කරපිංචා වල ගුණ මහිම ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

කරපිංචා වල ගුණ මහිම ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

ඔබේ ගෙදරත් කරපිංචා පැළයක් තියෙනවාද?

ලංකාවේ වැවෙන වගේම අපි එදිනෙදා භාවිතා කරන විවිධාකාර ඖෂධීය පැල අතුරින් කරපිංචා වල ගුණ මහිම මෙතෙකැයි කියා නිම කරන්නට බැහැ.

ඉතින් කරපිංචා වල ගුණ 14ක් විතරක් නෙමෙයි, කරපිංචා හදාගන පුළුවන් විවිධ ක්‍රම වගේම  විතරක් නෙමෙයි. , එය භාවිතා කරන ආකාරය, පෝෂ්‍ය ගුණය මෙන්ම ප්‍රයෝජන මොනවාද යන සියල්ල එකට කැටි කොට අප වෙත ඉදිරිපත් කරන්නේ විශේෂ කෙනෙක්. ඒ ඉවුම් පිහුම් මෙන්ම හ්ටවත් කුසලතා රෑසක් සපිරි භාගි ගුණවර්ධන තෙන්නකෝන් මහත්මියයි. ඇය ගැන තවත් රසවත් තතු විස්තර මේ ලිපිය අවසානයේ.

භාගිගේම වචන වලින් කරපිංචා වල ගුණ ප්‍රයෝඔජන ගැන කියවලා බලමු. 

කරපිංචා වල ගුණ මහිම මොනවාද?
1. අපේ ඇගේ මහත අඩු කරන්න කරපිංචා වල ගුණ  උදව් වෙනවා. 

ඔයාට කොලෙස්ටෙරෝල් තියෙන කෙනෙක් නම් කරපිංචා කියන්නේ ගොඩාක් හොද බෙහෙතක්. ඇගේ තෙල් මට්ටමට පහලට දාන කොට හෘදයාබාධ ඇතිවිමේ අවධානම අඩු වෙනවා.

2.  දියවැඩියාව පාලනයට කරපිංචා වල ගුණ අප්‍රමාණයි

කරපිංචා කොලයෙන් ඉන්සියුලින් නිපදවන අතර ලේ වල සිනි පාලනයට උදව් වෙනවා. කාබොහයිඩ්රෙට් පාලනය කරනවා. ඇගේ තියෙන වැඩිපුර ග්ලුකෝස් මට්ටම පාලනය කරනවා කියලාත් අලුතින් සොයාගෙන තියෙනවා

3. නරක කොලෙස්ටෙරෝල් මට්ටමට පාලනයට

දිනපතාම කරපිංචා කොල ආහාරයට ගන්නවා නම් අහිතකර කොලෙස්ටෙරෝල් මට්ටමට පාලනය වනවා.

4. කෘමි කරදරේට

කරපිංචා පැලයක් සිටුවිමෙන් එයින් එන සුවදින් කුරැමිනියන් අඩුවෙනවා.

5. ලේ පිරිසිදු කිරිමට උපකාරි වෙනවා.
6. ශරිරයේ විෂ නාශක ගුණය

සර්පයෙක් දශ්ට කල සැනින්ම කරපිංචා කොල කිහිපයක් කොටලා බිමෙන් විස නැති වෙනවා.

7. ස්නායු දුර්වල විම, වායුගෙඩි හට ගැනිම හා බඩේ දැවිල්ලට
8. අර්ශස් රොගයට හා මලපහ කිරිමට පහසු වෙනවා.
9. පිපාසයට
10. හිසකෙස් වර්ධනය වේගවත් වෙනවා.

කරපිංචා තෙල් වලින් හිසකෙස් වල මුල ශක්තිමත් කරනවා. කෙස්ගස් හානියට පත් වෙලා නම් එවා නැවතත් වර්ධනයට පත්වෙනවා. හිස කෙස් වැටිම වලකනවා. අකලට හිසකෙස් පැසිමද නවතිනවා. එවගේම කෙස් කලු වෙනවා.

