theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු

4 අවම කියවීම
පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසුපැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු

පුංචි පැටියාගේ සුවයට මේ දිව ඔසු ගැන අපිව දැනුවත් කරන්න මාතලේ ආයුර්වේද වෛද්‍ය සමනලගිරි නාඩි වෛද්‍ය පී. කේ. අල්විස් පලේබොඩගේ මහතා සමග ඉතා වටිනා පිළිසඳරක යෙදුනා.

අතීතයේ පටන් අපේ මුතුන්මිත්තන් ආයුර්වේද ශාකසාර ඇසුරෙන් ඉතා සරලව රෝග සුව කර ගැනීමේ ක්‍රම යොදා ගත්තා. මේ අතරට එදිනෙදා වත්තෙන් හොයාගන්න බොහෝ පැළෑටි දිව ඔසු සේ පුංචි දරුවන්ගේ පෝෂණයට, දරුවාගේ බුද්ධි වර්ධනය සදහා  උදවු කරගන්න අපේ පැරණි අම්මලා සමත් වුණා.

ඒත් දැන් අපිට ඒ වගේ බෙහෙත් පැළෑටි හොයාගන්න අමාරුයිනේ. නැහැ. කොහෙත්ම නෑ. පුංචි ඉඩක අමුකහ, ඉඟුරු, ගොටුකොළ, ලුණුවිල, උඳුපියලිය වගේ දේවල් වවාගන්න ඔබට නොහැකි වන්නේ නැහැ.

ඉතින් පුංචි පැටියාගේ සුවයට මේ අපූරු දිව ඔසු ගැන අපිව දැනුවත් කරන්න කියලා මාතලේ කෙලින් වීදිය, නො.520 හි, උදය අල්විස් වෙද මැදුරේ ආයුර්වේද වෛද්‍යතුමා.

වෛද්‍ය සමනලගිරි නාඩි වෛද්‍ය පී. කේ. අල්විස් පලේබොඩගේ මහතා සමග ඉතා වටිනා පිළිසඳරක යෙදෙන්න අවස්ථාව උදා වුණා.

ඔහු අපට සඳහන් කළේ නිවසෙන්ම ඉතා සරලව හදාගන්න පුළුවන් සරල බෙහෙත් වට්ටෝරු කිහිපයක් ගැනයි.

නමුත් ඒවාගෙන් ඇති විශ්මිත ගුණ ඔබ මවිත කරන බව විශ්වාසයි. මාස 6ට අඩු දරුවන්ගේ සිට ඔබට මේ ඔසු දිය හැකි බව මෙතුමා විශේෂයෙන් සඳහන් කළා.

දරුවන්ගේ ආහාර

දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා අපූරු හෙළ ඔසු ගැන දැනගන්න

1. නිතර පැතිරෙන වෛරස් උණට කොත්තමල්ලි, කොත්තමල්ලි දුම්

නිතරම විවිධාකාරයෙන් වෛරස් උණ දැන් දැන් හිස ඔසවනවා. එවැනි තත්වයන් වලදී කොත්තමල්ලි කබලක දමා පුච්චන්න.

පසුව එහි දුම් දරුවා නිදන කාමරය හා අවට පරිසරයට ඇල්ලීමේ විෂබීජ පැතිරීමත්, දරුවාට ඉන් ආරක්ෂාව ලබාගන්නත් පුළුවන් බව එතුමා සඳහන් කළා.

අනෙක් අතට සතියකට වරක් පමණ කොත්තමල්ලි තම්බා ගත් වතුර මෙවැනි කාල වලදී කුඩා ප්‍රමාණයක් ලබාදීම කළහැකි නම් බොහෝ බෝවන රෝග වලින් ආරක්ෂා වීමට හැකියි.

අවුරුද්දට වැඩි දරුවන්ට කොත්තමල්ලි සීනි ස්වල්පයක් සමග මුසු කර දීමෙන් ශරීරයට එය ඉක්මනින් අවශෝෂණය වන බවද ඔහු පවසනවා.

ඒ වගේම ඊට කුඩා ඉඟුරු කෑල්ලක් මුසු කිරීමෙන් තවත් ගුණ ලබාගන්න පුළුවන්.

පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු

2. ගොටුකොළ

ගොටුකොළ, කොළ කිහිපයකින් ඔබට මේ බෙහෙත් හදාගන්න පුළුවන්.

නිතර කේන්ති යන, නොසන්සුන් දරුවන්ට, සෙම් රෝග, පණු රෝග, නුරුස්සන ගතියට වගේම, නින්ද නොයන දරුවන්ටත් ගොටුකොළ කදිම ඔසුවක් බව එතුමා කියනවා.

ඒ වගේම ඥානය හා බුද්ධිය වර්ධනයට ගොටුකොළ ඉතා හොඳ ඔසුවක් බව ඔහු කියනවා.

ඔබට කරන්න තියෙන්නේ ගොටුකොළ කොළ කිහිපයක් ගෙන හොඳින් පිරිසිදු කර මේස හැඳි භාගයක් පමණ යුෂ සාදාගන්න.

මෙය සතියකට කිහිප වරක් දරුවාට බොන්නට දෙන්න හෝ නැතිනම් බත් සමග මුසුකර වුවත් දෙන්න පුළුවන්.

