theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ ලිංගික උද්‍යෝගය විනාශ කරන මේ ‌දේවල් 13 න් ඈත්වෙන්න

5 අවම කියවීම
ඔබේ ලිංගික උද්‍යෝගය විනාශ කරන මේ ‌දේවල් 13 න් ඈත්වෙන්නඔබේ ලිංගික උද්‍යෝගය විනාශ කරන මේ ‌දේවල් 13 න් ඈත්වෙන්න

ඔබේ ලිංගික ජිවිතය අසාර්ථක කළ හැකි ‌මේ කාරණා ගැනත් දැනුවත් ‌වෙන්න.

මිනිසාගේ ජිවිතය තුල ප්‍රධාන අවශ්‍යතා ගත් විට ලිංගික එක්වීම එම ලැයිස්තුවේ ඉදිරි පෙල නියෝජනය කරන්නක්.  ඒත් එකවර අයෙක්ගේ ලිංගික උද්‍යෝගය විනාශ වීම වුවත් ‌වෙන්න  පුළුවන්. ‌

මේ ලිපියෙන් ඒ ගැන ‌සොයා බලමු.

ගැහැනියක මල්වර වීමෙන් ඇරඹෙන ජිවිතය වැඩිවියට පත්වෙන පිරිමියෙකු හා වෙලෙන්නේ හුදෙක් දරුවෙකු පිළිසිද ගැනීමේ ඒකායන අරමුණෙන්ම පමණක් නොවේ.

ගැහැනියටද පිරිමියාටද අවැසි ලිංගික තෘප්තිය ඔවුන් ඒ තුලින් සොයා යනවා. 

ලිංගික තෘප්තිය ලබා ගැනීමට බාධා පමුණුවමින් ලිංගික උද්‍යෝගය සිදි බිද දමන දේවල් 13 ක් ගැන ඔබට පුංචි තොරතුරු ටිකක් අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

සෙක්ස් එපා

ලිංගික උද්‍යෝගය විනාශ වීම සදහා ‌හේතුවෙන දේවල් 13 ක්

1. මානසික ආතතිය

බොහෝ අය ආතතියට පත් වු විට වේගවත් වුනත් ඔවුන්ගේ ලිංගික උද්‍යෝගය සදහා නම් එයින් වෙන හොදක් නැහැ.

පවුල නිසා හෝ රැකියාව නිසා හෝ නැතිනම් වෙනත් යමක් නිසා ආතතියට පත්වීම කාටත් පොදු දෙයක්.

ඔබට දැනෙන ආතතිය මනාව කළමණාකරනය කරගැනීම ඔබගේ ලිංගික ජිවිතයට පමණක් නොව සමස්ථ සෞඛ්‍යයටම ප්‍රතිලාභ ලබා දෙනවා.

භාවනා කිරීම, සංසුන්  වෙන ගීත වලට සවන් දීම, ඔබගේ ආතතියට හේතු කාරක සොයා විසදුම් සොයා ගැනීම මෙන්ම ඔබට පාලනය කල නොහැකි තත්වයේ තියෙන ආතතියට වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් කරන්න පුළුවන්.

2. සහකරුගේ ගැටළු

සහකරු හෝ සහකාරිය සමග ඇති කරගන්නා ගැටළු ඔබගේ ලිංගික ජිවිතයට ඍජුවම බලපානවා.

ඒ නිසා ඔබ දෙපළ අතර ඇතිවෙන සටන්, දුර්වල සංනිවේදනය, පවා දීම හෝ විශ්වාසය බිද දැමීම් නොකර ගැනීම සමීපතාවය ඇති කරගැනීමට වටිනවා.

ඒ නිසා ඔබ දෙදෙනාට සාකච්ඡා කර විසද ගැනීමට නොහැකි තත්වයේ ගැටළු ඇතිනම් පවුල් උපදේශකයෙක්ගේ සහය ලබාගන්න.

3. මත්පැන්

මත්පැන් අධිකව ගැනීම ඔබේ ලිංගික ජිවිතය අඩපණ කරන බව ඔබ දැන සිටියාද?

ඔබ බීමත්ව සිටීම ඔබගේ සහකරුගේ ලිංගික ආශාව විනාශ කර දමන්න පුළුවන්. ඔබට මත්පැන් පානය නවත්වාගැනීමට නොහැකි නම් ඒ සදහා සහය ලබාගන්න.

4. නින්ද අවම වීම

ඔබගේ ලිංගික පිබිදවීම නැතිවී යනවා නම් එයට වගකිව යුත්තා ඔබ ලබාගන්නා අඩු නින්ද වෙන්න පුළුවන්.

ඔබට නිතර නිදි මරන්න වෙනවාද? නැතිනම් පාන්දර අවදි වෙන්න වෙනවාද?

සමහර විට ඔබට වරින් වර අඩාල වෙන නින්දක් තියෙනවා වෙන්න පුළුවන්.

නැතිනම් ඔබ නින්ද නොයෑමේ රෝගයකින් පෙළෙනවා වෙන්න පුළුවන්.

මොනවා වුනත් ඔබට අවසානයේ අහිමි වන්නේ නින්දේදි ලැබෙන විවේකයයි.

විවේකය නොලැබී යාමෙන් ඔබට ඉක්මනින් තෙහෙට්ටුව ඇතිවෙනවා.

තෙහෙට්ටුව ඔබේ සරාගී සිතුවිලි අඩපණ කරනවා. සුව නින්දක් ලබා ගන්න සෑමවිටම උත්සහ කරන්න. එහි ගැටළුවක් ඇතිනම් වෛද්‍ය උපදෙස් ගන්න.

5. දරුවන් ලැබීම

දරුවා තනිව නිදාගැනීමට හුරු කිරීම

දරුවන් ලැබු පමණින් ඔබගේ ලිංගික ජිවිතය අත්හැර දැමිය යුතු නැහැ.

නමුත් නිතර දරුවන් ඔබ ලගින් ගැවසීම නිසා ඉස්සර වගේ නෙමෙයි. ඔබ දෙදෙනාට ගොඩාක් සමීප වෙන්න තියෙන අවස්ථා නම් අඩුවෙනවා.

දරුවන් රැකබලා ගන්න විශ්වාසවන්ත කෙනෙකු යොදවා ඔබ දෙදෙනාට තනිව ගතකරන්න කාලයක් සැලසුම් කරගන්න.

අලුත උපන් දරුවෙක් නම් ඉන්නේ බබා නිදාගන්න වේලාව ඔබ දෙදෙනාටම වෙන්වු වේලාවක් කරගන්න.

6. ඖෂධ ගැනීම

සමහර ඖෂධ නිසා ලිංගික උද්‍යෝගය අඩුවෙනවා. ඔබට එහෙම ගැටලුවක් තියෙනවා නම් ඔබේ වෛද්‍යවරයා හා කතා කරන්න.

එවිට ඔහු ඔබේ ඖෂධ හෝ මාත්‍රාව අඩු වෙනස් කිරීම කරන්න පුළුවන්. ඔබේ හිතුමතේට ඖෂධ වෙනස් කිරීමට යාම භයානක බව මතක තබාගන්න

7. තම සිරුර ගැන ඇති දුර්වල ආකල්ප

ඔබ ඔබේ පෙනුමට දක්වන කැමැත්ත සරාගීත්වයට කරා යන්න පහසු කරයි.

සිරුරේ හැඩය වෙනුවෙන් ඔබ කුමක් කලත් ඔබේ පෙනුම ගැන ඔබ සතුටු වෙන්න.

ඔබ ගැන හොඳ හැඟීමක් ඇතිවීම ඔබේ මානසිකත්වය ඉහළ නංවනවා.

ඔබේ සහකරු තම සිරුර ගැන දුර්වල හැගීමකින් සිටි නම් , ඔහු හෝ ඇය සරාගී බව කියන්න.

8. ලිංගික උද්‍යෝගය විනාශ වීම කරන තරබාරු කම

ඔබේ සිරුර තරබාරු වෙන විට ඔබගේ ලිංගික ආශාව අඩුවෙනවා.

එයට හේතුව ඔබට තෘප්තිය නොලැබීම, ඔබට අවශ්‍ය පරිදි ක්‍රියා කරන්න ඔබේ සිරුරට නොහැකි වීම හා ආත්ම අභිමානය අඩුවීම මෙයට හේතු වෙන්න පුළුවන්.

මේ පිළිබදව උපදේශකයෙකු ගෙන් උපදෙස් ගෙන ඔබේ ජිවිතයේ වෙනසක් කරගන්න.

9. ශිෂ්ණය ඍජුවීමේ ගැටළු

ශිෂ්ණය ඍජුවීමේ ගැටළු ඇති පිරිමින් නිතර ඒ ගැන සිතන්නට යාමෙන් ඔවුන්ගේ ලිංගික ආශාව නැති වී යනවා.

මේ සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ වගේම යුවලට වුවද එය සම්බන්ධතාවයට ගැටළුවක් නොවන්නට වගබලා ගත හැකිය.

10. හෝමෝන අඩුවීම

ක්‍රියාශීලී ලිංගික ජිවිතයකට පණපෙවීමට පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය මහත් කාර්යයක් කරනු ලබනවා.

නමුත් වයසත් සමග පිරිමින් තුල මෙම හෝමෝන මට්ටම අඩුවීම සිදුවෙන අතර ඒ සමග සමහර පිරිමින්ගේ ලිංගික ආශාවද හීන වී යයි.

ඊට අමතරව සමහර පිරිමිනගේ බර වැනි වෙනත් සාධකද මෙම හෝමෝනයේ මට්ටමට බලපෑම් කරන අතර එය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙනවා.

11. ලිංගික උද්‍යෝගය විනාශ වීම කරන මානසික අවපීඩනය

කාන්තාවකගේ මානසික ආතතිය

මානසික අවපීඩනයෙන් පෙළීම නිසා  ලිංගික ආශාව ඇතුළු බොහෝ දේවල් හීන වෙන්න පුළුවන්.

සමහර විට ඔබ මේ සදහා ඖෂධ ලබා ගන්නවා නම් ඔබේ ලිංගික ආශාව අඩුවෙන්න පුළුවන්. 

මේ සදහා ලබා දෙන සමහර ඖෂධ  මගින් ලිංගික හැගීම් අඩු විය බැවින්ඔබට එවැනි තත්වයක් දැනෙනවා නම් ඔබේ වෛද්‍යවරයාට පවසන්න.

12. ආර්තවහරණය

ආර්තවහරණය සමග බොහෝ කාන්තාවන්ට ඇති වෙන යෝනියේ වියළි බව හා ලිංගික එක්වීමේ වේදනාව නිසා ලිංගික ආශාවන් පහව යන්නට පුළුවන්.

එය සෑම කාන්තාවක්ම ජිවිතයේ එක් කාලපරිච්ඡේදයක් අතිවිදින ස්වභාවදහමේ ක්‍රියාවලියක අවසානයකි.

හොද සෞඛ්‍යයක් පවත්වා ගැනීම මෙන්ම ආත්ම අභිමානය ගොඩ නංවා ගැනීමට කටයුතු කිරීමෙන් ආර්තවහරණයෙන් පසුවද සාර්ථක ලිංගික ජිවිතයක් ගත කරන්න පුළුවන්.

යෝනියේ වියළි බව හා ලිංගික එක්වීමේ වේදනාව  සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

13. සමීපබව අවම වීම

සමීපවත්වයක් නැතිව ලිංගිකව එක්වන්න යෑම ලුණු නැතිව පරිප්පු කන්න යෑම තරම් නීරසය.

සමීපත්වය ලිංගිකව එක්වීමට වඩා වැඩි යමක් ඔබ දෙපළ අතර ඇති කරනවා. 

ඔබේ ලිංගික ජීවිතය අක්‍රිය නම්, ලිංගිකව එක් නොවන නමුත් ප්‍රේමණිය කාලයක් ඔබ දෙදෙනා පමණක් එකට ගත කරන්න. කතා කරන්න. සම්බාහනය කරන්න.

ලිංගික ඇසුරකින් තොරව ප්‍රේමය ප්‍රකාශ කිරීමට උත්සහා කරන්න. 

මෙසේ ඇති කරගන්නා සමීපබව ඔබ දෙපල අතර යලි ලිංගික ජිවිතයක් ගොඩ නගාවි.

පහත මුලාශ්‍ර ලිපිය ඇසුරින් ගෙනා මේ වටිනා කාරණා ඔබේ යුගදිවිය සාර්ථක කරගැනීමට රුකුළක් වේවි යැයි අපි සිතනවා.

මුලාශ්‍ර - www.webmd.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ ලිංගික උද්‍යෝගය විනාශ කරන මේ ‌දේවල් 13 න් ඈත්වෙන්න
බෙදාගන්න :
  • ඔබේ ලිංගික උද්දීපනය ඉහළ නංවන විශ්මයජනක ආහාර 8 ක්

    ඔබේ ලිංගික උද්දීපනය ඉහළ නංවන විශ්මයජනක ආහාර 8 ක්

  • ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

    ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

  • ඔබේ ලිංගික උද්දීපනය ඉහළ නංවන විශ්මයජනක ආහාර 8 ක්

    ඔබේ ලිංගික උද්දීපනය ඉහළ නංවන විශ්මයජනක ආහාර 8 ක්

  • ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

    ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it