theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ වියළි හා හානි වු කෙස් කළඹට නිවසේදි කල හැකි සත්කාර 13 ක්

5 අවම කියවීම
ඔබේ වියළි හා හානි වු කෙස් කළඹට නිවසේදි කල හැකි සත්කාර 13 ක්ඔබේ වියළි හා හානි වු කෙස් කළඹට නිවසේදි කල හැකි සත්කාර 13 ක්

පහසු පිළියම් 13කින් ලස්සන ‌කෙස් කළඹක් හිමිකර ගන්න.

ඔබේ හිසකෙස් වියළි බවින් යුක්තද? කෙස් ගස් වලට හානිවෙලාද? එසේනම්  වියදම අඩු නිවසේදිම පහසුවෙන් කල හැකි හිසකෙස් සත්කාර

13 කින් ලස්සන නිරෝගී කෙස් කළඹක් ලබා ගන්න හැටි අපි අද බලමු.

ඔබ ඔබේ හිසකෙස් ගැන කොතරම් සැලකිලිමත්ද?

ඔබ දහස් ගණන් වියදම් කරමින් නිෂ්පාදන මිල දී ගැනීම මෙන්ම රූපලාවණ්‍යාගාර වල පැය ගණන් ගෙවමින් ලස්සන හිසකෙස් වෙනුවෙන් මහන්සි වෙනවා වෙන්න පුළුවන්.

නමුත් ඉතා අඩු වියදමකින් ඔබේ හිසකෙස් වලට ඉහළ සත්කාරයක් දෙන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා.

සමහර විට පුංචි වෙනස්කමකින් ලොකු ප්‍රතිලාභයක් අත්කර ගන්න පුළුවන්.

එසේ නොමැති නම් ඉතා සරල අමු ද්‍රව්‍ය කිහිපයක් පමණක් භාවිතා කර ඔබේ හිසකෙස් සදහා නිසි පෝෂණය ලබා දෙන්න පුළුවන්.

මේ එවැනි සත්කාර 13 ගැනයි.

ඔබත් ඔබේ වියලි හා හානි වු හිසකෙස් වලට  උත්සහ කර නිරෝගි හිසකෙස් ලබාගන්න.

නිවසේදිම පහසුවෙන් කල හැකි හිසකෙස් සත්කාර 13 ක්

හිසකෙස්

1.කෙස් ගස් යලි ගොඩනංවන අලිගැටපේර

ඉදුණු අලිගැට පේර ගෙඩියකට එක් බිත්තරයක් දමා පොඩි කර ගන්න. දැන් මෙම මිශ්‍රණය තෙත් හිසකෙස් මත ආලේප කරරන්න.

අලිගැට පේර වල විටමින්, අත්‍යාවශ්‍ය මේද අම්ල සහ ඛනිජ ලවණ අඩංගු වෙනවා.

ඒ මගින් ඔබේ හිසකෙස්වල දීප්තිය යථා තත්වයට පත් කිරීමට උපකාරී වෙනවා.

මෙම මිශ්‍රණය අවම වශයෙන් මිනිත්තු 20 ක් වත් හිසකෙස් මත තිබෙන්න හරින්න.

ඉන්පසු කිහිප වතාවක්  හොදින් සෝදන්න. ඔබේ හිසකෙස් හානියට පත්වෙලා නම්  සතියකට වරක්  මේ සත්කාරය කරන්න.

නිරෝගී හිසකෙස් සඳහා මසකට වරක් කිරීම සුදුසු වෙනවා.

2.බටර් වලින් සම්බාහනය කිරීම

ඔබේ වියළි හා හානි වු කෙස් කළඹට නිවසේදි කල හැකි සත්කාර 13 ක්

මෙන්න තවත් උත්සහ කිරීමට පහසු  නිවෙස් සත්කාරයක්.

වියලි බව පළවා ස්ථීර හා  දිදුලන කෙස් කළඹකට ව අවශ්‍ය වන්නේ බටර් ස්වල්පයක් පමණයි.

ඔබේ වියළි කෙස්වලට බටර් යොදා හොදින් සම්බාහනය කරන්න.

ඉන්පසු ඔබේ හිසකෙස් ෂවර් කැප් එකකින් ආවරණය කරන්න. පැය භාගයකට පසු  ෂැම්පූ යොදා බටර් සේරම හොදින් සෝදා හරින්න. 

