බිරිඳ පවසන දේවල් සහ ඇය සැබවින්ම අදහස් කරන දේ

බිරිඳ පවසන දේවල් සහ ඇය සැබවින්ම අදහස් කරන දේ

ඇය යමක් කී විට එහි සැබෑ තේරුම එයට හාත්පසින් වෙනස් විය හැකියි. මේ ඔබට අසන්නට පුළුවන් පොදු වැකි 15ක් සහ එහි තේරුම්

මෙම වාක්‍ය ඛණ්ඩවල සැබෑ අරුත කුමක්දැයි සෑම ස්වාමිපුරුෂයෙකුම දැන සිටිය යුතුය. ඔබේ බිරිඳ පවසන දේවල් සහ ඇය සැබවින්ම අදහස් කරන දේ අතර වෙනසක් තිබේ. ඔබේ බිරිඳ පවසන වාක්‍ය 15 කට පරිවර්තනයන් මෙන්න:

  1. "ඔයා ඔහොමද එළියට යන්නෙ?" ඔබේ බිරිඳ පවසන දේවල්

පරිවර්තනය: "ඔය ඇඳුම පොඩ්ඩක්වත් ගැළපෙන්නෙ නැහැ. කරුණාකරල ඉක්මනින් වෙනස් ඇඳුමක් අඳින්න."

ප්‍රශ්න කරන්න එපා! ඔබේ ඇඳුම් මාරු කරගන්න.

ඔබේ බිරිඳ පවසන දේවල්

  1. "ඔයාට බඩගිනිද?" ඔබේ බිරිඳ පවසන දේවල්

පරිවර්තනය: "මට බඩගිනියි."

ආයේ දෙපාරක් හිතන්නේ නැතිව, ඔබට මෙම ප්‍රශ්නයට ස්වයංක්‍රීයව "එපා" යැයි කියන්නට පුළුවන්. නමුත් ඇය ඇත්තටම මෙහෙම අහන්නේ ඇයට බඩගිනි නිසයි. ඇය කෑමට කැමති මොනවාදැයි ඇගෙන් විමසන්න.

  1. "මට මේක හොඳද?

පරිවර්තනය: "මම ගොඩක් ලස්සනයි නේද?"

එපා! මම නැවත කියනවා. ඇය හොඳින් දැයි ඇසූ විට එක පාරටම ඔව් කියන්න එපා. කිසිම කාන්තාවක් ඇගේ පෙනුම "වරදක් නැහැ" කියා  කියනවාට කැමති නැහැ.

වෙනත් පැසසුමට ලක්වන වචනයක් භාවිතා කරන්න: ඔව් හරිම ලස්සනයි, වෙනස්ම පෙනුමක්, හරි එළියයි, ප්‍රසන්නයි වැනි යෙදුම්.

  1. "ඔයාට කැමති දෙයක් කරන්න ..."

පරිවර්තනය: "... නමුත් මම ඒ ගැන සතුටු නැහැ."

විවාහ වැරදි

පළමුව, ඇය "කැමති දෙයක්" යන වචනය භාවිතා කළ අතර එය හොඳ ලකුණක් නෙමෙයි. දෙවනුව, ඇයට ඒ ගැන වාද කරන්නට අවශ්‍ය නැහැ. එබැවින් ඇය තීරණය ඔබ වෙත භාර දෙනවා. නැණවත් ලෙස තීරණය ගන්න.

  1. "ඔයා යන්නම ඕනද?"

පරිවර්තනය: "ඔයා යන්නෙ නැත්නම් මම වැඩියෙන් කැමතියි."

ඔබ ඈතින් සිටින විට ඇයට ඔබ නැතුව පාලුයි. එය පැසසුමක් ලෙස සලකන්න. ඔබේ පෙම්වතිය සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඔබට හැකි සෑම අවස්ථාවක්ම ලබා ගැනීමට උත්සාහ කරන්න.

  1. "ගිමන් හලක පොඩ්ඩක් නවත්වන්න ඕන නැද්ද?"

පරිවර්තනය: "ඉක්මනින්ම සුදුසු තැනක නවත්වන්න. මට හැකි ඉක්මනින් වැසිකිළි යන්නට අවශ්‍යයි!"

ඔබ විනෝද චාරිකාවක යෙදී සිටියදී ඇය කවදා හෝ මෙය ඔබෙන් ඇසුවොත්, ඊළඟ නැවතුමෙන්ම නවත්වාගන්න.

  1. "ඔයාට හිතනවද ඇය ලස්සනයි කියලා?"

පරිවර්තනය: "ඇය මට වඩා ලස්සනද?"

ප්‍රවේශමෙන් පිළිතුරු දෙන්න. ඇය තමාව වෙනත් කාන්තාවන් සමඟ සංසන්දනය කරන අතර, ඇයට අවශ්‍ය වන්නේ ඔබ වෙනත් කිසිවෙකු කෙරෙහි ඔබේ ඇස් යොමන්නේ නැති බව ඇයට සහතික කිරීමටයි.

  1. "මොකුත් නැහැ."

පරිවර්තනය: වෙනස් විය හැකියි

මෙහිදී ශරීරයේ සඥා කෙරෙහි අවධානය යොමු කරන්න. ඇය මෙය පවසන විට ඇය හොඳ පෙනුමක් හෝ ශබ්දයක් නොදක්වන්නේ නම්, ඇය සිටින්නේ හොඳින් නොවේ.

ඔබට ඈ කෙටි පණිවිඩයක් එව්වේ නම්, ඇගේ විරාම ලකුණු සහ චිත්තවේගයන් කෙරෙහි අවධානය යොමු කරන්න. ඇය සිනහ මුසු මුහුණක් භාවිතා කළාද?

