theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මලාට ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න හැකි ක්‍රම 15 ක්

5 අවම කියවීම
අම්මලාට ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න හැකි ක්‍රම 15 ක්අම්මලාට ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න හැකි ක්‍රම 15 ක්

නිවසේ ඉන්න ගමන් බබාවත් ආරක්ෂාකාරිව බලාගෙන අම්මලාට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හැකි ක්‍රම මෙන්න.

අම්මලාට කරන්න පුළුවන් ස්වයං රැකියා වර්ග ගැන අපි මීට කලින් කතා කලා.

අපි අද කියන්න යන්නේ ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා මුදල් උපයාගන්න ඔබට කරන්න පුළුවන් දේවල් ටිකක් ගැනයි.

පුංචි බබාලාත් එක්ක නිවසට වී ඉන්න සිදුවෙන අම්මලාට සිය සැමියාට ආර්ථික සවියක් වෙන්න අවශ්‍ය ඇති නේද?

බබා නිදා ගෙන ඉන්න පැය කිහිපය ඔබට පුළුවන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න යොදවන්න.

ගොඩාක් රැවටීම් සහිත දේවල් තියෙන නිසා ඔබ ඒවාට හසු නොවි නිවැරදි දේවල් තෝරා ගැනීමට තරම් සුපරික්ෂාකාරි විය යුතුයි.

ඒ වගේම මෙහි ඔබේ දක්ෂතාවය අවශ්‍ය වෙන සේවාවන් මෙන්ම ඔබට පුහුණුවකින් පසු කල හැකි සේවාවන් තියෙනවා.

අම්මලාට ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න හැකි ක්‍රම 15 ක්

අපි අන්තර්ජාලය හරහා ඔබට කලහැකි ස්වයං රැකියා වර්ග ගැන බලමු

1. බ්ලොක් අඩවියක් හෝ යු ටියුබ් නාලිකාවක් ඇරඹීම

ඔබට යම් විශේෂිත විෂයක් සම්බන්ධව බ්ලොක් අඩවියක් හෝ යු ටියුබ් නාලිකාවක් පවත්වා ගන්න පුළුවන්.

එහිදි ඔබ ආරම්භ කරන්නේ කුමන වර්ගයේ බ්ලොක් අඩවියක්ද, යු ටියුබ් නාලිකාවක්ද යන්න ඔබ තීරණය කරන්න.

එය පාඨකයින් පරිශිලනය වෙන හොද තත්වයකට පැමිණි පසු වෙළද දැන්වීම් ප්‍රවර්ධනය කරන්න පුළුවන්.

ඒ මගින් ඔබට ආදායමක් ලැබිමේ හැකියාව තියෙනවා.

2. භාෂා පරිවර්තනය

සිංහල බසින් ඉංග්‍රිසි බසට හෝ ඉංග්‍රිසි බසින් සිංහල බසට භාෂා පරිවර්තනය කිරීමේ කාර්යයන් සුලබව දකින්න තියෙනවා. 

ඊට අමතරව ඔබට වෙනත් භාෂාමය හැකියාවක් ඇති නම් එයත් වාසියක්.

මෙහිදි ව්‍යාපෘති, පොත්, පැවරුම් වැනි දේවල් වල භාෂා පරිවර්තන කටයුතු කිරීමට ලැබෙනවා.

ඔබට භාෂාවේ හැකියාව ඇතිනම් අවශ්‍ය වන්නේ ලබා දෙන දෙය පරිවර්තනය කිරීමට පමණයි.

ඒ සදහා එහි අඩංගු විෂය සම්බන්ධව සුවිශේෂි දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ.

  • Fivver
  • Freelancer
  • topjobs

3. ලිපි ලිවීම

ඔබටත් නිර්මාණශිලිව ලියන්න පුළුවන් නම් ඔබට පුළුවන් ආයතන හා සගරා සදහා අවශ්‍ය ලිපි ලියන්න.

ඒ සදහා නම් ඔබේ හැකියාව වගේම ලිපිය ලිවීමට පෙර මුලාශක් මගින් ඒ පිළිබද දැනුම ඔබ ලබා ගැනීම අවශ්‍ය වෙනවා.

ලිපියේ ස්වභාවය අනුව සරල බස් වහරේ සිට සංකීරණ බස් වහර දක්වා විහිදෙන පරාසයක ඔබ රචනා කල යුතු වෙනවා.

