theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාන්තාවන්ට සරු බව ගෙන දෙන ආහාර වර්ග 15ක්

4 අවම කියවීම
කාන්තාවන්ට සරු බව ගෙන දෙන ආහාර වර්ග 15ක්කාන්තාවන්ට සරු බව ගෙන දෙන ආහාර වර්ග 15ක්

හාවර්ඩ් පාසල මගින් කරන ලද පර්යේෂණයකට අනුව අධික තෙල් හා සත්ව ප්‍රෝටීන් අධික කබෝහයිඩ්රේට් අඩංගු ආහාර ගන්න කාන්තාවන්ගේ සරු බවට බලපෑම් ඇතිවිය හැකි බව සොයා ගෙන තිබෙනවා.

ඔබත් දරු සම්පත් බලාපොරොත්තු වෙන් ඉන්න දේපලක් නම් මේ ගැන දැනුවත් වීම වැදගත්. පොදු සෞක්‍ය පිළිබඳ හාවර්ඩ් පාසල මගින් කරන ලද පර්යේෂණයකට අනුව අධික තෙල් හා සත්ව ප්‍රෝටීන් අධික කබෝහයිඩ්රේට් අඩංගු ආහාර ගන්න කාන්තාවන්ගේ සරු බවට බලපෑම් ඇතිවිය හැකි බව සොයා ගෙන තිබෙනවා. ඇත්තටම ඩිම්බ මෝරන කෑම හෙවත් සරු බව ගෙන දෙන කෑම තියනවද?

ඩිම්බ මෝරන කෑම

ඩිම්බ මෝරන කෑම හෙවත් සරුබව වැඩි කරන ආහාර කියන්නේ මොනවද?

විටමින් හා ඛණිජ ලවන බහුල ආහාර කාන්තාවන්ගේ සරු බව වැඩි කිරීමට සමත් වෙනවා.

ඩිම්බ මෝරන කෑම හුඟක් ලබාගත යුත්තේ ඇයි?

ආර්තවහරණයෙන් පසු නැවත සරු බීජයක් හෙවත් ඩිම්බයක් වැඩීමට හොඳ පෝෂණයක් අවශ්‍ය වෙනවා.

ඩිම්බ මෝරන කෑම: ආර්තවහරණයෙන් පසු

මේ කාලය නැවත ඩිම්බයක් වැඩීමට පරිසරය සකස් වෙනවා. එහිදී ගර්භාෂය තුළ ගර්භ බිත්ති ශක්තිමත් වීම සිදු කරනවා.

ඊට අවශ්‍ය මොනවද? : විටමින් E සහ දි-ඉන්ඩොලිල්මිතෙන්.

ගතයුතු ආහාර: ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩි ආහාර එළවළු එනම් ගෝවා, මල්ගෝවා, බ්රෝකලි වැනි ආහාර ගැනීම වැදගත්. ඊට ඔලිව් ඔයිල්, ඇට වර්ග, ධාන්‍ය, විටමින් බහුල ආහාර ගැනීම වැදගත්.

ඩිම්බනීහරණය හා කාලය

මෙහිදී ඩිම්බයේ හටගැනීමට පෝෂණය අවශ්‍ය වෙනවා.

අවශ්‍ය මොනවද ? : විටමින් B, C, සින්ක්, ඔමේගා 3, ෆැටි ඇසිඩ්.

ගත යුතු ආහාර : සින්ක් හා විටමින් C මගින් ප්‍රොජෙස්ටරෝන් නිෂ්පාදනයට උදවු වෙනවා. ෆැටි ඇසිඩ් අඩංගු බව රුධිර සංසරණය ක්‍රමවත් කරනවා. එසේ වන්නේ ට්‍රෙස්ටරොන් හෝර්මෝනය ඇතිවීමට උදවු වෙනවා.

ඩිම්බය වැඩීම

ඩිම්බයේ වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබාදීමට.

අවශ්‍ය මොනවද ? : බීටා කැරොටින්

ගත යුතු ආහාර : පළා වර්ග, දොඩම්, බතල වැනි ආහාර ඊට උදවු වෙන අතර කෘතිම ආහාර වෙනුවට ස්වභාවික ආහාර ගැනීමට අවශ්‍ය වෙනවා.

ඔබට පිහිට වන ඩිම්බ මෝරන කෑම වර්ග 15ක් ගැන දැනුවත් වෙන්න

1. කෙසෙල්

සුවිශේෂී පෝෂණ ගුණ: විටමින් B6

කෙසෙල් සරු බව ඇතිකරන සුවිශේෂී පළතුරක්. එහි විටමින් B6 බහුල අතර ශුක්‍රාණු හා ඩිම්බ සංවර්ධනයේ සිට වැදගත් වන අතර ගැහැණු පිරිමි දෙපක්ෂයටම වැදගත් වෙනවා.

2. තෙල් සහිත මාළු

සුවිශේෂී පෝෂණීය ගුණ : ෆැටි ඇසිඩ්

මැකරල්, සැමන් වැනි ආහාර වල බහුලව ඇති අතර ශුක්‍රාණුව රඳවා තබා ගැනීමට ඉන් උදවු ලැබෙනවා. 

3. සුදුළුණු

සුවිශේෂී පෝෂණීය ගුණ: සෙලනියම් හා විටමින් B6

මෙම විටමින් වර්ග වලින් ගබ්සා වීම වළකන අතර ප්‍රතිශක්තිය සහ හෝර්මෝන ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරනවා.

