විද්‍යාත්මකව තහවුරු වු සාර්ථක සිසුන්ගේ රහස් 12

විද්‍යාත්මකව තහවුරු වු සාර්ථක සිසුන්ගේ රහස් 12

ඔබට ඔබේ දරුවන් සාර්ථක සිසුන් වෙන්න අවශ්‍ය නම් මේ රහස් ඔවුන් සමග බෙදා ගන්න. මේ දේවල් ඔවුන්ගේ අධ්‍යාපනයට රුකුලක් වන බව නොඅනුමානයි.

අධ්‍යාපනයේදි හැම දරුවා ම එක සමානව දක්ෂතා දක්වන්නේ නැහැ. සෑම දරුවෙක් ම විවිධාකාර විදියෙනුයි දක්ෂතා පෙන්වන්නෙත්.  එහෙත් යම් යම් රහස් ඔවුන් හැමෝටම පොදුව අධ්‍යාපනය සඳහා උපකාරී වෙනවා. ඔබේ දරුවාට ඒ සදහා  තල්ලුවක් අවැසි බව සිතුවාද? එසේනම් ඔවුන් සමග මේ සාර්ථක සිසුන්ගේ දක්ෂ වීමේ රහස් 12 බෙදා ගන්න.

දක්ෂ වීමේ රහස්

දක්ෂ වීමේ රහස්

1. ලැප්ටොප්, ස්මාර්ට් ෆෝන් ඉවත් කරන්න. සියලුම සටහන් අතින් ලියන්න .

මේ දිනවල බොහොමයක් සිසුන් ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප් භාවිතා කරන අතර ඒවා භාවිතයෙන් වැඩ ඉතා පහසු වේ.

නමුත් අතින් ලියන සටහන් තරම් ඒ කිසිවක් වටින්නේ නැහැ. අතින් සටහන් ලියන විට ටයිප් කරනවාට වඩා මොලය ක්‍රියාත්මක වන බැවින් අතින් සටහන් ලිවීම ඒවා මතක තබා ගැනීම පහසු කරයි.

එම නිසා ඔබේ දරුවා අතින් සටහන් ලියන්නට පුරුදු කරවන්න.

2. හයිලයිටර්ස් වෙනුවට මතකයෙන් කියවීම සුදුසුයි.

අධ්‍යනයන්ට අනුව ඉගනීමේදී හයිලයිට් කිරීම, යටින් ඉරි ඇදීම, නැවත කියවීම කාර්‍යක්ෂම නැහැ. හොදම ක්‍රමය වන්නේ සජීවී මතකය හෝ නැවත මතකයට නගා ගන්න භාවිතා කරන ක්‍රම‍යන් හා ඔවුන්ව පරීක්ෂා කර පිලිතුරු තහවුරු කර ගැනීමයි.

එමගින් මොලයේ මතක මධ්‍යස්ථානය උත්තේජනය වන අතර සාමාන්‍ය කියවීමකට හා මතක් කිරීමකට වඩා ඒ මගින් ඔවුන්ගේ ඉගනීම වැඩි දියණු කරයි.

3. කණ්ඩායමක් ලෙස ඉගෙනීම දරුවා උත්තේජනය කරයි.

දක්ෂ වීමේ රහස්

දරුවාට තනියෙන් ඉගනීමට දෙනවාට වැඩිය  කණ්ඩායමක් සමග ඉගනීමට ඉඩ දීම සුදුසු වේ.ඒ මගින් ඔවුන්ගේ කාර්‍යක්ෂමතාවය වැඩි වෙනවා විතරක් නෙවෙයි සමාජගත වීම හා කණ්ඩායම් වැඩ දියුණු වෙනවා.

අනිවාර්යයෙන්ම ඔබේ  දරුවා ඉගනීමට යොමු කරන දරුවන් සමග මිස දරුවා ඉගනීමෙන් ඉවතට ගෙන යන දරුවන් සමග එකතු නොකල යුතුය. මෙහිදී දෙමව්පියන් වශයෙන් උපක්‍රමශීලී විය යුතුයි.

තම දරුවා සමග එකට සිටින යහලුවන් මින් කොයි වර්ගයට අයත් දැයි සොයා ගන්නට නම් දරුවාට ගොඩක් ළං වන්නට සිදුවෙනවා. නව යොවුන් වියට එළැඹෙන දරුවන් ගැන විශේශයෙන්ම අවධානය දෙන්න වෙනවා.

4. දරුවාට එක විට වැඩ කිහිපයක් කරන්න දෙන්න එපා.

දරුවා ඉගෙන ගන්නා මොහොතේදී ඔහු කරන එකම වැඩය ඉගනීම පමණක් වීමට වග බලාගන්න. ඔවුන් ඉගෙන ගන්නා විට ජංගම දුරකථනය හා රූපවාහිනිය නිවා දමන්න.

ඉගනීමේ වැඩ අවසන් වු පසු ඔවුන්ට විවේකය දෙන්න.

5. සමබල ආහාර වේලක් දෙන්න.

පෝෂ්‍ය ගුණයෙන් යුතු ආහාර ලබා දීමෙන් මොලය වර්ධනය වන අතර ඒ මගින් මතකය වැඩි දියුණු වේ. ඒ වගේම ඔබේ දරුවා නිතරම නීරෝගීමත්ව සිටීමත් වැදගත් වේ.

