theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

උකුණන්ට අත් බෙහෙත් වර්ග 12 ක්

4 අවම කියවීම
උකුණන්ට අත් බෙහෙත් වර්ග 12 ක්උකුණන්ට අත් බෙහෙත් වර්ග 12 ක්

හිස කෙස් පෝෂණයෙන් තොරව අවලස්සන වෙන්න හේතු ගොඩාක් තියෙනවා. ඒ අතරින් ගොඩාක් ප්‍රබල හේතුවක් ගැන කතා කරන්න තමයි මේ සුදානම,

උකුණන්ට අත් බෙහෙත් වට්ට‌ෝරු කිහිපයක් අපි අද ඔබ ‌ව‌ෙත ග‌ෙන එන්න බලාප‌ොර‌ොත්තු ව‌ෙනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න කැමතියි ‌නේද?

ඔබේ දරුවාගේ හිසකෙස් ගැන සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය වෙනවා. හිස කෙස් පෝෂණයෙන් තොරව අවලස්සන වෙන්න හේතු ගොඩාක් තියෙනවා. ඒ අතරින් ගොඩාක් ප්‍රබල හේතුවක් ගැන කතා කරන්න තමයි මේ සුදානම.
උකුණන්ට අත් බෙහෙත් වර්ග 12 ක්

"උකුණන්"

උකුණන් කියන්නේ මිනිස් හිස කෙස්, රෝම ආශ්‍රිත ජිවත් වෙන කුඩා පරපෝෂි ජිවියෙක්. එතකොට උකුණා සිය ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නේ ඔබේ හිස් කබලේ සමේ තියෙන කුඩා කේෂ නාලිකා වල ඇති රුධිරයෙන්.
වැඩුණු උකුණකු මි.මී. 4 ක් පමණ වෙනවා. උකුණාගේ ආයූ කාලය දින 40 ක් වෙනවා. ගැහැනු උකුණකු දිනකට බිත්තර 10 ක් පමණ දමනවා. මේ බිත්තර ලේඩින් ලෙස හදුන්වනවා.
පොඩ්ඩක් හිතන්නකෝ, එක ගැහැණු උකුණෙක් තම දින හතලිහෙන් දින තිහක් බිත්තර දානවා කියලා සැලකුවොත් බිත්තර 300ක් නේද? එහෙම ගැහැණු උකුණන් කිහිපදෙනක් ඔබේ හිස කෙස් වල ජිවත් වුනොත් ඔබේ හිස කෙස් වලට වෙන දේ හිතන්නකෝ.
හිසකෙස් අතර උකුණන් සිටිනවා පෙනීම දකින්නෙකුට ප්‍රිය උපදවන දසුනක් නම් නොවෙයි.
සමහර විට අන් අය ඔබ පිළිකුල් කරන්න ඉඩ තියෙනවා. හිස කෙස් හැලීම, හිස කෙස් පැසීම, හිස්හොරි වගේ අනෙක් හිසකෙස් අවලස්සන කරන හේතු වලට වඩා උකුණු වදේ ප්‍රබල වන්නේ අන්න ඒ නිසයි.

උකුණන්ට අත් බෙහෙත් වට්ට‌ෝරු: උකුණන් ඇතිවෙන්න ප්‍රධාන හේතු

  • අපිරිසිදු කම
  • අඩු සනිපාරක්ෂාව
  • හවුලේ භාණ්ඩ භාවිතය

උකුණන්ට අත් බෙහෙත් වට්ට‌ෝරු: උකුණන් බෝවීම ගැන පුළුල්ව කතා කලොත් අනිවාර්යයෙන්ම මේ කාරණා ටික මතක් කරන්න ඕනා.

  • විශේෂයෙන් හවුලේ පාවිච්චි කරන  පනා, තුවා, තොප්පි, කොට්ට, බෙඩ්ෂීට්  වලින් උකුණන්  බෝවෙන්න පුළුවන්.
  • උකුණන් මර්දනයට වඩා බෝ වීම වළක්වා ගන්න පුළුවන් නම් ගොඩාක් හොදයි.

