ධනාත්මක දරුවන් හදන්න මේ බල සම්පන්න හා ධනාත්මක කාරණා 13 නිතර දරුවට කියන්න

ධනාත්මක දරුවන් හදන්න මේ බල සම්පන්න හා ධනාත්මක කාරණා 13 නිතර දරුවට කියන්න

මේ කාරණා නිතර දරුවට කිව්වොත් ඔහු තුළ විශ්වාසය වර්ධනය වෙනවා වගේම ඔහුට ඔබ ආදරය කරන සතුට හරියට දැනේවි.

ධනාත්මක දරුවන් හැදුවොත් නපුර පරාජය කරලා ලෝකයම යහපත් කරන්න පුළුවන්. 

අම්මේ තාත්තේ, අපේ පැටවුන්ගේ ජිවිතයට බලපාන ප්‍රධාන සාධකය ඔබ දෙදෙනායි. ඔබ ධනාත්මක ලෙස ඔබේ දරුවාට දිනපතාම කියන දේවල් ඔවුන්ගේ සිත් තුළ තැන්පත් වීමෙන් ඔවුන් ධනාත්මක දරුවන් බවට පත්වීමට එම කරණා තදින්ම ඉවහල් වේවි.

ඔබට හැම දිනකම උදාවෙන මේ අනගි අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. ඔබ ඔවුන්ට ආදරය, ආරක්ෂාව නිබඳවම දෙන බව ඔවුන්ට කියන්න. 

ඉතින් මේ කාරණා 13 එලෙස ඔබේ පැටියාගේ විශ්වාසය, ආරක්ෂාව, ආදරය තහවුරු කරන කාරණාවන් වන බව ඔබට අත්දකින්න පුළුවන්.

අලුත් අවුරුද්ද

ධනාත්මක දරුවන් ඇති කිරීමට දරුවන්ට ඔබ නිතර කිව යුතු දේවල් 13ක් 

1. අත් හරින්න එපා

ගෙදරදී, පාසලේදී කරන්න වෙන පුංචි වැඩක් වුනත් සමහර විට ඔවුන්ට මහ ලොකු දෙයක්. මොකද තවම ඔවුන්ගේ හැකියාවන් වර්ධනය වෙලා නැහැ. ‘අනේ මට බැහැ’ කියලා දරුවා කියනවා ඇහුනොත් ඔබ ඔහුට එය අත්නොහරින්න ආත්ම ශක්තිය දෙන්න. “නැහැ පුතා ඔයාට තමයි මේක කරන්න පුළුවන්. එක හරි ලේසියි” වගේ කියමින් ඔහු ළඟින් ඔබ ඉන්න බවත් ඔහුට පෙන්වමින් ඔහුව උද්යෝගිමත් කරන්න.

 2. මම ඔයාව විශ්වාස කරනවා

මොනදේ වුනත් ඔබ දරුවාව තදින්ම විශ්වාස කරන බවත් ඔහු ඔබේ ජිවිතයේ ඔබ ආසම කරන පුද්ගලයා බවත් හඟවන්න.

 3. ඔයා හරිම නුවණක්කාරයි

පාසලේදී අනිත් ළමයින් එක්ක වැඩ කරද්දී ඔබේ පැටියා සමහර දවසට ඔහුගේ දක්ෂතා නොපෙන්වා ඉඳීම නිසා ඔහු කනස්සල්ලට පත් වෙන්න පුළුවන්. එත් ගෙදරදී ඔහු කරන හොඳ දෙයක් බලලා ඔහුව අගයන්න.

“ෂා ... පුතා හරිම හොඳයිනේ. ඔයාද මේක කළේ” ආදී වශයෙන් ඔහුගෙන් අහන්න. ඉන් ඔවුන් පිලිබඳ විශ්වාසය ගොඩනගන්න ඔබට පුළුවන්.

4. හැම විටම කළ හැකි දේ විශිෂ්ට ලෙස කරන්න

දරුවාට හැම විටම යම් කාර්යක් කරන විට එය හැකි ඉහළින්ම සිදු කර අවසන් කරන්න කියාදෙන්න. කිසි විටකත් එය යාන්තමින් හෝ භාගෙට නොකරන්න ඔවුන්ව උද්යෝගිමත් කරන්න. මෙය ඔහුගේ ජීවිතය පුරාවටම කරන පුරුද්දක් වේවි.

 5. ධනාත්මක දරුවන් ඇති කිරීමට නම්,  පුහුණුවෙන් ඉගෙන ගත හැකි බව තේරුම් කර දෙන්න

සමහර අමාරු කාර්යයන් වලදී ඔවුන් දේවල් ඉක්මනින් අත්හරින්න බලනවා. නැවත නැවත උත්සහ කරන්න එතරම් උනන්දු වෙන්නේ නැහැ. නමුත් යමක් නැවත නැවත පුහුණු වුනොත් ඔවුන්ට එය එතරම්ම අපහසු නොවන බව ඔබට කියලා දෙන්න පුළුවන්. ඒ නිසා යමක් අමාරු වන ප්‍රශ්නය වෙනස් නොවුනත් පුහුණුවෙන් එය වෙනස් කල හැකි යැයි ඔවුන්ට කියා දෙන්න.

