theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තාත්තෙක් වෙන්න ආසයි නේද? මෙන්න ඒ සදහා කලයුතු දේවල්

5 අවම කියවීම
තාත්තෙක් වෙන්න ආසයි නේද? මෙන්න ඒ සදහා කලයුතු දේවල්තාත්තෙක් වෙන්න ආසයි නේද? මෙන්න ඒ සදහා කලයුතු දේවල්

ගර්භනී වීමට අවශ්‍ය සියලු වගකීම් කාන්තාවන් පමණක් සතු නොවේ. තමන්ගේ  සරු බව කළමනාකරණය කිරීමෙන් පුරුෂයන්ට ද මේ සදහා  දායක විය හැකිය.

ගර්භනී වීමට අවශ්‍ය සියලු වගකීම්  කාන්තාවන් පමණක් සතු නොවේ. පුරුෂයන්ගේ සරුබව කළමනාකරණය කිරීමෙන් පුරුෂයන්ට ද මේ සදහා දායක විය හැකිය.

දරුවා බිහි කිරීමට කරන වෑයමේදී මවුවරුන් මෙන්ම පියෙකු වන්නට සිටින්නන්ද වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. දරුවෙකු ලැබීමට බලාපොරොත්තු වන්නෙකු ඔවුන්ගේ ජීවන රටාවේ කල යුතු වෙනස්කම් දහතුනක් මෙන්න.

පුරුෂයන්ගේ සරුබව වැඩි කරන දේවල් 13ක්

1. දුම්පානය නතර කරන්න

වෛද්‍ය එඩ්මන්ඩ් සැබැනෙග් පවසන පරිදි දුම් පානය පෙනහළු සෞඛ්‍යයට තරම්ම පුරුෂයන්ගේ සරුබව ටත් බලපෑම් කරයි.

"දුම්පානය  ශුක්‍රාණු ප්‍රමාණයට, ගමන් කිරීමේ ක්‍රියාවලියට හා ශුක්‍රාණු වල සාමාන්‍ය  නිරෝගී කමට බලපානු ලබන බව පවසයි. දුම්කොල  වල පරිවෘත්තිය කොටස් පවා ශුක්‍ර තරලය තුල සොයාගත හැකිය," Reader's Digest වෙත ඔහු පැවසුවා.

2. ප්‍රමාණවත්  නින්දක් ලබාගන්න

මහාචාර්ය ලෝරන් වයිස් පවසන පරිදි පැය 6 කට අඩුවෙන් හෝ පැය 9 කට වැඩියෙන් නිදා ගන්නා පුරුෂයන්ගේ  ඕනෑම මාසයක් තුල පිළිසිඳගැනීමට දායක වීමේ සම්භාවිතාව සියයට 42 කින් අඩු වේ.

මෙම සොයාගැනීම් පදනම් වූයේ, පිළිසිඳ ගැනීමට උත්සාහ කරන යුවල 800 ක් සහභාගී කරගෙන   බොස්ටන් සරසවියේ මහජන සෞඛ්‍ය  පාසල විසින් පවත්වන ලද අධ්‍යනයකි.

පර්යේෂණයට අනුව  පිළිසිඳ ගැනීමේ අඩු අවස්ථාවන් සදහා හෝමෝන හේතු වේ. ටෙස්ටොස්ටෙරෝන්  නම් හෝමෝනය බොහෝ දෙනෙක්ගේ නින්දේ දී නිපදෙන  අතර, එය ශුක්‍රාණු  නිපදවීමේදී වැදගත් කාර්‍යභාරයක් ඉටුකරනු ලබයි .

3. ඔබේ බර ගැන සැලකිලිමත් වන්න.

වෛද්‍ය ජමින් බ්‍රහම්බඩ් විසින්  Reader's Digest වෙත පැවසු පරිදි, "නිරෝගී සිරුරක්, නිරෝගී ශුක්‍රාණු."

කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයකින්  මෙය මනාව පෙන්වා දී ඇත. මිනිසෙකුගේ ජානමය තොරතුරු ශුක්‍රාණු හරහා හුවමාරු වීමෙදී  ඔහුගේ  බර බලපාන්නේ  කෙසේද යන්න උපුටා දක්වා ඇත.

පුරුෂයන්ගේ තරබාරු කම හෝ බර වැඩිවීම අඩු ප්‍රමිතියෙන් යුත් ශුක්‍රාණු  ඇතිවෙන අතර ඒ මගින් ලිංගික සම්බන්ධකම් ගැන උනන්දුව හීන කරන හෝර්මෝන වෙනස්කම්  මෙන්ම ලිංගික බෙලහීනතාවය ඇතිවිය හැකි බව YourFertility.org. පවසනවා.

4. ඔබගේ ශුක්‍ර තරලය පරීක්ෂා කර ගන්න

කාන්තාවන් ඔවුන්ගේ ඩිම්බ පිටවීම නිරීක්ෂණය කරනවා මෙන්ම පුරුෂයන්ගේ සරුබව නිරීක්ෂණය කිරීම සඳහා ඔවුන්ගේම ක්‍රමයක්  තිබේ. ටර්ක් පිරිමි සඵලතා පරීක්ෂණ පද්ධතිය යනු ශුක්‍රාණු ගණනය කිරීම සඳහා නිවසේදීම යොදා ගත හැකි  පරීක්ෂණයකි.

මෙම පද්ධතිය පුරුෂයන්ගේ ශුක්‍රාණු වල සෞඛ්‍යයට  බලපෑම්  කළ හැකි  ආහාර අනුභව කිරීම, ව්‍යායාම සහ නිදාගැනීමේ පුරුදු නිරීක්ෂණය කිරීමට උපකාරී වන ක්‍රියාවලියක්ද සහිතයි.

"බොහෝ යුවළයන් උත්සාහ කරමින් සිටින අතර අවසානයේදී විශේෂඥයින් හමුවෙන තුරු ගැටළුව කුමක්දැයි  ඔවුන් දැන නොසිටියි. එමනිසා වෛද්‍යවරයකු හමුවීමට ප්‍රථමව ඔවුන්ට මෙම ක්‍රියාවලියේ සහයෙන් නිවසේදීම පරීක්ෂා කිරීම හා වෙනස්කම් සිදු කිරීම කල හැකිය."

බ්‍රාහ්මිට් Reader's Digest  වෙත පවසනවා. එය එකතු කිරීමෙන්  ශුක්‍රාණු වල තත්ත්වයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා ජීවන රටාව වෙනස් කිරීමට  අවම වශයෙන් මාස 3 ක් ගත වේ.

5. කැෆේන් භාවිතය  අඩු කර ගන්න

දරුවන්  බිහි කිරීමට උත්සාහ කරන යුවළ වල් ඔවුන්ගේ කැෆේන් භාවිතය සීමා කළ යුතුය. CNN විසින් කරන ලද වාර්තාවකට අනුව, කෝපි වැඩිපුර   පානයෙන් දරුවන් පිළිසිඳගැනීමේ හැකියාව අර්ධයකට  අඩු  වේ.

Reproductive Toxicology හි   ප්‍රකාශයට පත් කළ අධ්‍යනයකින් හෙළි වූයේ  කැෆේන්  අඩුවෙන් (බොහෝ විට සෝඩා හා ශක්තිජනක බීම)  පරිභෝජනය කරන  පුරුෂයින්ට  තම සහකාරිය ගර්භනී කිරීම  සඳහා වැඩි අවස්ථාවක් තිබෙන බවයි.

6. තාපය අධික ස්ථාන වලින් ඉවත්ව සිටින්න

වෛද්‍ය  සබානෙෂ් පවසන පරිදි  වෘෂණ කෝෂ වලට හානි වීමට ඉඩ ඇති නිසා උණුසුම් තටාකවල බැස සිටීම  හෝ  ශරීරයේ ඉනෙන් පහල ප්‍රදේශය  උණුසුම් කරන ඕනෑම දෙයක් කිරීමෙන්   වැළකිය යුතු වේ.

