theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරගන්නේ මෙහෙමයි

7 අවම කියවීම
දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරගන්නේ මෙහෙමයිදරුවන්ගේ මතක ශක්තිය වැඩි කරගන්නේ මෙහෙමයි

ඔබේ දරුවාට පාසැලේදී හෝ නිවසේදී යම් දේවල් මතක තබා ගැනීමේ අපහසුතාවයක් ඇත්නම්, මෙම සරල ක්‍රමවලින් උදව් ඔබේ දරුවන්ට උදව් කළ හැකියි. එමගින් ඔවුන්ට වඩාත් පහසුවෙන් දත්ත මතක තබා ගත හැකි අතර වැඩි කාලයක් මතකයේ තොරතුරු රඳවා තබා ගත හැකි වනු ඇත.

අද කාලයේ දරුවන් අත්දකින ලොකු අභියෝගයක් තමයි අවධානය එක් දෙයක් දෙසට, එක දිගට දිගු වෙලාවක් යොමු කර ගැනීමට තිබෙන නොහැකියාව. දරුවාගේ මතකය වර්ධනය වීම වෙනුවට හීන වීම බොහෝ දෙමාපියන්ට ගැටළුවක් වන්නට පුළුවන්.
ගෙදර වැඩ ගොඩක් කරන්නට තිබෙන වෙලාවල් වල, එහෙ මෙහෙ ඇවිදමින්, සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරමින්, ඔහු වටපිට ඇවිද ඇවිද මොනවා හරි කෑමක් කටේ දමා ගැනීම වැනි දේවල්  වලට කාලය යොමු කරන බවක් දකින්නට ලැබෙනවා.
සමහර විට ඔබ හිතනවා ඇති දරුවා ඔබ නොසලකා හරිනවා කියා. මගහරිනවා කියා. නමුත් යථාර්තය වන්නේ දරුවන්ට මතක තබාගැනීමට ඇති දේවල් දිනෙන් ඩ්දින වඩාත් බහුල වීමයි.
මේ බහුලතාව නිසාම දරුවා අමතකවන සුළු වීමත් සාමාන්‍ය වන්නට පුළුවන්.

නමුත් දෙමාපියන් හැටියට දරුවන්ගේ මේ අමතකවනසුළු ගතිය ඔබට මහත් මානසික් ආතතියක් ගෙන එනවාට සැකයක් නැහැ.

මේ ගැටළුවට තමන් පිටම වරද පටවාගන්නට අවශ්‍ය නැහැ.  සමහර වෙලාවට ළමා කම නිසාම දරුවන්ගේ මතකය වර්ධනය හීන වන්නටත් මතක ශක්තිය අඩු වන්නටත් පුළුවන්.

තවත් සමහර වෙලාවට හැම දරුවෙක්ම එක වගේ නොවන නිසා, දරුවාට ඉගැෙනීමේ කටයුතු අනෙක් දරුවෙක් තරම් සාර්ථකව කරගැනීමට හැකියාවක් නැති වෙන්නට පුළුවන්.
තවත් විටෙක (ADHD තත්වය, නැතහොත් attention deficit hyperactivity disorder) ද, දරුවන්ගේ මෙම මතක ශක්තිය දුර්වල කිරීමට හේතුකාරක වෙන්නට පුළුවන්
මතකය හීනවීම දරුවන් බොහෝ දෙනෙක්ට පොදු දෙයක්. ඒ වගේම වැඩිපුර දත්ත ප්‍රමාණයක් මතකයේ රදවාගෙන නැවත නැවත්ත්  ආවර්ජනය කිරීමත් බොහෝ දරුවන්ට මහත් අභියෝගයක් වෙන්නට පුළුවන්.
සමහර දරුවන්ට මෙලෙස නොයෙක් දත්ත මතකයට නගාගැනීම ඉතාමත් ම අමාරු කාර්යයක්.  මේ නිසා වැඩිහිටියන් වනතුරු මෙම ගැටළුව නොසලකා හැරියොත්, එය තමන්ගේ දෛනික ජීවිතයටද බලපෑ හැකිය.

මේ අතර එය දරුවා වැඩිහිටියෙක් ලෙස වර්ධනය වන තුරුම වැඩිදියුණු වී එම පුද්ගලයාගේ ස්වභාවය බවට පත් වන්නටත් පුළුවන්.

