නිතරම දුර පළාතක සවාරියක් යන්න එකේ වෙනසකට කොළඹ අවට නිවාඩුවක් ගත කරන්නට තමයි මේ ආරාධනා කරන්නේ. කොළඹ නගරයේ අවට ඉතාමත්ම සුන් සුන්දර තැන් තිබෙනවා. ඉන් තැන් කිහිපයක් අපි ඔබට හඳුන්වා දෙන්නේ මහත් උද්යෝගයෙන්.
මේ ගැන හොයල බලද්දි මේ නගරය ඇතුළෙම කොයි තරම් සුන්දර තැන් තියෙනවද කියල හිතාගන්නවත් බැරි වුනා.
ඔයාලත් කොළඹ කිට්ටුව නිවාඩුව ගත කරනව නම්, මේ අදහස් වලින් නොමැකෙන මතකයන් සමඟ සුපිරි නිවාඩුවක් ගත කරන්නට පුළුවන්.
කොළඹ අවටම නිවාඩුවක් ගත කරන්න කල හැකි දෑ ගණනාවක් අතුරින් අපි අදහස් කිහිපයක් පමණක් අද දින ඔබ හා බෙදාගන්න තීරණය කළා.
දවස පුරා අඩුම මිලට කොළඹ අවට නිවාඩුවක් ගත කල හැකි සුපිරි ස්ථාන 13ක්
1. දියසරු උයන (තෙත්බිම් උද්‍යානය)
ස්වභාවධර්මයේ සුන්දරත්වය කොළඹ මැදින්ම ලැබෙයි කියල කවුද හිතන්නෙ? දියසරු උයන ඒ තරම්ට ලස්සනයි. ගොඩක් ඈතට ගියා වගේ තමයි දැනෙන්නෙ.
උයන ඇතුලෙම පොකුණු, ඇළ මාර්ග, ගස්කොළන් විතරක් නෙවෙයි සත්ව හා කුරුළු විශේෂයන් පවා මේ ලස්සන උද්‍යානය ඇතුලේ ඉන්නවා. මෙහි ලස්සන ඇස් දෙකෙන්ම බලාගන්න ඔයාලා ගිහිල්ලම බලන්න ඕනේ.
ඡායාරූප: Diyasaru Park Facebook පිටුවෙන්
විවෘතව ඇති වේලාවල්: සෑම ඉරිදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 6 සිට ප.ව. 5 දක්වා
ඇතුල්වීමේ ගාස්තු: වැඩිහිටි රු. 100/- ළමා රු. 50/-
ලිපිනය: තලවතුගොඩ, කොළඹ (පාර්ලිමේන්තුව ඉදිරිපිට)
ඇමතුම් අංක: 011 2 073550
2. අපේ ගම
බත්තරමුල්ල ප්‍රදෙශයේ පිහිටි අපේ ගම අද වනකොට බොහෝ ප්‍රසිද්ධ ස්ථානයක් වී අවසන්.
කළා කේන්ද්‍රය අසබඩ පිහිටි අපේ ගම තුල දරුවන්ට විශේෂිත නොයෙක් අංග විශේෂාංග, දැනුවත් කිරීම්, නැටුම් ගැයුම් අඩිය විශේෂයෙන් සති අන්ත දිනවල පැවැත්වෙනවා.
උදේ වරුව තුල අත්දැකීම් සමුදායක් ලබා අපේ ගම තුල ඇති අවන්හලෙන් රසවත් කෑම වේලක් රස විඳ හවස් යාමයේ ඔබට දියවන්නා ඔය අසල පිහිටි දියත උයන දෙසට යන්නට පුළුවන්.
දරුවන්ට විශේෂිත සෙල්ලම් කරන ස්ථාන හා විශේෂාංග වලින් සමන්විත දියත උයන තුල ඔබේ සන්ද්‍යාව ගත කොට දියත උයන අවන්හලේ රටවල් ගණනාවක අහාර වර්ග සහිත අවන්හල් සමුහයෙන් වෙනස්ම ආකාරයේ රාත්‍රී අහාර වේලක් රස විඳින්නත් ඔබට පුළුවන්.
ඡායාරූප: Ape Gama Facebook පිටුවෙන්
විවෘතව ඇති වේලාවල්: සෑම ඉරිදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 8 සිට ප.ව. 6 දක්වා
ඇතුල්වීමේ ගාස්තු: වැඩිහිටි රු. 100/- ළමා රු. 50/-
ලිපිනය: 110 නව පාර්ලිමේන්තු පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ 10120
ඇමතුම් අංක: 011 2 785 826
3. මීගමුව ජල ක්‍රීඩාංගණය
කොළඹට නුදුරින්ම පිහිටි මීගමුව නගර මධ්‍යයේ ඇති මේ අගනා ජල ක්‍රීඩාංගනය බාල මහලු හැමෝටම එක සේ ප්‍රීතියෙන් කාලය ගත කළ හැකි ස්ථානයක්.
මීගමුව මුහුදු තීරයේ පිහිටා ඇති මෙම ජල ක්‍රීඩාංගනය තුළ අවන්හල් පහසුකම් ද තිබෙනවා. හැමෝටම එක දවසක එකතු වෙලා නිවාඩුවක් ගත කරලා යහළු මිත්‍රයන් එක්ක විනෝද වෙලා එන්න අගනා තැනක් තමයි මේ.
ඡායාරූප: Negombo Water Park Facebook පිටුවෙන්
විවෘතව ඇති වේලාවල්: සෑම ඉරිදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 10 සිට ප.ව. 7 දක්වා
ඇතුල්වීමේ ගාස්තු: වැඩිහිටි රු. 700/- ළමා 500/-
ලිපිනය: ඒත්තුකාල පාර, මීගමුව, 11500
ඇමතුම් අංක: 075 573 4727/077 716 7151
3. මායාවරුන්ගේ ජල උද්‍යානය
මායාවරුන් ගැන අපි අහලා තියෙනවා. ඒත් කථාවල. නැතිනම් අපි දැකලා තියෙන්නේ චිත්‍රපට වල විතරයි. ඒත් දැන් ඔන්න මායාවරුන්ගේ ජල උද්‍යානයක ක්‍රීඩා කරන්න අවස්ථාව ලංකාවේදී උදාවෙලා.
මේ කියන්න හදන්නේ ලංකාවේදී පළමු වරට අත්විදින්න ලැබෙන විචිත්‍රවත් ක්‍රියාකාරකමක් ගැන. ඒ තමයි මායාවරුන්ගේ ජල උද්‍යානයක හිතේ හැටියට ක්‍රීඩා කරන එක. මේ මායාවරුන්ගේ ජල උද්‍යානය තියෙන්නේ කොළඹ ජා ඇල ප්‍රදේශයේ.
ජා ඇල සුප්‍රකට විනෝද උද්‍යානයක් වන ගුරුගේ නේචර් පාර්ක් එක ඇතුළේ තමයි මේ අමුතුම අත්දැකීම සකස් කරලා තියෙන්නේ.
ඡායාරූප: මායාවරුන්ගේ Facebook පිටුවෙන්
විවෘතව ඇති වේලාවල්: සතියේ දින වල පව 3 සිට පව 8 දක්වා ; සෑම ඉරිදා සහ සෙනසුරාදා දිනකම පෙව. 10.30 සිට පව. 8.30 දක්වා
ඇතුල්වීමේ ගාස්තු: වැඩිහිටි රු. 1,000/- ළමා රු. 800/-
ලිපිනය: ගුරුගේ නේචර් පාර්ක් පාර, වැලිගම්පිටිය
ඇමතුම් අංක: 011 2 4347724 /0773596161
4. සීතාවක රාජධානිය
සීතාවක රාජධානිය කොළඹට නුදුරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි රාජධානියකි.
මෙය ආරම්භ වූයේ 1521 සිදුවූ විජයබා කොල්ලයෙන් පසුවයි.
දරුවන්ට මෙම රාජධානිය ගැන කියා දී දවසක පහසුවෙන්ම මෙහි සුසිශේෂී ස්ථාන, ලෙන් විහාර හා සීතාවක වැව ආදිය අලුත්ම අත්දැකීමක් වනවා නියතයි.
මිතුරන් දෙදෙනෙක් බස් රථයේම ගොස් දවසින් ලබා ගත අත්දැකීම් සමුදායක් ගැන විස්තරයක් මට හමු වුනා.