උකුණන්ට අත් බෙහෙත් වට්ට‌ෝරු: උකුණන්ට පිළියම්

මේ උකුණු වදේ ඔබට  නිතරම ඇති, පොඩ්ඩා ඉස්කෝලෙන් අරන් එනවා නේද? එහෙනම් කරන්න තියෙන්නේ පුංචි දේවල් කිහිපයක් විතරයි.
ඔබත් දරුවාත් දෙදෙනාම හිස කෙස් හොදින් පිරිසිදු කරමින් නිතර නාන්න. ඔබේ දරුවාට වෙනම පනා, තුවා, තොප්පි, කොට්ට වගේ දේවල් භාවිතා කරන්න. ඔබත් එසේ තබා ගැනීම සුදුසුයි.
නිතර තෙල් සත්කාර කරමින් දරුවාගේත් ඔබගේත්  හිස හොදින් පීරන්න.
උකුණන් සදහා වෛද්‍ය නිර්දේශ අනුව ඖෂධීය ෂැම්පු, ආලේපන හෝ දියර වර්ග භාවිතා කරන්න පුළුවන්.
එක් වතාවක් භාවිතා කල පමණින් උකුණන් වද නොවන බවත් ඒ සදහා දින කිහිපයක් එය භාවිතා කරන්න සිදුවෙන බවත් සලකන්න. එයට හේතුවන්නේ ලේඩින් පිපිරි නැවත උකුණන් ඇති වීමයි.

උකුණන්ට අත් බෙහෙත් වට්ට‌ෝරු: උකුණන් සදහා ස්වාභාවික සත්කාර

ම‌ෙම ස්වාභාවික සත්කාර භාවිතා කිරීමට පෙර අසාත්මිකතාවයක් තිබේද කියා පරීක්ෂා කරන්න අවශ්‍යයි. මෙම බෙහෙත්   කණ පිටුපස තවරා විනාඩි 15ක් පමණ තබා අසාත්මිකතාවයක් ඇති දැයි පළමුව බලන්න.
ගැටලුවක් නොමැති නම් ඔබට පහසුවෙන් මේ ප්‍රතිකාර අත් හදා බලන්න පුළුවන්.
* ඔබ ‌හෝ දරුවා සාමාන්‍යය‌ෙන් අසාත්මිකතාවයන් ග‌ෙන් ප‌ෙළනෙවා නම් අලුත් ‌දේවල් භාවිතා කිරීමට ප‌ෙර නිසි වෛද්‍ය උපද‌ෙස් ලබාගන්න.

උකුණන්ට අත් බෙහෙත් වට්ට‌ෝරු: රූපලාවන්‍ය ශිල්පිී ශෂී සියඹලාපිටිය මහත්මිය‌ ලබා ද‌ෙන සත්කාර

1. ස්වාභාවික විනාකිරි

ස්වාභාවික විනාකිරි ගාලා ෂවර් කැප් එකකින් ආවරණය කරලා පැයක් පමණ තබන්න.
පසුව හිස සෝදා දමන්න. උකුණන් බිත්තර සමගම ඉවත් වෙනවා.

2. සුදු ලූණු අඩංගු සත්කාරයක්

සුදු ලූණු බික් 3, ලූණු ගෙඩි 1/2 ක් ,  පෙපර් මීට් කොළ 10, දෙහි ගෙඩි 1 ක් එකට බෙලෙන්ඩ් කරන්න.
එම තලපය හිසකෙස් වල ආලේප කර පැයක් තබා සෝදන්න.

3. ඖෂධීය මිශ්‍රණයක්

කීකිරිඳිය , වැල් පෙනෙල්, හාතවාරිය ,සැවැන්දරා , කොතල හිඹුටු , ගෙඩිපහ කොළ, අත්තික්කා ගෙඩි සහ කොළ, කුරුදු පොතු සහ කොළ, වෙනිවැල් ගැට මුල් සහ දළු සමසේ ගෙන වියළා ගෙන කුඩු කර ගන්න. එයට තල තෙල්, ඔලිව් තෙල් හා කොහොඹ තෙල් මිශ්‍ර කල පැයක් ආලේප කර තබා සෝදන්න.

4. කොහෝකිරිල්ල

කොහෝකිරිල්ල ගෙඩියක මදය සූරා ආලේප කරන්න. පැයකට පසු සෝදා හරින්න.

5. නෙලුම් කොළ යූෂ

නෙලුම් කොළ යූෂ හිසේ ගල්වා  පැය භාගෙකට පස්සේ සෝදන්න.
නෙල්ලි

6. අමු නෙල්ලි කොල

අමු නෙල්ලි කොල තම්බා ආලේප කරන්න.

