.

එහෙම නැත්නම් ආදරය කරන කාලෙදි අපි ආදරය පෙන්වන්න කරන අත් අල්ලාගෙන සිටීම, වැළදගෙන සිටීම, තුරුල් වී සිටීම වැනි පුංචි පුංචි දේවල් කරන්න.

6. අපි හැගීම් වලින් සම්බන්ධ වෙනවා අඩුයි

ලිංගික හැසිරීමකදි සිරුරින් පමණක් එක්වීම හිස් සම්බන්ධතාවයක් ලබා දෙයි.

ඒ නිසා ඔබ දෙපළ මනසින් ඉතා සමීපව කටයුතු කල යුතුයි. ඒ සදහා එකට වැඩි කාලයක් ගත කරන්න.

  බැඳීමක් ඇති කර ගැනීමට ඔබට උපකාර කළ හැකි නව ක්‍රියාකාරකම් සොයා ගන්න. 

ඔබට සහ ඔබේ සහකරුට විවිධාකාරයෙන් සතුට ගෙන දෙන දේ ගවේෂණය කරන්න.

7.දරුවෙකු පිළිසිඳ ගැනීමට දරන උත්සහය පීඩාකාරියි

යුවළක් පිළිසිඳ ගැනීමට උත්සාහ කරන විට, පුරුෂයාට ඉල්ලිමක් ඉටුකරනවා පමණක් ලෙස පමණක් දැනෙන්න පුළුවන්.

ඔබගේ ඩිම්බ මෝචනය ඇතුලු ඔසප් චක්‍රය ගැන ඔහුට දැනගන්න අවැසි දේ පවසමින් දෙදෙනාම සාකච්ඡා කරන්න.

අවසාන ඉලක්කය පිළිසිඳ ගැනීම වුවද, ඔබ දෙදෙනාට නැවත ලිංගික ජිවිතය උද්දීපනය කරගන්න පුළුවන්.

යට ඇඳුම් ඇඳීම සහ සරාගී කෙටි පණිවුඩ යැවීම මගින් දරුවෙකු පිළිසිඳ ගැනීම කාර්යයක් කරනවා යන්නට වඩා විනෝදයක් ලබා ගනිමින් කල හැකිය.

නිතර ඇතිවෙන ලිංගික ගැටළු 12 කට විසදුම්

8.මගේ සහකරු මුඛ සංසර්ගය කරන්නේ නැහැ

ඔබ මුඛ සංසර්ගයට කැමති නමුත් ඔබේ සහකරු එය කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබට ප්‍රතික්ෂේප වුවා වැනි හැගීමක් ඇතිවෙන්න පුළුවන්.

එවිට ඔබ කලකිරීමට පත් වී ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට ඇති උනන්දුව නැති වී යන්න පුළුවන්. 

ඔබේ සහකරු මේ සදහා වැඩි කැමැත්තක් නොදැක්කුවද ඔබේ විනෝදය වෙනුවෙන් එය කරන ලෙස ඔහු ගෙන් හෝ ඇය ගෙන් ඉල්ලා සිටින්න.

අනෙකාගේ සතුට ගැන සිතමින් කටයුතු කිරීම ඒ පුද්ගලයා වෙනුවෙන් සැලකිලිමත් වීම බව අමතක නොකරන්න.

 9.පවුල් ජිවිතය මගේ ලිංගික ජිවිතය නැත්තටම නැති කලා

පවුල් ජිවිතය එක්ක නින්ද නොලැබීම සහ මානසික ආතතිය නිසා ඔබේ ලිංගික ජිවිතය නීරස වෙන්න පුළුවන්.

මෙය බොහෝ විට මානසික  සහ ලිංගික සම්බන්ධතාවයන් ගැන නොපැවසු හෝ ඉටු නොවූ අවශ්‍යතා සමග සම්බන්ධයිත ඒ නිසා ඔබ දෙදෙනා උපදේශන සේවාවකට යොමුවීම වඩාත් සුදුසුයි.

10.ලිංගික ප්‍රශ්න: මගේ සහකරු මාව ගණන් ගන්නේ නැහැ

ඔබේ සහකරු ඔබ එකිනෙකා සමඟ ඇති සම්බන්ධයට හානි කරන බව හෝ එය අගය නොකරන බව ඔබට දැනේ නම් එය ගැටළුව තවත් උග්‍ර කරනවා.

ඔයා ඔහොම කරද්දි මට දැනෙන්නේ මෙහෙම ලෙස ඔබේ සහකරු සමග මේ පිළිබදව කතා කරන්න.

එහිදි ඔබට දැනෙන ආකාරය ඔබේ සහකරුට වටහා දීමට පමණක් භාවිතා කරන්න. ඔහුව හෝ ඇයව රිදවීමට භාවිතා කරන්න එපා.

11.ඔහු ඉක්මනින්ම ශුක්‍රාණු පිට කරනවා

සම්බන්ධතාවයක ආරම්භයේ දී මෙලෙස ඉක්මනින්ම ශුක්‍රාණු පිටවීම ගැටලුවක් වෙනවා.

පළමු වරට එසේ සිදු වු විට ඔබේ හැගීම් එකවර පිට නොකර  නැවතත් උත්සහ කර බලන්න.

මෙය දිගින් දිගටම සිදු වේ නම් වෛද්‍යමය හේතුවක් නොමැති බව තහවුරු කර ගැනීම සඳහා වෛද්‍යවරයකු හමුවීමට ඔහුව මෘදු ලෙස දිරිමත් කරන්න.

කාන්තා ලිංගික ගැටළු

12.අපි එතරම් ලිංගිකව එක්වෙන්නේ නැහැ

විවාහය තුල සෑම දිනයක්ම මධුසමය වන්නේ නැහැ.

කාලයත් සමගම ලිංගික එක්වීම් තරමක් දුරස් වන්නට පුළුවන්. එක් සහකරුවෙකුට නිතර නිතර එක්වීම දැඩි අවශ්‍යතාවයක් වෙද්දි අනෙක් තැනැත්තා එය නොතකා කටයුතු කිරීම තවත් ප්‍රශ්නයක ආරම්භයයි.

හොදම දේ නම් දෙදෙනා මේ පිලිබද කතාබහ කිරීමයි.

ඔබ එකිනෙකා ලිංගිකව ක්‍රියා කිරීමට කැමති වාර ගණන ගැන සාකච්ඡා කරන්න.

ඔබ දෙදෙනාම ලිංගිකව එකඟ වූ වේලාවන් තබා ගන්න. ඒ වගේම එහිදි  ඔබ උත්සාහ කිරීමට කැමති දේවල් ලැයිස්තුවක් තබා ගන්න.

එකිනෙකා කැමති දේ අත්හදා බැලීමෙන් ඔබට නැවත හොඳ ලිංගික සම්බන්ධතාවයක් පවත්වන්න පුළුවන්.

මුලාශ්‍ර - www.self.com

හි පළවුන ලිංගික උපදේශකයන්ගේ අදහස් සහිත ලිපියක් ඇසුරින් සකස් කරන ලදී.

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.