තම දෙමව්පියන් ගෙන් විවාහය පිළිබද ලැබුන අවවාද ගැන කථා 15

තම දෙමව්පියන් ගෙන් විවාහය පිළිබද ලැබුන අවවාද ගැන කථා 15

ඔබේ විවාහයට අත්දැකීම් පිරිපුන් අය ලබා දුන් උපදෙස් කිහිපයක් ‌මෙන්න.

ඔබේ විවාහය කියන්නේ ඔබේ ජිවිතයේ අරුම පුදුම නවාතැනක්. පිරිසක් ඒ තුළට කූඩුවෙනන් හීන දකිද්දි තවත් පිරිසක් ඉන් මිදෙන්න උත්සහ කරනවා.

විවාහයේ පැවැත්ම හෝ බිද වැටීම රදා පවතින්නේ ඒ තුල කටයුතු කරන යුවලගේ ක්‍රියාකාරිත්වය හා තීරණය මතයි.

යුග දිවිය කටු ඉඹුලක්ද? මල් මාවතක්ද?

විවාහ ජිවිතය සෑම විටම සතුටින් පිරුනක්ම පමණක් නොවේ. ඒ තුලත් ඇද වැටීම්, අහිමිවීම් පිරිලා තියෙනවා. 

මෙම යුග දිවිය මනාව පවත්වාගන්න අවවාද අනුශාසනා අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. සමහර ආගම් වල නම් මේ විවාහ වෙන දෙපළ කැදවලා අවවාද අනුශාසනා ලබා දීමක් කරනවා.

අපි අද කතා කරන්න යන්නේ විවිධ පුද්ගලයින් 15 දෙනෙකුට මේ විවාහය ගැන දෙමව්පියන් ගෙන් ලැබුන අවවාද 15 ක් ගැනයි. මේ තුල ඔබේ ජිවිතයටත් ලබා ගත හැකි යමක් තිබේදැයි බලන්න.

මෙම තොරතුරු එක්රැස් කරගෙන ඇත්තේ බලපත්‍රලාභී මනෝචිකිත්සකවරයෙකු  සහ සබඳතා පුහුණුකරුවෙකු වන ටෝනි කෝල්මන් විසිනි.

ඔබේ විවාහය සදහා 15  ‌දෙනෙක් ‌දෙමව්පියන් ‌ගෙන් ලද අවවාද

1. කාංචනාට ලැබුන උපදෙස - වයස 31

  • "එය විවාහ වීම පමණක් නොවේ,එය  විවාහය පවත්වා ගෙන යෑමයි "

2.  ටාරාට ලැබුන උපදෙස - වයස 42

  •  " අනෙක් කෙනාට තමන්  කැමති ආකාරයට වෙනස් කිරීම නොව ඔවුන්ගේ විදියට ආදරය කරන්න " 

 ඔබ විවාහ වූ පුද්ගලයා වෙනස් වන අතර ඔබ වෙනස් වෙනවා. ලෝක ස්වභාවය ඒකයි.

නමුත් ඔබ හොද දේවල් විතරක් දකිනවා නම්  ඒ දේවල් සහකරුගේ වෙනස්වීම් දරා ගෙන ඔබේ ආදරය සමග ඉදිරියට යන්න ඔබට උදව් කරාවි.

3. චතුරට ලැබුන උපදෙස - වයස 40

  • දේවල් නිසි ලෙස ක්‍රියාත්මක නොවන කාලයන් ගෙවී යනවා.  ජනගහනයෙන් අඩකට වඩා ඔබට අයහපත් දවස් ලැබෙනවාට කැමති බව මතක තබාගන්න.
  • ඔබ කරන සෑම තර්කයකම, "ජයග්‍රාහකයෙකු" සහ "පරාජිතයෙකු"  නැහැ. ඔබ "දිනූ විට" පවා ඔබට පරාජයක් ලැබෙන්න පුළුවන්.

4. සුරබි ලද උපදෙස - වයස 37

  •  "ජීවිතයේ ඉදිරියට යාමට, පසුපසට බැලීම නතර කරන්න. අතීතයේ සිදුවූ වැරැද්ද ගැන පසුතැවෙන්න එපා. ප්‍රීතිමත් අනාගතයක් කෙරෙහි අවධානය යොමු කරන්න."

5. වයස 44 ක් වු ශාන්තිට ලැබුන උපදෙස - වයස 44

  • බොහෝ විට අදහස් දැක්වීම, නොදැනුවත්වම වන රිදවීම වැනි දේවල් අතහැර දැමීමට අවශ්‍ය වෙනවා.

විවාහය ශක්තිමත් කරන්න

6. ඉෂාන්ට ලැබුන උපදෙස- වයස 41

  • ඔබේ ආදරණීයයන්ට සැමවිටම පක්ෂපාත වන්න.
  • ඔබ යමෙකුට සැබවින්ම කැමති නම්, ඔබ ඔවුන් සමඟ කාලය ගත කිරීමට ඕනෑම දෙයක් කරනු ඇත. මගේ අම්මා දුර්වල හැඟීම් විශ්වාස කළේ නැහැ. ඔහු ඔබට ආදරය කරන්නේ නම්, ඔහු ඔබ සමඟ අසීරු තැනක වුනත් ජිවත් වෙනවා. ඇය එකට කාලය ගත කිරීම  හිරිහැරයක් සේ සලකනවා නම්, ඇය ඔබට ගැලපෙන නිවැරදි කෙනා නොවේ.
  • ඔබේ සමීපතම පවුලේ සාමාජිකයන්ට ගරු කරන්න. "ඔබේ පවුලට අමුත්තන් මෙන් සලකන්න, ඔබේ අමුත්තන්ට පවුල මෙන් සලකන්න" කියලා කියමනක් තියෙනවා. තමන්ට සමීප අයට ගරු කිරීමේ වැදගත්කම මගේ මව විසින් ආදර්ශයක් ලබා දුන්නා. එනම් සැමවිටම ඇය  මගේ පියා සමඟ ගෞරවනීය ස්වරයෙන් කථා කිරීම හෝ ඇය ඇගේ මිතුරන් සමඟ විවාහය ගැන කතා කිරීමෙන් වැළකී සිටීම, ඔහුගේ ගෞරවය සැමවිටම පරිශුද්ධ ලෙස සැලකීම සිදුකලා.

7. සාරාට ලැබුන උපදෙස - වයස 38

  •  "ඔබේ ස්වාමිපුරුෂයා / බිරිඳ ඇමතුමක් දෙන විට සෑම විටම දුරකථනයට පිළිතුරු දෙන්න."

 මගේ ස්වාමිපුරුෂයා හා මම රැකියාවෙන් කාර්්‍යබහුලයි.  එබැවින් මෙම උපදෙස් අපගේ කාර්යබහුල ජීවිත කාලය පුරාම අපට යහපත් සිදුකළා. එකිනෙකාට ප්‍රමුඛතාවයක් ලබා දීම ප්‍රේමණීය හා සම්පූර්ණ විවාහයකට මග පාදයි.

8. කජිල්ට ලැබුන උපදෙස- වයස 42

  • මගේ  මගේ තාත්තා සමඟ විවාහ වන විට ඇගේ නැන්දම්මා ඇයට දුන් උපදෙස් ඇය මටද ලබා දුන්නා.

"ඔබට ලබා ගත හැකි විශාලතම මෙට්ටය සඳහා ආයෝජනය කරන්න."

ඔබ විවාහ වූ සෑම අවස්ථාවකම හුරතල් වෙන්න අවශ්‍ය යැයි සිතුවත්, සුවපහසු ලෙස නිදා ගැනීමට ඉඩක් තිබීම සැබවින්ම ප්‍රයෝජනවත් වන අතර, ඔබේම ඉඩක  ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම වැදගත් වෙනවා.

 9. චාමරිට ලැබුන උපදෙස - වයස 53

  • වෙන් වෙන් වු නාන කාමර තබා ගන්න- මම නාන කාමරයේ වතුර විසී කරමින භාවිතා කරන අතර මගේ ස්වාමිපුරුෂයා ඇත්තෙන්ම පිළිවෙලයි. ඒ නිසා වෙන් වෙන්ව නාන කාමර පවත්වා ගත් විට ඔහුට කරදරයක් නැහැ.
  • සතියේ දින රාත්‍රී හමුවීම් පවත්වාගන්න - අපි සඳුදා වැඩ කිරීමෙන් පසු ජිම් එකට යනවා. පසුව රාත්‍රී ආහාරය ගන්නවා.සෑම සතියකම ආරම්භ කිරීමට මෙය විනෝදජනක ක්‍රමයකි.

එසේම, අපගේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී, මගේ පියා මෙසේ පැවසුවා.

 "කුඩා දේ අතහැර දැමීමට ඉගෙන ගන්න. විශාල දේ අත්හැර දැමීම පහසු කරයි." හැමෝම සිනාසුණත් එය ඇත්තෙන්ම හොඳ උපදෙසකි.

10. කනීෂ්ට ලැබුන උපදෙස - වයස 44

  •  "වික්‍රමය භුක්ති විඳින්න!"

යෝජිත විවාහය

11. ශාමාට ලැබුන උපදෙස -වයස 35

තනි පුද්ගලයෙකු, ජෝඩු සහ පවුල් චිකිත්සකවරයකු වශයෙන්, සබඳතා සදහා අවශ්‍ය වන්නේ කුමක් ද යන්න පිළිබඳව මට විශාල අවබෝධයක් තියෙනවා.

නමුත් මගේ මව මට දුන් හොඳම අවවාදයක් ලබා දුන්නා.

  •  "ඔබට සදහටම සිටීමට අවශ්‍ය යැයි කියන කෙනෙකුට වඩා අද ඔබ සමඟ සිටමට කැමති කෙනෙක් සොයාගන්න. එවිට සදාකාලිකව එම ප්‍රශ්නයම පිළිතුරු ලැබෙනවා." විශේෂයෙන් සම්බන්ධතාවය ආරම්භයේදි අනෙක් පුද්ගලයා "සදහටම" ගැන සිතීමට ගන්නා සෑම පියවරකටම අධික පීඩනයක් ඇති කරනවා.

මගේ දෙමව්පියන්ගේ අනෙක් හොඳ අවවාදය මෙසේ වෙනවා. 

  • " පුංචි පුංචි අඩුපාඩුකම් හොය හොය ඉන්නවාට වඩා  ඔබේ සහකරුගේ අඩුපාඩු පිළිබද විශාල අවබෝධයක් තබාගන්න." මෙම පුද්ගලයා ඔවුන්ගේ සීමාවන් නියම කරනවාට වඩා සමස්තයක් වශයෙන් ඔබව සතුටට පත් කරන්නේදැයි ඔබගෙන්ම විමසන්න.

12.නටාලියාට ලැබුන උපදෙස - වයස 50 

  • "ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ කිසි විටෙකත් අමනාපයෙන් නින්දට යන්න එපා." 

මෙය සමහර අවස්ථාවල දින හෝ සති ගණනක් පැවතිය හැකි මානසික පීඩනයක් ලබා දෙන්න පුළුවන්.

සන්නිවේදනය, කොතරම් දුෂ්කර වුවත්, විවාහයේදි එයට මුලිකත්වයක් දෙන්න.

ඒ වගේම මගේ තාත්තා නිතරම පැවසුව දෙයක් තිබුනා.

  •  "ශාරීරික ආකර්ෂණය සහ මධුසමය පහව ගිය පසු, ඉතිරිව වන්නේ කුමක්ද? විවෘත සන්නිවේදනය මගින් සම්බන්ධතාවය ජීවමාන කරගන්න පුළුවන්."

13. පූජාට ලැබුන උපදෙස - වයස 38

  • මගේ දෙමව්පියන් මගේ සැමියාට සහ මට මුල සිටම එකට තීරණ ගැනීම ආරම්භ කරන ලෙස හා අපගේ සම්බන්ධතාවයේ සෑම අංශයක් සම්බන්ධයෙන්ම කණ්ඩායමක් ලෙස වැඩ කරන ලෙස පැවසුවා. ඔහු සහ මම නව වෘත්තීන්, රැකියා වෙනස්වීම්, නව නගර කරා සංක්‍රමණය වීම සහ නව දෙමව්පියන් වීම වැනි ජිවිතයේ ඇති වු අලුත් වෙනස්වීම වලට හැඩ ගැහෙන්න එම උපදෙස් ප්‍රබලව සහය වුනා

එකට තීරණ ගැනීම එකිනෙකා කෙරෙහි අපගේ ගෞරවය පෙන්වනවා.

එය අපගෙන් කෙනෙකුට සම්මුතියකට එළඹීමට සිදු වූ විට අප විශ්වාසය තබන දෙයකි.

අපට ගැටළු ඇති කාල වලදී, අප එකට සිටින බව දැන ගැනීම අප ඉදිරිපිට ඇති ඕනෑම තත්වයකින් මිදීමට අපට උපකාර කරනවා.

ඔබේ විවාහය සාර්ථක උපදෙස් තව දුරටත්

14. පද්මිනීට ලැබුන උපදෙස - වයස  77

  • මම තනිකඩව සිටියදී මගේ අම්මා මට කිව්වේ මට වඩා මට ආදරය කළ කෙනෙකුව විවාහ කරගන්න කියලායි.

මා ලග බොහෝ ආදරය හා ඉවසීම ඇති බවත්  සිය ආදරය මට පෙන්වන මිනිසෙකු සමඟ මම සතුටින් සිටිය හැකි බවත් ඇය විශ්වාස කළා.

මම ඇයගේ උපදෙස් පිළිපදින්නේ නැතුව විවාහ වුනා.

ඉන් මට සිදුවුයේ මත්පැන් පානය කරන ස්වාමිපුරුෂයෙකු සමඟ අවුරුදු 14 ක් ජීවත් වීමටයි. අවසානයේදි ඔහු වයස 45 දී මිය ගියා.

අපේ එක් දියණියක් එසේම කර වයස  39 දී මිය ගියේ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් අපයෝජනය වීමෙනි.

මම තවමත් මගේ ස්වාමිපුරුෂයා පෙර සිට අහිමි කරගත් කෙනෙක් ගැන සිතනවා.

ඔහු සේවයේ යෙදී සිටි අතර හිරු රශ්මියෙන්, වැස්සෙන් හෝ හිම අතරින් මගේ නිවසට පැමිණීමට පුරුදුව සිටියා.

මම එය තේරුම් ගැනීමට නොහැකි තරම් ලාබාල වුනා. මම ඇස් ඉස්සරහා යැයි සිතු දේ කළා.

3

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි