කුසේ වැඩෙන දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ගැබිනි මව්වරුන් අත්හල යුතු ආහාර 15ක්

කුසේ වැඩෙන දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ගැබිනි මව්වරුන් අත්හල යුතු ආහාර 15ක්

ගර්භනී සමයේදී ඔබ සම්පූර්ණයෙන්ම පරිභෝහජනය කිරීමෙන් වැළකිය යුතු ආහාර වර්ග 15ක් මේ.

ගර්භණී සමයේදී ආහාරයට ගත යුතු ආහාර මොනවාදැයි බොහෝ මව්වරුන් හොඳින් දැනුවත්. කෙසේ වෙතත්, ගර්භනී සමයේ නුසුදුසු ආහාර හැකි තරම් වැළකී සිටිය යුතු බවත්, අනුභව කළ යුතු ආහා ගැන දැන සිටීම ත‍රම්ම වැදගත් බවත් ඔබ දැන සිටිය යුතුයි. ඉතින් ඔබටත් ඔබේ කුසේ වැඩෙන චූටි පැටියාටත් අහිතකර වන මෙම ආහාර වර්ග 15 ඔබේ ආහාර සැලැස්මෙන් ඉවත් කිරීමට (අවම වශයෙන් මාස 9 ක්වත්!) ඔබ සූදානම්ද? මෙම කැප කිරීම මගින් ඔබේත්, ඔබේ දරුවාගෙත් සෞඛ්‍යය විශාල කෙස ආරක්ෂා වනවා.

මෙම සැලැස්ම අනුගමනය කරන අතරම, කුස තුළ වැඩෙන ඔබේ දරුවාගේ වර්ධනය නිසි ලෙස සිදුවන්නට සමබර ආහාර වේලක් පවත්වා ගන්නටත් අමතක කරන්න එපා.

ගර්භණී සමයේදී ඔබට වඩාත් අහිතකර ආහාර වර්ග 15 ක් සහ ඒවා ඔබටත් සහ ඔබේ දරුවාටත් බලපාන ආකාරය‍යි මේ:

ගර්භනී සමයේ නුසුදුසු ආහාර වර්ග 15 ක්

1. රසදිය අන්තර්ගත මාළු වර්ග

Fish market - worst foods during pregnancy

Image source: iStock

සප්පරා මාළු, තෝර, කුම්බලා හා මෝර මාළු වැනි රසදිය අන්තර්ගත මාළු ආහාරයට ගැනීමෙන් වළකින්න. මෙම මූලද්‍රව්‍ය මගින් දරුවන්ගේ සමස්ත සංවර්ධනය ප්‍රමාද කරන අතර ස්නායු ආබාධද ඇති විය හැක.

ඇමරිකානු ආහාර ඖෂධ මණ්ඩලය American Food and Drug Administration  (FDA) නිර්දේශ කරන්නේ සතියකට පරිභෝජනයට ගන්නා රසදිය අඩංගු නෝවේ රෝස සැමන්, කෙලවල්ලා, බල හා මෝර වැනි මාළු ප්‍රමාණය අවුන්ස 8-12 පමණක් සීමා කරන ලෙසයි. එමෙන්ම ඒවා පරිභෝජනයට ගැනීමට ප්‍රථමයෙන් හොඳින් පිසගන්නටද  වග බලා ගන්න!

2. අමු බිත්තර

සමහර විට මෙය ඔබගේ දෛනික උදෑසන ව්‍යායාම චර්යාවේදී අවශ්‍ය වන ප්‍රෝටීන සැපයුමේ කොටසක් වන්නට ඇති. මෙය බහු විටමින්  පෙත්තක් multi-vitamin pill ගත්තා හා සමාන බව අපි දනිමු!

අමු බිත්තර ආහාරයට ගැනීම මගින් සැල්මොනෙල්ලා අවදානම වැඩි කරන අතර එය ඔබේ නූපන් දරුවාට බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට පිළිවෙන.

අමු බිත්තර යොදාගෙන සාදාගන්නා චොකලට් මූස් සහ මෙයොනීස්, සීසර් වැනි සලාද සෝස් හා ක්‍රීම් වර්ග ආහාරයට ගැනීමෙන් වලකින්න.

සම්පූර්ණයෙන්ම තැම්බූ හෝ හොඳින් බැදගත් බිත්තර ආහාරයට ගැනීම ඉතා සුදුසුයි.

3. පැස්ටරීකරණය නොකළ (Unpasteurised) චීස්

worst foods during pregnancy

Image source: iStock

ඔබ චීස් කෑමට ප්‍රිය කරන කෙනෙක් නම් මේ ගැන සළකිලිමත් වන්න!  කැමම්බර්ට්, ගොර්ගොන්සෝලා සහ නිල් චීස් වැනි මෘදු, පැස්ටරීකරණය නොකළ චීස් වර්ග වල ලිස්ටීරියා නම් බැක්ටීරියාව අන්තර්ගත වනවා.

මෙය මුල් අවදියේ ගබ්සාවට තුඩු දෙන ලිස්ටීරියෝසිස් තත්වය ඇති කරන්නට සමත් විය හැකියි!

පැස්චරීකරණය කළ චීස් ආහාරයට ගැනීම ආරක්ෂිත වන නමුත් එය මිලදී ගැනීමට හෝ අනුභව කිරීමට ප්‍රථම හොඳින් ලේබලය කියවීමට පරීක්ෂාකාරී වන්න!

4. අමු මස්

ගර්භණී සමයේදී ගැනීමට නුසුදුසු වාඩාත් හානිකර ආහාර අතුරින් අමු මස් මුල් තැන ගන්නවා.

හොඳින් පිස නොගත් කුකුළ් මස් ඇතුළු වෙනත් මස් වර්ග වල  ලිස්ටීරියා බැක්ටීරියාව අන්තර්ගත වනවා.

ඔබ පරිභෝජනය කරන මස් වර්ග ඉතා හොඳින් පිසගත් ඒවා වන බවට වග බලා ගන්න. පැංචා එළියට ආ පසු ඔබ කැමති පරිදි ස්ටේක් වර්ග රස විඳගන්නට පුළුවනි!

5. පළතුරු ජූස්

worst foods during pregnancy

Image source: Pexels

අවන්හල් වලින් නැවුම් පළතුරු යුෂ මිළදීගැනීම වළක්වා ගැනීමට උත්සාහ කරන්න. ඇතැම් විට එය පැස්චරීකරණය නොකිර තිබෙන්නට අවස්ථාවක් ඇත. එයින් අදහස් කරන්නේ හානිකර නොවන බවක් පෙනෙන මෙම පානයේ සැල්මොනෙල්ලා සහ ඊ.කෝලි අන්තර්ගත වීමේ අවදානමක් තිබීමයි.

සුපිරි වෙළඳසැල් වලින් පළතුරු යුෂ මිලදී ගැනීමේදී, එය මුලින්ම පැස්චරීකරණය කර ඇත්දැයි බැලීමට ලේබලය පරීක්ෂා කරන්න.

6. අමු බීජාංකුර 

මුං බීජ වැනි අමු බීජ වර්ග ඇතැම් සලාද වර්ග වලට අපි යොදාගන්නා අවස්ථා තිබෙනවා. කෙසේ වෙතත්, මෙම එළවළු පවුලේ ආහාර වන බ්රොකොලි, වට්ටක්කා, රාබු සහ ළූණු පවා සැල්මොනෙල්ලා, ලිස්ටීරියා සහ ඊ.කෝලි යන බැක්ටීරියා වර්ග අන්තර්ගත විය හැකි වනවා.

මේවා නිවසේදී පිසගන්නවා නම් මෙම බීජාංකුර හොඳින් පිසගන්නට වගබලාගන්න. මේවා පිටතින් ඇණවුම් කරන්නේ නම්, ඒ ගැන සැකසහිත නම් ඒවා ඔබේ පිඟානෙන් ඉවත් කරගන්න. නැතිනම් විකල්ප ආහාරයක් ඇණවුම් කරන්න.

7. කලින් පිසූ ක්ෂණික මස් වර්ග

මේවා සැන්ඩ්විච් සෑදීමේදී හෝ හදිසියකදී කෑමට ගැනීම පහසු විය හැකිය.

කෙසේ වෙතත්, මෙම මස් වල ලිස්ටීරියා අඩංගු බව දන්නා කරුණකි.

සාමාන්‍යයෙන් මස් වර්ග අධික උෂ්ණත්වයකින් පිසීම මගින් එය ආහාරයට ගැනීම ආරක්ෂාකාරී වනවා. නමුත් මෙසේ රත් කිරීම ඩෙලී මස්වල නොහොත් කලින් පිසූ මස් වල රසය හෝ රස වින්දනය විනාශ කරන්නේ නම්, දැනට එය මිලදී නොගැනීම වඩාත් සුදුසුයි!

8. සීරියල් (Cereal) 

ගර්භනී සමයේ නුසුදුසු ආහාර

Image source: Pexels

ඔබේ නූපන් දරුවාගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සුදුසු තන්තු හා පෝෂ්‍ය පදාර්ථ රැසක් සීරියල් බඳුනක අඩංගු වනවා.

නමුත් සීරියල් පැකට්ටුවක් මිලදී ගැනීමට පෙර එහි ඇසුරුම හොඳින් කියවීමට වග බලා ගන්න. ඒවායේ අඩංගු ඉහළ සීනි ප්‍රතිශතය ගර්භණී දියවැඩියාවට දායක විය හැකි බැවින් ඉහළ සීනි අගයන් තිබේදැයි පැකට්ටුව පරීක්ෂා කර බලන්න.

සීනි අගය අඩු බව පෙනුනත්, පහසුවෙන් හා සීරුවෙන් ඇතුළත් කර තිබිය හැකි ආකලන වර්ග, විශේෂයෙන් සැකරින් ස්වරූපයෙන් තිබිය හැකි  සිනිඳු සීනි ආදේශකයන් ගැන විමසිල්ලෙන් සිටින්න. සැචරින් ඔබේ දරුවාගේ මුත්‍රාශයේ අක්‍රියතාවයට හේතු විය හැක.

9. අධිශීත කළ ආහාර

ඔබට කාර්‍යබහුලත්වය නිසා කාල වේලාව කෙටි වන විට, සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගත් පෙර සූදානම් ශීත කළ ආහාර වර්ග, පහසුම විකල්පය විය හැකිය.

නමුත් ඔබේත් දරුවාගේත් සෞඛ්‍යය වෙනුවෙන්, ඔබේ ගර්භණී කාලය තුළ මෙම ආහාර අනුභව කිරීමෙන් වළකින්න.

ඒවායේ රසය රඳවා තබා ගැනීම සඳහා ඒවා සාමාන්‍යයෙන් මොනොසෝඩියම් ග්ලූටමේට් (එම්එස්ජී) ඉහළ මට්ටමක පවත්වාගෙන යයි.

MSG නිසා අප්‍රසන්න හිසරද, ඔක්කාරය හා කරකැවිල්ල ආදිය අතිවිය හැකිය – ගර්භනී අවධිය තුළ මේවාට තිත තබමු!

10. කැෆේන්ගර්භනී සමයේ නුසුදුසු ආහාර

දිනකට කැෆේන් මිලිග්‍රෑම් 200 කට වඩා පරිභෝජනය කිරීම මගින් ගබ්සා වීම වැනි අහිතකර අතුරු ආබාධ ඇතිවීමේ ක්ඩකඩ තිබෙනවා.

මෙය කෝපි අවුන්ස 12 කට සමාන වනවා. නමුත් වෙනත් නිෂ්පාදනවලර්හ් කෝපි අඩංගු විය හැකි බව සලකන්න!

ඉතින් ගර්භනී අවධියේදී හැකි තරම් කෝපි පානය කිරීමෙන් වළකින්න.

11. ශාකසාර තේ

ගර්භනී සමයේ නුසුදුසු ආහාර

Image source: Pexels

ගර්භණී සමයේදී ඖෂධීය තේ පානය කිරීම හොඳ අදහසක් සේ පෙනෙන්නට පුළුවන්. නමුත් සමහර ඖෂධ පැළෑටි නොමේරූ දරු ප්‍රසූතියට හෝ වඩාත් දරුණු ලෙස ගබ්සා වීමට දායක විය හැකියි.

කොහොඹ (Wormwood) සහ කිතුල් (Saw Palmetto) අනි ඖෂධ පැළෑටි සමඟ තේ පානය කිරීමෙන් වළකින්න.

මේවාට ශක්ති මට්ටම් ඉහළ නැංවීමේ හැකියාව තිබේ යැයි කීවත් ඒවා අත්හදා බලා නොමැත. ඔබට වෙනදාට වඩා වෙහෙස දැනෙනවා නම් ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

12. හොඳින් සෝදා නොගත් එළවළු සහ ලපළතුරු

බොහෝ දෙනා නොසේදූ එළවළු හා පළතුරු මිළදී ගැනීම විශේෂයෙන්ම කරන්නේ එය නැවුම්බවේ සංඛේතයක් ලෙස සළකමින්.