බිරිඳ පවසන දේවල් සහ ඇය සැබවින්ම අදහස් කරන දේ

ඇය විශ්මයජනක සලකුණක් හෝ කතිර ළකුණක් භාවිතා කළාද? ඇය යම් විශේෂ සංහාවක් භාවිතා කළේ නම්, ප්‍රඥාවන්ත ලෙස තත්වය හසුරුවාගන්න. ඇය බොහෝ විට හොඳින් නැත.

  1. "අපි කෑමට එළියට කොහේට ගියත් මට ප්‍රශ්ණයක් නැහැ."

පරිවර්තනය: "මම ඉතා නිශ්චිත දෙයක් බලාපොරොත්තුවෙන් සිටිමි. නමුත් එය කුමක්දැයි මට සිතාගන්නට බැහැ. ඒනිසා මා කැමති එකක් ඇසෙන තුරු ඔයාට කැමති තැන් වල නම් මට කියන්න පුළුවන්."

ඔබ කවදා හෝ ඔබේ ආන්තාවට ඔබට කෑමට අවශ්‍ය කොහෙන්දැයි විමසා ඇති අතර, ඇය එය ගණන් ගන්නේ නැතැයි පැවසූ විට, ඔබ ඉදිරිපත් කරන සෑම අදහසක්ම ඇය විවේචනය කළාද? ලැයිස්තුගත විකල්ප තබා ගන්න. ඇය අවසානයේ එකක් තෝරා ගනීවි.

  1. "මට අඳින්න කිසි දෙයක් නැහැ." ඔබේ බිරිඳ පවසන දේවල්

පරිවර්තනය: "මගේ අල්මාරියේ කමිස 37 ක් තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මා හැමදාම අඳින මම කැමතිම කමිස හතර කිලිටියි." රෙදි සෝදන දිනයක් සැලසුම් කරගන්න.

  1. "එහෙම වෙන්නේ කොහොමද? මට නම් ඒක මහ විහිළුවක්..."

පරිවර්තනය: "මම කෝපයෙන් සිටිමි."

ඇයට එය විහිළුවක් නොවේ. ඇයට කියන්නට ඇති දේට ඇහුම්කන් දී ඇගෙන් සමාව ඉල්ලන්න.

  1. "මම අද හරිම කැතයි!" ඔබේ බිරිඳ පවසන දේවල්

පරිවර්තනය: "මට අද හිතට හරි නැහැ. මට ඔබෙන් ප්‍රශංසාවක් අවශ්‍යයි."

පිරිමින්, කාන්තාවන් තමන් ලස්සන බව ඇසීමට කැමතියි.

ඇයගේ කොණ්ඩය නිවැරදිව පිළිවෙලට හිටින්නේ නැත්තේ ඇයිද යන්න ගැන හෝ ඇගේ ඇහි බැම රේඛා සමාන නැති බව. හෝ ඇගේ කොණ්ඩය කැළඹිලි සහිත පෙනුමක් ඇති කරන්නේ කෙසේද යන්න ගැන ඇය කනස්සල්ලෙන් විය හැකිය.

ඇය ලෝකයේ ලස්සනම කාන්තාව යැයි ඔබ සිතන්නේ මන්දැයි ඇයට මතක් කර දිය යුතුය. ඔබ ඇය ගැන කැමති දේ සහ ඇගේ ආදරය කරන සෑම දෙයක්ම ඇයට කියන්න - ඇතුළත සහ පිටත!

  1. "කමක් නැහැ."

පරිවර්තනය: "එය නිසැකවම වැදගත් වේ!"

ඇගේ කටහඬ ස්වරය මොන වගේද? ඇගේ වාචික නොවන සංඟා නිරීක්ෂණය කිරීමට අමතක කරන්න එපා- ඇගේ මුහුණේ ඉරියව්ව කුමක්ද?

ඇය "එය කමක් නැත" සමඟ සංවාදයක් අවසන් කිරීමට උත්සාහ කරන්නේ නම්, දිගටම කථා කිරීමට සෑම උත්සාහයක්ම ගන්න, මන්ද සත්‍යය නම් එය වැදගත් කාරණාවක් බැවිනි.

  1. "සමහර විට." ඔබේ බිරිඳ පවසන දේවල්

පරිවර්තනය: "නැත."

ඇය එය සලකා බලනු ඇතැයි ඔබ සිතනවාට ඇයට අවශ්‍යය. නමුත් ඇය දැනටමත් ඇගේ මනස සකස් කරගෙන ඇත.

  1. "ඔබ මොනවද කිව්වේ?"

පරිවර්තනය: "ඔබ කියූ දේ ගැන සිතා එය නැවත කීමට මම ඔබට අවස්ථාවක් ලබා දෙමි."

ඔබ කියූ දේ නිශේදනය කොට ආපසු නිවැරදි කරන්නට ඔබට අවස්ථාවක් ලබා දී ඇත. ඔබේ වචන ප්‍රවේශමෙන් තෝරාගන්න.

මතක තබා ගත යුතු හොඳ රීතියක් නම් ඔබ කතා කිරීමට පෙර සිතීමයි. ඇය පවසන දෙයට යටි අර්ථයක් තිබිය හැකි නමුත් කරදර නොවන්න; ඔබේ සම්බන්ධතාවය වර්ධනය වන විට ඔබේ බිරිඳගේ භාෂාව ඔබට වඩාත් හොඳින් අවබෝධ වනු ඇත.

මූලාශ්‍ර: familytoday.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera