theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

5 අවම කියවීම
දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රමදරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

ස්වභාවික දරු උපතකින් පසු මවකට එය ඉතා වේදනාබර අත්දැකීමක් වගේම එම විවරය නැවත සුවවීමට දින 7-15 ක කාලයක් ගත වෙනවා. නමුත් සමහර අම්මලාට මෙය ඉතා වේදනාකාරී අත්දැකීමක් වෙනවා. මේ තත්වයෙන් මිදෙන්න මේ ක්‍රම අනුගමනය කර බලන්න පුළුවන්.

ස්වභාවික දරු ප්‍රසූතියෙන් පසු මවකට එය ඉතා වේදනාබර අත්දැකීමක් වගේම දරු ප්‍රසූතියෙන් පසු සුවවීම ට දින 7-15 ක කාලයක් ගත වෙනවා.

නමුත් සමහර අම්මලාට මෙය ඉතා වේදනාකාරී අත්දැකීමක් වෙනවා.

මේ නිසා එදිනෙදා ඔබට තනිව කරගත හැකි වැඩපල සිදු කර ගැනීමට නොහැකි වෙනවා.

මැහුම් ලිහිල් වීම, ඉදිමුම, අසාත්මිකතා මේ වේදනාව තවත් වැඩිකරන්න සමත් වෙනවා. වෛද්‍ය පාපියා ගෝස්වාමි මුකර්ජි, කුමාර් සායනය, මුම්බායි- නාරිවේද වෛද්‍ය පවසනවා.

නමුත් මේ තත්වයෙන් මිදෙන්න දරු ප්‍රසූතියෙන් පසු මේ ක්‍රම අනුගමනය කර බලන්න පුළුවන්.

දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම3

1.දරු ප්‍රසූතියෙන් පසු සුවවීම සඳහා උණුවතුර මත හිඳගෙන නෑම

මෙලෙස ස්නානය ඔබට ඇති වේදනාවට කදිම සහනයක් ගෙන දෙනවා.

දිනකට දෙවරක් පමණ මෙලෙස උණුසුම් වතුර ටබ් එකක රැඳී සිටීම හොඳ බව වෛද්‍යවරුන් මතක් කරනවා. මේ මගින් තුවාලය හා අවට ප්‍රදේශයට සහනයක් ගෙන දෙනවා.

උණුසුම් ජලයට බෙටර්ඩින් ස්වල්පයක් මුසු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. කස්තුරි සර්වෝතම් - නාරී වෛද්‍ය, ෆර්නෑන්ඩ්ස් රෝහල, හයිද්‍රාබාද් පවසනවා.

ඒ වගේම ලුණු එක්කර ගැනීමත් කළහැකි වගේම එම ප්‍රදේශය ඇතිල්ලීම නොකර මෘදු ලෙස තෙත මාත්තු කිරීම වැදගත්.

2. දරු ප්‍රසූතියෙන් පසු රබර් රවුමක ආකාරයේ මුදුවක හිඳ ගැනීම

දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

මෙලෙස පසු තලය තද නොවීම පිණිස මුදුවක ආකාරය මෘදු රවුමක් වැනි කොට්ටයක් වැනි දෙයක් යොදා ගැනීම තුවාලයට ලක්වන පීඩනය අවම කරගන්න පුළුවන්.

ඒ වගේම ඒ නිසා මවට දරුවාට මව් කිරි දීමත් පහසු කරවනවා.

3. දරු ප්‍රසූතියෙන් පසු සුවවීම සඳහා සබන් එපා

පිරිසිදු කිරීමට සබන් නොදිය යුත්තේ ඇයි ? විශේෂඥයන්ට අනුව උණුසුම් වතුරින් පිරිසිදු කිරීම ප්‍රමාණවත්. සබන් මගින් අසාත්මිකතා හා අපහසුතාවයන් ඇතිවීමේ අවධානම තිබෙනවා.

4. උණුසුම හා සිසිල් සුවය

උණුසුම වේදනාවට සහනයක් ගෙනදෙනවා. උණුසුම් වතුර බෑගයක් මෘදු රෙදි කැබැල්ලකින් වසා තුවාලයේ මැහුම් මත තබන්න. නමුත් උණුසුම් ගතියෙන් ඔබට සහනයක් නොලැබෙන්නේ නම් සිසිල් වතුර බෑගයක් එලෙසම උත්සාහ කර බලන්න පුළුවන්.

5. දරු ප්‍රසූතියෙන් පසු සුවවීම සඳහා පිරිසිදු කිරීමට උණුසුම් වතුර

මුත්‍රා පිට කිරීමේදී දැවෙන සුළු වේදනාවක් දැනෙන බව සමහර මව්වරුන් පවසනවා. ඒ නිසා මුත්‍රා කළ පසු උණුවතුරින් සේදීම සහනයක් ගෙන දෙනවා වගේම තරමක් ඉදිරියට නැමී මුත්‍රා පහ කිරීම මගින්ද සහනයක් ලබාගන්න පුළුවන්.

6. දරු ප්‍රසූතියෙන් පසු ශ්‍රෝණිය ආශ්‍රිත ව්‍යායාම

දරු ප්‍රසූතියෙන් පසු සුවවීම 4

ශ්‍රෝණි ව්‍යායාමය හෝ කේගල් නමැති ක්‍රමයත් මගින් රුධිර ගමනය මේ ප්‍රදේශයට හොඳින් ලැබීම නිසා ඉක්මන් සුවයක් ලැබෙනවා.

7. ප්‍රසූත ලිංගික ප්‍රදේශයට හොඳ සත්කාරයක්

ඔබට පෙර වගේම ඇඳුම් විලාසිතාවයන් අඳින්න කැමැත්තක් තිබුනත් ප්‍රසූතියෙන් පසු ශරීරයට වැඩිපුර වෙහෙස හා බරක් ලබා දීම එතරම් සුදුසු නැහැ.

ඒ වගේම ඉතා තද යට ඇඳුම් ආදියත් මැහුම් විවෘත කිරීමට සමත් වෙනවා.

මේ නිසා ඉක්මන් සුවය ප්‍රමාද වෙන බව මුකර්ජි පවසනවා. ඒ වගේම ඔබට වෛද්‍යවරයා හිරිවැටීමට යොදන ක්‍රීම් වර්ගයක් නිර්දේශ කර ඇත්නම් එය ගැල්වීම සුදුසුයි.

මෙසේ ප්‍රසුත තුවාල සති 2-3 කාලයකදී සුව වන අතර ඉඳිමීම, වේදනාව, දුර්ගන්ධයක් තුවාල තුළින් වහනය වේනම් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්.

දරුවෙකුගේ කිරි සිනහා දැකීම අනර්ඝම සතුටක් වුනත් ඒ කරා යන ගමන මවකට ඒ වගේ පහසු නෑ.

දරු ප්‍රසූතියෙන් පසු සුවය සඳහා සීසේරියන් සැත්කම ගැනත් පුංචි මතක් කිරීමක්

1. සැත්කමේ කැපුමේ ප්‍රමාණය හා ප්‍රදේශය  

සිසේරියන් සැත්කමකදී ඇතිවෙන කැපුමේ ප්‍රමාණය, ස්ථානය කොයි වගේද? බොහෝ වෙලාවට මෙම විවෘත කිරීම අඟල් 4-6 දක්වා වන්නට පුළුවන්.

හුඟක් වෙලාවට නාභියට පහළ කොටසේ මෙය සිදුවන්නට පුළුවන්. එය හුඟක් වෙලාවට ඔබ කොටට බ්ලවුසයක් ඇන්දත් දකින්නට ලැබෙන්නේ නැහැ.

හුඟක් වෙලාවට නාභියට ඉතා පහළින් එය සිදුකරන නිසා කැළල ගැන ඔබට පසුතැවෙන්න වෙන්නේ නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඉතාම හදිසි අවස්ථාවක හැරෙන්නට සාමාන්‍ය අවස්ථාවන් වලදී සිරස් අතට කැපුමක් සිදුවන්නේ නැහැ.

