theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දෙවැනි දරුවාගෙන් පසුව ඔබට බලාපොරොත්තු විය හැකි දේවල් 15 ක්

4 අවම කියවීම
දෙවැනි දරුවාගෙන් පසුව ඔබට බලාපොරොත්තු විය හැකි දේවල් 15 ක්දෙවැනි දරුවාගෙන් පසුව ඔබට බලාපොරොත්තු විය හැකි දේවල් 15 ක්

දෙමාපියන් පළමු දරුවාගෙන් හුඟක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් දෙවැනි දරුවාගෙනුත් ඔබට තවත් අලුත් දේවල් ඉගෙන ගන්න තිබෙන බව ඔබ සිතුවද?

දෙමාපියන් පළමු දරුවාගෙන් හුඟක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් දෙවැනි දරුවා ගෙනුත් ඔබට තවත් අලුත් දේවල් ඉගෙන ගන්න තිබෙන බව ඔබ සිතුවද?

මේ වෙනකොට වෙනදාට වඩා මුහුකුරා ගිය ඔබේ අත්දැකීම් එක්ක ඔබ බුද්ධියෙන් වැඩිවෙලා. ඒ වගේම දෙමාපියන් ලෙස ඔබට දැන් හුඟක් අත්දැකීම් තියෙනවා. ඉතින් තවත් මොනවද? ඉතින් දෙන්නා තුන්දෙනා වෙලා දැන් හතර දෙනෙක් වෙන්න යනවා නම් ඔබට අලුතෙන් ඉගෙන ගන්න කාරණා නැහැ කියලා හිතන්න එපා. මේ ඒ ගැනයි

දෙවැනි දරුවා

ඔබ හිතනවාට වඩා ඔබ ශක්තිමත්

පළවෙනි බබා ලැබෙන්න ඉන්නකොට ඔබ හුඟක් බයෙන් හිටියා. කුතුහලය වැඩියි. ඉන්පසුව ඔබ උගත් දේවල් නිසා දැන් ඔබට ඕනෙම දෙයකට මුහුණ දෙන්න ශක්තිය ලැබිලා.

පළවෙනියාට සාර්ථක වූ පිළිවෙත් දෙවැනි දරුවා ට සාර්ථක නොවෙන්න පුළුවන්

පළවෙනියාත් එක්ක ඔබ අත්දුටු හැමදේම දෙවනියාත් එක්ක අත්දකින්න ලැබෙන එකක් නැහැ. දැන් ඔබට තවත් අලුත් අත්දැකීම් එකතු වේවි.

නිතර බබා අඬනවා කියන්නේ ලෝකේ අවසානය නම් නෙමෙයි

පළවෙනි බබා දිගටම අඬන කොට ඔබ හුඟක් අසරණ වුණා. ඒත් දැන් ඔබ දන්නවා එයා අඬනකොට මොකද කියලා. බඩගින්නට, කේන්තියට, දහඩියට, අසනීපයකට. මේ හැමදේම දැන් ඔබට තේරෙනවා.

මහන්සියි කියන වචනයේ තේරුම දෙවැනි දරුවා ගෙන් පසු හොඳටම දන්නවා

ඉස්කෝලේ ගිය කාලේ මහන්සි කියල නිදාගත්තා. අම්මා කෙනෙක් වුනහම මහන්සිය කියන්නේ මොකද්ද කියලා ඔබ වටහා ගත්තා. දෙවනියත් එක්ක ඔබට එය උවමනාවටත් වඩා තේරුම් යනවා.

කිරි කැටියා නින්දට ගියහම පුංචි පුතා ඔබව ඇහැරවලා තියනවා

පුංචි අමුත්තා නිදාගන්න වෙලාවත් පළවෙනියා නිදාගන්න වෙලාවත් දැන් වෙනස් වෙනවා. ඉතින් ඔබ මේ වෙනසට දැන්ම සුදානමින් ඉන්න.

පුංචි කෙටි නින්දක් අවශ්‍යයි

පළවෙනියා ලැබෙනකොට අම්මලාට නිතර ලැබෙන අවවාදයක්. නමුත් දෙවැනියාගෙන් පස්සේ නම් මෙය අනිවාර්යයි.

ආදරය පළවැනියාටත් දෙවැනි දරුවා ටත් සමසේ බෙදා දෙන්න ඉගෙන ගන්න

ඔබ දැනටමත් දෙවනිය ලැබෙන්න සුදානමින් නම් අනාගතයේ ඔබේ මුළු දවසම පළවෙනියා වෙනුවෙන් වෙන් කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ආදරය බෙදා දෙන්න ඔබට සිදුවෙනවා. ඔබත් වැඩිමහල් දරුවත් දෙදෙනාම ඊට සුදානම් වීම වැදගත් වන්නේ ඒ නිසයි.

දෙවැනි දරුවා ගේ ප්‍රතිඵලයක් ලෙස ( අංක 7) පළවෙනියාගේ හැසිරීම් වෙනස් වේවි

මේ නිසා පළවෙනියා හුඟක් ඉරිසියා වෙන්නත් නැතිනම් හුඟක් ආදරේ පෙන්වන දරුවෙක් වෙන්නත් පුළුවන්. මේ දෙපැත්තම ඔබට සුදානම් වෙන්න වෙනවා.

කොහොම වෙතත් එය මහඟු  අත්දැකීමක් වේවි, මොකද දින කිහිපයකට පෙර ළදරුවකු සේ ඔබ වටා එතුණු පළවෙනි දරුවා එක් වරම ලොකු අයියා කෙනෙක් හෝ අක්කා කෙනෙක් ලෙස හැසිරේවි.

හැමදේම හැමදාම හොඳ අතට හැරෙනවා

දෙවැනි දරුවාගෙන් පසුව ඔබට බලාපොරොත්තු විය හැකි දේවල් 15 ක්

හැමදාම හැමදේම නරක අතටත් විඩාබර බවටත් පත්වෙනවා කියලා සිතන්න එපා. එන්න එන්න ඔබට වැඩකටයුතු පහසු වෙන බව සිතන්න.

වැඩි කල් නොගොස් ම ඔවුනොවුන් එකට සෙල්ලම් කරන්නට පටන් ගනීවි. ඒ වගේම රණ්ඩු සරුවල් නම් ගොන්නක් තියේවි.

ඒත් දෙදෙනාට දෙදෙනා නැතිවත් බැරි වෙන බවට ඔබට පෙනේවි. එය අම්මා කෙනෙකුට බලන්නට ආසා හිතෙන බඳීමක්.

කිරිකැටි බිළිඳු සිනහව ඔබව සතුටින් තියයි

විඩාබර දවසක් ගෙවී යද්දී පුංචි පැටව් එකට එකතුවෙලා හිනාවෙන, හුරතල් කතා කියන විට ඔබේ විඩාව නිවිලා යනවා. ඔබව ප්‍රබෝධයෙන් අලුත්වෙනවා.

ඔබේ හිත හයිය වුනත් හැමදේම කරන්න බැහැ

යථාර්තය එයයි. ඒ නිසා උදව් ගන්න පුළුවන් නම් උදව් ඉල්ලන්න මැලි වෙන්න එපා. හැමදේම තනිවම කරන්න ඔබට අමාරුයි. එය හුඟක් විඩාබරයි.

සහයට කෙනෙක් අවශ්‍ය නම්, ආර්තිකමය වශයෙන් අපහසුවක් නැති නම් උදව් අවශ්‍යයි කියා සිතනවා නම් නිකරුණේ දුක් විඳින්න එපා. කවුරුන් හෝ උදව්වට සොයා ගන්න.

ඉස්සර වගේ නෙමෙයි දැන් හරියට කෑගහනවා

ඉස්සර ඔබ හුඟක් කෑගහනවා, කේන්ති යනවා කියලා හිතුවට දැන් ඔබට ඊටත් වඩා කෑගහන්න වෙන වෙලාවල් තියෙන බව දැනෙයි.

දෙවැනියා නින්දට දැමූවත් පළවනියා ඔහුව ඇහැරවා ඔබගෙන් බැනුම් අසාවි. කෑම කවන වෙලාව කල්පයක් තරම් දිගු වේවි. ඒවා බොහෝ අම්මලාට පොදු දේවල්.

දරුවන් දෙන්නෙක් එක්ක කාලය පියඹා යාවි

ඔබ හුඟක් දේ දැන් අත්දැකලා අවසන්. ඒ නිසා පුරුද්දත් එක්කම ඔබේ අමාරු කාලය ඉක්මනින් ගෙවී යනවා. දරුවන් තොර තෝන්චියක් නැතිව කතා කරන්නට පටන් ගනීවි. ඔබට කිසිම පාලුවක් නොදැනේවි.

දෙවැනි දරුවා ගෙන් පසු ඔබේ හිතේ දෙන්නේකුටම ඉඩ හැදිලා

දෙවැනි දරුවා

පළවෙනියා විතරක් ඉන්නකොට දෙවනියෙකුට ආදරය බෙදන්න බැරිවෙයි කියලා ඔබ හිතුවා නේද? ඒත් දෙවනියා ලැබුනට පස්සේ ආදරේ සමසමව බෙදිලා යනවා.

මේ එක්කම පළමු දරුවාත් තේරුම් ගනීවි, දෙමවිපියන්ගේ ආදරයට තවත් උරුමක්කාරයෙක් ඉන්නා වග.

වෙනදාට වඩා ඔබ ගැන හිතන්න

දැන් දෙන්නෙක් එක්ක වැඩ දෙගුණ වෙලා. ඒත් ඔබ ගැන සිතන්න එය හුඟක් වැදගත්. ඔබ වෙනුවෙන් කාලය යොදවන්න. ඔබේ ජීවිතය විඳින්න. එහෙම නොවුනොත් ඔබට ඒ වගකීම උවමනාවට වඩා බරක් වෙන්න ඉඩ තියෙනවා.

අම්මලාට දරුවන්ගෙන් තොර ලොවක් නැහැ. ඒ වෙනුවෙන් හැමදේම කරන අම්මලාට දරුවන් දෙන්නෙක් බරක් නොවුනත් හිතට දැනෙන අලුත් වගකීම් ගොන්න තවත් සැහැල්ලු කරන්න theAsianparent Sri Lanka අපි මේ ලිපිය ලිවුවා.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ

සංස්කරණය: බෝසඳුන් ගුණසේකර 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • දෙවැනි දරුවාගෙන් පසුව ඔබට බලාපොරොත්තු විය හැකි දේවල් 15 ක්
බෙදාගන්න :
  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?

    පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?

    පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it