දරුවන් ලැබුනට පස්සෙ ලිංගිකව හැසිරෙන්නට ඉඩක් නැද්ද?

දරුවන් ලැබුනට පස්සෙ ලිංගිකව හැසිරෙන්නට ඉඩක් නැද්ද?

දරුවන් ලැබුනු පසු ල්කිංගික හැසිරීම අභියෝගයක් වූ කාලය ඉවරයි. මේ සුපිරි ක්‍රම 12 උත්සාහ කර විවාහයට නව පණක් දෙන්න

මේ ඔබට ඉක්මන්ම ලිංගික හැසිරීමක් භුක්ති විඳිය හැකි සුපිරි ක්‍රම 12ක්! දෙමාපියන්ගේ ලිංගික හැසිරීම දරුවන් ලැබීමෙන් පසු මදක් අපහසු කාර්‍යයක් වනවා. ඉතින් දරුවන් ලැබීමෙන් පසු ලිංගිකව හැසිරීම ඉතා අභියෝගාත්මක විය හැකි නමුත් ඔබේ විවාහය ජීවමානව තබා ගැනීමත් ඉතා වැදගත් වනවා!

ඔබ ඔබේ දරුවන්ව නිදි කර, ගෙදර දොරේ වැඩ කටයුතු නිමා කර, පසු දින සඳහා සියල්ල සූදානම් කර අවසන් වනවිට ඔබේත් ඔබගේ සහකරුගේත් හොඳ පණ ගිහින් වෙන්නට පුළුවන්. දෙදෙනාම වෙහෙසට පත් වී පෙරුම් පුරා සිටින්නේ ඉක්මනින් ඇඳට බඩගාගෙන නිදා ගැනීමයි නේද?

නමුත් විවාහයක් ජීවමානව තබාගැනීමට නම් කලාතුරකින් පමණක් ලිංගිකව හැසිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔබගේ විවාහය උද්‍යෝගිමත්ව හා ප්‍රබෝධමත්ව තබා ගැනීම තුළින් ඔබටත්, පවුලේ සැමටත් ඔබ නොසිතන ආකාර වලින් එම ප්‍රබෝධය අත්දකින්නට පුළුවන්. ඒ සඳහා ඔබට සතිය පුරාවටම ප්‍රබෝධයෙන් ඉන්න පහසුවෙන් හා විනෝදජනක ලෙස රස විඳින්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි කියන්න යන්නේ.

ඔන්න ඉතින් දරුවන් ලැබුනු පසු දෙමාපියන්ගේ ලිංගික හැසිරීම උණුසුම්ව දිගටම පවත්වාගෙන යන්නට මතක තබාගෙන පිළිපැදිය යුතු උපදෙස් 12 ක්.

sex after kids

Sex after kids needn’t be a chore! Make it fun and exciting with our tips.

දරුවන් ලැබුනු පසු දෙමාපියන්ගේ ලිංගික හැසිරීම

1. ඒ වැඩේ දහවල් කාලයේ කරන්න!

ළමයින් දවල් සුළු නින්දට ගිය විට, අම්මිටයි තාත්තිටයි එකිනෙකා විඳගන්න කියාපු වෙලාවයි! ඇතැම් පළපුරුදුකරුවන් යෝජනා කරන්නේ ලිංගිකව හැසිරීමට හොඳම  වේලාව සවස 3 කියලයි. දරුවන් නිදි අතර හිත එකළස් කරගන්න අමාරුම නම්, ළදරු මොනිටරයක් ​​ඇඳ අසල තබා ගන්න. එවිට ඔබට අනවශ්‍ය විස්මයන් ගැන බිය වන්නට අවශ්‍ය වන්නේ නැහැ!

2. දවස පුරාම ආලවන්ත හැඟීම් පාන්න

මෙය ඔබේ එක්වීමේ පෙරසූදානමට (foreplay) පෙර පුරෝකථනයයි. ඔබේ ස්වාමිපුරුෂයාට ආලවන්ත කෙටි පණිවුඩ යවන්න. ළමයින් ඉදිරිපිට වුවත් ඔහු සමඟ විවෘතව ආලවන්ත දේ කතා කරන්න. අම්මයිගෙයි තාත්තගෙයි අතර බෙදාගන්නා ආදරබර සෙල්ලක්කාර සෙනෙහස ඔබේ ළමයින්ටද ප්‍රසන්න අත්දැකීමක් වනවා. මෙය එළඹෙන රාත්‍රියේදී ලිංගිකත්ව එක්වීම සඳහා ඔබ ද්දෙනාගේ මනෝභාවය සකසනු ඇති.