ඡායාරූප: සීතාවක උද්භිද උද්‍යානය Facebook පිටුවෙන්
විවෘතව ඇති වේලාවල්: සතියේ දින වල පෙව 7.30 සිට පව 5 දක්වා ; සෑම ඉරිදා සහ සෙනසුරාදා දිනකම පෙව. පෙව 7.30 සිට පව. 6.30 දක්වා
ඇතුල්වීමේ ගාස්තු: වැඩිහිටි රු. 100/- ළමා රු. 50/-
ලිපිනය: සීතාවක උද්භිද උද්‍යානය
ඇමතුම් අංක: 0363 795 295
5. දියත උයන
බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි දියත ඔයට අසබඩින් මෙම දියත උද්‍යානය පිහිටා තිනබෙනවා. කෘතිමව තනන ලද උද්‍යානයක් වන මෙය ලොකු නුඩා කාටත් තම විවේකී කාලය ගතකිරීම සදහා කදිම තෝතැන්නක්බ. මෙම දියත උයන බෙහෙවින්ම ජනප්රියත්වයක් උසුලන තවත් නිර්මාණයක් නම් එහි පාරේ බිම මත ඇද තිබෙන්නාවූ සිතුවම් කලාවයි.
ඡායාරූප: දියත උයන Facebook පිටුවෙන්
විවෘතව ඇති වේලාවල්: පැය 24 පුරාවටම
ඇතුල්වීමේ ගාස්තු: නොමිළේ
ලිපිනය: B240, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
ඇමතුම් අංක: 011 287 4701
6. බැද්දගාන තෙත්බිම් උද්‍යානය
බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ (Beddagana Waterland Park) පිහිටා ඇත්තේ කෝට්ටේ බැද්දගානේ. මෙය ඉතාම අලන්කාර ලෙස සැකසුනු උද්‍යානයක්. දියවන්නාව ආශ්‍රිත මූ ආශ්‍රිත වගුරු බිමක ගමන් කරන්න පුලුවන් විදිහේ මාවත් හදලා ඉදිකරලා තියෙන මේ පාක් එක ඇත්තටම අලුත් අත්දැකීමක්.
විශේෂයෙන්ම ලංකාවට ආවේණික කුරුළු වර්ග බර ගාණක් වගේම සංචාරක පක්ෂීන් සමනලුන් සහ තාරාවුන් වගේ සත්තු ගොඩාක් නිදහසේ සැරිසරන හැටි මෙතනදි දකින්න පුලුවන්.
කුරුල්ලන්ට ,සමනලුන්ට, සංචාරක පක්ෂින්ට, තාරාවුන්ට වෙන් වෙන් විදිහට කලාප වෙන් කරලා තියෙන නිසා හඳුනාගන්න එක අසීරු වෙන්නේ නෑ. කොළඹ අවට නිවාඩුවක් ගන්න මෙය කියාපු තැනක් වන්නෙ මේ සුන්දරත්වය නිසාමයි.
පින්තූරු: traveltriangle.com වෙතින්
විවෘතව ඇති වේලාවල්: පෙ.ව 6.30 සිට ප.ව 5.30 දක්වා
ඇතුල්වීමේ ගාස්තු: වැඩිහිටි රු. 100/- ළමා රු. 50/-
ලිපිනය: 139 රම්පාර්ට් පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ 10100
ඇමතුම් අංක: 011 3047 974
7. ජාතික කෞතුකාගාරය (National Museum)
කොළඹ පිහිටි ජාතික කෞතුකාගාරය නැතහොත් කරටුගෙය කියන්නේ යනු ශ්‍රී ලංකාවේ ඓතිහාසික, සංස්කෘතික සහ ජෛව උරුමයේ කැඩපත මෙන්ම රටේ අභිමානයද තැන්පත් වී ඇති ස්ථානයකි.
අප රට දැය පිළිබඳ ජනතා හැඟීම් පුබුදුවමින් මෙම ජාතික කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් මොනවා ද යන්න ගැන ජනතාව දැනුවත් කරනවා.
මේ ලක් දෙරණේ පෞඪ ඉතිහාසය මතු පරපුරට සමීප කරන කොළඹ ජාතික කෞතුකාරයට දූ දරුවන් හා එක්වී පවුලේ සැම එක්කව යාම ජාතික වගකීමක් සපුරාලීමක් කීවොත් වැරදි නැහැ.
පින්තූරු: Lonely Planet වෙතින්
විවෘතව ඇති වේලාවල්: පෙ.ව 9 සිට ප.ව 5 දක්වා
ඇතුල්වීමේ ගාස්තු: වැඩිහිටි රු. 100/- ළමා රු. 50/-
ලිපිනය: 854, සර් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07
ඇමතුම් අංක: 0112 695 366
8. ග්‍රහලෝකාගාරය (Sri Lanka Planetarium)
ග්‍රහලෝක ගැන, තාරකා ගැන සජීවීව ඉගෙනගන්න හොඳම තැන තමා ග්‍රහලෝකාගාරය. ග්‍රහලෝකාගාරය දිනකට දර්ශන වාර දෙකක් පැවැත්වෙනවා. එකක් උදේ 10 අනික හවස 2. සතියේ දිනවල නම් උදේ දර්ශන වාරය වෙන්වෙන්නේ පාසැල් දරුවන්ට.
මෙහි දර්ශන වාරයක් පැය එකහමාරක කාලයක් පැවැත්වෙනවා. ග්‍රහලෝකාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලය අසබඩයි. ග්‍රහලෝකාගාරය තුළට ආහාර රැගෙන යන්නට ඉඩ දෙන්නේ නැහැ. ග්‍රහලෝකාගාරයේ ආසන සීමිතයි. එසේම මෙහි දර්ශන නරඹන්න ලංකාවේ දස දෙසින්ම දරුවන් එනවා.
මේ නිසා ගෙඩහ්‍ර කට්ටිය එක්ක කොළඹ අවට නිවාඩුවක් ගන්න දර්ශන වලට පැයකටවත් කලින් ගොස් ටිකට්පත් වෙන්කරගන්න පුලුවන් නම් ඔබට වඩාත් පහසු වනවා.
පින්තූරු: LIfe.lk වෙතින්
විවෘතව ඇති වේලාවල්: පෙව: 10 දර්ශනය පව: 2 දර්ශනය
ඇතුල්වීමේ ගාස්තු: වැඩිහිටි රු. 100/- ළමා රු. 50/-
ලිපිනය: මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත, කොළඹ 7
ඇමතුම් අංක: 0112 586 499
9. විහාරමහදේවි උද්‍යානය
පින්තූරු yamu.lk වෙතින්
විවෘතව ඇති වේලාවල්: පැය 24 පුරාවටම
ඇතුල්වීමේ ගාස්තු: නොමිළේ
ලිපිනය: කොළඹ 7
ඇමතුම් අංක: 0112 426 900
10. ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය (Sri Lanka Airforce Museum)
කෞතුකාගාරයක් හදලා තියෙන්නෙ පැරණි මතකයන් අනාගත පරපුරට දැකබලා ගන්න, අතීතය ගෙවුනෙ කොහොමද කියලා දැනුමක් ලබා ගන්න. කෞතුකාගාරයක් කියපු ගමන් අපේ මතකයට එන්නෙ පැරණි භාණ්ඩ එකතු කරපු පුරාණ පෙනුමක් තියෙන ගොඩනැගිලි.
නමුත් සොඳුරු උද්‍යානයක සිරිගත් කෞතුකාගාරයක් අපේ රටේ තියෙනවා. ඒ රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය.
නිවාඩු පාඩුවෙ ඇවිත් ගුවන් හමුදාවේ පැරණි ශ්‍රී විභුතිය විඳලා, අපේ ගුවන් හමුදාවෙ දක්ෂකම් බලලා, ගුවන්යානා තාක්ෂණය, ඉගෙන ගෙන, පරිසරයෙ අසිරිය විඳලා, පවුලෙ අයත් එක්ක මුළු දවසම විනෝදයෙන් ගත කරන්න රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයෙ අවස්ථාව තියෙනවා.
සම්ප්‍රදායික කෞතුකාගාරයක සීමා මායිම් වලින් මිදිලා විනෝදය, අධ්‍යාපනය, ඉතිහාසය, පරිසරය මේ සියල්ලක්ම අත් විඳින්න පුළුවන් නිදහස් විවෘත කෞතුකාගාරයක් විදියට මේ ස්ථානය සකස් කරලා තියෙනවා.