2. පෙනුම

දරු ප්‍රසූතියෙන් පසු සුවවීම 3

මාස ගණනක් ගත වුණ පසු කැපුම රතු හෝ රෝස පැහැයෙන් දිස්වීම සාමාන්‍ය දෙයක්. නමුත් එය බිය විය යුතු කාරණයක් නම් නොවෙයි.

එය සුවවීම දනවන ලකුණක්. ටිකෙන් ටික නොපෙනෙන තරමටම කැපුම සිහින් වීම සිදුවෙනවා. ඉතා උවමනාවෙන් බැලූවිට පමණක් පෙනෙන තරමට කැළල අඩුවී යනවා.

වර්තමානයේ තාක්ෂණය දියුණු නිසා මේ කැළල ගැන ඔබ බිය විය යුතු වන්නේ නැහැ.

නමුත් කලාතුරකින් සැත්කමේ කැළල තරමක් ඝන ස්වභාවයෙන් දකින්නට ලැබේවි. මෙවැනි ගැටළු වලට වර්තමානයේ වෛද්‍යවරුන් කොලජන් අඩංගු ක්‍රීම් වර්ග ගැලවීමට නිර්දේශ කරනවා. නමුත් උපතෙන්ම ශරීරය තුළ කෙලොයිසිස් උත්පාදනය වන අයට මේ තත්වය වැළැක්වීම අපහසු වෙනවා.

3. ඇදීමකදී සිදුවන්නේ කුමක්ද?

හුඟක් අම්මලාට ඇතිවෙන මේ ගැටලුව තවත් දරුවන් බිහිකිරීමේදී පැනනැගීම සාමාන්‍යයි.

පළමු කාරණය සිසේරියන් සැත්කමක තුවාලය සුව වූ පසු එය කැසීම වේදනාව නැවත ඇතිවන්නේ නැහැ. නමුත් නැවත ගැබ් ගැනීමකදී කැසීම ඇතිවන්නට පුළුවන්.

සමහර කාන්තාවන්ට ගැබ් ගෙන සති 6 ක් පමණ කාලයේදී දැවීම් හා කැසීම් සිසේරියන් කැළල ආසන්නයෙන් හට ගන්නා බව වාර්තා වෙනවා.

නමුත් එය ගර්භනී කාලයේ සාමාන්‍ය තත්වයක්. එය ඔබගේ සිසේරියන් කැළල ගැන අවධානයෙන් සිටීමට කරන දැන්වීමක් වගෙයි.

හුඟක් වෙලාවට කැපුමට ස්වභාවිකව ලැබිය යුතු කාලය නොලැබී යාම මත අනතුරු දායක තත්වයක් ඇතිවන්නට පුළුවන්.

මේ නිසා එවැනි අවස්ථාවන් වල ප්‍රසව හා නාරී වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම වැදගත්.

4. හැම ප්‍රසූතියකදීම අලුත් කැළලක් ඇතිවෙනවද?

හුඟක් අවස්ථාව වල එසේ වන්නේ නැහැ. හුඟක් අම්මලා මෙය සිප් එකක් ලෙසත් හඳුන්වනවා. හැම අවස්ථාවකම එය විවෘත කර දරුවන් ප්‍රසූත කළ හැකි වෙනවා. එවිට වාර ගණන කාටවත් හොයාගන්න බැහැ. කිහිප වරක් එකම කැපුම විවර කිරීම සාමාන්‍යයෙන් සිදු වෙනවා.

 5. කැපුම අවට දැනීම

හුඟක් අවස්ථාවන් වල කැළල වටා සමේ දැනීම නොදනී යාම සාමාන්‍ය තත්වයක්. සමහර අම්මලාට නම් එය තාවකාලික වුනත් සමහර අම්මලාට එය දිගටම පවතින්න පුළුවන්. එය වැළකිය නොහැක්කක් නිසා ඒ ගැන බරපතල ලෙස සිතිය යුතු නැහැ.

ඔබ වෙනුවෙන් ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම
බෙදාගන්න :
  • මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

    මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

  • ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

    ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

  • මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

    මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

  • ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

    ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it