ඔබේ සහකරුට නොකිය යුතු දේවල් 15 ක්

ඔබේ සහකරුට නොකිය යුතු දේවල් 15 ක්

ඔබේ සහකරුට ඔබ නොකිය යුතු සමහර දේවල් තිබේ, මන්ද ඒවායින් බොහොමයක් නිෂ්ඵලයි. එය ගැටලුව විසඳීමට උදව් නොකරන අතර ඔවුන් නිසැකවම තවත් ප්‍රශ්න ඇති කරයි.

සත්‍ය වශයෙන්ම දෙමව්පියන් ලෙස විවාහයේ දී යන මේ ගමනේදී ඔබේ සහකරුට නොකිව යුතු දේවල් ඔබ සියල්ලන්ම පවසා ඇති බව මගේ විශ්වාසයයි.

කෙසේ හෝ ඔබට දොස් පැවරිය හැක්කේ කාටද? දෙමව්පියන් වී සිටීම දුෂ්කර ය (විවාහය ද එසේමය!). ඔබ කිසි විටෙකත් ප්‍රමාණවත් නින්දක් නොලබනවා සේම, ඔබේ දවස කෝපයෙන් සහ කාර්‍ය බහුල කමෙන් ගෙවී යනු ඇත. ඔබ දරුවන් සමඟ උරණ වී සිටින විට ඔබේ සහකරුට බැණ වැදීම නිසැකයෙන්ම කෙරෙන්නකි.

නමුත් අපට බොහෝ විට අමතක වන දෙය නම් දෙමාපියන් ලෙස රැකවරණය ලබා දීම යනු පුද්ගලයන් දෙදෙනෙකුගේ කාර්‍යභාරයකි. පසුතැවෙනවාට වඩා ඔබ නොකිව යුතු දේවල් වළක්වා ගැනීම හොඳය.

මෙයට හේතුව රළු වචන පාවිච්චිය මගින් සම්බන්ධතාවයකට කල්පවත්නා හා සෘණාත්මක
බලපෑමක් ඇති කළ හැකි අතර එය අවසානයේදී එය කටුක හා අළුත්වැඩියා කළ නොහැකි 
ය.

ඉතින්, ආදරණීය දෙමව්පියෙනි, ඔබ කොතරම් වෙහෙසට හෝ කලකිරීමට පත්ව සිටියද, ඔබේ සහකරුට හෝ සහකාරියට නොකිවයුතු දේවල් ගැන මෘදු මතක් කිරීමක් මෙන්න.

දෙමව්පියන් ලෙස ගෙවන දිවියේ දී ඔබ සහකරුට නොකිය යුතු දේවල් 

1. "මම ඔයාට ඕක කිව්ව නේ."

සහකරුට නොකිව යුතු දේවල්

ඇත්තෙන්ම ඔබ නිවැරදියි කියා පෙනෙන විට එය සතුටක්. නමුත් "මම ඔයාට ඕක කිව්වනේ?" (I told you so!) යැයි පැවසීම ඔබේ සහකරුට ඔවුන් වැරදියි සහ ඔබ නිවැරදියි කියා ඔප්පු කිරීමට හොඳ ක්‍රමයක් නොවේ.

එය ඔබගේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට හෝ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට කිසිවක් නොකරන අතර නියත වශයෙන්ම ඔබ ඔබේ සහකරුට නොකිය යුතු දේවල් ලැයිස්තුවේ ඇත.

"මම ඔයාට ඕක කිව්වනේ?" යැයි පවසනවා වෙනුවට, ඔබ දෙදෙනාට එයින් ඉගෙන ගත් පාඩම් පිළිබඳව හෘදයාංගමව කතාබස් කරන්න. ළමයින් නින්දට ගිය පසු මෙය කළ හැකි බව මතක තබා ගන්න, වයින් වීදුරුවක් (හෝ දෙකක්!) සහ 'වුනු වැරැද්ද' ගැන හොඳ සිනහවක්!

2. "පොතේ කියන්නේ නම් එහෙම නොවෙයි."

පළමු වරට දෙමව්පියන් වී සිටින අය ළදරුවා පැමිණීමට පෙර සහ පසුව දෙමව්පියන් සඳහා වූ parenting පොත් රාශියක් කියවීමට නැඹුරු වේ. ඔව්, ඒවායෙහි අඩංගු සමහර දේ මැණික් මෙන් වටිනවා. නමුත් සත්‍යය නම්, දෙමව්පියන් වන රෝලර් කෝස්ටර් සවාරියට ඔබව සූදානම් කිරීමට කිසිම පොතකට නොහැකි වීමයි.

ඔබේ දරුවාගේ දෙමාපියන් ඔබයි. ඒ පොත් ඔබේ දරුවන් ඇති දැඩි කිරීමට යන්නේ නැත. පොත් වල කෙසේ පැවසුවත්, එයින් අදහස් කරන්නේ ඔබ හෝ ඔබේ සහකරු හරියටම එසේ කළ යුතුයි කියා නොවන බව සිහි තබා ගත යුතුයි.

ළදරුවන් ඉපදෙන්නේ සම්පූර්ණ උපදෙස් මාලාවක් සමඟ නොවන බව මතක තබා ගන්න. කාලය ගෙවී යත්ම අපේ දරුවන් වැඩෙත්ම අපි දෙමාපියන් ලෙස නොයෙක් දේ ඉගෙනීමට අනුගත වෙමු. මේ ගමනේ දී, එක් එක් දරුවා වෙනස් වන බැවින් ඔබත් වැරදි සිදු කිරීම සාමාන්‍ය දෙයකි.

එනිසා ඔබේ සහකරු ඔබ කිසිසේත්ම එකඟ නොවන දෙයක් කළහොත්, ඔහු/ඇය ගැන තදින් කටයුතු කරන්න. ඔවුන් එසේ කළේ ඇයි ද යන්න තේරුම් ගෙන ඔවුන්ගේ ක්‍රියාව පිටුපස ඇති අභිප්‍රායයට ගරු කිරීමට උත්සාහ කරන්න.

3. "මේ ළමයි මාත් එක්ක එහෙම හැසිරෙන්නේ නැහැ."

සෑම පුද්ගලයෙකු, වැඩිහිටියෙකු හෝ ළමයෙකු වේවා, එකිනෙකාගෙන් වෙනස් වේ. ඔවුන් ද විවිධ පුද්ගලයින් සමඟ වෙනස් ලෙස හැසිරේ; ඔබත් එසේ මයි.

ළමයින් සෑම දෙමව්පියෙකු සමඟම වෙනස් ලෙස හැසිරීම සාමාන්‍ය දෙයකි, සමහර විට ඔවුන් ඔබ දෙදෙනාගෙන් එක් අයෙකු සමඟ වඩා වැඩියෙන් අකීකරු වන්නට යෙදේ.

නමුත් දරුවෙකු එක් දෙමාපියෙකුට අනෙකාට වඩා එකතු වන පමණින් එම මව හෝ පියා වඩා හොඳ කෙනා ලෙස හැඳින්වීම සුදුසු නොවේ.

සමහර විට තමා කැමති කෙනාට වඩා නැඹුරු වීම නිසා ඔහු/ඇය සමඟ සැහැල්ලුවෙන් කල් ගත කිරීම සිදු වේ. එහෙත් දරුවාට සැමවිටම අවශ්‍ය වන්නේ එය නොවේ. ඔබේ දරුවාට අවශ්‍ය දෙමාපියන් වන්න. ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය හවුල්කරුවන් බව අවධාරණය කිරීම වටී.

4. "ඔයා ඒ අයව හොඳින් බලාගත්තේ නැහැ."

දිනක් මගේ පුතා වැටී හිස තුවාල වී එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට මැහුම් තුනක් දමන්නට සිදුවිය. අනතුර සිදුවීමට තත්පර දෙකකට වඩා නොගිය අතර ඔහු වැටෙන විට මම එහි සිටියෙමි.

විශ්වය අවුල් සහගත ස්ථානයක් බව හොඳ මතක් කිරීමක් විය. එහි ඉතා සුළු කොටසක් ඔබගේ පාලනය යටතේ පවතී. ඔබගේ සෝදිසිය යටතේ වුවද අනතුරු සිදුවනු ඇත.

එමනිසා ඔබේ දරුවා සම්බන්ධ අනතුරක් සිදු වූ විට, ඔබේ සහකරුට දොස් පැවරීම වෙනුවට විසඳුම් ගැන කතා කරන්න. එකිනෙකාට දොස් පැවරීමෙන් ඔබ අතර පරතරයක් ඇති වන අතර අනෙකා දෙසට ඇඟිල්ල දිගු කරන සෑම අවස්ථාවකම පරතරය පුළුල් වේ.

5. සහකරුට නොකිව යුතු දේවල් : "ඔයා සුද්ධ කරනවා මදි!"

සහකරුට නොකිව යුතු දේවල්

නිවසක් පිළිවෙළට තබා ගැනීම දුෂ්කර ය. රෙදි සේදීමට, ඇඳුම් නැමීමට, ආහාර පිසීමට සහ නාන කාමර පිරිසිදු කිරීමට සිදුව තිබේ. සියල්ල අවසන් වූ විට, එය නැවත කිරීමට කාලයයි.
මේ අතර, ඔබේ නිවස පිරිසිදු කිරීම ප්‍රමිතීන්ට අනුකූල නොවන්නේ නම් යමෙකු එය පරීක්ෂා කර ඔබව එලවා දැමීමට යන්නේ නැත.
යමෙකු යමක් "කළ යුතු" යැයි පැවසීම අනවශ්‍ය විධානයකි. ඔබේ සහකරු ඒ ගැන කතා නොකොට ඔවුන් යමක් කරනු ඇතැයි අපේක්ෂා කරනවාට වඩා ගෙදර දොරේ වැඩ සැලසුම් කරන්න. මෙවැනි දේ විවේචනය කිරීම විවාහයක් වැනි බැඳීමකදී සදාචාර සම්පන්න නැහැ.

6. "මගේ යාළුවගේ මහත්තයා/නෝනා එය කරන්නේ මේ විදියටයි."

ඔබේ සහකරු වෙනත් පුද්ගලයෙකුගේ සහකරු හෝ සහකාරිය සමඟ සංසන්දනය කිරීම ප්‍රශ්න ඉල්ලා ඇඟට දමා ගැනීමකි.

ඔබගේ සහකරු වෙනත් කෙනෙකු මෙන් හැසිරීමට කැමති වීමෙන් ඔබේ සහකරුට ඔහු/ඇය ඔබට අනවශ්‍ය බවක් දැනේ. එසේ කිරීමෙන් තත්වය තවත් උග්‍ර වන අතර, එය ඔබට අවාසි සහගත වේ.

ඔබේ මනසෙහි ඇති කෙනා බවට ඔවුන් පත්විය නොහැක. මෙම වචන පැවසීමෙන් ඔබේ සහකරුට වෙනත් කෙනෙකු ලෙස හැසිරීමට අනවශ්‍ය පීඩනයක් එල්ල වේ.

ඒ වෙනුවට ඔවුන්ගේ දායකත්වය සහ කරන එක්ව කටයුතු වඩා හොඳ විය හැකි ආකාරය කෙරෙහි 

අවධානය යොමු කරන්න. වගකීම් සහිත දෙමව්පියන් දෙදෙනෙක් ලෙස ඔවුන් නිවැරදිව කරන දේ අගය කරන්න සහ ඔවුන්ව පහත් කරනවා වෙනුවට ඔවුන්ව දිරිමත් කරන්න.

ඔවුන් ගෙන් යම් වෙනසක් බලාපොරොත්තු වේ නම්, සාධාරණ හා නිශ්චිත ඉල්ලීමක් කරන්න.

7. "මගේ අම්මා යෝජනා කරන්නෙ අපි මෙහෙම කරන්න ඕනෙ කියල."

ළමයින් ඇති දැඩි කිරීම පරම්පරාවෙන් පරම්පරාවට කාරණා ගණනාවකින් වෙනස් වන අතර බොහෝ විට පැරණි ක්‍රම දැන් සමාජයට නොගැළපේ.

නිදසුනක් වශයෙන්, ඔබ කුඩා කාලයේ සිටම දෙමව්පියන් ඔබට පහරක් දෙකක් ගසා ඇති දැඩි කර ඇතැයි සිතන්න.

එහෙත් ඔබේ දරුවාට එසේ කිරීමට අකමැති ඔබේ සහකරුට ඔබට ඉන් හානියක් වී නැතැයි යන්න පැවසීම කෙතරම් තර්කානුකූලද?

ඔහුගේ හෝ ඇගේ දර්ශණය, විශ්වාසය ඊට වඩා වෙනස් විය හැකි බව ඔබ තේරුම් ගත යුතුය. ඔබේ දෙමව්පියන්ට වඩා ඔහු/ඇගේ සිතිවිලි වෙනස් බව තේරුම් ගත යුතුය.

