theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඉන්දියානු සුරූපිනියන්ගේ රුව ඔප් නංවන ලස්සන වීමේ රහස් 15 ක්

5 අවම කියවීම
ඉන්දියානු සුරූපිනියන්ගේ රුව ඔප් නංවන ලස්සන වීමේ රහස් 15 ක්ඉන්දියානු සුරූපිනියන්ගේ රුව ඔප් නංවන ලස්සන වීමේ රහස් 15 ක්

ලස්සනට ඉන්න මේ ඉන්දියානු රහස් ඔබත් අත්හදා බලන්න.

Sinhala beauty tips ගැන ගොඩාක් කාන්තාවන් උනන්දුයි. රැව සම්පත රැකගන්න සිංහල උපදෙස් අන්තර්ජාලය තුල සීමිතයි. අන්න ඒ නිසාම අපි ඉන්දියානු සුරූපිනියන්ගේ ලස්සන වීමේ රහස් 15 ක් අපි අද ඔබ වෙත ගෙන එනවා. මෙන්න මේ පහසු ක්‍රම ඔබත් නිවසේදි උත්සහ කර බලන්න. ඔ‌බට ඉතා හොද ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වේවි.

ඉන්දියානු මව්වරුන්ගේ එකතු කර ගත් මේ ලස්සන වීමේ රහස් වට්ටෝරු අපි අද ඔබ වෙත මෙලෙස ගෙන එනවා.

sinhala beauty tips 15 ක්

ලසස්නට ඉන්න කාන්තාවන් කොහොමත් කැමතියි. ලස්සන සමට පමණක් සීමා වෙන්නේ නැහැ. ඔබේ සම , හිසකෙස් වගේම නියපොතු පමණක් නොවෙයි දත් හා ඇස් පවා ඔබේ ලස්සන ඔප් නංවන්න දායක වෙනවා. ලස්සනට ඉන්න කැමති අම්මලාට අපි අද ඉන්දියානු අම්මලා සතු මේ පුංචි පුංචි රහස් ටික අරගෙන එනවා.

ඔබත් මේ සත්කාර අත්විද ඔබේ ලස්සන වැඩි දියුණු කරගන්න.

1.කරදරකාරී අනවශ්‍ය රෝම සම්පුර්ණයෙන්ම ඉවත් කරන කඩල පිටි සාත්තුව

  • කඩල පිටි සහ ජලය එකට මිශ්‍ර කර පේස්ට් එකක් සාදාගන්න.
  • එය අනවශ්‍ය රෝම ඇති ප්‍රදේශයේ හොදින් තවරන්න.
  • මිශ්‍රණය  වියළෙන්න තබා ඉහල අතට වක්‍රාකාරව අතුල්ලන්න.
  • ඔබ අවම වශයෙන් සතියකට දෙවරක්වත් මාස කිහිපයක් මෙය කරන විට හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. 
  • මෙය අනවශ්‍ය රෝම ඉවත් කරන වියදම් අඩු සත්කාරයකි.
  • මිශුණය ඔබේ මුහුණ මත තැවරීමට පෙර අතේ තවරා අසාත්මිකතාවයක් ඇති වේදැයි බැලීම වැදගත් වෙනවා.

2. තෙල් හා දෙහි යුෂ සමග එක් වී හිස්සොරි වලට සමුදෙන්න

හිසකෙස් සත්කාර

  • පොල්තෙල් හෝ ඔලිව් තෙල්වල වලට දෙහි යුෂ බින්දු 10 සිට 12 දක්වා මිශ්‍ර කරන්න.
  • එය ඔබේ හිසට දමා ඔබේ හිස්කබල සම්බාහනය කරන්න. 
  • පැයකට පමණ පසු ඔබේ හිස සෝදන්න.

3. මී පැණි සහ දෙහි සමඟ ඔබේ තලෙළු සම පැහැපත් කරගන්න

  • දෙහි ගෙඩියක යුෂ මී පැණි තේ හැන්දක සමඟ මිශ්‍ර කරන්න.
  • ඔබේ මුහුණේ එම මිශ්‍රණය ආලේප කරන්න. 
  • මිනිත්තු 10 ක් තබා සෝදා හරින්න.
  • ලෙමන් වල විරංජක ගුණාංග නිසා තලෙලු සම පැහැපත් වෙනවා මී පැණි සමට තෙතමනය ලබා දෙයි.