අවධානයකට යොමු කිරීමට ඇති අසීරුතාව දරුවන් හැමෝම පාහෙ අත්දකින්නට පුළූවන්. නමුත් මෙය දරුවන්ගේ ඉගෙනීමේ කාර්යය නිසි ලෙස කර ගැනීමටත් යුගයක් වන බව අපි දන්නවා.

මුලින්ම අප සලකා බලමු මතකය වර්ධනය යනු කුමක්ද? එය  ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව.

එම දැනගැනීම තුළින් නිතරම අමතක වීමට මුහුණ දෙන දරුවෙකුට උදව් කරන්නට අපට හැකියාව ලැබේවි.

how to help a forgetful child

දරුවාගේ මතක ශක්තිය දියුණු කරන්නට මේ උපක්‍රම භාවිතා කරන්න

මතකය වර්ධනය හීන වීම තුළ දරුවෙකුට උපකාර කරන්නේ කෙසේද?

1. අධ්‍යාපන කටයුතු කිරීමට දරුවාට සුදුසු ස්ථානයක් ලබා දීම

ඔබේ අමතක වනසුළු දරුවාට රූපවාහිනියක් හෝ වෙනත් ශබ්ධ නිකුත් කරන උපාංග නොමැති අවධානයට බාධා නොවන ස්ථානයක් පිළියෙළ කරදීම ඉතාම වැදගත් වනවා.

මෙවිට දරුවාට සන්සුන්ව සහ සුවපහසුවෙන් අවධානය බිඳගන්නේ නැතිව වඅධ්‍යාපන කටයුතු කටගෙන යා හැකි වනවා.

2. පූර්ව අනතුරු ඇඟවීම මගින් මතකය වර්ධනය

මතකය හීන වන දරුවෙකුට ශක්තියක් වන්නේ කොහොමද? ඔබ දරුවාට පවසන්නට යන කරුණ හොඳින් සිහිතබාගත යුතු වැදගත් කරුණක් බව කල්තියා දරුවාට දැනුම් දිය යුතුයි.

මෙසේ පූර්ව මතක් කරදීමක් දරුවාට විවිධ ආකාරයෙන් පැවසිය හැකියි.

3. ගණන් කරන්න

මතක හීන දරුවාට යමක් පැවරීමේදී ගණං කළ හැකියි. නිදසුනක් ලෙස ගමන් මල්ලකට දැමිය යුතු දේවල් 5ක් ඇති බව පවසා එය ලයිස්තුගත කළ හැකියි.

එමෙන්ම “ග්‍රහලෝක අටක් ඇත, ඒවායින් හතරක් වායුමය ග්‍රහලෝක වේ, ඒවායින් හතරක් පාෂාණමය ග්‍රහලෝක වේ.

ඒ සියල්ලෙන් එකක් පමණක් වාසයට සුදුසු ය.” වැනි දේ ගනං කිරීම ආශ්‍රයෙන් පැවසීම.

4. තොරතුරු වල අදාළත්වය බැලීමට ඔවුන්ට උදව් කරන්න

මතකය වර්ධනය කිරීමට දරුවෙකුට උදව් කිරීමේදී, ඔබේ ජීවිතයේ යම් යම් දේවල් වැදගත් වන්නේ කෙසේදැයි ඔබේ දරුවාට පෙන්වා දිය හැකියි.

නිදසුනක් වශයෙන්, ඔබේ දරුවා ගණිතය සමඟ පොරබදන්නේ නම්, ඔවුන්ට අවශ්‍ය යමක් මිළදී ගැනීමට ඔවුන්ටම පවරන්න. අදාල මුදල වියදම් කර ඉතිරිය ගණං කිරීම ආදීය ප්‍රායෝගිකව දර්‍යුවා ඉගෙන ගනු ඇත.

5. කටපාඩම් කිරීමට වඩා අවබෝධය සඳහා ඉලක්ක කිරීම

ළමයින්ට යම් තොරතුරු අමතක වීමට එක් හේතුවක් වන්නේ ඔවුන් බොහෝ විට බොහෝ කරුණු හෝ සුළු කාරණා ලෙස සලකන බැවිනි.

නිදසුනක් වශයෙන්, ඔබේ දරුවාගෙන් ගැඩවිලාගේ ප්‍රයෝජන මොනවාද? යන්න අසා පරීක්ෂා කිරීම වෙනුවට, ගැඩවිලා කරන්නේ කුමක්ද?

ඒ කරන්නේ කුඅක් සඳහාද යන්න ඔවුන් සමඟ කතාබහ කරන්න. කිසිදු හේතුවක් නොමැතිව ගැඩවිලා පසේ වසන්නේ නැහැ. මේ ආකාරයෙන් කටුස්සා පාට වෙනස් කරන ආකාරය ගැනද අධ්‍යයනය කරන්නට පුළුවන්. කොයි තරම් රසවත් වේවිද? හරවත් වේවිද?

මතකය වර්ධනය

දරුවාගේ මතක ශක්තිය වැඩි කිරීම: කටපාඩම් කිරීම    පින්තූරු: Framepool

6. දරුවන්ගේ සංවේදීතාවය ඇතිකරගන්න

ඔබේ මතකය හීන දරුවා කියවීමට පටන් ගෙන තිබේ නම්, උදාහරණයක් ලෙස, වචනය ශබ්ද නඟා පවසන විට ඔවුන්ගේ ඇඟිලි එම කියවන අකුරු මත තබමින් කියවන්නට උනන්දු කළහැකියි.

මේ ආකාරයෙන් දරුවාගේ නොයෙක් සංවේදක මීට සම්බන්ධ කරගත හැකියි.

7. මතකය වර්ධනය කිරීමට මතක් කරගැනීම පුහුණු වන්න

මතකය හීන දරුවාට එක් වරම දත්ත විශාල ප්‍රමාණයක් මතක තබාගැනීම බලාපොරොත්ටු විය නොහැකි දෙයකි. මෙය පියවරෙන් පියවර කළයුත්තකි.

මුලින්ම යම් දෙයක් මතක තබාගැනීමට කී විට හැකි තරම් එය නැවත් නැවතත් ආවර්ජනය කර විස්තර කරන්නට කියන්න. මෙය පරීක්ෂා කිරීමක් නොවෙයි. පුහුණු කිරීමකි.

8. මතකය වර්ධනය කරගන්න ඉගෙනීම විනෝදජනක කරගන්න

යමක් ඉගෙනගැනීම මහා බැරෑරුම් කාර්‍යයක් කරගන්න අවශ්‍ය නැහැ, අම්මා. ඉගෙනීමේ හාස්‍යජනක පැත්ත රස විඳින්නට ඔබේ දරුවන්ට ඉඩ දෙන්න.
ඔවුන් ඉගෙන ගන්නා දේ ගැන කවට කමන් ඔවුන් දකින්නේ නම්, ඒ විනෝදජනක පැත්ත අවධාරණය කරන්න! සමහර විට ඔවුන්  එතුළින් එය වඩා හොඳින් ඉගෙන ගනු ඇත.
ඔවුන් ඉගෙන ගන්නා දේ සම්බන්ධයෙන් හාස්‍යය මුසු කරන්නට ඔබට හැකි නම් එය කරන්න. ඉගෙනීමට විනෝදජනක ක්‍රියාවක් කරගන්න.

9. නිර්මාණශීලිත්වය පෙන්වන්නට අනුබල දෙන්න

නිර්මාණශීලී වන්න. නිදසුනක් ලෙස, සංගීතය තුළින් යමක් මතක තබා ගැනීමට ඔවුන්ට උපකාර කිරීමට ඔබට ගායනා සහ රිද්ම නිර්මාණය කළ හැකියි.

පාඩම් සඳහා නොයෙක් චිත්‍ර, workflow, flowcharts වැනි නොයෙක් දෘශ්‍ය මාර්ගෝපදේෂක ආදියද භාවිතා කළ හැකියි. මේවා දරුවන්ට යාක් විනෝදජනක ලෙස මතක තබාගැනීමට උපකාර වනු ඇත.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

10. ස්මරණ උපක්‍රම (mnemonics) භාවිතා කරන්න

මෙය හුරුපුරුදු ක්‍රමවේදයක් නොවෙන්නට පුළුවන්. මෙය මතකය ආවර්ජනය කිරීමට උපකාර වන උපාංගයකි.