සාම්ප්‍රදායික දඬුවම් ක්‍රමවලට වඩා ඔබේ දරුවාට තේරුම් කර දීම වැනි ධනාත්මක දෙමාපිය උපක්‍රමයක් ක්‍රියාත්මක විය හැකිය.

8. "ඔවුන්ට එය ඇත්තටම අවශ්‍යද?"

ඔබේ දරුවා ඉදිරියේ ඔබේ සහකරුගේ ආධිපත්‍යය විවේචනයට ලක් කරන්නට එපා. එය ඔබ දෙදෙනාට ම හානිකරයි.
ඔබේ දරුවාට ඔබේ සහකරු (දරුවාගේ මව/පියා) කෙරෙහි ඇති විශ්වාසය නැති වුවහොත්, සියලු පීඩනයන් ඔබ මතට වැටේ.
ඔබට කිසියම් විවේචනයක් ඇත්නම් ඒවා පසුව පෞද්ගලිකව සාකච්ඡා කරන්න.

9. සහකරුට නොකිව යුතු දේවල් : “ඔබට පිස්සු!” සහකරුට නොකිව යුතු දේවල්

මෙම වචන පහත් කොට සලකන බව තේරුම් කරවන අතර එපමණක් නොව, එවැනි වචන පැවසීමෙන් ඔබ ඔබේ දරුවාට උගන්වන්නේ ඔබේ සහකරුට ගරු කිරීම නොසුදුසු බවය.
ඔබේ දරුවා වෙනත් කෙනෙකු හට විවිධ නම් ඇමතීම ට පුරුදු විය හැකියි.

10. “ඒ ඔක්කොම වුණේ ඔයාගෙ වරදින්.” සහකරුට නොකිව යුතු දේවල්

මෙන්න, අපි දොස් පැවරීමේ වඩාත් සෘජු ක්‍රමයට පැමිණුනෙමු. ඔබේ නොකිය යුතු දේවල් ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන්නේ එය ඵලදායී නොවන බැවිනි.

මෙය ඔබ අතර භේදය තවත් පුළුල් කරන අතර එය දෙදෙනා අතර කෝපයට හේතු වේ.

අනෙකාට ඇඟිලි දිගු කරනවා වෙනුවට, ගැටළු සහගත තත්ත්වයකදී ඔබේ සහකරුගෙන් ඇසිය යුතු වන්නේ ඔහු/ඇය එය විසඳන්නේ කෙසේද යන්නයි.

ඔබට ඉන් හොඳ විසඳුම්, යෝජනා ලබා ගත හැකිය. දැනට පවතින ගැටලුව සම්බන්ධයෙන් ඵලදායී වන්න.

උදාහරණයක් ලෙස, “කොහේ හෝ යන්න පිටත්වන්නට පෙර කාමරය පිරිසිදු කිරීමට ඔබට අවශ්‍ය වූ නිසා අපි ප්‍රමාද වුනේ ඔයාගෙ වරදින්”.

එය පැවසීම වෙනුවට ඔබට පැවසිය හැක්කේ, “ඔයා මීට කලින් කාමරය පිරිසිදු කළා නම් මීට වඩා හොඳයි නේද? මම ඔබට උදව් කරන්නම්" වැන්නක් ය.

11. “ඔයා හැම තිස්සෙම….” හෝ “ඔයා කවදාවත්…” සහකරුට නොකිව යුතු දේවල්

මනෝ විද්‍යාඟයින් වන ජෝන් ගොට්මන් සහ රොබට් ලෙවන්සන් දික්කසාදය ට හේතු විය හැකි සන්නිවේදන පුරුදු හතරක් හඳුනා ගත්හ.
වෙනත් වචන වලින් කිවහොත්, ඔබ ඔබේ සහකරුට නොකිය යුතු ම කරුණු හතරකි.
ඔබේ සහකරුගේ වැරදි ගැන සාකච්ඡා කරනවා වෙනුවට ඵලදායී විවේචනයක් කරන්නට පුරුදු වන්න. ඔබට හැඟෙන ආකාරය ඔවුන්ට කියන්න.
ඔවුන් කවුරුන් ද යන්න මතක් කර දීම අනවශ්‍යයි. ඔබේ සහකරු ඔබේ සතුරා නොවන බව මතක තබා ගනිමින් යෝජනා ඉදිරිපත් කරන්න.