  • Fivver
  • Freelancer
  • topjobs

4. වෙනත් ලේඛන කටයුතු

අම්මලාට ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න හැකි ක්‍රම 15 ක්

සමහර ආයතන හා පුද්ගලයින් මගින් සිය ලිපි ලේඛන කටයුතු බාහිරින් කරගන්නා අවස්ථා තියෙනවා. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

රාජකාරි ලිපි, ජිව දත්ත පත්‍ර, වෙළද දැන්වීම්, පෝස්ටර් වැනි දේවල් මෙහිදි ඔබට කරන්න සිදුවෙන්න පුළුවන්.

ඔබට ඒ සම්බන්ධව හැකියාවක් ඇති නම් ඒ කාර්යයන් භාරගෙන කරන්න පුළුවන්.

  • Fivver
  • Freelancer
  • topjobs

5. ටයිප් සෙටින් 

ඔබට වේගයෙන් ටයිප් කරන්න හැකිනම් පොත් , ටියුට් වගේ දේවල් වල ටයිප් සෙටින් කර ඒ සදහා ආදායමක් ඔබට ලබා ගන්න පුළුවන්.

ඒ සදහා නම් ලියන දේවල් පිළිබද කිසිම  දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.

ඔබට ටයිප් කිරීමේ හැකියාව ඇතිනම් අවශ්‍ය වන්නේ එපමණයි. 

6. අන්තර්ජාලය හරහා වෙළදාම

ඔබට සුබපැතුම් පත්, කේක්, බිත්ති සැරසිලි, මැහුම් වගේ දෑතේ හැකියාවක් ඇතිනම් නිවසේ ඉදන්ම අන්තර්ජාලය හරහා ව්‍යාපාරයක් කරන්න ඔබට පුළුවන්. 

ඔබේ නිර්මාණ හා ඒ පිළිබද විස්තර ඒ ගැන උනන්දු වෙන පාඨක ජාලයන් වල පල කරමින් ඔබට ගැනුම්කරුවන් සොයා ගන්න පුළුවන්.

7. ග්‍රෆික් ඩිසයිනින්

ඔබ ග්‍රෆික් ඩිසයිනින් පාඨමාලාවක් කලහොත් ඔබට කතන්දර පොත් වල සිතුවම්, කියමන්  සදහා සිතුවම්, පෝස්ටර් , ලාංජන නිර්මාණය වැනි කාර්යයන් රාශියක් මගින් මුදල් උපයන්න පුළුවන්. 

මෙයත් ඔබේ හැකියාව මත ලබා දිය හැකි සේවාවක් වෙනවා.

8. ඡායාරූප අලෙවිකරණය

ඔබ පොටෝ ගන්න දක්ෂයෙක් නම් ඒත් අවස්ථාවක් තියෙනවා. ඔබ ගන්නා ඡායාරූප මිලදි ගන්නා වෙබ් අඩවි තියෙනවා.

ඒ සදහා අවශ්‍ය ඡායාරූප ගෙන  ලබා දීමෙන් ඔබට ආදායමක් ලබා ගන්න අවස්ථාව තියෙනවා.

  • ෂටර්ස්ටොක්
  • අයිස්ටොක්

9. සමීක්ෂණ සදහා සහභාගි වීම

එක් එක් ආයත හෝ පුද්ගලයින් මගින් අන්තර්ජාලය හරහා ලබා දෙන දේවල් සහ සේවා සදහා පාඨක අදහස් ලබා ගැනීම කරනවා.

ඒවා සමීක්ෂණ වෙන අතර ඔබට ඒවාට සහභාගී වීමෙන් මුදල් හෝ ත්‍යාග ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා.

  • Swagbucks
  • Opinion Outpost
  • Vindale Research

10. අන්තර්ජාලය හරහා පාඨමාලා පැවැත්වීම

ඔබ යම් විෂයක් සදහා ප්‍රවීණයෙක්ද? ඒ  සදහා ඔබට අධ්‍යාපනික දැනුමම අවශ්‍ය වන්නේ නැහැ.

ඔබට රූපලාවන්‍ය වැනි වෙනත් ශිල්පීය හැකියාවන්ගේ හෝ ප්‍රවීණත්වයක් තිබේ නම් අන්තර්ජාලය ඔස්සේ ඒ පිළිබදව පවත්වන පංති වල සම්පත් දායකයෙකු සේ ඔබට කටයුතු කරන්න පුළුවන්.