මේ අනුව අලුත් එලවලු හා පලතුරු, පලා වර්ග, ධාන්‍ය වර්ග, මාශ බෝග සහ මාංශ වර්ග සපිරි පෝෂ්‍ය පදාර්ත අඩංගු සමබල ආහාර වේල් ලබා දිය යුතු වේ.

6. විවේකය දෙන්න.

නොනවත්වා පැය ගණනක් ඉගනීම සුදුසු නෑ.ඉගනිමේදී ඉගනීමේ ගුණාත්මක භාවය ඒ සදහා ගන්නා කාලය මත රදා පවතියි.

මතක ශක්තිය වර්ධනයට හා එක අරමුණක හිත තබා ගැනිමට ඉගෙනීම විනාඩි 25 කොටස් වලට වෙන් කිරීම සුදුසු වේ.

7. එළියට ඇවිදින්න යන්න.

විවේකයෙන් වැතිර සිටීමට හෝ දහවල් කාලයේ නින්දකට ඉඩ නොදී ඔවුන්ව නැවුම්  වාතය ලබා ගැනීමට හා සැහැල්ලුවක් ලබා ගැනීමට මදක් එළියට එකක් යන්න. ඇවිදීම මගින් නව අදහස් ඇතිවීමත්, අරමුණු තියුණු වීමත් සිදු වේ.

8. ඉරියව්වත් වැදගත් වෙනවා

ඔබේ දරුවන් ඇඳ මත දිගා වී පාඩම් කරයි නම් ඔවුන්ගේ ඉරියව්ව නිවැරදි කරන්න කාලය එළඹ තිබේ.

නියමිත ආකාරයට ඉදගෙන නිවැරදි ඉරියව්වකින් ඉගනීමේ කටයුතු කිරීමේදී කාර්‍යක්ෂමතාවය ඉගෙන ගන්නත් මතක ශක්තිය වර්ධනය වන්නත් හේතු වේ.

10. රාත්‍රියේ  සුව නින්දක් ලබා දෙන්න.

දක්ෂ වීමේ රහස්

මතකයට නගා ගැනීම, මතක ශක්තිය පවත්වා ගැනීමටත්, ඔබේ මොලයට අදහස් මනාව සංවිධානය කරන්නත්, පාසැල් වැඩ එක අරමුණකින් කර ගැනීමටත්  සුවබර නින්දක් වැදගත් වෙනවා.

රාත්‍රියේ ප්‍රමාණවත් නින්දක් ලැබෙන ඔබේ දරුවාගේ ප්‍රතිඵල නින්දක් නොලබා රාත්‍රීය පුරා ඉගනීමේ කටයුතු කරන දරුවාට වඩා වැඩි දියුණු වෙනවා.

11. ව්‍යායාම ලබා දෙන්න

නිරෝගී සිරුරක් තුලින් නිරෝගී මනසක්ද ගොඩ නැගේ. ඔබේ දරුවාට ඉගනීමේ දුර්වලතා ඇතිනම් සෑම උදෑසනකම ව්‍යායාම සදහා යොමු කරවන්න.

විනාඩි 20- 30 ව්‍යායාම ලබා ගැනීම තුලින් ඔවුන්ගේ සෞඛ්‍යය තුල පුදුම හිතෙන සුලු වෙනසක් සිදු කල හැකි අතර ඒ මගින් ඔවුන්ගේ මොලය තියුණු වේ. ධාරණ ශක්තිය සහ මතක ශක්තිය වැඩිවේ.

12. ප්‍රශ්න අසන්න උනන්දු කරවන්න

යමක් නොවැටහුන විට ප්‍රශ්න ඇසීමට බිය නොවන්න දරුවාට උගන්වන්න. සමහර දේවල් නොදැන සිටීමට වඩා ප්‍රශ්න ඇසීමෙන් ඉගෙන ගත හැක.

ඒ වගේම නිසැක නැති දේවල් කුතුහලය වඩවන දේවල් පිලිබඳ ඉගෙනීමට අවස්ථාව ලැබේ.

13. පාඩම් මේසය පිළිවෙලට සකසා ගන්න උදව් දෙන්න

අපිළිවෙළ තැනක සිට එදිනෙදා පාඩම් කටයුතු කරගෙන යාම අසීරුයි. පොත පත සහ අධ්‍යාපනයට අවශ්‍ය දේ පමණක් පාඩම් කරන තැන තිබීම සුදුසුයි.

පොත පත පිළිවෙළින් තබා ගන්නට පහසු වෙන විදියට දරුවාට ඔහුගේ කාමරය සකසා දෙන්නට දෙමව්පියන් උත්සාහ ගත යුතුයි. එසේ නැතහොත් අවශ්‍ය දේ හරි හැටි සොයා ගන්නට නොහැකිව කාලය නාස්ති වෙයි.

14. තමන් උගත් දේ නිතර ආවර්ජනය කරන්න කියා දෙන්න

මෙසේ ආවර්ජනය කිරීමෙන් උගත් දේ මතකයේ වඩ වඩාත් රඳවා තබා ගැනීමට උපකාරී වෙයි. හැකිනම් තව කෙනෙනුට ඒ දේ කියා දෙන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

මුලාශ්‍ර - www.psychologytoday.com

පරිවර්තනය: නදීශා ලක්මිණී

සංස්කරණය - බෝසඳුන් ගුණසේකර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි