theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රූසපුව වඩවන වටිනා ඔසුවක් වු කුංකුම රේණු හෙවත් Saffron

3 අවම කියවීම
රූසපුව වඩවන වටිනා ඔසුවක් වු කුංකුම රේණු හෙවත් Saffronරූසපුව වඩවන වටිනා ඔසුවක් වු කුංකුම රේණු හෙවත් Saffron

රූසපුව වඩවන වටිනා ඔසුවක් වු කුංකුම රේණු හෙවත් Saffron ගැන නම් නොදන්න කාන්තාවක් නැති තරම්. මොකද ගොඩාක් අය හරිම සැලකිල්ලක් දක්වනවා කුංකුම ගැන.

රූසපුව වඩවන වටිනා ඔසුවක් වු කුංකුම රේණු හෙවත් Saffron ගැන නම් නොදන්න කාන්තාවක් නැති තරම්. මොකද ගොඩාක් අය හරිම සැලකිල්ලක් දක්වනවා කුංකුම ගැන.

අද ගොඩාක් ගර්භණී අම්මලාත් කුසේ ඉන්න දරු පැටියාව ලස්සන වෙන්න කුංකුම භාවිතා කරන්න ඕනි විදිය ගැන අහනවා. ඒ වගේම ලස්සන වෙන්න මඟ බලාගෙන ඉන්න තරුණියෝ කුංකුම   ගැන ගොඩාක් විස්තර හොයනවා. ගොඩාක් තරුණියන් කුංකුම රේණු කිරි සමඟ පානය කරන්නටත්, එයාලාගේ ආලේපනයන් වලට රේණු කීපයක් දමා භාවිතා කරන්නටත් පෙළඹිලා ඉන්නවා.

කුංකුම රේණු

අපි අද බලමු කුංකුම රේණු වල අපි නොදන්න ප්‍රයෝජන මොනවාද කියලා.

කුංකුම රේණු  වලින් ලස්සන වෙනවා විතරද?

වටිනා ඖෂධයක් වූ කුංකුම(kunkuma) හෙවත් Saffron පිළිබඳවයි මේ....

Crocus sativus යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කුංකුම සියවස් ගණනාවක සිට ප්‍රධාන කුළුබඩුවක්, සුගන්ධක ද්‍රව්‍යක්, සායම් ද්‍රව්‍යක් හා ඖෂධීය ද්‍රව්‍යක් ලෙස ප්‍රචලිත වී ඇත.

දීප්තිමත් දම් පැහැයකින් යුක්ත වන ස්ත්‍රී පුෂ්ප වල මැද ඇති රේණු ත්‍රිත්වය වියළි කුංකුම නිපදවීමට යොදාගනියි.

කුංකුම රේණු

ලොව මිල අධිකම දේවල් වලින් එකක් වන කුංකුම රේණු

වියළි කුංකුම නිපදවීමට විශාල කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදුවන බැවින් බර අනුව ලොව මිල අධිකම ද්‍රව්‍ය අතරින් එකක් බවට මෙය පත්ව ඇත.

කුංකුම ශාකයේ නිජබිම කාෂ්මීරය වන අතර වර්තමානයේදී ප්‍රංශය , ඉතාලිය, ඉන්දියාව , ඉරානය හා ග්‍රීසිය වැනි රටවල කුංකුම වගාකරනු ලබන අතර හොඳම ගුණාත්මක භාවයෙන් යුතු කුංකුම නිපදවන්නේ ඉරානය හා කාෂ්මීරය බව පිළිගැනීමක් ඇත.

සාමාන්‍යයෙන් කුංකුම දීප්තිමත් රතු මිශ්‍ර කහ පැහැයකින් යුක්තවන අතර සමහර කුංකුම වර්ග දීප්තිමත් තැඹිලි පැහැයට හුරු කහ පැහැයකින් යුක්ත වේ.

කුංකුම රේණු

කුංකුම වල Crocin හා procrocin යන රසායනික සංයෝග ප්‍රධාන වශයෙන් අඩංගු වන අතර 08-13% පමණ වාෂ්පශීලී තෙල් අඩංගු වේ.

ආයුර්වේදයට අනුව කුංකුම මේවයින් යුක්ත වේ

ආයුර්වේද මූලධර්ම අනුව කුංකුම,
කටුක හා තික්ත රසයෙන්
ලඝු හා ස්නිග්ධ ගුණයෙන්
උෂ්ණ වීර්‍යෙන්
කටු විපාක වලින් යුක්ත වේ.

මෙය වාත පිත කඵ යන තුන්දොස්ම සමනය කරන බව ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන් වේ.

ආයුවේදයේ සඳහන් කුංකුම වල ගුණ

  1. ස්නායු උත්තේජනය කරන ගුණයෙන් යුක්තයි. (අධික මාත්‍රාවෙන් ගැනීමෙන් මත් බව ඇති වේ)
  2. වේදනා නාශක ගුණ ඇත.
  3. මොලයේ ඇති දුර්වලතා මගහරිමින් බලය ලබා දෙයි.
  4. මානසික ආතතිය දුරු කරයි.
  5. සෙම් නසන ගුණයෙන් යුක්තයි.
  6. ආහාර අරුචිය, අජීර්ණ , වමන රෝග සඳහා ගුණ දෙයි.
  7. කුංකුම හදවතට හිතකර වේ.
  8. රුධිරය පිරිසිඳු කරයි.
  9. මුත්‍රකාරක ගුණ ඇති නිසා මුත්‍ර පිටකිරීම අපහසු අවස්ථාවලදී යෙදීමෙන් මුත්‍ර පිටකිරීම පහසු කරයි.
  10. වාජීකරණ ගුණයෙන් යුක්ත වන නිසා ලිංගික බෙලහීනතාව නැති කරයි.
  11. ගර්භ සංකෝචක ගුණයෙන් යුක්ත නිසා ස්ත්‍රීන්ගේ මාසික ඔසප් වීමේදී ඇතිවන සංකූලතා මගහරවයි.
  12. වර්ණ විකෘතිතා මගහරිමින් සම පැහැපත් කරන අතර චර්මයට හිතකර වේ.
  13. දද, කුෂ්ට ඇතුලු චර්ම රෝග සඳහා ගුණදායක වේ.
  14. කුංකුම අඩංගු කුංකුමාදී තෛලය සමේ ආලේප කිරීමෙන් ලප , කැලැල් නැති කරමින් ප්‍රභාමත් කරයි.

රූසපුව වඩවන වටිනා ඔසුවක් වු කුංකුම රේණු හෙවත් Saffron

Saffron නොහොත් කුංකුම රේණු පානය කරනවා නම්

කුංකුම රේණු 3ක් 4ක් උණුසුම් ජලය සමග හෝ එළකිරි සමග මිශ්‍ර කොට මිනිත්තු 15ක් පමණ තබා පානය කළ හැක.

මීට අමතරව කුංකුම අඩංගු සම්පාදිත ඖෂධ රැසක් ආයුර්වේද ප්‍රතිකාර වලදී යොදා ගනී.

Gimhani Fonseka

 

මේ විස්තරය කොලඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතන ආයුර්වේද වෛද්‍ය සිසුවියක් වන ගිම්හානි ෆොන්සේකා අපිට ගෙන එන ලදී.

 

මෙහි මුල් ලිපිය ඇය "ඔසුල"නම් වූ ඇයගේම ෆේස්බුක් පිටුවේ මෙය පල කලා.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

annnirmani

  • Home
  • /
  • දේශීය බෙහෙත් ක්‍රම
  • /
  • රූසපුව වඩවන වටිනා ඔසුවක් වු කුංකුම රේණු හෙවත් Saffron
බෙදාගන්න :
  • පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු

    පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු

  • නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ

    නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ

  • පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු

    පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු

  • නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ

    නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it