4. තලෙළු සම පැහැපත් කරන අමු අර්තාපල් යුෂ

  •  අමු අර්තාපල් ගෙඩියකින් භාගයක් කපා ගන්න. 
  • ගෑරුප්පුක් භාවිතා කර එහි මතුපිට දියරයක් මතුවෙන තුරු එය සුරන්න.
  •  දැන් එම අර්තාපල් කැබැල්ල මිනිත්තුවක් පමණ ඔබේ මුහුණේ ආලේප කර වතුරෙන් සෝදන්න.

5. දිදුළන වරලසකට හෙනා සත්කාරය

ඉන්දියානු සුරූපිනියන්ගේ රුව ඔප් නංවන ලස්සන වීමේ රහස් 15 ක්

  • පිරිසිදු ස්වාභාවික හෙනා කුඩු ටිකක් ගන්න. 
  • හිසකෙස් දිග අනුව අවශ්‍ය ප්‍රමාණය වෙනස් වේ. 
  • එය නිසි ලෙස ජලය මිශ්‍ර කර හිසකෙස් වල ආලේප කරන්න.
  • ඔබේ හිසකෙස් අවුල් සහගත විය හැකි බැවින් මෙය ප්‍රවේශමෙන් කරන්න

6. හිසකෙස් බෙදෙන පැත්ත මාරු කිරීමෙන් කෙස් කළඹ තුනීවීම වළක්වා ගන්න

  • නිතරම ඔබේ හිසකෙස් බෙදෙන පැත්ත මාරු කරන්න
  •  එවිට කෙස් වැටීම වළක්වා ගැනීමට හැකි අතර කෙස් කළඹ තුනීවීම වළක්වා ගන්නත් පුළුවන්.

7. පොල්තෙල් වලින් ප්‍රශ්න රුසකට විසදුම්

  • සමේ සහ හිසකෙස් වල පොල්තෙල් ආලේප කරන්න.
  • ඒ මගින් පහත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
  • සමේ තෙතමනය ආරක්ෂා කරනවා
  • මේකප් ඉවත් කරනවා.
  • හිසකෙස්  කන්ඩිෂනර් කරනවා.
  • වැක්ස් කිරීමෙන් පසු ඉටි ගතිය ඉවත් කරනවා.

8. සම හා හිසකෙස් මෘදු කරවන කෝමාරිකා 

  • ඔබේ හිසකෙස් මත හා සම මත  කෝමාරිකා ජෙල් ආලේප කරන්න.
  • එය ඕනෑම සමේ ගැටලුවක් සඳහා හොද පිළියමකි.

9. මුල්ටානි මිට්ටි (මැටි) වලින් කුරුලෑ මට්ටු කරමු

මව්කිරි වල වාසි

  • මුල්ටානි මිට්ටි (මැටි)  යනු ඉන්දියානු නිවාස වල භාවිතා කරන අත් බෙහෙතකි.
  • මෙය සමේ පැක් එකක් ලෙස ආලේප කර වියළෙන්න තබා සෝදා හරින්න.
  • එය සමේ සිදුරු තද කරයි, සම මෘදු  කරයි, පිරිසිදු කිරීමේ ගුණ ඇත.
  •  ඔබට ඉතා වියළි සමක් ඇත්නම් එය භාවිතා නොකරන්න

10. කඩල පිටි සහ යෝගට් වලින් දිදුලන සමක්

  • කඩල පිටි මේස හැදි දෙකක්, කහ කුඩු තේ හැදි භාගයක් හා  යෝගට් මිශ්‍ර කරන්න. 
  • මෙම ආලේපන මුහුණේ ආලෙප කර මිනිත්තු තිහක් තබා සෝදා හරින්න.

11. සමේ සිදුරු අතුරුදහන් කරන බිත්තර කහ මදය 

  • පිළි ගද දරාගන්න පුළුවන් නම්  කහ මදය වෙන් කර ඔබේ මුහුණේ ආලේප කරන්න. 
  • එය වියළී යන තෙක් බලා සිට වතුරෙන් සෝදා හරින්න. 
  • ඔබේ සම තද වන අතර ඔබේ සිදුරු නොපෙනෙන තරම් වෙනවා.

12. වියළි දොඩම් ලෙලි වලින් සමට පෝෂණය 

  • දොඩම් ලෙලි ස්වල්පයක් ගෙන වියළා කුඩු කරගන්න. 
  • වතුර මිශ්‍ර කර  පේස්ට් එකක් සදා ගන්න.
  • මෙම  ෆේස් පැක් ලෙස ආලේප කර විනාඩි 10 කට පසු සීතල වතුරෙන් සෝදා හරින්න.

13. කොළ බෝංචි පිටි වලින් සබන් සාදමු

  • කොළ බෝංචි පිටි  වතුර සමග මිශ්‍ර කර සබන් වෙනුවට භාවිතා කරන්න. 
  • සාමාන්‍යයෙන් භාවිතා කිරීමේදි සබන් වල අඩංගු රසායනික ද්‍රව්‍ය ඔබේ සමට ඇතුල් වෙන්නේ නැහැ.
  • ඒ මගින් ඔබේ සම දීප්තිමත් කිරීමට හා මොයිස්චරයිසින් කිරීමට එය උපකාරී වෙනවා.

14. කිහිලි වල අඳුරු පැල්ලම් ඉවත් කර කහ  

  • රෝම ඉවත් කිරිමෙන් පසු ඔබේ කිහිලි ප්‍රදේශය කළු වෙන්න පුළුවන්.
  • .ස්වාභාවික කහ සහ ජලය මිශ්‍ර කර මෘදු පේස්ට් එකක් සාදා ගන්න.
  • එය ඔබේ කිහිලි යට ආලේප කරන්න.
  • එය මිනිත්තු දහයක් තබා එය සෝදා හරින්න.

15. ආත්ම විශ්වාසයෙන් සිටින්න

  • ඔබේ සම පැහැපත් වේවි යැයි විශ්වාසය තුලින් ඔබේ සම දිදුලන්න පුළුවන්. 

Sinhala beauty tips භාවිතය ගැන කාරණා කිහිපයක්

  • මෙම ආලේපන භාවිතයට පෙර ඔබේ අත් වල ආලේප කර තැබීමෙන් අසාත්මිකතා ඇතිවෙනවා දැයි පරීක්ෂා කරගන්න පුළුවන්.
  • මේ සියල්ලම පහසුවෙන් භාවිතා කල හැකි අතර මිල අඩු ලාභදායි ක්‍රම වෙනවා.
  • ඒ වගේම මේ සදහා අමතර විශාල කාලයක් අවශ්‍ය වන්නේ නැත.
  • මේ කාරණා හා රහස් සියල්ලම ඉන්දියානු මව්වරුන් විසින් බෙදා ගෙන තියෙනවා.
  • මෙම මිශ්‍රණ ඔබ පිළියෙල කිරීමේදි පිරිසිදුව එය කිරීමට වග බලාගන්න.

ඔබ ලගත් ලස්සන වීමේ රහස් තියෙනවාද? ඔබේ අදහස් අපි හා බෙදා ගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මුලාශ්‍ර : www.buzzfeed.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • ඉන්දියානු සුරූපිනියන්ගේ රුව ඔප් නංවන ලස්සන වීමේ රහස් 15 ක්
බෙදාගන්න :
  • සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

    සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

  • පංච කල්‍යාණියන් බිහි කරවන ‌කෝමාරිකා සත්කාර

    පංච කල්‍යාණියන් බිහි කරවන ‌කෝමාරිකා සත්කාර

  • සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

    සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

  • පංච කල්‍යාණියන් බිහි කරවන ‌කෝමාරිකා සත්කාර

    පංච කල්‍යාණියන් බිහි කරවන ‌කෝමාරිකා සත්කාර

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it