theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

5 අවම කියවීම
දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

පුංචි සලකුණක් වුනත් එය දරුවෙක් තුළින් දක්නට ලැබුනොත් එය කුඩාවට සැලකීම කරන්න බැහැ. සමහර විට එය පිළිකාවක ලක්ෂණ විය හැකියි.

අපි කතා අකමැති මාතෘකාවක් දරුවන්ගේ පිළිකා සලකුණු. නමුත් මුලදීම සමහර රෝග ලක්‍ෂණ අනුව රෝග හඳුනාගැනීමෙන් රෝග වළක්වා ගන්න පුළුවන් වෙනවා.  සමහර විට මෙම ලක්‍ෂණ මාරක රෝගයක හෝ පිළිකා සලකුණු රෝග ලක්‍ෂණයන්ද විය හැකියි.

ඒ නිසා දරුවන්ගේ පිළිකා සලකුණු විය හැකි මේ ලක්‍ෂණ ඔබේ දරුවා තුළින් දුටුවොතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

1. නිතර නිතර නාසයෙන් ලේ ගැලීම

නාසයෙන් රුධිරය පිටවීම

දරුවන්ගේ නහයේ ඉදිරි කොටසේ ඉතා සිහින් රුධිර නාල වලින් හැදී ඇති නිසා නහයෙන් ලේ ගැලීම් ඉතා ඉක්මනින් ඇතිවෙන්න පුළුවන්.

මේ තත්වය දරුවන් වැඩිවිය පැමිණීමත් සමගම නැතිවී යනවා. නමුත් දරුවෙකුට මේ තත්වය මාසයකට තුන් හතර පාරක් ඇති වෙනවා නම් මේ පිළිකාවක රතු එලිය දැල්වීමක් වෙන්න පුළුවන්.

සිංගප්පුරුවේ National University Hospital හි මතයට අනුව නිතර නාසයෙන් ලේ ගැලීම දකින්නට ලැබීම Acute Lymphoblastic Leukaemia තත්වය විය හැකි බව (ලියුකේමියා තත්වයක්) පැවසෙන අතර මෙය දරුවන් අතර සුලබව දක්නට ලැබෙනවා.

2. සුව නොවන තුවාල

දරුවන්ගේ දඟකාරකම් වලට ක්‍රීඩා අභ්‍යාසයන් වලදී සුළු තුවාල ඇතිවීම ස්වාභාවිකයි. ඒත් දරුවන්ගේ සම මත ඒ කියන්නේ ‘වන’ ආකාරයෙන් තුවාල දක්නට ලැබීම ගැන එතරම් හොඳ නැහැ.

මේවා සම මතුපිට, ලිංගේන්ද්‍රිය මත, මුඛය තුළ වුවත් වෙන්න පුළුවන්. මෙවැනි තත්වයන් ඇත්නම් වහාම මේ පිළිබඳව පරීක්ෂණයට බඳුන් කිරීම යෝග්‍ය වෙනවා.

3. විශාල වූ වසා ගැටිති

වේදනාවක් නැති විශාල වූ වසා ගැටිති Non-Hodgkin Lymphoma තත්වය විය හැකි වන අතර Lymphoma යනු වසා පද්ධතිය තුළ ගෙඩි ආකාරයෙන් සැදී ඒවා බෙල්ල ආශ්‍රිතව ඉදිමීමක් සමගම දකින්නට ලැබීමයි.

මෙය සම මතුපිටට අත් යට, පපුව, ඉකිලි, කරපටි අස්ථි ආශ්‍රිතව සම යටින් මතුවන වසා පද්ධතිය හා සම්බන්ධ ප්‍රදේශ වල  කුඩා වසා ගැටිත්තක් ලෙස දැකිය හැකියි.

දරුවාගේ බර වැඩි කරගන්න

4. පිළිකා සලකුණු: නොසිතන ලෙස බර අඩුවීගෙන යයි නම්

දරුවෙකුගේ බර වෙනත් උත්සහයකින් හෝ ආහාර පාලනය නැතිනම් ව්‍යායාම මගින් නොමැතිව අඩුවීගෙන යනවා නම් මේ තත්වය පිළිබඳ වෛද්‍යවරුන් සමග කතා කිරීම වැදගත් වෙනවා.

දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය නිසි කැලරි ප්‍රමාණය නොලැබී යාම, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වීම වැනි හේතු මත බර අඩුවිය හැකි වුවත් ඉතා සීග්‍ර ලෙස බර අඩු වීමක් දක්නට ලැබෙයිනම් මෙය නිදන්ගත රෝගී තත්වයක හෝ දරුවන්ගේ පිළිකා පෙරනිමිති විය හැකි බව විශේෂඥයින් පවසනවා.

5. හුස්ම ගැනීම කෙටි වීම

කෙටි හුස්ම ගැනීම සම්බන්ධයෙන් ඇති ගැටළුවක් බැවින් වහාම වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු වෙනවා. එමෙන්ම මෙයද පිළිකාවක පුර්ව ලක්ෂණයක් විය හැකි වෙනවා.

National University Cancer Institute Singapore දක්වන ආකාරයට මෙම රෝග ලක්ෂණ ලියුකේමියා පිළිකා සලකුණු ලක්ෂණයක් විය හැකි.

6. ඉදිමුමක් හෝ විශාල බවක්

පිළිකා වල තවත් සලකුණක් ලෙස ඉදිමීමක් විශේෂයෙන් උදර ප්‍රදේශයේ ලොකු වීමක් දක්නට ලැබීමත් දක්වන්න පුළුවන්. KK Women’s and Children’s Hospital Singapore (KKH) දක්වන ආකාරයට උදර ප්‍රදේශයේ ඉදිමුම wilms නමැති ගෙඩි සැදීමේ තත්වය වන අතර මෙය වකුගඩු ආශ්‍රිතව වැළදෙන පිළිකා වල ලක්‍ෂණයක් ලෙස හඳුන්වනු ලැබෙනවා. විශේෂයෙන් යොවුන් දරුවන් තුල මෙය බහුලව දක්නට ලැබෙනවා.

ගෘහ සේවිකාව

7. පිළිකා සලකුණු: දරුවාගේ හැසිරීම් වල අනපේක්ෂිත වෙනස්කම්

ඔබේ දරුවා අනපේක්ෂිත ලෙස අමුතු ආකාරයෙන් හැසිරීම යම් රෝගයක පෙර ලකුණු වෙන්න පුළුවන්. Children’s Medical Institute හා National University Hospital හි මතයට අනුව මෙය පිළිකාවක රෝග ලක්ෂණ විය හැකි අතර එය දරුවාගේ පෞර්ෂය තුළින් හා පාසලේ දක්ෂතා පෙන්වීමේ වෙනස්කම් තුළිනුත් දැනගන්න පුළුවන්.

8. අධිබල හිසරදය දරුවන්ගේ පිළිකා සලකුණු

තරමක් වේදනාබර හිසේ රුදාවන් මොලයේ ගෙඩි ඇති බවට කරන ඉඟියක් වෙන්නත් පුළුවන්. National Cancer Center Singapore (NCCS) පවසන ආකාරයට හිස ඇතුලත ඇති පීඩනය නිසා හිසරදය හැදෙන අතර ඇතුලත තෙරපුමකට හිස්කබල විස්තාරණය නොවීමෙන් වේදනාවන් ඇති වෙන්න පුළුවන් බවයි.

9. වමනය

දරුවන්ට වමනය විවිධ හේතු නිසා ඇතිවිය හැකියි. ආහාර විෂවීමක්, දරුණු කැස්ස, හෙම්බිරිස්සාව, බඩේ අජිරණ වැනි තත්වයන් වලදී වුවත් වැළඳිය හැකියි. නමුත් මොලයට සම්බන්ධ පිළිකා ඇති විටත් වමනය ඇති විය හැකි බව NCCS පවසනවා.

ඔබේ දරුවා දිගින් දිගටම ගන්න ආහාර ජිරණයට කල් නොගෙවා පිටතට දමයි නම් එය බඩේ අජිරණයක් යැයි සිතන්න අපහසුයි. ඒ නිසා ඉක්මනින් දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම කළ යුතුයි.

10. පෙනීමේ දුර්වලතා

NCCS දක්වන ආකාරයට ද්විත්ව ලෙස පෙනීම, පෙනීම නැතිවීම ආදිය මොලයේ පිළිකාවක ලක්ෂණ කියා පානවා.

