theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

5 අවම කියවීම
ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

ඔබේ කොණ්ඩය නිරෝගිව නිසි සත්කාර යටතේ තැබීමෙන් එය වර්ධනය කරගන්න පුළුවන්.

කොණ්ඩේ දික් ‌වෙන්න අපි ගොඩාක් දේවල් කරනවා. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සාමාන්‍යයෙන් කොණ්ඩයට දක්වන්නේ සුවිශේෂි සැලකිල්ලක්. 

කේශ කල්‍යාණය පංච කල්‍යාණයන් ගෙන් එකක් ලෙස සලකනු ලබන්නේ ඒ නිසාමයි. 

එක එක කෙටි කොණ්ඩ විලාසිතා එන්නට පෙර නිරෝගී දිගට වැවුන කෙස් කළඹක් බොහෝ කාන්තාවන් පවත්වාගන්න උත්සහ කළා.

සමහරුන් රුල්ලට යමින් නව විලාසිතානුකූලව තම හිසකෙස් කළඹ කපා දැමු අතර තවත් පිරිසක් නිරෝගී නොවු දුර්වල හිසකෙස් කළඹ කපා කෙටි කළහ.

ප්‍රසිද්ධ කොණ්ඩා මෝස්තර ශිල්පී මාක් ටවුන්සෙන්ඩ් කොණ්ඩය වැවීම ගැන දරන්නේ මේ වගේ අදහසක්

“කොණ්ඩය සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ මසකට අඟල් භාගයක් පමණයි. එහෙත්, ඉතා නිරෝගි හා පැලුණු අග සහිත හිස කෙස් නොමැති නම් පමණක්  දිගු හිසකෙස් ලබා ගන්න පුළුවන්” 

ඇත්තටම දිගු නිරෝගී කෙස් කළඹක් කාන්තාවකට ආභරණයක්.

මෙවන් දිගු කෙස් කළඹක් හිමි කරගන්න හීන දකින ඔබට ඉගි 13 ක් ලබා දෙන්නයි මේ සුදානම

1. කොණ්ඩේ දික් ‌වෙන්න නම් නිතර අගිස්ස කපන්න

ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ඇති කොණ්ඩයක් පවත්වා ගන්න නම් ඔබට නිරෝගි නොවු හිසකෙස් සදහා ප්‍රතිකර්මයක් කල යුතු වෙනවා.

හිසකෙස් වල නිරෝගි බව නැති කරන හිස කෙස් පැලී යාම ඔබේ කොණ්ඩයේ වර්ධනයද අඩාල කරනවා.

ඒ නිසා සෑම සති 10 ත් 12 ත් අතර කාලයක් තුළ ඔබේ කොණ්ඩයේ අගිස්සෙන් අඟලෙන් අටෙන් එකක ප්‍රමාණය කපා ඉවත් කරන්න.

ඔබේ හිස කෙස් වඩාත් පැලී ඇත් නම් ඒ සදහා අවශ්‍ය සත්කාර ලබාගන්න.

2.හිසකෙස් වර්ධනය වෙන විටමින් ලබාගන්න

ඔබ සමබර ආහාර වේලක් ගන්න. 

එම ආහාර වේලට හිසකෙස් ශක්තිමත් කරන පෝෂක වන  බයෝටින්, ෆෝලික් අම්ලය, විටමින් ඩී, ඒ, සී සහ ඊ අඩංගු කරගන්න.

ඔබ සමබර ආහාර වේලක් නොගතහොත් ඔබේ හිසකෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණය ඔබට නොලැබී යන්න පුළුවන්.

එහිදි ඔබේ සිරුර ඔබේ හිසකෙස් වර්ධනය නවතා සිරුරේ අත්‍යඅවශ්‍ය අවයව වෙත ඔබ ලබාගත් පෝෂ්‍ය කොටස් ගෙන යනු ලබනවා.

ඔබට ආහාර මගින් ලැබෙන විටමින් ප්‍රමාණවත් නොමැති බව හැගෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවෙන්න.

එහිදි ඔබ නිවැරදි විටමින් ප්‍රමාණයක් (සහ වර්ගය) ලබා ගැනීමටත්, ඔබ දැනට ගන්නා කිසිදු ඖෂධ වලට එම විටමින් වල බලපෑමක් නොමැති බවත් සහතික කරගන්න ඔබට පුළුවන්. 