නමුත්  මේවායේ  ටොක්සොප්ලාස්මා (Toxoplasma) බැක්ටීරියා ද අඩංගු විය හැකි බව ඔවුන් නොදන්නවා විය හැකියි.

ටොක්සොප්ලාස්මික් ක්ෂුද්‍ර ජීවීන් හට වර්ධනය වීමට එළවළු පළතුරු වල දැවටුනු මෙම පස සාරභූමියක් සේ ක්‍රියා කරනවා.

මෙම බැක්ටීරියාව මගින් ඔබේ කුසේ දරුවා පෝෂණය කරන වැදෑමහ ආසාදනය වනන්ට පුළුවන්.

මේ නිසා මෙම අවදියේ ආහාරයට ගැනීමට සුපිරි වෙළඳසැලෙන් මිලදී ගත් පිරිසිඳු කළ එළවළු සහ පළතුරු වඩාත් සුදුසු වනවා.

ඒවාද පිසගැනීමට ප්‍රථම හොඳින් සෝදාගැනීමට වග බලා ගන්න.

13. මද්‍යසාර ගර්භනී සමයේ නුසුදුසු ආහාර

ගර්භණීව සිටියදී මත්පැන් පානය නොකල යුතු බව සාමාන්‍යයෙන් අප කවුරුත් දන්නා කරුණක්.

“නමුත් නිසැකවම ඉතා කුඩා ප්‍රමාණයක් පානය කිරීම කියන තරම් නුසුදුසු විය නොහැකි ඇති  නේද? ?”

ඇත්ත වශයෙන්ම, රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන Centers for Disease Control and Prevention (CDC) හි වාර්තාවකින් පෙන්නුම් කරන්නේ දිනකට එක් මත්පැන් පානයක් පවා නූපන් දරුවන් පසුබෑමට ලක්කිරීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරන බවයි.

මේ නිසා අම්මා ඉවසන්න! පරීක්ෂාවට ලක් වන්න එපා! මෙම අවදිය තුළ මත්පැන් පානය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.

14. කෘතිම ආහාරගර්භනී සමයේ නුසුදුසු ආහාර

මෙය තරමක් පුළුල් ආහාර කාණ්ඩක්ය වනවා. නමුත් ගෙදර හැදූ කිසිවක, සීනි අන්තර්ගතය මේවායේ තරම් ඉහළ මට්ටමක තිබෙන්නට බැහැ.

මෙම ඛාන්ඩයට පාන්, බිස්කට් සහ ටොපි චොකලට් වර්ග පවා ඇතුළත් වනවා.

ඔබ මිහිරි සංග්‍රහයක් භුක්ති විඳින බවක් දැනුනත්, එය ඉක්මනින්ම ගර්භණී දියවැඩියාවට මග පාදන්නට පුළුවන්. බොහෝ ගර්භනී කාන්තාවන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක පැවතුනත්, එය උරහිස් ඩිස්ටෝසියාව (shoulder dystocia) වැනි බරපතල හදිසි අවස්ථා තවදුරටත් වැඩි කල හැකිය!

15. ටින් කළ ආහාර ගර්භනී සමයේ නුසුදුසු ආහාර

worst foods during pregnancy

Image source: Pexels

ක්ෂණික සුප් වැනි ජනප්‍රිය ටින් කළ ආහාරවල අධික සෝඩියම් අන්තර්ගතයට ස්තූතිවන්ත වන්නට එහි රසය පවත්වාගෙන යන්නට පුළුවන් වනවා.

අධික ලුණු සහිත ආහාර නිසා අධි රුධිර පීඩනය ඇති වනවා!

මෙම ආහාර පරිභෝජනය කළ යුතුම නම්, කුඩා ප්‍රමාණයෙන් අනුභව කරන්න. ඔබේ ආහාර වේලට වැඩිපුර සම්පූර්ණ ආහාර ඇතුළත් කළ හැකිනම් එය වඩාත් සුදුසු වනවා!

ගර්භණී සමයේදී ඔබ අනුභව කළ යුතු ආහාර මොනවාදැයි ඔබ දැන සිටිය හැකිය. එමෙන්ම ඔබ වැළකී සිටිය යුතු ආහාර මොනවාද යන්නත් ඔබ දැන සිවීම වැදගත්ය!

ගර්භණී සමයේදී ඔබේ ආහාර වේල නිසි ලෙස සැලසුම් කිරීම ආරම්භ කරන්න!

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.