මීපැණි, නිවිති, අලිගැටපේර, ඛණිජ ලවන හා ඇන්ටි ඔක්සිඩන්ට් බහුල ආහාර.

4. මීපැණි

සුවිශේෂ පෝෂණ ගුණ : ඛණිජ ලවන හා ඇමයිනෝ ඇසිඩ්

අතීතයේ පටන් සරු භාවය වෙනුවෙන් භාවිතා කළ බෙහෙතක් වගේම ඇමයිනෝ ඇසිඩ් බහුල වන අතර කොපර්, පොටෑසියම්, සෝඩියම්, සින්ක් වැනි ඛණිජ ලවන අඩංගු වෙනවා.

5. නිවිති

සුවිශේෂී පෝෂණ ගුණ : ෆෝලික් ඇසිඩ්

නිවිති හා පළා වර්ග සරු භාවයට, ඩිම්බනීහරණයට හා ගර්භණි කාලයේ මුල් කාලයේ ඉතා වැදගත් වෙනවා. ධාන්‍ය හා විටමින් C බහුල ආහාර ශුක්‍රාණු වල තත්වය ඉහළ දමනවා.

6. අලිගැටපේර

සුවිශේෂී පෝෂණ ගුණ :  විටමින් E ඇන්ටි ඔක්සිඩන්ට්

කාන්තාවන්ගේ හා පිරිමින්ගේ සරු භාවයට ගුණදායක වන අතර තරුණ බව රැකදෙනවා.

7. හාතාවාරිය

සුවිශේෂී පෝෂණීය ගුණ : ෆෝලික් ඇසිඩ්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මෙය බොහෝ වෛද්‍යවරුන් නිර්දේශ කරන සරු බව වැඩිකරන පලා වර්ගයක්.

8. බිත්තර

සුවිශේෂී ගුණ : විටමින් D

බාගෙට තම්බා ගත් බිත්තර ඉතා සුදුසු අතර ප්‍රෝජෙස්ටරෝන් ඇතුළු ගර්භණි සමයට අවශ්‍ය හෝර්මෝන නිෂ්පාදනයට උදවු වෙනවා.

9. ආමන්ඩ්

සුවිශේෂ පෝෂණ ගුණ : විටමින් E

විටමින් E බහුල නිසා ශුක්‍රාණු වල පෝෂණයට වැදගත් වන අතර එහි ඇති ඇන්ටිඔක්සිඩන්ට්, ඩිම්බය ආරක්ෂා කරනවා.

10. පැඟිරි සහිත පලතුරු

අඩංගු පෝෂණ ගුණ : විටමින් C

දොඩම්, ලෙමන් , ලයිම්, මිදි වැනි පලතුරු වල බහුල වෙනවා. ශුක්‍රාණු ඩිම්බය කරා යාම ශක්තිමත් කරනවා. කාන්තාවන්ගේ හෝර්මෝන ක්‍රියාවලිය සමතුලිත කරනවා.

11. පෙයාස්

අඩංගු පෝෂණීය ගුණ: සින්ක්

පෙයාස් වල සින්ක් බහුල අතර කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හා  ප්‍රෝජෙස්ටරෝන් හෝර්මෝනය සමතුලිත ලෙස පවත්වාගෙන යාමට උදවු කරනවා. 

12. මැකරල්

පෝෂණ ගුණ: ෆැටි ඇසිඩ්

ශුක්‍රාණු වලට පෝෂණය දෙන අතර ඩිම්බ මේරීමට උදවු වෙනවා.

13. ඩිම්බ මෝරන කෑම: සැමන් (pink salmon)

පෝෂණ ගුණ: සෙලනියම්

ඩිම්බයේ හා ශුක්‍රාණු වල පෝෂණයේ වැදගත් වන අතර ගබ්සා වීම් වලින් ආරක්ෂා කරනවා.

14. ඩිම්බ මෝරන කෑම: ටොෆු

වැදගත් පෝෂණ ගුණ: යකඩ

සෝයා කිරි වලින් සාදනු ලබන අතර ඩිම්බ වර්ධනයට වැදගත් වෙනවා.

ඔබේ ආහාර වේලට මේ වැදගත් ආහාරත් මුසු කොට ඔබේ බලාපොරොත්තු ඉටු කරගන්න theAsianparent Sri Lanka ඔබ වෙනුවෙන් එක්කළ වැදගත් කරුණු ගොනුවකි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • කාන්තාවන්ට සරු බව ගෙන දෙන ආහාර වර්ග 15ක්
බෙදාගන්න :
  • තාත්තෙක් වෙන්න ආසයි නේද? මෙන්න ඒ සදහා කලයුතු දේවල්

    තාත්තෙක් වෙන්න ආසයි නේද? මෙන්න ඒ සදහා කලයුතු දේවල්

  • සරු බව ස්වභාවිකව වැඩිකර ගන්න ක්‍රම 6 ක්

    සරු බව ස්වභාවිකව වැඩිකර ගන්න ක්‍රම 6 ක්

  • තාත්තෙක් වෙන්න ආසයි නේද? මෙන්න ඒ සදහා කලයුතු දේවල්

    තාත්තෙක් වෙන්න ආසයි නේද? මෙන්න ඒ සදහා කලයුතු දේවල්

  • සරු බව ස්වභාවිකව වැඩිකර ගන්න ක්‍රම 6 ක්

    සරු බව ස්වභාවිකව වැඩිකර ගන්න ක්‍රම 6 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it