theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිණි මව්වරුන් හා බබාලා සම්බන්ධ ලාංකීය මිත්‍යා මත

7 අවම කියවීම
ගැබිණි මව්වරුන් හා බබාලා සම්බන්ධ ලාංකීය මිත්‍යා මතගැබිණි මව්වරුන් හා බබාලා සම්බන්ධ ලාංකීය මිත්‍යා මත

දරුවන් හා ගැබිණි මව්වරුන් ගැන තියෙන මිත්‍යා විශ්වාස කිහිපයක් ගැන විවෘතව කතා කරමුද?

ඈත අපේ මුතුන්මිත්තන් කාලේ ඉදලා ආපු දැනමුතුකම් ගොඩාක් අද සමාජයන් තුල ශේෂ වෙලා තියෙනවා. අපේ එදිනෙදා ජීවිතය හා බැදුනු මේවා සමහරුන් මහ ඉහළින් පිළිගන්නා අතර සමහරුන් ප්‍රතික්ෂේප කර මිත්‍යා මත ලෙස සලකා බැහැර කරනු ලබනවා.
අපේ මේ සුදානම ඒවා හරි හෝ වැරදි කියන්නට නොවේ ඒවායේ සැබෑ පැතිකඩ ඔබ වෙත ගෙන එන්නයි. ගොඩාක් කාරණා එක්ක බැදුනු මිත්‍යා මත තිබියදීත් අප අද  සුදානම් වෙන්නේ දරුවන් හා ගැබිණි මව්වරුන් ගැන තියෙන මේ වගේ මිත්‍යා විශ්වාස කිහිපයක් ගැන විවෘතව කතා කරන්නයි.
පුරාණයේ සමහර මිත්‍යා විශ්වාස ගොඩ නැගුනේ මිනිසුන්ගේම ආරක්ෂාව පිණිසයැයි සලකුණු ලබනවා. යම් බියක් ගොඩ නැගීම තුලින් මිනිස්සු කරන යම් යම් ක්‍රියා වළක්වා ගන්න උත්සහ දරා තියෙනවා.
නමුත් සමහර මිත්‍යා විශ්වාස නම් ඒ විදියට සාධාරණීකරණය කරන්න බැහැ.අපි ම‌ෙවැනි මත කිහිපයක් ගැන ස‌ොයා බලමු.

බබාලා සම්බන්ධ ලාංකීය මිත්‍යා මත

බබාලා සම්බන්ධව නම් මිත්‍යා මත බොහොමයක් තියෙනවා. අපි ඒ අතරින් කිහිපයක් විමසා බලමු.

1. මිත්‍යා මත: ගම්මිරිස් පිම්බාහම වෘෂණ කෝෂ පොඩි වෙනවාලු

ඉස්සර ඉදලාම බබා නාවලා ඉවර වෙලා අම්මා හරි ආච්චි අම්මා හරි අපූරු වැඩක් කරනවා.
ඒ තමයි ගම්මිරිස් ඇට කිහිපයක් හපලා ඊටපස්සේ වෘෂණ කෝෂ වලට පිඹිනවා. එහෙම කලහාම වෘෂණ කෝෂ පොඩි වෙනවාලු.

ඇත්තටම එහෙම වෙනවාද?

දරුවෙක්ගේ වෘෂණ කෝෂ වල ප්‍රමාණය වෙනස් කරන්න ගම්මිරිස් වලට බැහැ . ඒක අපි මුලින්ම තේරුම් ගැනීම වැදගත් වෙනවා.
අනෙක් කරුණ නම් පැරැන්නන් දරුවන්ට මෙහෙම කලේ දරුවාගේ සීතල නැති කරන්න. ගම්මිරිස්‌ වල සැර ගතියත් එක්‌ක තරමක්‌ උණුසුම් වායුවක්‌ දරුවාට පිඹිනවා. ඒ නිසා දරුවාට සීතල ඇල්ලීම නැතිවෙනවා කියලා සැලකෙනවා.

2. මිත්‍යා මත: තිලකයක් තිබ්බාහම ඇස් වහ කට වහ යනවා

ගෙදරට එන මිනිස්සුන්ගේ ඇස්වහ කටවහ නැතිකරන්න අම්මලා බබාගේ කම්බුලේ හරි නලලේ හරි කලුපාට අවලස්සන තිලකයක් තියෙනවා.
එවිට දරුවා දකින මිනිස්සුන්ගේ ඇස් අවලස්සන තිලකය වෙත යොමුවෙලා ඇස් වහ කට වහ ගැනීම වැළකෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ.

ඇත්තටම එහෙම වෙනවාද?

ඒක ඉතින් තමන්ගේ මතය අනුව වෙනස් වෙනවා. කොහොමත් බබාව දකින කෙනෙකුට එක්පාරටම බබාගේ ලස්සන පේන්නේ නැති නිසා බබා ගැන ක්ෂනිකව  පිටවෙන වචන අඩාල වෙන්න පුළුවන්.
ඒකත් බබාගේ අම්මාගෙයි ආච්චි අම්මාගෙයි දෙන්නාගේම හිතට සහනයක් නම් වේවි.

3. මිත්‍යා මත: බබාගේ පියයුරු වලින් කිරි එනවා නම් ඒවා මිරිකලා දාන්න ඕනී

කුඩා ළදරුවන්ගේ පියයුරු වලින් සමහර විට කිරි පාට ද්‍රාවණයක් ස්‍රාවය වෙනවා. ඒක සාමාන්‍යයි.
ගොඩාක් වෙලාවට ආච්චි අම්මලා මේ කිරි මිරිකලා ඉවත් කරනවා. නැතිනම් ලොකු වෙද්දී පියයුරු වල කිරි ගැට එනවාලු.

ඇත්තටම එහෙම වෙනවාද?

මවගේ තියෙන හෝමෝන දරුවාට යන නිසා මෙවැනි තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා මෙය රෝගයක් නොවෙයි.
එහෙත් ඔබ පියයුරු තුඩු මිරිකද්දී පියයුරු පෙදෙස් ආසාදනයට ලක් වෙන්න පුළුවන්. පිරිසිදුකමක් නැති කමින් විෂබීජ ශරීර ගත වීමෙන් ඔබේ පැටියාව ආසාදනයට ලක්වෙන්න පුළුවන්.
ඒක නිසා මේක නම් කරන්න දෙන්න එපා.

4. මිත්‍යා මත: අනික් අය ඉස්සරහා බබාට කිරි දෙන්න එපා

ගොඩාක් අම්මලා විශ්වාස කරන්නේ බබාට අනෙක් අය ඉස්සරහා කිරි දුන්නාහම කිරි එරෙන්නේ නැහැ කියලා. ඒකට අම්මලා ගොඩාක් බයයි. ඒ නිසා ඔවුන් කාමරය ඇතුලේ කිරි දෙනවා. නැතිනම් රෙදි කඩකින් ආවරණය කරගන්නවා.

ඇත්තටම එහෙම වෙනවාද?

තව කෙනෙක් ඉන්න කොට අම්මාට බබා ගැන අවධානයක් නැහැ . කිරි නිෂ්පාදනය හා සම්බන්ධ හෝමෝන උත්තේජනය වෙන්නේ අම්මාගේ ආදරණීය හැඟීම් එක්කයි.
ඒනිසා  අම්මාගේ අවධානය බබාගෙන් බැහැරට යද්දී කිරි එරීම ටිකක් පසුගාමී වෙන්න පුළුවන්. ඒත් ඉතින් එහෙම වෙන්නේ හෝමෝන නිසා මිසක් වෙන බලවේගයක් නිසා නම් නොවෙයි.

5. මිත්‍යා මත: බබා කතා කරන්න පටන් ගනිද්දී කොණ්ඩේ කපන්න එපා.

ඔන්න බබා කතා කරන්න ගද්දී නම් කොණ්ඩේ කපන්න එහෙම ලෑස්ති වෙන්න එපා. ඒක ආච්චි අම්මා බබාගේ අම්මාට දාන නිතීයක්. එහෙම කලාහම බබා කතාකරන එක නවත්තනවාලු.

ඇත්තටම එහෙම වෙනවාද?

කොණ්ඩේ කපන එකත් එක්ක බබාගේ කතාව අතර ඍජු සම්බන්ධතාවයක් නැහැ. ඒත් කොණ්ඩේ කපනවා කියන්නේ ලොකු වෙනසක්නේ. වෙනස්කමක් පුංචි දරුවෙකුට එකපාරටම දරාගන්න අමාරුයි.
ඒක ඒ වර්ධන අවදියේ සාමාන්‍ය දෙයක්. ඒ නිසා කොණ්ඩේ කැපුවාහම ඒ වෙනස් කමට ප්‍රතික්‍රියාවක් ලෙස දරුවා කතාව නතර කරන්න ඉඩ තියෙනවා. ඒත් ඉතින් ඒ සදහා කාලයටම නම් නොවෙයි.
එහෙම දිගටම කතා නොකර ඉන්නවා නම් ඒක කොණ්ඩේ කපපු නිසා වෙන්න බැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම බබාව වෛද්‍යවරයෙකුට පෙන්වන්න.

6. මිත්‍යා මත: "බාල ගිරි අද නෙවේ හෙට"

අලුත උපන් දරුවා හවසට කෑගහලා නොනවත්වා  අඩනකොට හැමෝම කියන්නේ බාලගිරි දෝෂය කියලා . "බාලගිරි අද නෙමෙයි හෙට," කියලා උලුවස්සේ ලියන්නෙත් අන්න ඒක නිසයි.

ඇත්තටම එහෙම වෙනවාද?

බබාලා හවසට අඩන්නේ මොකක් හරි අපහසුතාවයක් නිසයි . ගොඩාක් වේලාවට දරුවන්ට හරියට ගුඩුස් නොගියාහම හවස් වෙද්දී බඩේ වාතය පිරිලා අපහසුතාවය දනවනවාලු. එතකොට බබාලා කොහොමත් අඩනවා. හොදම දේ නම් බබාට කිරි පෙව්වාහම හොදට ගුඩුස් යවන්න.

7. මිත්‍යා මත: නහය  මුක්කන් නම් ඇද්දාහම හරියනවා

බබාව නාවපු ගමන් ආච්චිලාට වැඩක් තියෙනවා. ඒ තමයි බබාගේ ඇදකුද හදන එක, ඉතින් පුංචි නහය හදන්න ආච්චිලා නහය අදිනවා.

ඇත්තටම එහෙම වෙනවාද?

දරුවන්ගේ හැඩ රුව තීරණය වෙන්නේ අම්මා තාත්තා ගේ ජාන අනුවයි. අම්මාගේ තාත්තාගේ නහය මොට නම් බබාගෙත් එහෙම වෙන්න පුළුවන්. එතකොට බබාට ලස්සන නහයක් හදන්න ඇද්දට වැඩක් නැහැ.

8. මිත්‍යා මත: අත ගෑහම කකුල් වල බකල් ගතිය යනවාලු

ආච්චිලා තව කරන වැඩක් තමයි. දරුවාගේ අත පය හදන්න කියලා ඒවා අත පා අතගානවා.
එතකොට බකල් කකුල් තියෙනවා නම් හරි යනවාලු.

ඇත්තටම එහෙම වෙනවාද?

සිරුරේ අවයව වල අඩුපාඩු අත පත ගාලා හදන්න පුළුවන් කියලා සහතික වෙන්න බැහැ. දරුවාගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදුනාගන්න හා ප්‍රතිකාර කරන්න වෛද්‍යවරයකු වෙත යන එක හොදයි.
එහෙම නැතුව නොදැන වැරදි විදියට අත පය හදන්න ගිහින් අහිතකර ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්.

9. මිත්‍යා මත: අම්මා නාලා කොණ්ඩේ වේලෙනකම් බබාට කිරි දෙන්න එපා

අම්මා නාලා කොණ්ඩේ වේලෙන තුරු බබාට කිරි දෙන්න එපා කියනවා. එහෙම වුනාහම කිරි සීතල වෙලා බබාට අසනීප වෙන්න පුළුවන්ලු

ඇත්තටම එහෙම වෙනවාද?

තෙත කොණ්ඩේ පිටින් අම්මා කිරිදෙද්දී අම්මාට හෙම්බිරිස්සාව හැදෙන්න ඉඩ තියෙනවා. එතකොට ඉතින් බබාටත් හැදෙන්න පුළුවන්. කොහොමත් බබාට කිරි දෙන්න කලින් අම්මා හොදින් හිසකෙස් වියළා ගැනීම අම්මාගේ සෞඛ්‍යයට හොඳයි.

ගැබිනි මව්වරුන්  සම්බන්ධ ලාංකීය මිත්‍යා මත

1.මිත්‍යා මත: බබා හම්බවෙන්න ඉන්නකොට තුන් මාසයක් යනකම් කියන්න හොද නැහැ

බබා හම්බවෙන්න ඇවිත් තුන් මාසයක් යනකම් කාටවත්ම කියන්න එපා කියලා ගෙදර ඉන්න වැඩිහිටි කාන්තාවන් තහංචි දානවා. එහෙම වුනොත් දරුගැබ නැතිවෙන්න පුළුවන්ලු.

ඇත්තටම එහෙම වෙනවාද?

දරු ගැබක් තුන් මාසයක් යනකම් ස්වභාවිකව ගබ්සා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අන්න ඒක නිසා ප්‍රෙග්නට් කියන ආරංචිය අනිත් අයට නොකියා ඉන්න එකෙන් ඒ වගේ අවස්ථාවක අනෙක් අයගේ ප්‍රශ්න කිරීම් වලට ලක්වෙන්න තියෙන ඉඩකඩ අඩුවෙනවා.

2. මිත්‍යා මත: බබා හම්බවෙන්න ඉන්නකොට යක්ෂ රූප අවලස්සන දේවල් දකින්න හොද නැහැ

ප්‍රෙග්නට් කාන්තාවන්ට  යක්ෂ රූප අවලස්සන, විරූපී දේවල් දකින්න දෙන්නේ නැහැ. එහෙම වුනොත් බබා විරූපී වෙනවාලු.

ඇත්තටම එහෙම වෙනවාද?

ගර්භණී අවදියේදී හැඟීම් දෝලනය වෙනවා. ඒ නිසා යක්ෂ රූප අවලස්සන, විරූපී දේවලින් ගැබිණි කාන්තාවන්ගේ හිත් තිගැස්සෙන්න පුළුවන්. ගර්භණී කාන්තාවන්ගේ මානසික සෞඛ්‍ය නිරෝගී දරු උපතකට වැදගත් වෙනවා.
අන්න ඒ නිසා ගැබිණි මව්වරුන්ට ලස්සන බබාලා ඉන්න පිංතුර වගේ දේවල් බලන්න දෙන්න.

3.මිත්‍යා මත: බබා හම්බවෙන්න ඉන්න කොට ගෙවල් හදන්න හොදනැහැ.

ගැබිණි මවක් ගෙදර ඉන්නවා නම් ගෙවල් හදන්න හොද නැහැ. ඒක ගැබිණි මවට හානිදායකයි කියලා  කියනවා.

ඇත්තටම එහෙම වෙනවාද?

ඉස්සර ස්වාමියා ගේ හදද්දී අත් උදව් දුන්නේ බිරිඳලු. ඉතින් ගැබිබර වුුුන බිරිඳ මේ බර වැඩ කරන ඒක වළක්වන්න මේ වගේ කතාවක් නිර්මාණය වුනා වෙන්න පුළුවන්.
කොහොමත් ගෙයක් හදන තැනක් වැඩ බිමක්, ආයූධ ,වලවල් උඩ වැඩ, ඝෝෂාකාරී ශබ්ද ඔක්කොම ගැබිණි මවකට අනතුරුදායකයි වගේම අපහසුදායකයි.
ඒක නිසා එහෙම ගෙවල් හදනවා නම් ඔවුන්ව සංසුන් ආරක්ෂාකාරී ස්ථානයකට ගෙන යන්න.

4. මිත්‍යා මත: බබා හම්බවෙන්න ඉන්න කොට තද කර නුල් බදින්න හොද නැහැ.

බබා හම්බවෙන්න ඉන්නකොට නූල් එහෙම තද ගැට දාලා බඳින්න දෙන්නේ නැහැ. එතකොට දරු ගැබ හිරවෙනවාලු. ඒ වගේම විවර මැසීමට ගැබිනි මවට ඉඩ ලබා දුන්නෙත් නැහැ .

ඇත්තටම එහෙම වෙනවාද?

නූල් වගේ දේවල් තදින් බැන්දාහම රුධිර නාල තදවෙන්න පුළුවන්. එතකොට රුධිර ගමනාගමන මදක් අඩාල වී අතපය ඉදිමෙන්න පුළුවන්. ඒක නිසා අනවශ්‍ය බැදීම් නොකර ඉන්න එක හොඳයි.
රාත්‍රියේ ඉතිරි  කරපු කෑම කන්න එපා, ගැබිනි කාලයේදී බිත්තර බිදින්න එපා, අඩ දබර සිදු වෙන ස්ථාන වලට යන්න එපා ඔය වගේ තහංචි ගොඩාක් ගැබිණි මවකට තියෙනවා. ඒ වගේම මාස හතක් වෙනකම් කුස තුල සිටි බිළිදාට ඇදුම් පිළියෙළ කරන්න දුන්නේ නැහැ.
අරක කරන්න එපා. මේක කරන්න එපා ඔන්න ඔහොම නිතර ඇහෙන එක අම්මා කෙනෙකුට වගේම ගැබිණි මවකට සාමාන්‍යයි. මේ දේවල් වල ඔබට අහිතකර නොවනතාක් පිළිපැදීමේ ගැටලුවක් නැහැ.
ඒත් අහිතකර කිසිවෙකුට අනුබල දෙන්න එපා කියලා අපි කාරුණිකව මතක් කරනවා. සැබෑව සහ මිත්‍යාව අතර වෙනස හදුනාගැනීම හා භාරගැනීම  ඔබට භාර කරන අතර ඔබ ලඟත් මෙවැනි මිත්‍යා විශ්වාස තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න .
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ගැබිණි මව්වරුන් හා බබාලා සම්බන්ධ ලාංකීය මිත්‍යා මත
බෙදාගන්න :
  • කිරි පබළු, නූල්, වළලු, පංචායුධ ඔබේ බිළිඳාට ඔබත් පළඳනවාද?

    කිරි පබළු, නූල්, වළලු, පංචායුධ ඔබේ බිළිඳාට ඔබත් පළඳනවාද?

  • බබාටයි අම්මාටයි පිරිත් ඇසීමෙන් ගුණ

    බබාටයි අම්මාටයි පිරිත් ඇසීමෙන් ගුණ

  • කිරි පබළු, නූල්, වළලු, පංචායුධ ඔබේ බිළිඳාට ඔබත් පළඳනවාද?

    කිරි පබළු, නූල්, වළලු, පංචායුධ ඔබේ බිළිඳාට ඔබත් පළඳනවාද?

  • බබාටයි අම්මාටයි පිරිත් ඇසීමෙන් ගුණ

    බබාටයි අම්මාටයි පිරිත් ඇසීමෙන් ගුණ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it