11. අපස්මාරය තුලින් දරුවන්ගේ පිළිකා සලකුණු

පාර්ක් වෙ කැන්සර් සෙන්ටර් ට අනුව දරුවන් තුළ දක්නට ලැබෙන අපස්මාරය උණ ට හා උණ ඇතිවීම නිසා ඇතිවන ලක්ෂණ නොවේ. මෙය මොලයේ ඇති ගෙඩියක් නිසාද ඇති වන්න පුළුවන්. අපස්මාරය උණ, ඔක්සිජන් අඩුකම හෝ වෙනත් රෝග වලට ද ඇති විය හැකියි.  ඒ සඳහා වෛද්‍ය උපදෙස් පැතීම අවශ්‍යයි.

12. අස්ථි වල වේදනා

සිංගප්පුරුවේ ජාතික පිළිකා ආයතනය විසින් මෙය දරුවන්ගේ පිළිකාවක ලක්ෂණ විය හැකි බව සලකනවා. සමහර විට මෙය ගැටිත්තක් නිසාත් ඇති වෙන්න පුළුවන්.

බොහෝ දුරට මෙය Neuroblastoma නම් වන පිළිකා සෛල සහිත ගෙඩි වර්ගයක් වන අතර හෝර්මෝන ග්‍රන්ථි ආශ්‍රිතව වැළදීමේ අවධානමක් තියෙනවා. මේ පිළිකා තත්වය නිසාත් අස්ථි වේදනා ඇති වෙන්න පුළුවන්.

13. දුර්වල බව

The Health Promotion Board Singapore දක්වන ආකාරයට lymphoma තත්වයේ පොදු ලක්ෂණයක් ලෙස මෙම දුර්වල බව දක්වන්න පුළුවන්. මෙය වසා පද්ධතිය තුළ ඇතිවන පිළිකා තත්වය තහවුරු කර ගැනීමට රුධිර පරීක්ෂණ, බෝන් මැරෝ  පරීක්ෂණ, එක්ස්රේ , CT හා MR ස්කෑන්, ශාරීරික පරීක්ෂණ ආදී පරීක්ෂණ රැසකට බඳුන් කරන්න සිදු වෙනවා.

14. රුධිරය ගැලීම්

වකුගඩුවල ඇති වෙන විල්ම්ස් ටියුමර් නමැති පිළිකාව නිසා KKH ට අනුව දරුවා මුත්‍ර පහ කරන විට ඒ සමග රුධිරය පිටවිය හැකිය. මෙය ඉතා විරල පිළිකාවක් වන අතර දරුවන් අතර වැඩියෙන් දකින්නට ලැබෙනවා. බොහෝ විට එක වකුගඩුවක ඇති විය හැකි වුවත් සමහර අවස්ථාවන් වල වකුගඩු දෙකෙහිම ඇති විය හැකියි.

පිළිකාව සතුරෙකුටවත් නොහැදෙන්නයි අපි ප්‍රර්ථනා කරනවා. ඒ විතරක් මදි. ඉන් ප්‍රවේශම් වී පිළිකා මුලදී හඳුනා ගැනීම හා සැලකිලිමත් වීම පුංචි පැටවු ආරක්ෂා කරගන්න කරන්නම වෙනවා. theAsianparent Sri Lanka අපේ මේ දැනුවත් කිරීම ඒ උදෙසායි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්
බෙදාගන්න :
  • බබාට සෙම්ගෙඩි හැදුනොත්? ඔබ දැන සිටිය යුතු කරුණු මොනවද?

    බබාට සෙම්ගෙඩි හැදුනොත්? ඔබ දැන සිටිය යුතු කරුණු මොනවද?

  • Leukemia Symptoms In Kids: A Complete Guide For Parents

    Leukemia Symptoms In Kids: A Complete Guide For Parents

  • බබාට සෙම්ගෙඩි හැදුනොත්? ඔබ දැන සිටිය යුතු කරුණු මොනවද?

    බබාට සෙම්ගෙඩි හැදුනොත්? ඔබ දැන සිටිය යුතු කරුණු මොනවද?

  • Leukemia Symptoms In Kids: A Complete Guide For Parents

    Leukemia Symptoms In Kids: A Complete Guide For Parents

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it