3. රාගය මුසු විලාසිතා

ඔව්, ඔබ සාමාන්‍යයෙන් ගෙදර ඇතුළේ අඳින සුපුරුදු ඇඳුම ලිහිල් ටී ෂර්ට් එකක් සහ සායක් වන්නට පුළුවන්. නමුත් මඳක් රාගවන්ත ලෙස සරසෙන්නට පොඩි උත්සාහයක් ගන්න.

දරුවන් ලැබුනට පස්සෙ ලිංගිකව හැසිරෙන්නට ඉඩක් නැද්ද?

මෙය ඔබ දෙදෙනාටම හොඳ වෙනසක් ඇති කළ හැකි අතර දෙදෙනාගේම මනෝභාවයට සුදුසු තැනට ඉක්මනින් ගෙන එන්නට උදව් කරාවි.

4. සුරාන්තය ගැන ලොකුවට අවධාරණය කරන්නට එපා

ඔබගෙන් කෙනෙකුට හෝ දෙදෙනාටම කලට වෙලාවට සුරාන්තයට ඒම අපහසු නම් ඒ ගැන උවමනාවට වඩා හිතන්නට අවශ්‍ය නැහැ! ජීවිතයේ ඇතැම් අවස්ථා වල, ටික වේලාවක් සමීපව සිටීම පමණක් පවා ප්‍රමාණවත් වනවා. ඔබ සුරාන්තය ගැන සිතමින් ඒ අරමුණින් කර්ථවය පටන් ගතහොත්, ක්‍රියාවලියේ සතුට භුක්ති විඳිනවා වෙනුවට අවසාන ඉලක්කය ගැන වැඩි අවධානයක් යොමු කරමින් සිටීම ඔබ දෙදෙනාගේම රස වින්දනයට බාධාවක් විය හැකියි.

5. ඇතැම් මනංකල්පිත සෙල්ලක්කාරකම් භුක්ති විඳින්න

දරුවන් ලැබීමෙන් පසු දෙමාපියන්ගේ ලිංගික හැසිරීම නීරස වන්නට අවශ්‍ය නැත!  ලිංගිකව හැසිරෙන අතරතුර ඔබට සමහර මනංකල්පිත ක්‍රියා අථදාබලන්නට හැකියි. මේ ලිංගික ඉරියව් ඔබේ සැමියා සමඟ අත්හදා බලන්න කදිමයි.

6. පිටතට යන්න

ඔබට අවශ්‍ය හැකි ඉක්මනින් සතුටක් ලැබීම නම්, රෝස මල් වට කර ඉටිපහන් එළියෙන් රගයේ ගිනිදැල් අවිස්සෙනකල් සෙල්ලම් කරන්නට ඔබට කල්වේලා නැහැ. ඔබේ හිතැඟි අමු අමුවේම පිට කරන්නට වෙනවා. සීග්‍රයෙන් වර්ධනය වන දැඩි සිතැඟි හැකි හැම ඉරියව්වකින්ම පිට කරන්න. ඔබේ ආශාවන් ප්‍රකාෂ කිරීමේ තීව්‍රතාවය වැඩි කරන්. ඔබේ මනස්කාන්තය හීන නොපැකිලී පෙන්වා ඔබේ සහකරුට වේගවත් සතුටක් ලබා දෙන්න.

7. අවධානය යොමු කරන්න! 

දරුවන් ලැබීමෙන් පසු ලිංගිකව හැසිරෙන විට, අවධානය යොමු කිරීමට ඔබ දැඩි උත්සාහයක් ගත යුතු බව ඔබට පෙනී යාවි! ඔබේ සහකරු කෙරෙහි අවධානය යොමු කරන්න. දරුවා හොඳින් සිටිනවාද, නැත්නම් ඔබ බල්ලාට කෑම දුන්නාද? රෙදි ටික සේදුවාද, වියළෙන්නට දැම්මාද? නැතහොත් පිඟන් සෝදන්නේද ආදී සිතුවිළි වලට ඔබේ මනස වෙළාගන්නට ඉඩ නොදෙන්න. ආරම්භයේ සිට අවසානය දක්වා ඔබ එක් වී ඇති මොහොතේ ගත කරන්න.