3.කොණ්ඩේ දික් ‌වෙන්න අඩුවෙන් ෂැම්පු භාවිතා කරන්න

නාන වේලාට බොහොමයක් ෂැම්පු භාවිතා කරන නමුත් කන්ඩිෂනර් භාවිතයක් වෙන්නේ නැහැ.

ඇත්තටම ෂැම්පු භාවිතය හැකි තරම් අවම කල යුතු වෙනවා.

ෂැම්පූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට සකස් කර ඇති නිසා එහි සල්ෆේට් නම් රළු සබන් අඩංගු වෙනවා. 

ඒවි මගින් දිගු සෞඛ්‍ය සම්පන්න හිසකෙස් සඳහා ඔබට අවශ්‍ය ස්වාභාවික තෙල් ඉවත් කරනු ලබනවා.

ඔබේ හිසකෙස් පිරිසිදු කිරීමට සල්ෆේට් රහිත ෂැම්පූ එකක් තෝරා ගන්න. හිසකෙස් හොදින් සෝදමින් ෂැම්පු ඉවත් කරන්න.

4.සීතල වතුරෙන් සෝදන්න

ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

සීතල වතුර ඔබේ කොණ්ඩයේ පිටත තට්ටුව වඩාත් මෘදුව තබනවා.

එමඟින් තෙතමනය නැතිවීම හා තාප හානිය වළක්වාගනු ලබනවා.

මේ නිසා ඔබ ස්නානය කර අවසානයේ තත්පර කිහිපයක් සීතල වතුරෙන්  ඔබේ හිස කෙස් සෝදන්න.

5.කන්ඩිෂනර් භාවිතා කරන්න

ඔබ ඔබේ හිසකෙස් තෙතමනය ලබා ගන්නා සෑම අවස්ථාවකම එහි තෙතමනය ආරාක්ෂා කරගත යුතුයි.

එම නිසා ඔබ ස්නානය කරන විට කන්ඩිෂනර් එකක් භාවිතා කරන්න.

එය කෙස් මුල වල ඇති ඇති ලිපිඩ සහ ප්‍රෝටීන නැවත ඇති කිරීමට මෙන්ම ජීව පටක වල පිටත තට්ටුව මුද්‍රා තැබීමට උපකාරී වෙනවා.

ඒ මගින් ඔබේ හිසකෙස් ආරක්ෂා වෙනවා.

6.DIY ගැඹුරු කන්ඩිෂනර් තෝරා ගන්න

ඔබට සාමාන්‍ය කන්ඩිෂනර් එකකට වඩා වැඩි ආරාක්ෂාවක් ඔබේ හිසකෙස් වලට අවශ්‍ය බව හැගෙනවා නම් 

DIY ගැඹුරු කන්ඩිෂනර් භාවිතා කරන්න. නිවසේදී සදා ගත හැකි එවන් කන්ඩිෂනර් එකක් පහතින් දැක්වෙනවා.

මේ සදහා සුදූසු තෙල් වර්ගයක් ඔබේ මදක් තෙත් කල හිසකෙස් මත ආලේප කර විනාඩි 10 ක් තබා  ෂැම්පූ සහ කන්ඩිෂනේෂන් කර සෝදා හරින්න.

තෙල්වල අඩංගු මේද අම්ල වලින් ඔබේ හිසකෙස් වැඩෙන විට එය ශක්තිමත් කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.

7.උණුසුම් උපකරණ භාවිතා කරන්න එපා

ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

හිසකෙස් කෙලින් කරන , රැලි ගැසීමේ කරන ,ක්‍රියාකාරකම් ඔබේ හිසකෙස් වර්ධනය කිරීමට දායක නොවේ.

ඔබේ කොණ්ඩය නිරෝගී වන තරමට එය වර්ධනය වෙනවා.

නමුත් ඔබ කොණ්ඩයේ හැඩය වෙනස් කිරීමට භාවිතා කරන මෙම මෙවලම් අධික ලෙස භාවිතා කිරීම හිසකෙස් වර්ධනයට හිතකර නැහැ. 

ඔබේ තාප-මෙවලම් භාවිතය අඩු කිරීමට නොහැකි නම් ඔබ මෝස්තර කරන සෑම අවස්ථාවකම ඔබ තාප ආරක්ෂක භාවිතා කරන්න.

8. බ්ලිචිං කරන්න එපා 

ඔබ ඔබේ කොණ්ඩය බිලිචිං කරන විට, එය ඔබේ හිසකෙස් වල සිවිය බිද දමනවා.

එමඟින් සැලකිය යුතු හානියක් සිදු වෙනවා. විශේෂයෙන් කළු හිසකෙස් ඇති අයට වෙන හානිය වැඩියි. 

මෙලෙස හිසකෙස් වර්ණ ගැන්වූ හෝ රසායනිකව වර්ණ කළ විට එය කැඩී බිඳී යාමට හෝ පැලී යාමට වැඩි ඉඩක් තියෙනවා.

ඔබ දිගු කෙස් කළඹඛ් අවශ්‍ය නම් බිලිචිං යොදා වර්ණ ගන්වන්න උත්සහ කරන්න එපා.

9.මෘදුව පීරන්න

ඔබේ කොණ්ඩය පීරීම අත්‍යවශ්‍යයි, නමුත් ආක්‍රමණශීලීව  කොණ්ඩය පීරන්න යාමෙන් ඔබේ කොණ්ඩයට හානියක් වෙන්න පුළුවන්.

එවිට දිගු කෙස් කළඹක් ලැබීම හීනයක් පමණක් වෙනවා. ඔබ කොණ්ඩය පීරන විට ශබ්දයක් එනවා  නම් ඔබ එය කරනවා රළු වැඩියි.

ඔබේ කොණ්ඩය තෙත්සහිත නම් හෝ කැඩී යාමේ අවදානමට ලක් වි ඇතිනම් එය පීරිමේදි විශේෂයෙන් සැලකිලිමත් වන්න.

සාමාන්‍යයෙන් හිසකෙස් ඉහල සිට පහලට පිරීය යුතු අතර තෙත හිසකෙස් නම් පහල කොටස් පීරා අවුල් හැර ඉහල පීරන්න.

10.සිල්ක් කොට්ට කොට්ටයක් භාවිතා කරන්න

සිල්ක් හෝ සැටින් කොට්ට කොට්ටයක් මතුපිට මෘදු නිසා එය හිසකෙස් හා ඝර්ෂණයක් ඇති කරන්නේ නැහැ.

කපු කොට්ට මත නිදාගත් විට ඔබේ හිසකෙස් අවුල් සහගත වීම් ඒ මගින් වළකිනවා.

11.කොණ්ඩේ දික් ‌වෙන්න මයික්‍රෝ ෆයිබර් තුවායකින් ඔබේ හිසකෙස් වියළන්න

සාමාන්‍ය තුවායකට ඔබේ හිසකෙස් ගොඩාක් කැඩී යනවා.

කාන්තාවන් ‌බොහෝ විට තුවාය හිස වටා ඔතා ගන්නා විට මෙය වැඩියි. ඒ නිසා ඒ සදහා  මයික්‍රෝ ෆයිබර් තුවායක් තෝරාගන්න.

12.ඔබේ වූල් බෑන්ඩ් එක ඉවත් කරන්න

වුල් බෑන්ඩ් වල ඇදෙන සුළු බව නිසා  එය බොහෝ වේලා පැළද සිටීමෙන් ඔබේ හිසකෙස් කැඩී යන්න පුලුවන්.

හොදම දේ නම් අවශ්‍ය විට පමණක් පැළද අනෙක් සෑම විටම ඉන් ඔබේ හිස කෙස් මුදා තැබීමයි.

13.ඔබේ කොණ්ඩා මෝස්තරය වෙනස් කරන්න

සෑම දිනකම එකම වීදියට ඔබේ පොනිටේල් හෝ කොණ්ඩ මොස්තරය යොදන විට  නිරන්තර ආතතිය නිසා ඔබේ හිසකෙස් කාලයක් ගත වෙන විට කැඩී යන්න පුළුවන්. 

ඒ නිසා ඔබේ පොනිටේල් හෝ කොණ්ඩ මොස්තරය න්තර මාරු කරන්න.

ඔබට එක රැයකින් දිගු කොණ්ඩයක් ලබා ගන්න බැහැ.

නමුත් ඔබේ කොණ්ඩය නිරෝගිව නිසි සත්කාර යටතේ තැබීමෙන් එය වර්ධනය කරගන්න පුළුවන්.

මුලාශ්‍ර- www.cosmopolitan.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විලාසිතා හා රූපලාවන්‍ය
  • /
  • ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්
බෙදාගන්න :
  • හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

    හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

  • හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

    හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

  • හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

    හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

  • හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

    හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it