12. “මීට වඩා හොඳ කෙනෙක් වන්න,” හෝ මෙවැනිම වූ නොපැහැදිලි යෝජනා ඉදිරිපත් කිරීම

නැවතත්, එවැනි ප්රකාශයන් ප්රයෝජනවත් නොවේ. යෝජනා විවේචනයට වඩා හොඳයි, නමුත් ඒවා නොපැහැදිලි සහ යථාර්ථවාදී නොවන විට, මේවා ඔබ කිසිසේත් නොකිය යුතු දේවල්.

ඔබ සන්නිවේදනය කිරීමට යන්නේ නම්, පැහැදිලි හා සංක්ෂිප්ත වන්න. ඔබේ සහකරුට දඬුවම් කිරීමට, රිදවීමට අවශ්‍ය නිසා වැල් වටාරම් ගොතන්නට එපා.

යමක් තේරුම් කිරීමට උත්සාහ කිරීමේ දී වචන වැඩිපුර වියදම් නොකරන්න.

ඒ වෙනුවට, නිශ්චිත වන්න සහ එය කියා අවසන් කරන්න.

staying in an unhappy marriage

13 . දික්කසාදය සහකරුට නොකිව යුතු දේවල්

මේ ඔබ කිව යුතු නැතිම වචනයයි. එය ඔබ දෙදෙනාගේ ම මනසේ රැඳෙනු ඇත.

ගැඹුරු හුස්මක් ගෙන ඔබට හැඟෙන ආකාරය ඔවුන්ට කියන්න. අනාගතයේදී ඔහු කුමන ලෙස හැසිරීමට ඔබට අවශ්‍යදැයි පැහැදිලි කරන්න. අඳුරේ සිටීමට කිසිවෙකු කැමති නැත!

ඔබ කෝප ගන්නේ නම්, කෝපය නිවා ගැනීමට ඔබට කෙටි කාලයක් අවශ්‍ය බව ඔවුන්ට කියන්න, නමුත් ඔබ දවස තුළ නැවත සංවාදයට යාමට වග බලා ගන්න.

14. “මේ නිසා තමයි මගේ තාත්ත ඔයාට කැමති නැත්තෙ” හෝ ඔබේ සහකරුගේ නොවන පැත්තක් ගැනීම

ඔබ සහ ඔබේ සහකරු එකම කණ්ඩායමේ බව අමතක නොකරන්න. ඔබේ පක්ෂපාතිත්වය වෙනත් කෙනෙකු සමඟ වී සහකරු අනෙක් පසට දැමීම නොකළයුතුයි.

ඔබ ඔබේ සහකරු සමඟ එකඟ නොවන්නේ නම් සහ වෙනත් පාර්ශවයක් සමඟ එකඟ 

වන්නේ නම්, ඒ පිළිබඳව කතා කර ගන්න.

15. "මුකුත් නෑ" සහකරුට නොකිව යුතු දේවල්

සහකරුට නොකිව යුතු දේවල්

 

ඔබට මෙය “නිහඬ ප්‍රතිකාරය” (silent treatment) ලෙස හැඳින්විය හැකිය. ජෝඩු චිකිත්සක අර්ථයෙන් ගත් කල, මෙය දික්කසාදය පිළිබඳ දර්ශකයක් විය හැකිය.

මෙය සම්බන්ධතාවයකට හානිකර වන්නේ එය දෙපාර්ශවයම වෙන්කර කලකිරීම් සහ අනවශ්‍ය ආතතියක් ඇති කරන බැවිනි.

එක්වර ප්‍රශ්නයෙන් පැනයාමක් හෝ නොසලකා හැරීමක් ලෙස නොහැඟෙන පරිදි ඔබට තනිවම යම් කාලයක් අවශ්‍ය බව ඔවුන්ට කියන්න.

පසුව සංවාදය දිගටම කරගෙන යාමට වග බලා ගන්න.

එහෙයින් මව්වරුනි, පියවරුනි - ඔබ එකිනෙකාට නොකිය යුතු දේවල් මේ දේවල්, ඔබ කොතරම් කෝපයෙන් හෝ නොසන්සුන්ව සිටියත්, මතක තබා ගත යුතුයි.

මෙම තොරතුරු ඔබගේ සම්බන්ධතාවය වඩා තත්ත්වය යහපත් කර ගැනීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

මූලාශ්‍ර : www.sgasianparent.com 

පරිවර්තනය - බෝසඳුන් ගුණසේකර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

bosandun