පින්තූරු: විකිපීඩියා වෙතින් මූලාශ්‍රය: @Asiru Karunarathna විසින්
විවෘතව ඇති වේලාවල්: පෙව: 8.30 සිට පව: 5 දක්වා (සඳුදා දින වල වස ඇත)
ඇතුල්වීමේ ගාස්තු: වැඩිහිටි රු. 100/- ළමා රු. 50/-
ලිපිනය: ශ්‍රී ලංක ගුවන් හමුදා කඳවුර, රත්මලාන
ඇමතුම් අංක: 0112 625 615
11. කොළඹ අවට නිවාඩුවක් වගේ තමා ගාලුපුරේ සවාරියක්
ගෙදර වහනෙත් අරන් රථ වගේ යන්න බලනවා නම් දක්ෂිණ අධිවේගී මාර්ගයේ drive එකක් ගොස් ගාලු කොටුවට ගිහින් එන එකත් නරකම නැහැ.
ගාලු කොටුවත් බලා, මුහුද පාගල දකුණු රටේ අත්දැකීමක් අරන් එන්න පුළුවන් නම් කෙතරම් අගේද? ගාලු කොටුවත් බලලා
12. කොග්ගල කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය
ගාලු යමින් එමින් ගමන් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් බලමුද? “මුහුදු කැස්බෑවන්ගේ අභිජනනාගාරය හා ගොවිපල” යනු ලාභ නොලබන සංවිධානයක් වන අතර එය මුහුදු කැස්බෑවන්ගේ පැවැත්ම හා උන්ගේ අනාගත ප්‍රපුර සඳහා සඳහා පවත්වාගෙන යනු ලැබේ. “කැස්බෑවා ගොවිපල” පිහිටා තිබෙන්නේ කොග්ගල සුන්දර වෙරළට ආසන්නවය.
එනම් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ සිට කි.මී. මෙම මධ්‍යස්ථානය 2010 දී ආරම්භ කරන ලද අතර මේ වන විට ඔවුන් කැස්බෑවන් 100,000 කට වඩා නිදහස් කර ඇත.
පින්තූර Yamu.lk වෙතින්
විවෘතව ඇති වේලාවල්:
ඇතුල්වීමේ ගාස්තු: රු. 250/-
ලිපිනය: මාතර පාර, කොග්ගල
ඇමතුම් අංක: 077 3111 365
13. මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය
අප කොයි කාගේත් සිත් තුළ කාවැදුනු ආදරණීය මඩොල් දූව කතා පුරාන්තයේ මහා ගත්කරු තමා මාටින් වික්‍රමසිංහ ශූරින්.
මෙම ස්ථානය මාටින් වික්‍රමසිංහ මහතාගේ පළමු නිජබිමෙහි එකතුවක් වන අතර ඔහුගේ ජීවිතය හා වැඩ කටයුතු පිළිබඳ ප්‍රදර්ශන භාණ්ඩ ඇතුළත් වේ. එය සියවස් ගණනාවක් පුරා දේශීය ජීවිතය, වැඩ, අත්කම් සහ සංස්කෘතියට අදාළ ප්‍රදර්ශන සහිත රසවත් ජන කෞතුකාගාරයකි.
පින්තූරු හා මූලාශ්‍ර: Tripadvisor වෙතිනි
විවෘතව ඇති වේලාවල්: දිනපතා පෙව: 9 සිට පව: 5 දක්වා
ඇතුල්වීමේ ගාස්තු: රු. 200/-
ලිපිනය: මාතර පාර, කොග්ගල
ඇමතුම් අංක: 0912 283 427
ලංකාව කියන්නේ අඩියෙන් අඩිය විසිතුරු අත්දැකීම් සමුදායක් අත්විඳිය හැකි රටක්. ඔබ කොළඹ අවට කෙනෙක් නූනත් ඉහත ස්ථාන වලට සමාන බොහෝ ලස්සන තැන් ඔබ අවටම තිබෙනවා නොඅනුමානයි.
මිට අමතරව ඔබ බැංකු ණයපත් (Credit Cards) භාවිතා කරන්නෙක් නම් මේ දිනවල අදිවිතිය වට්ටම් ලබා දෙනවා.
ඒවායින් ප්‍රයෝජන ගන්න ඔබට පුළුවන්.
ඉතින් ඔබට සුපිරි සති අන්තය ගත කරන්න මේ අදහස් ඉවහල් වුනා නම් අපට ඒ ගැන කියා එවන්න, පින්තුරු එවන්න. TheAsianparentහි අපි අසාවෙන් බලා ඉන්නවා ඔබේ නිවාඩුව ගැන විස්තර අහන්න.