theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවසේ රැදි සිටින ප්‍රීතිමත් මව්වරුන් සතු දෛනික පුරුදු

3 අවම කියවීම
නිවසේ රැදි සිටින ප්‍රීතිමත් මව්වරුන් සතු දෛනික පුරුදුනිවසේ රැදි සිටින ප්‍රීතිමත් මව්වරුන් සතු දෛනික පුරුදු

සැබැවින්ම තෘප්තිමත් වගේම නිවසේ රැදි සිටින ප්‍රීතිමත් මව්වරුන් හට බහුලව මේ පුරුදු තියෙන්න පුළුවන්.

ඔබ කවදාහරි නිවසේ රැදි සිටින මව්වරුන් ගේ පැවැත්ම සහ සතුටින් ඉන්නේ කොහොමද පිලිබඳව උපදෙස් ලබා ගෙන තිබේද?

ඔබ නිවසේ රැදි සිටින මවක ගෙන් ඇසුවිට එය ඉතාම ප්‍රයෝජනවත් බව නිසැකවම ඔබට කියාවි.

රාජකාරි කටයුතු වලින් තොරව දරුවන් සමග නිවසේ රැදි සිටීම ගැලපෙන ක්‍රමයක් ලෙස බොහෝ මව්වරුන්ට පෙනෙන්න පුළුවන්. නමුත් එය එසේ ගැටළු වලින් තොර වෙන්නේ නැහැ.

එය ඔවුන්ට  පහසුයි  යන්න විශ්වාස කරන්නන්ගේ  අසාධාරණ විනිශ්චය පාත්‍ර වීම හැරුනු කොට නිවසේ රැදි සිටින මව්වරුන් නිතර ඵලදායී නොවීම ගැන කණගාටු වෙනවා.

ඔබත් නිවසේ රැදි සිටින මවක් නම්  මෙය කොයි ආකාරයට හෝ ඔබ ගැන අදහසක් දක්වනවා නම් සෑමදිනක්ම ප්‍රීතිමත් කරගැනීමට ඔබ ලබා ගත යුතු පුරුදු  දැනගැනීමට කියවන්න.

සතුටින් ඉන්නේ කොහොමද කියාදෙන නිවසේ රැදි සිටින මව්වරුන් සතු දෛනික පුරුදු:

මව් සෙනෙහස

1. ඔවුන් උදෙන්ම අවදිවෙනවා.

නිවසේ රැදි සිටින ප්‍රීතිමත් මව්වරුන් උදෑසනම  අවදිවෙයි.

ඔවුන් උපතින්ම උදෑසනම අවදිවන්නන් නොවුනද ඇය සෑම දිනෙකම උදෙන්ම අවදි වී වැඩි වැඩ කොටසක් කරනවා. මෙය දවසේ ඉතිරි වැඩ කොටස මනාව කරගන්න ඇයට ඉඩ ලබාදෙනවා

2. ඔවුන් කාලසටහනකට  අනුව කටයුතු කරනවා.

ඇයගේ දවසේ කටයුතු සැලසුම් කරගන්නවා. නමුත් සැලසුම් කරන ලද  ඕනෑම අවස්ථාවක හදිසි අවශ්‍යතා ඉටු කිරීමට  සදහා ඇය නම්‍යශීලී වෙනවා.

3.ඔවුන් ඉලක්ක හා නිතී අනුගමනය කරනවා.

ඵලදායී නිවසේ රැදි සිටින මවක් කලයුතු වැඩ ලැයිස්තුවක් පවත්වා ගනිමින්, ඉලක්ක සකස් කරගනිමින් දවස මෘදුව ගලා යන්න සලස්වනවා.  ඇය ඇයට හා ඇයගේ දරුවන්ට සකස්කල නිතී සලකන විට ඇය එය අකුරටම පිළිපදිනවා.

දරුවන්ට සීමාවන් පැනවීම

4.ඔවුන් සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්නවා.

තමන්ව නොසලකා නොහැරීමත් , නිරෝගිමත් බවත්  නිවසේ රැදි සිටින මව්වරුන්ගේ ප්‍රීතිමත් බවට  හේතු  වෙනවා. ඒ වගේම ඔවුන් ප්‍රමාණවත් ජලය ප්‍රමාණයක් ලබාගන්නත් අමතක කරන්නේ නැහැ.

5.ඔවුන් ව්‍යායාම කරන්න වේලාව හොයාගන්නවා.

ළදරුවන් පසුපස දිවීම ව්‍යායාමයක් සේ සැලකිය  හැකි වුවත් ඔවුන් තමන්ගේ සිරුරේ පමණක් නොව මනසේද ආතතිය සමනය කර ගැනීමට ව්‍යායාම සදහා කාලයක් යොදවනවා.

6.ඔවුන් තමන් වෙනුවෙන්ද කාලයක් වෙන්කර ගන්නවා.

ඔවුන්ගේ සිරුර රැකබලා ගැනීම වෙනුවෙන් ව්‍යායාම සදහා කාලයක් යොදවන්නා සේම  ප්‍රීතිමත් නිවසේ රැදි සිටින මව්වරුන් තමන් වෙනුවෙන් කාලයක් වෙන්කර ගැනීම මෙන්ම සැනසීමක් ලැබීමේ වටිනාකම දන්නවා. ඔවුන්ව රැකබලා ගැනීමෙන්, ඔවුනට වටිනාකමක් දීමෙන් හොද මව්වරුන් විය හැකි බව ඔවුන් දන්නවා.