උකුණන්ට අත් බෙහෙත් වට්ට‌ෝරු: ගමේ ගොඩේ නිතර භාවිතා වෙනත් උකුණන්ට සුදුසු අත් බෙහෙත්

8. දෙහි හා උළුහාල්

දෙහි හා උළුහාල් ජලයේ දමා තම්බා  බ්ලෙන්ඩර් හිසේ ආලේප කර පැය භාගයකින් සෝදාහරින්න. ඉන්පසු  දැති හීන් පනාවකින් හිස පීරා උකුණන් ඉවත් කරන්න .

9. සුදු ලූණු හා දෙහි

සුදු ලූනු බික් 5 ක් දෙහි ඉස්ම තේ හැඳි1.5 ක්  මිශ්‍රකර පොඩි කරන්න. එය හිසට දමා පැය භාගයක් තබා උණුවතුරින් සෝදන්න.

10. ගොඩපර

ගමේ තියෙනවා ගොඩපර ගෙඩි ජාතියක්. ඒවා තම්බා එම ජලයෙන් හිස සෝදා හරින්න ඔබට පුළුවන්.

11. විනාකිරි හා ලූණු

ලුණු මේස හැඳි 1 ට විනාකිරි මේස හැදි 1/3 ක් දියකර ඊට ජලය ස්වල්පයක් එකතු කරන්න. එම මිශ්‍රණ හිසට ආලේප  කරන්න. එවිට උකුණන් එළියට පැමිණේ. ඉන්පසු දැති හීන් පනාවකින් උකුණන් ප‍ීරා ඉවත් කරන්න.
උකුණන්ට අත් බෙහෙත් වර්ග 12 ක්

12. ඔලිව් ඔයිල්

හිසකෙස් වලට ඔලිව් ඔයිල් දමා සාලුවකින් කොණ්ඩය හොදට ඔතා තබන්න. විනාඩි 40 කට විතර පස්සේ දැති හීන් පනාවකින් උකුණන් ප‍ීරා ඉවත් කරන්න. ඔබට මෙම බෙහෙත් වට්ටෝරු අත්හදා බලන්න පුළුවන්. ඔබේ ලගත් මේ උකුණු කරදරයට විසදුම් දෙන වට්ටෝරු තියෙනවා නම් අපිත් එක්ක බෙදාගන්න කියලා ආදරයෙන්  බෙදා ගන්න.
උකුණන්ට අත් බ‌ෙහ‌ෙත්
*මේ උකුණු මර්ධන සත්කාර කිහිපයක් අප හා බ‌ෙදා ගත්ත‌ේ ආයූර්වේදිය සත්කාර සදහා සුවිශේෂී වු තලවතුගොඩ ලුනර් ලේඩි හෙයාර් බියුටි (Lunar Lady Hair and Beauty Bridal Salon) බ්‍රයිඩල් සැලුන්හි අධිපතිනිය, රූපලාවන්‍ය ශිල්පිනි ශෂි සියඹලාපිටිය මහත්මියයි.
රූපලාවන්‍ය කේෂ්ත්‍රයේ වසර 11ක අත් දැකීම් ඇති ශෂි සියඹලාපිටිය මහත්මිය දෙස් විදෙස් පුහුණුව ලබා ඇත. විශේෂයෙන් ආයූරුවේදිය සත්කාර සදහා ඇය සුවිශේෂීයි. සියලුම රූපලාවන්‍ය කටයුතු ලබා දෙන ඇයගේ තලවතුගොඩ පිහිටා ඇති රූපලාවන්‍යාගාරය " YOU ARE SAFE IN MY SALON " සහතිකය සහිතයි.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • උකුණන්ට අත් බෙහෙත් වර්ග 12 ක්
බෙදාගන්න :
  • උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම: මේ උකුණන්ට පිළියම් යොදන්නේ කොහොමද?

    උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම: මේ උකුණන්ට පිළියම් යොදන්නේ කොහොමද?

  • ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

    ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

  • උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම: මේ උකුණන්ට පිළියම් යොදන්නේ කොහොමද?

    උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම: මේ උකුණන්ට පිළියම් යොදන්නේ කොහොමද?

  • ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

    ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it