ගොටුකොළ ඇස් වල පෙනීම වර්ධනයට ඇතුළු විටමින් බහුල පලාවර්ගයක් නිසා කොයි ආකාරයෙන් දරුවන්ට දුන්නත් එහි ගුණ අනූන බව වෛද්‍යවරයා සඳහන් කළා.

3. උඳුපියලිය

දරුවාගේ බුද්ධි වර්ධනය ට ආයුර්වේදයට අනුව උඳුපියලිය ඉතා වටිනා ඖෂධයක් ලෙස සලකන අතරම පුංචි දරුවන්ගේ බඩේ අමාරු වලට දිව ඔසුවක්.

උඳුපියලිය, දෙහි, සුදුලූණු, අමු ඉඟුරු සමව ගෙන වන්ඩුවේ තම්බා, නැතිනම් ස්ටීම් කරගෙන පසුව එහි යුෂ මිරිකා මීපැණි   (අවුරුද්දට වැඩි දරුවන්ට) ස්වල්පයක් සමග දෙන්න පුළුවන්.

පොල් තෙල්

4. දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා පිරිසිදු පොල් තෙල්

දරුවන්ගේ නින්ද අඩුකමට පිරිසිදු පොල් තෙල් හෝ හැකිනම් පොල් තෙල් වලට අරූද කොළ ටිකක් දමා රත්කර ගෑමෙන් ඉතා හොඳ සහනයක් දරුවන්ට ලැබෙන බව ඔහු පවසනවා.

අරූද කොළ අපිට ආයුර්වේද ඔසු විකිණීමට ඇති බෙහෙත් බඩු කඩයකින් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.

5. එළඟිතෙල් හා තල තෙල්

දරුවන්ගේ ආහාර තෙම්පරාදු කරන විට එළඟි තෙල් හා තල තෙල් ඊට එක්කරගන්න. එමගින් දරුවන්ට ඇතිවිය හැකි අසාත්මිකතා, ඇලජික් වැනි තත්වයන්ගෙන් වැළකීමටත්, සුවය ලැබීමටත් සුදුසු බව පවසනවා.

6. හීනැටි හාල්, සුවඳැල් හාල්, ඇල්හාල්

මේ හාල් වර්ග දරුවන්ට විශේෂයෙන් සුදුසුයි.

තවද හොඳින් ජීරණය වනවා වගේම එහි ඇති සමබර පෝෂණ ගුණයන් වැඩෙන දරුවන්ට ඉතා යෝග්‍ය බව පැවසෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

7. ලුණුවිල

ප්‍රාඥාව හා මොලයේ වර්ධනයට කුඩා කළ සිටම ලුණුවිල දිය හැකි නම් ඉතා හොඳ ඔසුවක් ලෙස වෛද්‍යවරයා පවසනවා.

ලුණුවිල අපිට ගෙදර පෝච්චියක වුනත් වවාගන්න පුළුවන්.

මාස 6 ට වැඩි දරුවන්ට ලුණුවිල කොළ කිහිපයක යුෂ හෝ වයස අනුව සම්බෝල ලෙස රතුළුණු සමග මුසුකර දීම ඉතා ගුණදායකයි.

එමෙන්ම, කතාව ප්‍රමාද දරුවන්ටත් ලුණුවිල රතුළුණු සමග සිහින්ව අඹරා හෝ පොඩිකර එළඟි තෙලෙන් අඹරාගන්න.

මෙයින් ඉතා කුඩා ප්‍රමාණයක් සතියකට දින කිහිපයක් දීමෙන් කතාව වගේම බුද්ධියත් වර්ධනය වන බව පැවසෙනවා.

අනෙක් අතට දරුවන්ගේ මළ බද්ධය හා පණු රෝග වලටත් ලුණුවිල ඉතා හොඳ ඔසුවක්.

 

8. දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා පෙරුම්කායම්

පෙරුම්කායම් කැබලි ලෙස ඉතා පහසුවෙන් බෙහෙත් බඩු කඩ වලින් මිලදී ගන්න පුළුවන්.

ඉන් දරුවන්ට බෝවන රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන් බව එතුමා පවසනවා.

පුංචිම දරුවන්ට පුංචි වළල්ලක් ලෙස පෙරුම්කායම් කැබැල්ලක් අතේ බැඳ නැතිනම් තොටිල්ලේ ආරක්‍ෂිත තැනක එල්ලා තබන්න.

තවද නිවස තුළ පෙරුම්කායම් දැමු කුඩා පීරිසියක් තැබීමෙනුත් අහිතකර විෂබීජ ඊට උරා ගැනීමේ ශක්තිය ඇති බව වෛද්‍යවරයා විස්තර කරනවා.

ඔබේ පැටියා පීඩාකාරී රෝග වලට මුහුණ දෙන්නට පෙර ඉතා සරල බෙහෙත් පැළෑටි වලින් ඉතා හොඳ සුවයක් සැනසුමක් ලබාගන්නට පුළුවන්.

මේ ඔසු පිළිබඳ තොරතුරු ප්‍රයෝජනවත් වනු ඇතැයි theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දේශීය බෙහෙත් ක්‍රම
  • /
  • පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු
බෙදාගන්න :
  • නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ

    නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ

  • අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

    අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

  • නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ

    නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ

  • අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

    අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it