එහිදි ඔබට ගෙවීමක් ලබා ගන්න පුළුවන්.

11. දත්ත ඇතුල් කිරීම

අම්මලාට ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න හැකි ක්‍රම 15 ක්

මේ පිළිබද නම් විවිධ දැන්වීම් බොහොමයක් දකින්න ලැබුනත් ඒවා මුදල් ගෙවා ඔබ ඉගෙන ගැනීම කල යුතු අවස්ථා වෙනවා.

එහෙම නොමැතිව ඔබට යම් ආයතනයක් හා සම්බන්ධ වී එහි දත්ත ඇතුල් කිරීම් කර මුදලක් උපයන්න පුළුවන්.

මේ සදහා බොහෝ විට අවශ්‍ය වන්නේ ඔබේ ටයිප් කිරීමේ හැකියාව පමණයි.

12. වෙළද දැන්වීම්, විඩියෝ බැලීම

අන්තර්ජාලයේ ඇති විවිධ වෙළද දැන්වීම් හා විඩීයෝ නරඹන විට ඔබට සුළු මුදලක් ලැබෙනවා.

නමුත් මෙහිදි ඔබට සැලකිය යුතු මුදලක් එකතු කරගන්න නම් වැඩි වැඩියෙන් එහි නිරත වෙන්න අවශ්‍ය වෙනවා.

ඒ කියන්නේ ඔබට ඒ සදහා වැඩිපුර කාලයක් අවශ්‍ය වෙනවා.

13. නිෂ්පාදන ගැන සමාලෝචන ලිවීම

විවිධ නිෂ්පාදන සදහා සමාලෝචන ලිවීමෙන් ඔබට ආදයම් ලබා ගන්න අවස්ථාව තියෙනවා.

ඔබ ඔබේ අදහස් මනාව ලිඛිතව ලියා දැක්වීමට දක්ෂයෙක් නම් ඔබට එම අවස්ථාව කදිමයි.

14. නිෂ්පාදන ප්‍රවර්ධනය

යම් යම් ආයතන වල නිෂ්පාදන අන්තර්ජාලය තුලම ප්‍රවර්ධනයෙන් ඔබට ආදයමක් ලබා ගන්න අවස්ථාව තියෙනවා.

එහිදි එම නිෂ්පාදන ඔබගේ ප්‍රවර්ධනයක් හරහා විකිණෙන සෑම අවස්ථාවකදිම ඔබට දීමනාවක් ලැබෙනවා.

15. පාරිභෝගීක සේවාවන් සැපයීම

සමහර ආයතන තම පාරිභෝගිකයන් සම්බන්ධ කරගැනීමට හා ඔවුන්ට ඊමේල් යැවීමේ කටයුතු වලට පිටතින් සේවාවන් ලබා ගනී. ඔබටත් අවශ්‍ය නම් ඒ හා සම්බන්ධව කටයුතු කරන්න පුළුවන්.

අම්මලා අන්තර්ජාලය හරහා ස්වයං රැකියා වර්ග කිරිමේදි සැලකිලිමත් විය යුතු කාරණා

  • ඔබ ආර්ථිකය ශක්තිමත් කිරීමට මේ සදහා නිරත වුවද ඔබේ දරුවාට හා දරුවාගේ ආරක්ෂාවට පළමු තැන දෙන්න.
  • අන්තර්ජාලයේ ඇති බොරු ආයතන හා පුද්ගලයින් ගෙන් රැවටීම වලට ලක් නොවන්න.
  • විශ්වාසවන්ත ආයතන සමග පමණක් ගණුදෙනු කරන්න.
  • පිටරට ආයත හරහා මුදල් ගනුදෙණු කරද්දි අවශ්‍ය වෙන පේ පෑල් වැනි මුදල් හුවමාරු ක්‍රමයක් සකස් කරගන්න.
  • ඔබට නිශ්චිත කාලය තුල කල හැකි වැඩ පමණක් භාරගන්න.

ඔබ දන්නා තවත් අන්තර්ජාලය හරහා කල හැකි ස්වයං රැකියා වර්ග තියෙනවාද? එසේනම් ඒ තොරතුරු අප හා බෙදාගන්න.

මුලාශ්‍ර - www.lifehack.org

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • අම්මලාට ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න හැකි ක්‍රම 15 ක්
බෙදාගන්න :
  • ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

    ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

  • ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

    ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

  • ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

    ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

  • ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

    ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it