3.ඔලිව් තෙල් යොදන හිසකෙස් සත්කාර

ඔලිව් තෙල් කෝප්ප ½ ක්  යන්තමින් රත් කර ඔබේ හිසකෙස් වල ආලේප කරන්න. 

ඒ මගින් වියළි හිසකෙස් වලට යලි තෙතමනය ලැබෙනවා.  කෙස් රෝල් කර පොලිතින් කවරයකින් ආවරණය කරන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඉන්පසු එය තුවායකින් ඔතන්න. මෙම පිළියම විනාඩි 45 ක් පමණ තබා ෂැම්පූ යොදා  සම්පූර්ණයෙන්ම සෝදා හරින්න.

4.තේ වලින් පිළියමක්

හිසකෙස් වලට ස්වාභාවික දීප්තියක් ලබා දීමටද තේ වලට පුළුවන්.

ඔබ සාමාන්‍යයෙන් හිසකෙස්  ෂැම්පූ කල පසු පිළියමක් ලෙස මද උණුසුම්, පැණිරස නොකළ තේ හිසකෙස් වලට යොදන්න.

තේ මගින්  හිසකෙස් ඔබේ හිසකෙස් වල වර්ණය වැඩි කරනවා.

5.ඇපල් සයිඩර් විනාකිරි සත්කාරය

ඇපල් සයිඩර් විනාකිරි තේ හැදි 1 ක් ,ඔලිව් තෙල් 2 ක් හා බිත්තර සුදු මද 3 ක් සමඟ මිශ්‍ර කරන්න.

මෙය ඔබේ කොණ්ඩය මත ආලේප කරන්න. ඉන්පසු හිස  ෂවර් කැප් එකකින් ආවරණය කර පැය භාගයක් තබන්න.

ඉන්පසු ෂැම්පු යොදා සෝදන්න.

6.ෂැම්පූ ඔම්ලට් සත්කාරය

බිත්තරයක් ‌ගෙන  එයට  ෂැම්පූ කුඩා ප්‍රමාණයක් සමඟ මිශ්‍ර කරන්න.

දැන් මෙම මිශ්‍රණය ඔබේ වියළි කෙස්වලට ආලේප කර  විනාඩි පහක් තබන්න. ඉන්පසු හොඳින් මෙයට සෝදන්න.

මෙම ප්‍රතිකාරය ඔබේ හිසකෙස් වල ඇති ප්‍රෝටීන් වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.

7.බයෝටීන් ඔයිල් සත්කාරය

පාමසි වලින් ලබා ගත හැකි ඔලිව්, ජොජෝබා සහ ස්වීට් ආමන්ඩ් ඔයිල් යන සියල්ලම ඔබේ හානියට පත් හිසකෙස් සඳහා අපූරු සත්කාරයකි.

ඔබේ හිසකෙස් ඝන සහ බර නම් පොල්තෙල් සුදුසු වෙනවා.

හිසකෙස් තෙත් කර ඔබේ හිසකෙස් වල හොදින් තැවරෙන තුරු බයටොනික් ඔයිල් කුඩා ප්‍රමාණයක් යොදන්න.

ෂවර් කැප් එකකින් සහ උණුසුම් තුවායෙන් ආවරණය කර ඔබේ හිසකෙස් මිනිත්තු 30 ක් පමණ තබන්න.

ඉන්පසු ඔබේ හිසකෙස් සෝදා ෂැම්පූ කරන්න.

ඔබේ වියළි හා හානි වු කෙස් කළඹට නිවසේදි කල හැකි සත්කාර 13 ක්8.සඳුන් තෙල් වලින් හිසකෙස් සත්කාර

සඳුන් තෙල් බින්දු කිහිපයක් ඔලිව් හෝ ජොජෝබා තෙල් බින්දු කිහිපයක් සමඟ මිශ්‍ර කරන්න.

දැන් එය  ඔබේ අත්ල දෙකෙහි හොදින් තවරා ගන්න. ඉන්පසු  හිසකෙස් වල අග සිට සුමටව පිරිමදින්න.

ඒ මගින් ක්ෂණික සිනිඳු බවක් ඔබේ හිසකෙස් වලට ලබා ගන්න පුළුවන්. 

ඒ වගේම අත් වලට ආලේප කරන ලෝෂන් බිංදු  කිහිපයක් ඔබේ අත්ලෙහි තවරා හානියට පත් හිසකෙස් වල සුමටව තවරන්න.

9.පිහිනීමට පසු සත්කාර කිරීම 

වෙරළට  යන්න පෙර හෝ පිහිනීමෙන් පසු, හිසකෙස් පිරිසිදු කිරීමට උපකාරී වන පරිදි ඇපල් සයිඩර් කෝප්ප 1/4 සමග ජලය කෝප්ප 3/4 මිශ්‍ර කර  හිසකෙස් සෝදන්න.

ඒ මගින් රළු මූලද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය වලින් හිසකෙස් ආරක්ෂා කර ගන්න පුළුවන්. ඉන්පසු  හිසකෙස් කන්ඩිෂනර් කරන්න.

10.තෙත් හිසකෙස් ඔතා වියළීම

ඔබේ හානියට පත්  හිසකෙස් තෙත් වූ පසු එය අතුල්ලා වියළන්න එපා. ඒ වෙනුවට ඔබේ හානියට පත් කොණ්ඩය කපු තුවායක් තුළට ඔතාතබන්න.

එවිට මිනිත්තු කිහිපයකින් එම රෙදිකඩ තෙතමනය අවශෝෂණය කරගනු ලබනවා.

මෙය තවදුරටත් හිසකෙස් පැලී යාමෙන් ආරක්ෂා කර ගන්නවා.

11.රාත්‍රියේදී ආර්ද්‍රතාකාරකයක් භාවිතා කිරීම

ඔබේ නිවසේ පරිසරය  උණුසුම් නම්  වාතය ඉතා වියළිව වෙනවා.

එමඟින් ඔබේ හිසකෙස් වියළී යන්න පුළුවන්.

වාතයේ තෙතමනය පවත්වා ගැනීමෙන් ඔබේ හිසකෙස් වඩාත් වියළි හා හානිවීම වළක්වා ගන්න පුළුවන්.

12.ඔබේ කොණ්ඩය නිදහසේ තබන්න.

ඔබ සාමාන්‍යයෙන් ඔබේ කොණ්ඩය පොනිටේල් දමනවාද? එ

සේනම් ඔබේ කොණ්ඩයට විවේකයක් ලබා දීම සඳහා දිනකට පැය කිහිපයක් එය ලිහා තබන්න.

එසේම, කොණ්ඩය තදින් ඇද පීරිමටද උත්සාහ කරන්න එපා. 

ඔබේ කොණ්ඩය සරසන උපකරණ එක්ක කිසි විටෙකත් නිදා ගන්න එපා.

13.ඔබේ ඔමේගා -3 භාවිතා කරන්න

වෛද්‍ය උපදෙස් මත ඔබගේ සිරුරට ගැලපෙන මාත්‍රවෙන් ඔමේගා -3  ලබාගන්න.

එය  මේද අම්ල වලින් පිරිපුන් වෙන අතර හිසකෙස් (සහ නියපොතු) මොයිස්චරයිසින් කර තබා ගන්නවා.

ඔබගේ හිසකෙස් සුන්දර හා නිරෝගි කරගන්න මේ තොරතුරු ඔබට වැදගත් වේවි කියා අපි හිතනවා.

ඔබත් දන්නා නිවසේ සිට කල හැකි පිළියම් තියෙනවා නම් අපි හා බෙදා ගන්න.

මුලාශ්‍ර - www.readersdigest.ca

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • ඔබේ වියළි හා හානි වු කෙස් කළඹට නිවසේදි කල හැකි සත්කාර 13 ක්
බෙදාගන්න :
  • සොදුරු ‌කෙස් කළඹකට ‌පොල්තෙල් වලින් විශ්මිත සත්කාර 12 ක්

    සොදුරු ‌කෙස් කළඹකට ‌පොල්තෙල් වලින් විශ්මිත සත්කාර 12 ක්

  • හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

    හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

  • සොදුරු ‌කෙස් කළඹකට ‌පොල්තෙල් වලින් විශ්මිත සත්කාර 12 ක්

    සොදුරු ‌කෙස් කළඹකට ‌පොල්තෙල් වලින් විශ්මිත සත්කාර 12 ක්

  • හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

    හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it