"ශරීරයේ අනෙක් කොටස්වලට වඩා ඒවායේ    උෂ්ණත්වය තරමක් අඩු නිසා ඒවා අඩු උෂ්ණත්වයේදී  වඩා හොඳින් ක්‍රියා කරයි," ඔහු  Reader's Digest වෙත පවසනවා.

7. එකතැන නොසිට ඇවිදින්න

සතියකට රූපවාහිනිය පැය 20 කට වඩා වැඩියෙන් නරඹන පුරුෂයන්, අඩුවෙන් රූපවාහිනිය නරඹන පිරිමින්ට සාපේක්ෂව සියයට 44 ක අඩු ශුක්‍රාණු  ප්‍රමාණයක්  සහිත  බව පරීක්ෂණ වලට අනුව හාවඩ් හි මහජන සෞඛ්‍ය විද්‍යා පර්යේෂකයන් පෙන්වා දී ඇත.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

එහෙනම්, ඔබට පියෙක් වීමට අවශ්‍ය නම්, ඔබ සෝපාවෙන් නැගිටින්න කාලය උදා වෙලා. එම පර්යේෂණයෙන් සොයාගත් පරිදි, සතියකට පැය 15 ක් හෝ ඊට වැඩි කාලයක් ව්‍යායාම  කරන   පුරෂයන්ගේ  කලාතුරකින් ව්‍යායාම  කරන පුරුෂයන්ට වඩා සියයට 73 ක ශුක්‍රාණු  ප්‍රමාණයක් ඇත.

8. සෞඛ්‍ය  සම්පන්න මට්ටමකින් රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් පවත්වා ගන්න

රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ශුක්‍රාණු ප්‍රමාණය අඩුකරන, ලිංගික රුචිය අඩුකරන ලිංගික බෙලහීනතාවය හා සම්බන්ධතාවයක් ඇති බව පෙර කිව් අධ්‍යනය මගින් සොයා ගෙන ඇත.

"යුවල වලින් සියයට 15 කට පමණ සාරවත් බව පිළිබඳ ගැටළු ඇති අතර, එයින්  අඩක්ම පුරුෂයන්ගේ  ශුක්‍ර තරලයේ අඩුපාඩු මත සිදුවේ," යනුවෙන් ස්ටයින්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ලේඛකයෙක් වන ආචාර්ය මයිකල් අයිසන්බර්ඩ් පැවසීය.

9. සෞඛ්‍ය  සම්පන්න ආහාර වේලක් ලබා ගන්න

පලතුරු හා එළවළු පරිභෝජනය වැඩි කර ගැනීමෙන් ශුක්‍රාණු  වල සෞඛ්‍යයට  මෙන්ම ඔබේ සමස්ත නිරෝගී කමටද බලපෑ හැකිය. ශුක්‍ර තරලය ඉහල නැංවීම  සඳහා විටමින්, ඛනිජ සහ ප්‍රතිඔක්සිකාරක වලට හැකි බව සොයාගෙන ඇත.

"බැදපු අල පෙති ආහාරයට ගැනීම  ඔබේ හදවතට නුසුදුසු සේම ඔබේ වෘෂණ කෝෂද එවැනි අවයවයක් වන අතර ඔබේ සිරුර පෝෂණය කරන  පෝෂ්‍ය පදාර්ථ වලින් එයද පෝෂණය කල යුතු වේ," කියා ආචාර්ය බ්‍රාහම්ට් පවසයි.

10. වැඩි කිරි ප්‍රමාණයක් පරිභෝජනය කරන්න

අඩු මේද සහිත කිරි ආහාර පරිභෝජනය මගින් පුරුෂයන්ගේ සාරවත් බව වැඩි දියුණු කළ හැකිය. හාවර්ඩ් හි මහජන සෞඛ්‍ය පාසැලට අනුව අඩු තරබාරු කිරි දිනකට 1 ත් 3 ½ ත් වාර ගණන අඩු මේද කිරි ආහාර ගැනීමෙන් ශුක්‍රාණු  සාන්ද්‍රණය වැඩිවීම සහ ශුක්‍රාණු  චලනය වැඩි වීම සිදුවේ.

11. මත්පැන් පානය කිරීම පාලනය

වෛද්‍ය  සබැන්ග්ට අනුව, "අධික මට්ටමේ මත්පැන් පානයෙන් හෝමෝන ප්‍රමාණ වලට බලපෑම් කර සාරවත් බව අඩු කරන අතර අපගේ අක්මාවටද හානි කරයි.  මරිජුවානා සහ අනෙකුත් ඔපීඒට්ස් වැනි මත්ද්‍රව්‍ය  ශුක්‍රාණු  නිෂ්පාදනයට අවශ්‍ය  හෝමෝන වලට බලපායි."

12. අතිරේකයන් ඉවත් කරන්න

අතිරේකයන්  එකතු කර ගැනීමට අවශ්‍ය  පුද්ගලයින්ට අඛණ්ඩව ව්‍යායාම  කිරීම   හෝ   ඔවුන්ගේ අපේක්ෂිත මාංශපේෂින් වර්ධනයට  ස්වාභාවික ක්‍රම  භාවිතා කල   යුතුය.

ටෙස්ටොස්ටෙරෝන් අතිරේක ඔබගේ ශරීරය ව්‍යාකූල  කළ හැකිය. වෛද්‍ය  සාබෙෂ් පවසන පරිදි, මෙසේ ඔබේ සිරුරට අතිරේක ටෙස්ටොස්ටෙරෝන් ගැනීමෙන් සිරුර ප්‍රමාණවත්  හෝමෝන ලැබේයැයි වරදවා වටහා ගෙන එය නිෂ්පාදනය නවත්වනු ලබයි.

13. විවේක ගන්න

"මානසික පීඩනය අඩු සරුබව හා සම්බන්ධතාවයක් ඇත. ඒ  කොටිසෝල් නිසා විය හැකි නමුත් හේතුව කිසිවකු නොදනී. ", වෛද්‍ය  සාබෙෂ් වෙත Reader's Digest පවසයි.

මෙඩිකල් නිව්ස් ටුඩේ වලින් කල උපුටා ගැනීමකට අනුව කැලිෆෝනියාවේ මෑතකදී  කරනු ලැබු අධ්‍යයනයක් අනුව  ජීවිත ආතතිය  ශුක්‍රාණු වල ගුණාත්මය අඩු විමට හේතු වේ. කොලම්බියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්  විසින් මානසික පීඩනය, ශුක්‍රාණු  සාන්ද්‍රනය , ගුණාත්මක භාවය සහ චලනයට බලපාන්නේ කෙසේදැයි  බෙදාහදා ගනී.

තාත්තෙක් වෙන්න පෙරුම් පුරන ඔයාට මේ වැදගත් තොරතුරු ආදරයෙන් තිළිණ කරන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • තාත්තෙක් වෙන්න ආසයි නේද? මෙන්න ඒ සදහා කලයුතු දේවල්
බෙදාගන්න :
  • දරුවෙකු ගැන හිතන්න කලින් පුරුෂ පාර්ශවය කල යුතු දේවල්

    දරුවෙකු ගැන හිතන්න කලින් පුරුෂ පාර්ශවය කල යුතු දේවල්

  • කාන්තාවන්ට සරු බව ගෙන දෙන ආහාර වර්ග 15ක්

    කාන්තාවන්ට සරු බව ගෙන දෙන ආහාර වර්ග 15ක්

  • දරුවෙකු ගැන හිතන්න කලින් පුරුෂ පාර්ශවය කල යුතු දේවල්

    දරුවෙකු ගැන හිතන්න කලින් පුරුෂ පාර්ශවය කල යුතු දේවල්

  • කාන්තාවන්ට සරු බව ගෙන දෙන ආහාර වර්ග 15ක්

    කාන්තාවන්ට සරු බව ගෙන දෙන ආහාර වර්ග 15ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it