 6. ඔයාට ඕනෙම වෙලාවක ඕනෙම දේකට මම ඉන්නවා

ආරක්ෂාව පිලිබඳ දරුවා තුළ විශ්වාසය ඇති කරන්න. ඔබ ඔවුන්ගේ ඕනෙම අමාරු අවස්ථාවක ඔවුන් සමග හිඳින බව කියන්න පුළුවන්. ඔහු වැඩෙත්ම මෙය ඔහුට හරිම වැදගත් වෙනවා. නැතිනම් ජීවිතයේ තීන්දු තීරණ ගන්න බැරිව ඔවුන් අනාගතයේදී වෙනත් අනිසි දේවල් ළඟ නතර වෙන්න පුළුවන්.

mom-and-baby-smile-1

 7. ධනාත්මක දරුවන් ඇති කිරීමට නම්, ඔබ නැති අතර ඔබට ඔබේ දරුවා මතක් වෙන බව ඔවුන්ට අඟවන්න

ඔහු පාසල් ගිය විටක ඔබ රැකියාවට යනවා වෙන්න පුළුවන්. නමුත් ඔබත් ඔහුත් එක ළඟ නොසිටීම ඔබ අතර තිබෙන බැඳීම දරුවන්ට ඇති ආදරය, උනන්දුව අඩු නොවන බව මතක් කරන්න.

 8. දරුවා නිරතුරුවම ඔබව සතුටින් තබන බව කියන්න

වැඩිහිටියන්ට නොයෙකුත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ මුහුණේ ඉරියව් වලින් දැනෙන පීඩනය එය ඔවුන් නිසා දැයි හිතෙන්නත් පුළුවන්. නමුත් ඔවුන් නිසා ඔබේ සියලු දුක් පහව යන බව ඔවුන්ට පහදා දෙන්න.

 9. ධනාත්මක දරුවන් ඇති කිරීම: තීරණ වෙනස් කිරීමේ වරදක් නැති බව කියා දෙන්න

හැමවිටම සමහර තීරණ වෙනස් කළා කියලා ඉන් තවත් අයෙකුට බලපෑමක් නොවන බව ඔවුන්ට කියා දෙන්න. වැරදී තීරණයක එල්බ සිටිනවාට වඩා එය වැටහුන විගස එය නිවැරදි කරගෙන තීරණ වෙනස් කිරීමේ වටිනාකම පෙන්වා දෙන්න.

 10. ඔයා හරිම ලස්සනයි

ඔවුන්ව වර්ණනා කරමින් ඔවුන් ප්‍රිය මනාප ලස්සන දරුවෙක් බව කියන්න. එයින් ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගෙනවා.

ප්‍රීතිමත් විවාහය

 11. ඔයා කොහොමද එක කළේ ?

දරුවන් අපේ නිර්මාණයක් කළහම සමහර විට සෙල්ලම් බඩුවකින් වෙන්න පුළුවන්. එය ඔවුන් පෙන්නු පසු එය අගය කරන්න. පුදුමය පළ කරන්න. ඔහු එය කල ආකාරය අසන්න. ඉන් ඔවුන්ගේ සන්නිවේදන ශක්තිය වැඩි වෙන අතර ඔහු තවත් එවැනි දේ කරන්න යොමු වෙනවා.

 12. ස්තුතියි

සමහර විටෙක දරුවන්ට ස්තුතියි කියන්න අපට අමතක වෙනවා. යමක් අගය කිරීමේ මානසිකත්වය ධනාත්මක දරුවන් හට තිබිය යුතු මූලිකම ගුණාංගයක්. ඔවුන් ඔබට නිවසේදී කරන පුංචි පුංචි උදවු වලදී ඔවුන්ට පෙරලා ස්තුතියි කියන්න. ඉන් ඔවුන්ව ඇගයීම ගැන සතුටු වෙන ගමන් යමක් ඇගයීමේ වටිනාකම ඔවුන් වටහා ගන්නවා. ඔවුන් කරන පුංචි පුංචි හැමදේටම ස්තුතියි කීම නොව එහි වටිනාකම රඳවා ගනිමින් ඔවුන් ස්තුතියි කියන වචනයේ අරුත හඟවන්න.

 

 13. ධනාත්මක දරුවන් ඇති කිරීමට නම්, නිතරම දරුවා ඔබව උනන්දු කරවන රසවත් දේ එකතු කරන බව කියන්න

තොරතෝංචියක් නැතිව දරුවන් අම්මලාට හැමදේම කියන විස්තර කරන වයස හරිම සුන්දරයි. ඉතින් මේ තොරතෝංචියක් නැති කතා පෙට්ටිය ඔබට කරදරයක් බව හඟවන්න එපා. ඇත්තටම ඔබ ඊට උනන්දු බවව පෙන්වන්න හා එය හරිම වැදගත් බව පෙන්වන්න. ඔවුන් කියන දේ රසවත් බව ඔවුන්ට කියන්න.

 දරුවන්ව සතුටින් තැබීමෙන් ඔවුන්ගේ ජිවිත වල අභියෝග ජයගන්න ශක්තිය ලැබෙනවා. ජිවිතයේ අභියෝග ජයගන්න හොඳ දරුවෙක් වෙන්න කියාදෙන්න theAsianparent Sri Lanka අපේ උත්සාහය ඔබට බෙහෙවින් වැදගත් වෙන බව විශ්වාසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

කතන්දර ලිපි