8. ලිහිසි තරල භාවිතා කරන්න

ඔබ ඉක්මන් ලිංගික ඇසුරක් සඳහා යන්නේ නම්, බොහෝ විට එයින් අදහස් කරන්නේ පූර්ව සූදානම (foreplay) සඳහා වැඩි කාලයක් නොමැති බවයි. නමුත් එයින් කියවෙන්නේ ඔබ ක්‍රියාවලියේදී තුවාල ලැබිය යුතු බවක් නෙවෙයි. අනවශ්‍ය තුවාල වළක්වා ගැනීම සඳහා ඔබ ඉක්මන් ගමනක් යන්නේ නම් යහමින් ලිහිසි තරල (ලුබ්) භාවිතා කරන්න.

9. අළුත් ඉරියව් උත්සාහ කරන්න

ඔබ නිවැරදි ඉරියව්වෙන් සිටීම ඉක්මන් එක්වීමක් තවත් පහසු කරනු ඇත. සුපුරුදු, එකම පැරණි කම්මැලි ඉරියව්වට යොමු වන්නට එපා. රාගය තව ටිකක් උණුසුම් කරගන්න ලිංගික ඉරියව් ටිකක් වෙනස් කරගෙන බලන්න.

10. සෙල්ලම් බඩු සහ මුක්කු භාවිතා කරන්න

මේවා වැඩි කාලයක් නොගන්නා අතර ඇත්ත වශයෙන්ම ලිංගික ක්‍රියාවලිය වේගවත් කිරීමට උපකාර වනවා. සමහර සෙල්ලම් බඩු ඔබව වඩාත් කුල්මත් කරාවි. මොකුත්ම නැතිනම් අයිස් කැටයක් වැනි “මුක්කු” පවා තෘප්තිය දෙගුණ කරන්නට උපකාර වනවා ඔන්න.

11. දිගටම ඇඳුම් ඇඳගෙන ඉන්න

ඇතැම් යුවළයන්ට මෙය සැබවින්ම ප්‍රබෝධජනක වන්නට පුළුවන්. එලා අයර් ඇගේ ගීයක ගායනා කළේ, “, “we don’t have to take our clothes off” කියායි. ඇය හරි. එය ලිංගිකව හැසිරීමෙන් පසු ඇඳුම් ඇඳීම සඳහා ගතවන කාලයෙන් යම් කාලයක් ඉතිරි කරයි.

12. නිවසේ රහස් තැනක් හොයාගන්න

ඔබට එය නිදන කාමරයේම කරන්නට ඔනෑය කියා නීතියක් නැහැ. ඔබට රෙදි සෝදන කාමරයේ, නාන කාමරයේ ආදිය ඉක්මන් ඇසුරකට යන්න්ට පුළුවන්.

 

දෙමාපියන්ගේ ලිංගික හැසිරීම

ඔබට ටිකක් වික්‍රමාන්විත හැඟීමක් දැනේ නම්, සමහර විට විසිත්ත කාමරය පවා වැඩේට සුදුසු විය හැකියි. දරුවන් ලැබුනු පසු මෙය ටිකක් අභියෝගාත්මක විය හැකි වුවත් කරන්නට බැරිමත් නැහැ. නිකම්ම කියනවා නම් … අවසාන විකල්පය # 11 ඉඟිය සමඟ හොඳින්ම ක්‍රියා කරනවා .

ඉතින් බලන්න? කවුද කියන්නේ දරුවන් ලැබුනු පසු දෙමාපියන්ගේ ලිංඟික හැසිරීම අභියෝගයක් කියලා? දැන් ඉතින් බල බලා ඉන්නට එපා! යන්න වැඩේ පටන් ගන්න!

theAsianparent හි Sarah Voon ලියූ ලිපිය එහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි. 

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි