theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මෙදා අවුරුද්දේ කැවුම්, කොකිස්, අලුවා වල රස බලමුද?

8 අවම කියවීම
මෙදා අවුරුද්දේ කැවුම්, කොකිස්, අලුවා වල රස බලමුද?මෙදා අවුරුද්දේ කැවුම්, කොකිස්, අලුවා වල රස බලමුද?

මේ පාර අවුරුද්දට ඔයාගේ අවුරුදු කෑම ‌මේසේ සරසන්න රස කැවිලි වට්ටෝරූ 15 ක් ‌මෙන්න

අවුරුදු රස කැවිලි ගැන මතක් ‌වෙද්දිත් ආසයි ‌නේද? ඔන්න ‌මේ පාර අවුරුද්දත් ලග ලගම එනවා.

අවුරුද්ද කියන්නේ ලොකු පොඩි කාටත් විනෝදය ලබා දෙන උත්සවයක්. අවුරුදු කාලේ හරිම සුවිශේෂියි.

රබන් හඩ, කොහාගේ හඩ, ඔංචිලි පැදීම වගේ අවුරුද් සෙල්ලම් ගොඩාක් එක්ක තව වැදගත් දෙයක් සිදුවෙනවා.

ඒ තමයි අම්මා රසම රස අවුරුදු කෑම ගොඩාක් හැදීම. එහෙම නේද?

ඔන්න මෙදා පාර අවුරුද්දට ඔබට ගෙදර ඉදන් සකස් කරගන්න අවුරුදු කෑම කිහිපයක වට්ටෝරූ අරගෙන අපි ආවා.

අපේ අම්මලා අතරින්ම ලබාගත් මේ රසම රස කෑම වට්ටෝරූ අපි ඉදිරිපත් කරනවා.

1.අවුරුදු රස කැවිලි: කිරිබත්

අවුරුද්දේ මුලික ආහාරය කිරිබත් නිසා අපි කිරිබත් වලින්ම පටන් ගමු නේද?

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු හාල් කිලෝ 1
  • පොල් ගෙඩියක උකු කිරි
  • අවශ්‍ය පමණට ලුණු

සාදන විදිය

  • හාල් හොදින් සෝදා එයට සාමන්‍ය බත් උයන පරිදි ජලය එක්කරන්න. 
  • ඉන්පසු රස අනුව ලුණු දමා බත පිසෙන්න හරින්න.
  • බත හොදින් පිසුනු පසු එය හොදට කූරූ ගා පොල් කිරි දමා හොදින් පිසෙන්න හරින්න.
  • දැන් කිරිබත් ටික කෙසෙල් කොළයක් උඩ පරිස්සමට වඩවා ගන්න.
  • කිරිබත නිවුන පසු කෑලී කපන්න.

2.අවුරුදු රස කැවිලි: කොකිස් 

මෙදා අවුරුද්දේ කැවුම්, කොකිස්, අලුවා වල රස බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය

  • හාල් පිටි කිලෝ 1
  • පොල් ගෙඩියක කිරි
  • බිත්තර 1
  • සීනි ස්වල්පයක්
  • ලුනු 
  • පොල්තෙල්

සාදන විදිය

  • හාල් පිටි වලට පොල් කිරි මිශ්‍ර කරමින් පිටි කැටි නොසිටින සේ හොදින් කලවම් කරන්න.
  • එයට රස අනුව ලුණු හා සීනි එකතු කර පැයක් විතර වසා තබන්න.
  • ඉන්පසු තාච්චියක් ලිප තබා තෙල් හොදට රත්වෙන්න අරින්න.
  • තෙල් රත් වු පසු එම තාච්චියට කොකිස් අච්චුව දමා එය රත් කරගන්න.
  • දැන් අච්චුව මිශ්‍රණයට දමමින් එහි මිශ්‍රණය දවටා කොකිස් රත් වු තෙල් තාච්චියේ ගිල්වා රන්වන් පාට වෙන තුරු බැදගන්න.
  • කොකිස් ගලවන්න කූරක් භාවිතා කරන්න.
  • මෙය දින කිහිපයකට කලින් සකස් කරන නිසා නිවුන පසු  සුලං නොවදින්න අසුරා තබන්න.

3.අවුරුදු රස කැවිලි : කොණ්ඩ කැවුම

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල් පිටි කිලෝ 1
  • පාන් පිටි ග්‍රෑම් 200 (තම්බා ගන්න) 
  • පැණි බෝතලයක්
  •  ලුණු ස්වල්පයක්
  • පොල් තෙල්

සාදන ක්‍රමය 

  • පළමුව පැණි උණුකර තරමක් නිවුණු පසු පෙරාගන්න.
  • දෙවනුව  හාල් පිටි හා පාන් පිටි එකට මිශ්‍රකරන්න.
  • දැන් පිටි මිශ්‍රණයට  ලුණු සහ පැණි දමා නියම පදම එන තුරු  මිශ්‍රකර ගන්න.
  • මිශ්‍රණය පැයක පමණ වසා තබන්න. 
  • තාච්චියක් ලිප තබා එයට පොල්තෙල් එක්කර රත් කරගන්න.
  • දැන් පිටි මිශ්‍රණයෙන් කෝප්පයක් රත් වුනු තෙල් තාච්චිය මැදට සෙමින් වක් කරන්න.
  •  කැවුම බැදී ලෙන එන විට  තෙල් හැන්දෙන් එය මතට තෙල් ඉසින්න.
  • ඒ අතර ඉරටුවක් මගින් කැවුමේ මැද ඇති අමු පිටි පිටට ගනිමින් කොණ්ඩය සකස් කරගන්න.

4.අවුරුදු රස කැවිලි :  මුං කැවුම්

මෙදා අවුරුද්දේ කැවුම්, කොකිස්, අලුවා වල රස බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය

  • බැද කොටා ගත් මුං ඇට ග්‍රෑම් 250
  • කැකුළු පිටි කිලෝ 1
  • පොල් ගෙඩියක කිරි 1
  • පොල් පැණි බෝතල් 1/2
  • පොල්තෙල් 
  • කහ කුඩු 
  • ලුණු කුඩු 

සාදන ආකාරය 

  • හාල් පිටි හලා ගන්න.
  • ඉන්පසු පැණි ලිප තබා උකු වෙන විට ලිපෙන් බා ගෙන එයට මුං පිටි එකතු කර මිශ්‍ර කරන්න
  • අවශ්‍ය පදමට එන තෙක් හාල් පිටි එක්කර ගෙන ලිප තබා මඳ ගින්නේ තම්බාගන්න. 
  • ලෑල්ලක පිටි ඉස ඒ මතට ඉහත සකස් කල මිශ්‍රණය දමා ඒ මත තුනී කරන්න.
  • දැන් ඔබට එය කිරිබත් කෑලි හැඩයට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න පුළුවන්.
  • ඉතිරි පිටි බඳුනකට දමා කිරි ස්වල්පය බැගින් එක්කරමින් උකු පදමට එනතුරු මිශ්‍ර කරගන්න.
  • එයට  කහ ස්වල්පයක් හා ලුණු ස්වල්පයක් එකතු කරන්න. 
  • දැන් තෙල් තාච්චිය රත් කර ගෙන එයට ඉහත සකස් කල කැවුම් සුදු පිටි වල දවටා දමන්න.
  • රනවන් පාට වෙනතුරු බැදගන්න

5.ආස්මී

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සියුම්ව හලාගත් හාල් පිටි ග්‍රෑම් 500 
  • දවුල් කුරුඳු කොළ මිටක්,
  • උකු පොල් කිරි කෝප්ප 3 ¼ ක්,
  • පැණි බෝතල් ½ ක්
  • පොල්තෙල්

සාදන ආකාරය 

  • දවුල් කුරුඳු කොළ ටික වතුර කෝපප ¼ කට ලුනු ස්වල්පයක් එක්කර හොඳින් පොඩිකර පෙරා ගන්න
  • එම දවුල් කොළ ඉස්ම කෝප්ප ¼ කට පමණ හාල් පිටි හොඳින් මිශ්‍ර කරන්න. 
  • ඊලගට තෙල් හොදින් රත්කර එයට ආස්මී හැන්ඳකින් දැලක් සේ සිටින විදියට මිශ්‍රණය රවුමට වක්කර ගන්න.
  •  එය මැදින් නවාගෙන බැදෙන්න හරින්න.
  • රන්වන් පැහැ වීටම පෙර ළිපෙන් බා ගෙන  තෙල් බේරීමට තබන්න. 
  • දින දෙක තුනකට පස්‍ර නැවතත් බැද ගන්න.
  • යලිත් තෙල් බේරේන්න තබා ඉන්පසු පැණි රටාවකට වත් කරන්න.

6.අවුරුදු රස කැවිලි : අලුවා

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුලු හාල් පිටි 500g
  • සීනී 500g
  • කුඩා වට කපාගත් කජු

සාදන ක්‍රමය .

  • හාල් පිටි අඩු ගින්දරේ පරිස්සමට බැද ගන්න .
  • පිටි වල කැට නොසිටින සේ හලා ගන්න.
  • පිටි නිවෙනතුරු ලොකු තාච්චියකට සීනී හා ජලය යොදා එයටම රස අනුව ලුණු යොදා උණු කරගන්න.
  • සිනි දියවී ඇදෙන සුළු වු විට ලිපෙන් බා ගන්න.
  • එය මදක් නිවුන පසු එයට කජු මද හා පිටි මිටක් තබා ඉතිරි පිටි ටික දාලා හොදින් මිශ්‍ර කරන්න. 
  • තෙත ගතිය තියෙද්දිම කලින් පිටි ඉස සකස් කල තැටිය මත මිශ්‍රණය තුනී කර ඒ මත ඉතිරි පිටි ටික ඉස කැබලි කපන්න.

7.අවුරුදු රස කැවිලි : වැලි තලප 

අවශ්‍ය ද්‍රව්‍ය

  • හාල් පිටි ග්‍රෑම් 500
  • උකු පොල් කිරි කෝප්ප  2 1/2
  • සීනි කෝප්ප ග්‍රෑම්  400
  • ලුණු
  • කරදමුන්ගු ඇට කිහිපයක්

සාදන ආකාරය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
  • හාල් පිටි බැදගන්න.
  • පිටි නිවුන පසු එයට ලුණු ස්වල්පයක් පොල් කිරි ඉසිමින් කුඩා කැටිති  එන ලෙස අනා ගන්න. 
  • එම  කැට ටික හුමාලයෙන් තම්බා ගෙන  නැවත කැට පොඩි කරන්න.
  • දැන් සීනි ලිපේ තබා කරදමුංගු දමා පැණි උතුරන විට පිටි කැට ටික එකතු කර කලවම් කරන්න. 
  • එය භාජනයෙන් ගැලවෙන පදම එන විට ලිපෙන් බා ලෑල්ලකට දමා තුනී කර කැබලි කපන්න.

8.අග්ගලා

අවශ්‍ය දෙවල්:

  • බැදගත් හාල් පිටි ග්‍රෑම්  300
  • සීනි ග්‍රෑම්  150
  • කජු මද ග්‍රෑම් 50
  • ලුණු 
  • ගම්මිරිස්

සාදන ආකාරය

  • සීනි හා වතුර දමා තරමක් උකු වනතුරු රත් කරගන්න.
  • හාල් පිටි250 ක්  හීනියට කපා ගත් කජු  හා ගම්මිරිස් කුඩු මිශ්‍ර කරගන්න.
  • දැන් කලින් උණු කරගත් පැණි වලට එම පිටි මිශ්‍රණය එකතු කර මිශ්‍රණයක් සදාගන්න.
  • මිශ්‍රණය නිවුන පසු ගුලි කර ඉතිරි කරගත් පිටි වල තවරා ගන්න.

9.නාරං කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • සීනි ග්‍රෑම් 150
  • පොල් බෑයක පොල්
  • බැද කැබලි සිටින සේ කුඩු කරගත් මුං ඇට ග්‍රෑම්  100
  • බැද ගත් හාල් පිටි ග්‍රෑම්  250
  • කරදමුංගු කුඩු ස්වල්පයක්
  • පොල්තෙල්
  • කහකුඩු

සාදන ආකාරය

  • මුලින්ම සීනි හා  වතුර දමා ලිප තබා උණු කරගන්න. එයටම පොල් හා කරදමුංගු  දමා හොඳින් මලවා ගන්න. 
  • මේ අතර මුං ඇට ටික කබලේ බැදලා කෑලි සිටින සේ කුඩු කරන්න.
  • පැණි පොල් එක ලිපෙන් බා එයටම කුඩු කරගත් මුං හා බැද ගත් හාල් පිටි ග්‍රෑම් 100  එකතු කර හොඳින් කලවම් කරන්න.
  •  මිශ්‍රණය නිවුන පසු තරමක බෝල හද ගන්න.
  • හාල්පිටි ග්‍රෑම්  150 ,කහ කුඩු හා ලුණු ස්වල්පයක් මිශ්‍ර කර බැටරයක් සදා කලින් සදාගත් බෝල එහි ගිල්වා ගැඹුරු තෙලෙහි බැදගන්න.

10.පැණි වළලු

මෙදා අවුරුද්දේ කැවුම්, කොකිස්, අලුවා වල රස බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උළුදු පිටි ග්‍රෑම් 250
  • හාල් පිටි ග්‍රෑම් 250 
  • පාන් පිටි ග්‍රෑම් 75 
  • පොල් කිරි මිලි ලිටර් 100
  • පොල්තෙල් 
  • කිතුල් පැණි මිලි ලීටර් 500 

සාදන ආකාරය

  • උළුදු පිටි, හාල් පිටි හා පාන් පිටි වර්ග තුනම ජලය යොදා එකට දමා හොදින් කවලම් කරන්න.
  • මිශ්‍රණය පැය 5 පමණ තබන්න .
  • ඉන්පසු පොල් කිරි එක්කර බීට් කරගන්න.
  • මිශ්‍රණය පයිපින් බෑග් එකකට ගෙන රත්වු තෙල් මතට රවුමට වත් කරන්න.
  • එය හොදට බැදෙන්න හරින්න.
  • බැදුණු වළලු රත් කර ගත්  පැණි භාජනයට දමා විනාඩි කිහිපයක් තබා එලියට ගෙන සිසිල් වෙන්න තබන්න.

11 . අවුරුදු රස කැවිලි : තල බෝල

අවශ්‍ය ද්‍රව්‍ය

  • තල ග්‍රෑම් 125
  • සීනි ග්‍රෑම්  150 
  • බටර් තේ හැඳි 1

සාදන ආකාරය

  • සීනි ටිකක් කැරමල් කරගන්න.
  • එයට වතුර එකතු කර අනෙක් සිනි ටිකත් දිය කරගන්න 
  • කැරමල් එකේ ඇලෙන සුලු ගතිය ඇති විට එයට තල ටික එකතු කරලා හොඳට කලවම් කරගෙන.
  • භාජනය ලිපෙන් අයින් කර බටර් ටික දාලා හොඳින් කලවම් කර ගන්න.
  • ඉන්පසු මද රස්නේ තියෙද්දිම ගුලි කරගන්න

12. අවුරුදු රස කැවිලි: කිරි ටෝ‍ෆි

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පොඩි ටින් කිරි ටින් එකක් ග්‍රෑම්  390
  • කජු ග්‍රෑම්  60
  • සීනි ග්‍රෑමු 200
  • බටර් මේස හැඳි 2
  • ටින් කිරි ටින් එකෙන් 1/3 ක වතුර
  •  එනසාල් කුඩු ස්වල්පයක්
  •  වැනිලා මේස හැන්දක්

සාදන ආකාරය

  • මුලින්ම භාජනයකට ටින් කිරි එක හා ටින් කිරි ටින් එකෙන් තුනෙන් එකක් තරම්  වතුර දාගන්න.
  • එය හොදින් මිශ්‍ර කර  එයටම බටර් ටික දාගන්න.
  • මද ගින්නේ මිශ්‍රණය නටන තෙක් දිගටම හැදි ගාන්න
  • මිශ්‍රණය නටන්න පටන් ගද්දිම කජු,වැනිලා,එනසාල් දාල හැඳි ගාගන්න
  • මිශ්‍රණය දුඹුරු පාටට උකු වෙන කොට කලින් බටර් ගාලා සකස් කරගෙන තිබු තැටිය මත තුනී කර කෑලි කපාගන්න.

13.බටර් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • බටර් ග්‍රෑම් 250
  • සීනි ග්‍රෑම්   250g
  • පාන්පිටි ග්‍රෑම්  250
  • බිත්තර 4
  • බේකින් පව්ඩර් තේ හැඳි 2
  • වැනිලා තේ හැඳි 1

සාදන ආකාරය

  • පාන්පිටි වලට බේකින් පව්ඩර් එකතු කර තුන් පාරක් හලා ගන්න.
  • කුඩුකරගත් සීනි, බටර් බාජයනකට දමා බීට් කරන්න 
  • ඉන්පසු එයට කහ මද එක බැගින් එකතු කර කර බීට් කරන්න .
  • දැන් එයට බිත්තර සුදු මද ටික හොදින් බීට් කර එකතු විනාඩියක් පමණ බීට් කරන්න
  • ඉන්පසු එයට හලාගත් පාන්පිටි ටික එකතු කරලා හැන්දකින් එකම පැත්තට පෙරලමින් මිශ්‍ර කරන්න.
  • දැන් එයට වැනිලා ටිකක් එකතු කරන්න.
  • කලින් ඔයිල් පේපර් දාලා සකස් කල තැටියට මේ මිශ්‍රණය දමන්න
  •  180 ට වලට කලින් රත් කරලා තිබු අවන් එකට දාලා කේක් එක බේක් කරගන්න.

14.රුලං අලුවා

අවශ්‍ය ද්‍රව්‍ය

  • රුලං ග්‍රෑම් 375
  • ගා ගත් පොල් ග්‍රෑම්  300
  • සීනි ග්‍රෑම්  500
  • කජු ග්‍රෑම්  100
  • වැනිලා තේ හැදි 1
  • තලා ගත් කරදමුංගු / එනසාල් ඇට 3 - 4ක්
  • ලුණු 

සාදන ආකාරය:

  • රුලං ටික හා පොල් ටික වෙන වෙනම කබලේ බැදලා නිවෙන්න තියන්න. 
  • සීනී, එනසාල් හා ජලය බදුනකට දාලා ලිපේ තියන්න.
  • සීනි දිය වුනාට පස්සේ  වැනිලා හා ලුණු එකතු කර ලිපේ ගින්දර අඩු කරන්න
  • සීනි කැටී ගැසීගෙන එන විට  කජු හා පොල් එකතු කර මිශ්‍රකරන්න.
  • ඉන්පසු ලිප නිවා රුලං ටිකත් එකතු කර මිශ්‍ර කරන්න.
  • නැවත මිශ්‍රණය ලිප තබා එකට කැටි ගැසෙන පදමට එනකම් හැදි ගාන්න
  • බටර් ගාලා සකස් කර ගත්ත තැටියක මිශ්‍රණය ත්‍රනී කර සවි වී ගෙන එනකොට කෑලි කපන්න

15.කළුදොදොල්  

  • පොල් ගෙඩි 1 ක් පොල්
  • කිරි ලීටර් 1/2 
  • හකුරු ග්‍රෑම් 100
  • දුඹුරු සීනි ග්‍රෑම්  100
  • රතුහාල් පිටි  ග්‍රෑම් 85
  • කජු ග්‍රෑම්  25
  • එනසාල් කුඩු
  • ලුණු

සාදන ආකාරය

  • හකුරු, පිටි හා පොල් කිරි වලින් කොටසක් මිශ්‍ර කරගන්න. හකුරු හොදින් දිය විය යුතුයි.
  • සීනි, පොල්කිරි ඉතිරි පොල් කිරි ටික  දියකරගෙන පළමු මිශ්‍රණයට කලවම් කරන්න
  • දැන් එයට කරදමුංගු එකතු කර හැදි ගාන්න
  • විනාඩි 30ක් විතර යද්දි තෙල් පෑදෙනවා.
  • ඒ තෙල් හැන්දකින් ඉවත් කරලා කජු ටික එකතු කරන්න 
  • මිශ්‍රණය හැන්දේ නොඇලෙන පදමට එනකම් හොදින් හැදි ගාන්න.
  • ඉන්පසු ලිපෙන් බා තැටියක මිශ්‍රණය තුනී කරන්න.
  • නිවුන පසු කෑලී වලට වෙන් කරන්න
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • මෙදා අවුරුද්දේ කැවුම්, කොකිස්, අලුවා වල රස බලමුද?
බෙදාගන්න :
  • බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

    බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

  • ගැබිණි මවකට රසම රස අච්චාරු වර්ග හතක්

    ගැබිණි මවකට රසම රස අච්චාරු වර්ග හතක්

  • බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

    බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

  • ගැබිණි මවකට රසම රස අච්චාරු වර්ග හතක්

    ගැබිණි මවකට රසම රස අච්චාරු වර්ග හතක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it