theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

යෝජිත විවාහයත් හිතන තරම නරක නැහැ කියලා හිතෙන කාරණා 13ක්

5 අවම කියවීම
යෝජිත විවාහයත් හිතන තරම නරක නැහැ කියලා හිතෙන කාරණා 13ක්යෝජිත විවාහයත් හිතන තරම නරක නැහැ කියලා හිතෙන කාරණා 13ක්

යෝජිත විවාහයක් කරගන්න කලින් දැනුවත් විය යුතු එහි ‌හොද හා නරක ‌මෙන්න.

යෝජිත විවාහය හෝ ප්‍රේම සම්බන්ධයක් මුල් වු විවාහය තුලින් වෙනස් වු පුද්ගලයින් දෙදෙනෙක් ජිවිත කාලයේ වැඩි දුරක් එක්ව යන්න බැදෙනවා.

බටහිර රටවල නම් දෙදෙනෙක් කාලයක් එක්ව ජිවත් වෙලා ඔවුන් කැමති නම් පමණක් විවාහය නම් බැදීමට ඇතුල් වෙනවා.

නමුත් ආසියාතික අපේ තත්වය මීට හාත්පසින්ම වෙනස් වෙනවා. අපේ සදාචාරය තුල පිළිගැනීමක් තියෙන්නේ ලිංගික සම්බන්ධතාවයක් පවත්වන්න නම් ඒ දෙන්නා විවාහ විය යුතුයි යන්නයි. 

ප්‍රේම සම්බන්ධයක් මුල් වු විවාහයකදි දෙදෙනා අමුත්තන් නොවේ. ඒ වගේම තම රුචිකම් අරුචිකම් හොදින් හදුනාගෙන ඇතුවා මෙන්ම ඔවුන් හදවතින් සමීපයි.

ඒ නිසා ගතින් හා සිතින් තවත් සමීප වීම ඔවුන්ට හිතන තරම් අපහසු නැහැ. ඒත් මෙහිදි මතක් කරන්න අවශ්‍යම දෙයක් තියෙනවා.

මේ සෑම ප්‍රේම විවාහයක්ම සුරපුරයක් නොවේ. උසාවියදි ජන්මාන්තර වෛරක්කාරයන් මෙන් දික්කසාද වී යන ආදරවන්තයෝ ඇති තරම් ඉන්නවා. 

යෝජිත විවාහයක තත්වය හාත්පසින්ම වෙනස් වෙනවා. මව්පියන් හෝ හිතවතෙකුගේ හදුන්වා දීමක් මත දැනහදුනා ගන්නා දෙදෙනෙකු කෙටි කලකින් විවාහය කියන නිතී රාමුවකින් බැදෙනවා.

අද අපි කතා කරන්න යන්නේ මේ යෝජිත විවාහයක වාසි හා අවාසි ගැනයි. ඔබත් යෝජිත විවාහයක් ගැන සිතනවා නම් මෙය අනිවාර්යයෙන්ම ඔබට වැදගත් වේවි.

ඔබ හිතන්නේ යෝජිත විවාහයක වාසිදායක පැතිකඩක් නැහැ කියලාද? එහෙනම් ඔබ වැරදියි.

යෝජිත විවාහය තුල වාසි

  1. ආදරය සොයා වෙහෙස විය යුතු නොවේ

ඔබට ආදරය කරන කෙනෙකු ගැන හිත හිත වෙහෙස මහන්සි වීමට සිදු නොවේ.

ඒ වගේම ඔබේ හිත ගිය කෙනෙකු පසු පස යමින් හිත දිනා ගැනීමට බොහෝ දේ කල යුතු නොවේ. ඔබට යෝජනා වෙන කෙනා ඔබට සරිලන්නේ නම් පහසුවෙන් කැමති වන්නට පුළුවන්.

  1. ආදරය බිද වැටීම් නිසා ඇතිවෙන මානසික පීඩා නැහැ

විරහාව ආදරය හා බැදි එන්නකි. සියලුම ආදර කතා විවාහයෙන් කෙළවර වන්නේ නැත.

සේ විවාහයෙන් කෙළවර වන ආදර කතා සියල්ලම දික්කසාද නොවී සිටින්නේද නැත.

හදවතින් බැදි සම්බන්ධතා බිද වැටීමෙන් ඔබ මානසිකව පීඩනයට පත් වෙනවා.

ඔබ යෝජිත විවාහයකට යන්නේ නම් මෙවන් ප්‍රේම කතා පටන් නොගන්නා නිසා ඔබට මෙවන් මානසික පීඩන විදින්නට සිදුවන්නේද නැත.

  1. ඔබට සියලුම සුදුසුකම් සම්පුර්ණ කල කෙනෙකු සොයා ගත හැකිය

යෝජිත විවාහයත් හිතන තරම නරක නැහැ කියලා හිතෙන කාරණා 13ක්

ප්‍රේම විවාහයකදි ඔබ සොයා ගත් සහකරු හෝ සහකාරිය ඔබට සරිලන පරිදි සියලු සුදුසුකම් සපුරාගනිවි යැයි බලාපොරොත්තු විය නොහැක.

නමුත් යෝජිත විවාහයකදි ඔබගේ අවශ්‍යතාවන්ට ගැලපෙන සුදුසුකම් සැපිරු සහකරුවෙකු හෝ සහකාරියක  සොයා ගැනීම පහසුය.

  1. අනාගතය සැලසුම් කිරීම පහසුයි

ඔබ විවාහ නොවී සිටින විට එය ඔබේ දෙමව්පියන්ටද පීඩනයකි. ඔබ දැනට ප්‍රේමයක් තුල නොවේ නම් යෝජිතව හෝ විවාහයට සුදුසු සහකරු සොයාගන්න පුළුවන්. එවිට ඔබේ අනාගතය ඔහේ ගත නොවී සැලසුම් සහගත වෙනවා.

  1. තාර්කික තීරණ ගනියි

ආදරය අන්ධයි කියා ඔබ අසා ඇති. ආදරයේදි අපි තීරන ගන්නේ හදවතිනි. නමුත් යෝජිත විවාහයකදි මේ තත්වය වෙනස්ය.

එහිදි තීරණ ගනු ලබන්නේ මොළයෙනි නැත්තම් බුද්ධියෙනි.

ඒවා තාර්කික තීරන නිසා ඔබට වරදින්න වෙන ඉඩකඩ අඩුය.

ඒ නිසා ආදරවන්තයකු ලෙස ඔබ ගන්නා තීරණ වලට වඩා යෝජිත විවාහයකදි ඔබ ගන්නා තීරණ තාර්කික වෙනවා.

ආදර විවාහයකදි පසුව වැරදි කෙනෙකු ඔබ තෝරා ගත්තා යැයි පසු තැවීමට ඉඩ ඇත්තේ තාර්කික නොවු හැගීම් වලට වහල් වු තීරණ ගන්නා නිසයි.

  1. හොද වැටුපක් හා ආර්ථික ස්තාවරයක් ඇති සහකරුවෙකු තෝරාගන්න පුළුවන්

ඔබට සැලසුම් විවාහයකදි හොද ආර්ථින මට්ටමක් ඇති සහකරුවෙකු සොයගන්න පුළුවන්.

එහිදි හොද රැකියාවක් ඇති අයෙක් ඔබට පහසුවෙන් තෝරගන්න පුළුවන්. මෙහිදි ඔබේ ආර්ථික මට්ටම ඉහල යන අතර සැපවත් ජිවිතයක් ගෙවන්න පුළුවන් වේවි.

  1. පවුල් පසුබිම ගැන මනා අවබෝධයක් තිබීම

විවාහට පෙර පවුලේ පසුබිම ඔබට සොයා බලන්න පුළුවන්.

පවුල තුල ඇති රෝග හා පවුලේ සමාජිකයන් පිළිබද සොයා බලා විවාහය කර ගැනීමෙන් පසුව නැගෙන ප්‍රශ්න වලින් ඔබට ආරක්ෂා වෙන්න පුළුවන්.

  1. ගැලපීම් හොදින් සොයා බලනන් පුළුවන්

යෝජිත විවාහය

මෙහිදි ඔබට අනෙක් පාර්ශවය ඔබගේ රුචි අරුචි කම් එක්ක ගැලපෙනවාද යන්න සොයා බලා ඔබට වඩාත් හොදින් ගැලපෙන සහකරුවෙකු සොයාගන්න පුළුවන්.

  1. වැඩි මූල්‍ය ආධාරයක් ලැබෙනවා

යෝජිත විවාහයක් කෙරෙන්නේ ඔබගේ පවුලේද මැදිහත් වීමෙන් සොයා බලා බැවින් විවාහ උත්සවයේ වියදම් මෙන්ම අනෙකුත් සෑම අවස්ථාවකදි වියදම් වලදි ඔවුන් ඔබට මුදල් ආධාර ලබාදෙන්න පුළුවන්.

  1. ගැටුම් නිරාකරණය සඳහා පවුලේ වැඩි මැදිහත් වීමක් ලැබෙනවා

මෙහිදි ප්‍රශ්න පැන නැගෙන විට උපදෙස් ලබා ගැනීමට මෙන්ම ගැටලු ඇති විට තුන්වෙනි පාර්ශවයක් ලෙස කටයුතු කර දෙදෙනා  අතර ගැටලු නිරාකරණයට දෙමව්පියන් මැදිහත් ‌‌වෙන්න පුළුවන්.

  1. දරුවන් ඇති දැඩි කිරීමට සහයෝගය ලැබෙනවා

යෝජිත විවාහයකදි දරුවන් රැකබලා ගැනීමට දෙමව්පියන්ගේ සහය ඉල්ලන්න ඔබට පුළුවන්.

දෙදෙනාම රැකියාව සමග කාර්යබහුල වු විට ඒ සදහා ඔබේ දෙමව්පියන් කැමැත්තෙන්ම ඉදිරිපත් වේවි.

  1. ඔබේ සංස්කෘතිය අනුව කටයුතු කරන්න පුළුවන්

යෝජිත විවාහයකදි ඔබේ  සංස්කෘතිය අනුව විවාහ චාරිත්‍ර හා පශ්චාත් විවාහ උත්සව වල චාරිත්‍ර පවත්වාගන්න පුළුවන්.

  1. වඩා හොඳ ජීවන රටාවක් ලබාගන්න පුළුවන්

යෝජිත විවාහයත් හිතන තරම නරක නැහැ කියලා හිතෙන කාරණා 13ක්

ඔබට මෙහිදි සමාන ජිවන රටාවක් ඇති සහකරුවෙකු හෝ සහකාරික තෝරාගන්න පුළුවන්. එහිදි ඔබට විවාහ ජිවිතය ගැටුම් අවම කරමින් පහසු කරාවි.

යෝජිත විවාහය තුල අවාසි

අනෙක් සෑම දෙයකම දෙපැත්තක් ඇතුවා මෙන්ම යෝජිත විවාහයේද අවාසිදායක පැත්තක් තියෙනවා. ඒ ගැනත් මදක් සොයා බලමු.

1.දික්කසාද වෙන්න පුළුවන්

යෝජිත විවාහයත් හිතන තරම නරක නැහැ කියලා හිතෙන කාරණා 13ක්

ප්‍රේම විවාහකදි මෙන්ම යෝජිත විවාහයකදිද එහි අවසානය දික්කසාදය වෙන්න පුළුවන්.

යෝජිත වු පමණින් එය කල්පවතිවි යැයි දෙන්න කිසිම සහතිකයක් නැහැ

2.සහකරු තෝරා ගැනීමට ලැබෙන්නේ සිමීත පිරිසක් අතරිනි

ඔබට සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට වන්නේ ඔබට යෝජනා කරන සුළුතරය අතරින් කෙනෙකි.

එහිදි ඔබට ගැලපෙන හොදම කෙනා තෝරා ගැනීමට වඩා ඔබට යෝජිත අයගෙන් හොදම කෙනා තෝරාගැනීමට ඔබට සිදුවෙනවා.

3.යම්කිසි දුරස් බවක් ආරම්භයේදි තිබිය හැක

ආදරය කරන දෙදෙනෙකු තුල ඇති සමීපභාවය ආරම්භයේදි යෝජිත දෙදෙනෙකු අතර ගොඩාක් වේලාවට නැහැ.

ඒ නිසා විවාහය ආරම්භයේදි එය මදක් දුෂ්කර වෙන්න පුළුවන්. ඔබට සමීපභාවය ගොඩනගා ගන්න යම් උත්සහයන් දරන්න මෙන්ම කාලය වැය කරන්න සිදුවෙිවි.

4.දෙදෙනා අතර අවබෝධය අඩුවෙන්න පුළුවන්

යෝජිත විවාහයත් හිතන තරම නරක නැහැ කියලා හිතෙන කාරණා 13ක්

යෝජිත විවාහයකදි හමුවන්නේ එකිනෙකා නොදන්නා අලුත්ම දෙදෙනෙකි. ඒ නිසා එකිනෙකා තේරූම් ගැනීමේ ගැටළු පැන නගින්න පුළුවන්.

5.එකිනෙකාගේ රුචි අරුචිකම් හදුනාගන්න කාලයක් යාවි

ඔබේ යෝජිත සහකරු කැමති මොනවාටද කන්න ආස මොනවාද අදින්න කැමති මොනවාද ඔය වගේ දාහක් දේවල් මුලදි ඔබ නොදැන සිටිමෙන් ගැටලු ඇතිවෙන්න පුළුවන්.

6.පවුලේ අයගේ මැදිහත් වීම් වැඩිවෙන්න පුළුවන්

මෙවැනි විවාහයකදි පවුල් වල අය අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීම නිසා ඔබේ අලුත ගොඩ නැගු පවුල තුල ප්‍රශ්න ඇති වෙන්න ප්‍රළුවන්.

7.අනෙකා දැන හදුනා ගන්නා තුරු නොදන්නා අයෙකු හා ජිවත් වන්නට සිදුවේ

සමීපභාවය ඇති කරගන්නා තුරු නොදන්නා අයෙකු හා ජිවත් වීමේදි ඔබට දැනෙන අපහසුතාවයට මුහුණ දෙන්න සිදුවිය හැකිය.

8.දෙදෙනාගේ මති මතාන්දර වෙනස් වෙන්න පුළුවන්

තීරණ ගැනීමේදි අදහස් ක්‍රියාත්මක කිරීමේදි දෙදෙනා තුල එකිනෙකට වෙනස් මති මතාන්ද පැවතීම නිසා ගැටුම් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම එක තීරණයකට එන්න නොහැකි වීම නිසා පවුල් ජිවිතය අඩාල වෙන්න පුළුවන්.

විවාහය තුල ඉහත අවාසිදායක කාරණා ඔබට මනාව හසුරුව ගන්න පුළුවන් නම් ‌යෝජිත විවාහයකුත් නරකම නැහැ ‌නේද?

මුලාශ්‍ර - jodilogik  reddit

 *theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • යෝජිත විවාහයත් හිතන තරම නරක නැහැ කියලා හිතෙන කාරණා 13ක්
බෙදාගන්න :
  • විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

    විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

  • "I Ended Up Marrying A Man That I Barely Knew And Didn’t Love"

    "I Ended Up Marrying A Man That I Barely Knew And Didn’t Love"

  • විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

    විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

  • "I Ended Up Marrying A Man That I Barely Knew And Didn’t Love"

    "I Ended Up Marrying A Man That I Barely Knew And Didn’t Love"

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it