11. ආතතිය පාලනය කිරිම
12. සැලකියයුතු ප්රමාණයක් යකඩ හා විටමින් A හා C අඩංගුය.
13. ඇස්වල පෙනිම වර්ධනය කරනවා.
14. ස්නායු රොගි වු රොගින්ට හොදයි.
කරපිංචා වල ගුණ හා පොෂණපාදාර්ථ

ප්රෝටීන / තන්තු / යකඩ / මැග්නීසියම් / කැල්සියම් / විටමින් A C B E සහ K / තඹ හා ඛනිජ ලවණ /

කරපිංචා වල ගුණ: ආහාර පිණිස කරපිංචා සාදන්න පුලුවන් ක්රම
  1. කරපිංචා කැඳ හදන්න
  2. සම්බොලයට කරපිංචා 
  3. කරපිංචා කුලුබඩුවක් ලෙස
  4. සුප් හදනකොට දාන්න පුලුවන්
  5. ලුණු මිරිස් විදිහට හදලා

ඔයාටත් කරපිංචා මද පවනේ වෙලාලා අරගෙන කල්තියාගන්න පුලුවන්. මෙහෙම වෙලාලා ඔයාට ගොඩාක් කල් යනකම් ශිතකරනයේ දලා තියාගන්න පුලුවන්.

පිටරට ඉන්න ඔයාට නම් හොද ටිප් එකක් කියලා මං හිතනවා. හැබැයි කරපිංචා වෙලනකොට කොලපාට නැතිවෙන්නේ නැතිව වෙලන්න ඔනා.

මෙක ඔයාට ශිතකරනයේ පහල තෙත නැතුව දලා තිබුනාමත් මේ මං පෙන්නලා තියෙන විදිහට වෙලාගන්න පුලුවන්. වැදගත්ම දේ වන්නේ කොලපාට නැතිවෙන්න දෙන්න එපා.

කරපිංචා වල ගුණ: කරපිංචා වේලාගෙන හා නොවේලා ගත හැකි ප්‍රයෝජන
  1. කුලුබඩු විදහට ගන්න පුලුවන්
  2.  වෙලපු කරපිංචා කොල කුඩු කරලා කරාබුනැටි හා කුරැදුපොත්තක් කුඩු කරලා තේ බොන වෙලාවට බොන්න පුලුවන්
  3. වෙලපු කරපිංචා කොල වලට ඉගුරැ පියලි ටිකක් දලා තම්බලා බොන්න පුලුවන් ඇග අඩුකරගන්න.
  4. කරපිංචා වෙලලා කුඩු ටිකක් දලා රසට පොල් රොටි හා ඔනාම රොටි වර්ග හදාගන්න පුලුවන්.
  5. සැලඩ් වලට දාන්න පුලුවන් අමුවෙන්
  6. කරපිංචා වැඩිපුර දලා බටර් ටිකක් එක්ක කොකිස් එහෙමත් රසයි.
  7. කරපිංචා බැදලා බැදුම් වෙලට ගන්න පුලුවන්
  8.  බත් එකට ටිකක් වැඩිපුර දලා හදන්න පුලුවන්
  9.  කරපිංචා කැද හදනකොට සුදු ලුණු රතුලුනු රතුකැකුලු බත් හොදට කිරිත් දලා හදන්න හරි රසයි.

මං හිතනවා ඔයාට මං කරපිංචා ගැන දාපු පොස්ට් එක වැදගත් වේවි කියලා. මං කියලා තියෙන දෙවල් වලට අමතරව ඔයා දන්න දෙවලුත් අපිත් එක්ක බෙදාගන්න කියලා ඉල්ලනවා.

ඉතින් මේ ඉතාම වැදගත් ලිපිය අප වෙත ගෙන ආවේ භාග්‍යා ගුණවර්ධන තේන්නකෝන්. මුලින් රැකියාවක් කලාට විවාහයෙන් පසු දැන් නම් ඇය ආදරණිය ගෘහණියක්. 

විනෝදාංශ විදිහට ඇය ගොඩාක් ම ආසා අලුත් රෙසිපි ඈ විසින්ම නිර්මාණය කරන්න. නිවාසලාංකරණයට, ලස්සන ලස්සන තැන්වල ඇවිදින්න යන්න ඇය ගොඩක් කැමතියි. එවගේම ඇය සුරතල් සතුන්ටත් ගොඩාක් කැමතියි.

ඇයගේ විනෝදාංශ කැටි කොටගත් ලිපි ඇගේ මේ https://www.facebook.com/bhagiskitchenbybhagi/ පිටුව හරහා ඇය හැමෝ එක්කම බෙදාගන්නවා.

Written by

Niloufer Perera