theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට දඬුවම් කරන දරදඬු දෙමව්පියන්ගේ ලක්ෂණ 15 ක්

5 අවම කියවීම
දරුවන්ට දඬුවම් කරන දරදඬු දෙමව්පියන්ගේ ලක්ෂණ 15 ක්දරුවන්ට දඬුවම් කරන දරදඬු දෙමව්පියන්ගේ ලක්ෂණ 15 ක්

ඔබ තුලත් මෙම ලක්ෂණ මතුවෙනවාද බලන්න

දරුවන්ට දඬුවම් කිරීම දෙමව්පියන් කොයි කවුරුත් කරන දෙයක්. ඒක වැරදියි කියන්න බැහැ.  දරුවන් හික්මවා ගැනීමට දඬුවම් කිරීම අවශ්‍යයි. නමුත් වැදගත් වන්නේ දෙමව්පියන් වශයෙන් අපිි දඬුවම ක්‍රියාත්මක කරන විදියයි.

දඩුවම වුුුුුනත් හිංසාවක් විදිිිියට නොකර ධනාත්මකව කිරීම සුදුසු වෙනවා.
නමුත් දරුවන්ට දැඩි දඬුවම් පමුණවන දරදඬු දෙමව්පියන්ද අපි අතර සිටින බව ඔබ දන්නවාද? මෙන්න එවන් දැඩි දෙමව්පියන්ගේ ලක්ෂණ 15 ක්.

දරුවන්ට දඬුවම් කිරීම දැඩිව කරන දරදඬු දෙමව්පියන්ගේ ලක්ෂණ 15 ක්

දරුවන්ට දඬුවම් කරන දරදඬු දෙමව්පියන්ගේ ලක්ෂණ 15 ක්

සමහර දෙමාපියන් දරුවෙකු හික්මවීම සම්බන්ධයෙන් දැඩි ලෙස සැලකිලිමත් වෙනවා.

දරුවන් කෙරෙහි දරදඩු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ඔවුන් වඩා හොදින් හික්මවා ගත හැකි බව සමහර දෙමව්පියන්  සිතනවා.

නමුත් ස්ථිරව කටයුතු කිරීම  හා ඕනෑවට වඩා දැඩි වීම අතර වෙනසක් තියෙනවා.

දරුවන්ට දරදඩු ලෙස සැලකීමෙන් පසුකාලීනව දරුවන් තුළ ආත්ම අභිමානය අඩුවීමේ  හා චර්යාත්මක ගැටළු ඇතිවීමේ අවදානමක් තියෙනවා.

ඒ නිසා දරදඩු දෙමව්පියන් සතු වෙන පහත දේවල් 15 ඔබත් කරන්න එපා.

  1. නීති ගොඩාක් දැමීම

නීති ගොඩාක් දැමීම කොහොමත් හොද සලකුණක් නම් නොවේ. ඒවා සියල්ලම නිරීක්ෂණය කිරීමට හෝ බලාත්මක කිරීමට ක්‍රමයක් නැහැ. 

ඒ වෙනුවට, නීති රීති අඩුවෙන්  සකසා වැදගත් ඒවා කෙරෙහි අවධානය යොමු කරන්න. සිවිබල ගැන්වීම සහ මතක් කිරීම සම්බන්ධයෙන් ස්ථාවර වන්න.

නීති රීති අනුගමනය කිරීම ඉතා වැදගත් වෙනවා.

  1. තර්ජනය කිරීම

දරුවන් බිය ගන්වන්න බොරු තර්ජන කරන්න එපා. දරුවන්ව නිවසින් එළියට ඇද දමන බවට තර්ජනය කිරීමේ තේරුමක් නැහැ.

එසේ කරන හිස් තර්ජන දරුවන් වැරදි ලෙස හැසිරීමට දිරි ගැන්වීමක් වෙනවා. ඒ නිසා ඔබ තර්ජනය කිරීමට පෙර හොඳින් සිතා බලන්න.

  1. දෙමාපිය මායිම් ඉක්මවා යෑම

ප්‍රමාණවත් දෙමව්පියන්ගේ පාලනය හා ප්‍රමාණය ඉක්මවා ගිය දෙමව්පියන්ගේ පාලනය අතර බැලු බැල්මට වෙනසක් නැහැ.

පාසැලේදී සහ නිවසේදී දරුවෙකු හැසිරෙන ආකාරය පිළිබඳව විශේෂයෙන් ආරක්‍ෂිත කාරණා සම්බන්ධයෙන් දෙමව්පියන්ට නීති රීති සකස් කරන්න පුළුවන්.

කෙසේ වෙතත්, දරුවන්ට සිය මනාපය මත පදනම්ව තේරීමක් කිරීමට ඉඩ දීමේදී දෙමවිපියන් මදක් පසුබට විය යුතුය.

එපා කියන්න ඉක්මන් වෙන්න එපා. ඒ වෙනුවට, කළ යුතු දේ තීරණය කිරීමට පෙර ඔබේ දරුවා සමඟ සාකච්ඡා කර තීරණයකට එන්න උත්සහා කරන්න.

  1. දරුවන්ගේ හැගීම් බ්ලැක්මේල් කිරීම

අපේක්ෂාවන් සහ සීමාවන් නියම කිරීමේදී පවා දෙමාපියන්ගේ ආදරය සෑම විටම කොන්දේසි විරහිත විය යුතුය.

දරුවන් හික්මවා ගැනීම සදහා ආදරය භාවිතා කරමින් ඔවුන්ට තර්ජනය නොකරන්න. උදා. "ඔබ මේ දේ කරනවා නම් මට ආදරය නැහැ" යැයි කියන්න එපා. 

ඒ වෙනුවට ඔවුන්ට  මෙහෙම කියන්න.

 "මම ඔයාට  ආදරෙයි. ඒත් ඔයා  මෙන්න මේ විදියට හැසිරෙනවා නම් මම කැමතියි."

  1. දරුවන්ට දඬුවම් කිරීම: ඔබ කියන දේ ගැන සැලකිලිමත් නොවීම

ඔබ කියන දේවල් ගැන ප්‍රවේශම් වෙන්න.  ඔබ යමක් පවසන ස්වරය කුමක් වුවත්, ඔබ පවසන දෙයින් දරුවාට කල් පවතින මානසික තුවාල ඇති වෙන්න පුළුවන්. 

ඔබේ දරුවාට මුහුණ දීමට පෙර ඔබ සන්සුන් වී කියන්න යන දේවල් ගැන සිතන්න. මේ මොහොතේ තරහින් ඔබ අදහස් නොකරන දේවල් අහම්බෙන් හෝ කියන්න එපා. 

ඔබේ වචන සිහි නුවණින් යුතුව තෝරා ගන්න. ඉගෙන ගන්නා දරුවෙකුට හිංසා නොකර ඔවුන් නිවැරදි කිරීමට සහ මඟ පෙන්වීමට පමණක් හිතට ගන්න.

  1. නියෝග දෙන නමුත් මඟ නොපෙන්වීම

ඔබේ දරුවාට අසීරූ කාර්යයක් පැවරු විට, එය කිරීමට  ඔවුන්ට අණ කර පමණක් ප්‍රමාණවත් නැහැ.

කුමක් සිදු වුවද දෙමාපියන් තමන්  පිටුපස සිටින බව දරුවන් දැනගත යුතුය. ඒ නිසා ඔවුන්ට ඒ දේවල් තනිව කිරීමට ඉඩ නොතබා උපකාර කරන්න..

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
  1. නිරන්තරයෙන් දරුවන්ට දැඩි බලපෑම් කිරීම

දරුවන්ට දඬුවම් කරන දරදඬු දෙමව්පියන්ගේ ලක්ෂණ 15 ක්

ඔබ සැමවිටම වැඩ කටයුතු කරගෙන කිරීමට දරුවන්ට දැඩි බලපෑම් කරනවාද?

ඔබ සැමවිටම දැඩි , බලපෑම් කරන, පස්සෙන් පන්න , දරුවාට හැම තිස්සෙම මතක් කරන දෙමාපියෙක්ද?

මේ ලක්ෂණ ඔබ ලග තියෙනවා නම්, ඔබත් දරදඩු දෙමව්පියන්ගෙන් කෙනෙකු වෙන්න පුළුවන්.

  1. හරියට සංනිවේදනය නොකිරීම

ඔබේ දරුවා තවදුරටත් ඔබ විශ්වාස කරනවාද? ඔබ ඔබේ දරුවන්  සමඟ කතා නොකරන්නේ ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නේ නම් ඔබත් ඉතා දැඩි දෙමව්පියෙක් වෙන්න පුළුවන්.

  1. ඔබේ දරුවන් මිතුරන් ඉදිරියේ කොන් කිරීම

ඔබ මෑතකදී ඔබේ දරුවාට ඔහුගේ මිතුරන් ඉදිරියේ නියමිත තැන ලබා දුන්නාද ?

එසේත් නැතිනම් ඔබේ දරුවා අකමැති තැනක තබා  ප්‍රශ්න ඇසීමට ඕනෑවට වඩා දැඩි වීමට  කැමති දෙමව්පියන්ගෙන් කෙනෙක්ද?

හොඳයි, එසේ නම්, ඔබ ඔබේ දරුවන් මිතුරන් ඉදිරියේ කොන් කිරීම පුදුමයක් නොවේ.

  1. ඔබේ දරුවාට පැහැදිලි කිරීමට ඉඩ නොදීම

සිය මතය ප්‍රකාශ කිරීමට දරුවන්ට අවස්ථාව ලබා දෙන්න. ඔබ දරුවන්ගේ අදහසට එකඟ නොවන්න පුළුවන්.

නමුත් ඔබ සැමවිටම ඔවුන් කියන දෙය අසා සිටින්න.  දරුවන්ට කතා කිරීමට ඉඩ දෙන්න.

  1. සෙල්ලම් කිරීමට ඉඩ නොතබා දරුවාව අධ්‍යාපන කටයුතු වල නිරත කිරීම

වැඩිහිටියන්ට මෙන් සියලුම ළමයින්ටද අධ්‍යාපන කටයුතු බැහැරව විවේකයක් අවශ්‍ය වෙනවා.

ළමයින්ගේ ධාරණ ශක්තිය වැඩි නිසා  සෑම දෙයක්ම ඉගෙන ගැනීමට හොඳම කාලය මෙය බව අපිත් දන්නවා.

නමුත් ඉගෙනීම සදහා අවශ්‍ය දිරිගැන්වීම මිස සෑම අවස්ථාවකදීම බල කිරීම නොවන බව මතක තබා ගන්න.

ඉගෙනීමට මෙන්ම සෙල්ලම් කිරීමටත් කාලයක් ලබා දෙන්න.

  1. යමක් කිරීමට ඉඩ නොදීම

ඔබත් ඔබගේ අධීක්ෂණය යටතේ  වුවද ඔබේ දරුවන්ට අන්තර්ජාලය භාවිතා කිරීමට ඉඩ නොදෙන දෙමව්පියෙක්ද?

එවිට ඔබ දරදඩු දෙමව්පියන්ගේ ගණයට වැටෙනවා.  ඔබේ දරුවා තාක්‍ෂණයට නිරාවරණය වීම ඔබට නවත්වන්න බැහැ.

ඔබ එය නිවැරදි, සංවේදී ආකාරයකින් කළ යුතුයි.

මෙලෙස සෑම  තාක්ෂණික දෙයක් තහනම් කිරීමෙන් වුව ඔබ ඔබේ දරුවාට සෑම විටම ඔබ මත රැදි සිටීම දිරිගන්වනවා.

  1. සියල්ලට එපා යැයි කීම

දරුවන්ට දඬුවම් කරන දරදඬු දෙමව්පියන්ගේ ලක්ෂණ 15 ක්

වලංගු හේතු දැක්වීමක් නැතිව සෑම දෙයටම එපා කියන්න එපා.  ඔබ යමක් තහනම් කරන්නේ ඇයිද යන්න පිළිබඳ ඔබේ අදහස දරුවාට පැහැදිලි කරන්න.

සාමාන්‍යයෙන් දරදඩු දෙමව්පියන් සාකච්ඡා කිරීමට හෝ සම්මුතියකට එළඹීමට පෙළඹෙන්නේ නැහැ.

    14. ස්ථාවර නිතී පමණක් පැවතීම

පැහැදිලි සහ ස්ථාවර නීති රීති තිබිය යුතුය. එවිට දරුවන් ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි අවබෝධ කරගන්නවා .

නමුත් අවස්ථාව අනුව මේ නිතී වෙනස් කරන්න. නීති වෙනස් කිරීමට පෙර ඔබට කල හැකි දේවල් සොයා බලන්න. 

  1. අධිකාරීවාදී ලෙස පාලනය කිරීම

අධිකාරී දෙමව්පියන්  හා බලයලත් දෙමව්පියන් වෙනසක් තියෙනවා. බලයලත් දෙමාපියන් සතුව  පැහැදිලි බලාපොරොත්තු තියෙනවා. 

කෙසේ වෙතත්, එය සිදු කරනුයේ උණුසුම හා දරුවාගේ මනසින් තුලින්ය.

නමුත්  අධිකාරීවාදී දෙමව්පියන් පාලනය කිරීම, ඉල්ලීම කරන නමුත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ.

ඕනෑවට වඩා දරදඩු දෙමව්පියන් සෑම විටම එක්කෝ විකල්පයන් ලබා දෙනවා. නැතිනම් කීකරු කිරීමට හෝ  පාඩමක් ඉගැන්වීමට දඩුවම් භාවිතා කරනවා.

ඔබ දරදඩුව දරුවන් රැකබලා ගැනීම ගැන දැඩි විශ්වාසයක් තබා ඇති නම්  එහි අතුරු ඵල සම්බන්ධයෙන් ඔබේ අදහස් මොනවාද?

නැත්නම් ඔබේ නීතිරීති එක්ක ඔබ වඩාත් සැහැල්ලුවෙන් සිටිනවාද? ඔබගේ අදහස් අප සමඟ බෙදා ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

මුල් රචනය:

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • දරුවන්ට දඬුවම් කරන දරදඬු දෙමව්පියන්ගේ ලක්ෂණ 15 ක්
බෙදාගන්න :
  • දරුවකු තලා පෙලා දඬුවම් කරමින් අකුරු ඉගැන්වීමේ හදවත දවන දසුනක්

    දරුවකු තලා පෙලා දඬුවම් කරමින් අකුරු ඉගැන්වීමේ හදවත දවන දසුනක්

  • දරුවන්ට දැඩි දඬුවම් දීම තුළින්වු ඔවුන් සාර්ථක පුද්ගලයින් වේවිද?

    දරුවන්ට දැඩි දඬුවම් දීම තුළින්වු ඔවුන් සාර්ථක පුද්ගලයින් වේවිද?

  • දරුවකු තලා පෙලා දඬුවම් කරමින් අකුරු ඉගැන්වීමේ හදවත දවන දසුනක්

    දරුවකු තලා පෙලා දඬුවම් කරමින් අකුරු ඉගැන්වීමේ හදවත දවන දසුනක්

  • දරුවන්ට දැඩි දඬුවම් දීම තුළින්වු ඔවුන් සාර්ථක පුද්ගලයින් වේවිද?

    දරුවන්ට දැඩි දඬුවම් දීම තුළින්වු ඔවුන් සාර්ථක පුද්ගලයින් වේවිද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it