දියණියගේ මල්වර වීම

7.ඔවුන් උදව් ඉල්ලන්න බය නැහැ.

ආඩම්බර වීම යන්න  ප්‍රීතිමත් නිවසේ රැදි සිටින මව්වරුන්ගේ වචන අතර නැහැ. ඇය උදව් ලබාගන්න ලැජ්ජාවෙන්නේ නැහැ. ඇයට වැඩ වැඩි බවක්,  ඇය සර්වසම්පුර්ණ නොවන බවක් දැනුන විට එය කියන්නත් මැලි වෙන්නේ නැහැ.

8.ඔවුන් අවට පරිසරය අවශ්‍ය පරිදි සකස් කර ගන්නවා.

තමන් අවට පිරිස සම්බන්ධයෙන් ධනාත්මක අයුරින් කලින්ම ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ පවුල රැකබලා ගැනීමට පහසු වීම සදහා හොද පරිසරයක්, සමාජයක් ගොඩනැංවීමට නුසුදුසු පුද්ගලයන් ඉවත් කිරීමට ඔවුන් පැකිලෙන්නේ නැහැ.

9. ඔවුන් අකමැති පුද්ගලයන් ගැන සිතන්නේ නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔවුන් ධනාත්මක පරිසරයක් සකස්කරන ආකාරයටම නිවසේ රැදි සිටින ප්‍රීතිමත් මව්වරුන් ඍනාත්මක භාවය පන්නා දමනවා. මව්වරුන් හෙලා දකින්නන්? ඔවුන් නිවසේ රැදි සිටින මව්වරුන් බල පාන්නේ නැහැ. ඒ ඔවුන් තමන්ගේ අරමුණු හා ඉටුකර ගැනීම් ගැන ආත්ම විශ්වාසයක් මෙන්ම සුරක්ෂිතතාවයක්  දරන නිසයි.

10. ඔවුන් දරුවන්ට නිදහස ලබා දෙනවා.

ප්‍රීතිමත්  මව්වරුන් තමන්ගේ දරුවන්ට  නිදහසේ සිතන්න, සෙල්ලම් ඉඩදෙමින් ඔවුන්ව ලොකු මහත් කරනවා. ඔවුන් වැඩිපුර එක තැනක රදවා නොතබන අතර දරුවා මත වැඩිපුර බලාපොරොත්තු පටවනු නොලබයි. ඔවුන් දරුවන්ගේ පෞරුෂත්වය පිලිගනිමින් , ඉගෙනීම මෙන්ම වැඩිදියුණු කිරීම සදහා ඔවුන්ව දිරිගන්වනවා.

11. අවුල් වු තැන් ඔවුන් පිළිගන්නවා.

ඇය පවසන ආකාරයට සුළු දේවල් ගැන ඇය කරදර වෙන්නේ නැහැ.  අවුල්සහගත බව ජීවිතයේ කොටසක් බව ඇය  දන්නවා . ඇයට විය හැකි තරම් හොදම මවක්  වෙමින් අවුල් වු  ජීවිතයේ පිළිවෙල රැක ගනිමින් එය හා කටයුතු කරන්නේ කෙසේද යන්නත් ඇය දන්නවා.

12.ඔවුන් ඔවුන්ව සතුටින් තියන්න දන්නවා.

වැදගත්ම දේ වන්නේ ප්‍රීතිමත් නිවසේ රැදි සිටින මව්වරුන් ඔවුන්ව බරපතල  බවට පත්කරන්නේ නැහැ. ඔවුන් සර්වසම්පුර්ණ වීමට තමන්ව පීඩනයට පත් කරමින් කනස්සල්ලට පත්වෙන්නේ නැහැ.

වර්ධනයට සදහා ඉඩක් ඇති බවත්, වැදගත් දේ වන්නේ තම දරුවාට මුළු හදවතින්ම ආදරය කිරීම බවත් ඇය දන්නවා.

හැම පීඩනයක් අස්සේම අම්මා කෙනෙක් සතුටින් ඉන්න එක වැදගත් කියලා හිතන the Asianparent Sri Lanka වෙතින් මේ ලිපිය ඔබ වෙත ගෙන ආ වගයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • නිවසේ රැදි සිටින ප්‍රීතිමත් මව්වරුන් සතු දෛනික පුරුදු
බෙදාගන්න :
  • "I'm a stay-at-home mum. Does that mean I can't raise my children as feminists?"

    "I'm a stay-at-home mum. Does that mean I can't raise my children as feminists?"

  • "After the first few months of quitting my job, I felt stripped, naked, tagless..."

    "After the first few months of quitting my job, I felt stripped, naked, tagless..."

  • "I'm a stay-at-home mum. Does that mean I can't raise my children as feminists?"

    "I'm a stay-at-home mum. Does that mean I can't raise my children as feminists?"

  • "After the first few months of quitting my job, I felt stripped, naked, tagless..."

    "After the first few months of quitting my job, I felt stripped, naked, tagless..."

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it