එය අදහස් පෙලක් මතක තබාගැනීමට උපකාර වන ඉලක්කම් පෙළක්, අකුරු පෙළක් හෝ යම් රටාවක් ආදිය විය හැකියි.

සමහර අයිතම ලැයිස්තු මතක තබා ගැනීමට ඔබට මතක හිටින සුළු හාස්‍යජනක සංඛේත නාම පෙළක් භාවිතා කළ හැකියි.

උදාහරණයක් ලෙස, ඔබට ග්‍රහලෝක අටක් පිළිවෙලට මතක තබා ගැනීමට “My Very Excellent Mother Just Served Us Noodles” වැනි පද පෙලක් භාවිතා කළ හැකිය. (ඔබ තවමත් දන්නේ නැතිනම්, ප්ලූටෝ ග්‍රහලෝකයක් නොවන බව තහවුරු කර තිබෙනවා. එයට වචනයක් නැත්තේ ඒකයි ) 

මතකය වර්ධනය

දරුවාගේ මතක ශක්තිය වැඩි කිරීම: Mnemonics භාවිතා කරන්න

11. සාරාංශගත / සංවිධානාත්මක ලැයිස්තු පත්‍රිකා සාදන්න

ඔබේ දරුවාට නැවත් නැවත ආවර්ජනය කිරීම සඳහා, ඔවුන්ට අධ්‍යයනය කළ හැකි සංවිධානාත්මක සාරාංශයක් ඔබට සාදාගත හැකියි.

මෙම ලැයිස්තුව දරුවන් එක්ක එකතු වෙලා හදාගන්න පුළුවන් නම් තවත් හොඳයි.

12. Highlighters ලබා ගන්න

ඔබේ දරුවන්ට highlighter පෑන් ලබා දෙන්න. ඔවුන් කැමති වර්ණ තෝරාගන්නට ඔවුන්ට ඉඩ හරින්න පුළුවන්. ඔවුන්ට පාඩම් කරන්නට තියෙන මහා දත්ත සමූහය අතුරින් සුවිශේෂ  සටහන් ඉස්මතු කරගන්නට මේවා උපකාරී වනවා.

ඔවුන්ගේ සටහන් නැවත නැවත කියවන්නට අවශ්‍ය වූ විට එය ඔවුන්ට උදව් වනු ඇති.

13. සමාලෝචනය ( Review) 

දත්ත සමාලෝචනය කිරීම නිතට නිතර කිරීමටත්, හැකි තරම් කලින් කිරීමටත් පුරුද්දක් කරගත යුතුයි.

යමක් ඉගෙනගැනීම විභාගයට අවශ්‍ය පරිදි කරනවාට වඩා ඉගෙනගන්නා දෙය තමන්ගේ වර්ධනයට ප්‍රයෝජනවත් ලෙස කිරීම බොහෝ වටිනා දෙයක්.

මේ නිසා කෙටිකාලීන නොව දිගු කාලීනව ම්සට්න්තක තබාගත හැකි ආකාරයට එය කිරීම වඩාත් ප්‍රයෝජනවත්.

සමාලෝචනය කිරීමට ඔවුන්ට උදව් කිරීම සඳහා, කුඩා දර්ශක කාඩ්පත්වල මත යම් දේවල් සටහන්ගත කළහැකියි. ප්‍රශ්නය එක් පැත්තකින් ද පිළිතුර තවත් පැත්තකින් ද ලියාගත හැකියි.

කාඩ් ගොරෙන් එකක් අහඹු ලෙස ගෙන දරුවාගෙන් ප්‍රශ්ණය ඇසීමෙන් නිර්මාණශීලී ලෙසත් විනෝදජනක ලෙසත් දරුවාට ප්‍රශ්නෝත්තර පාඩම් කරගත හැකියි.

නිවරදි පිළිතුරු ලබාදුන් විට එම කාඩ්පත් ‘හපනා’ යැයි ගොඩක එක්කාසු කරගත හැකියි. ඔවුනට අමතක වීම සාමාන්‍ය දෙයක් බවත් කණගාටුවට කරුණක් නොවන බවත් මතක් කරදෙන්න.

ඔවුන් පිළිතුර නොදන්නේ නම්, ඔබට එය කාඩ් ගොඩේ පතුලේ තැබිය හැකියි. එවා නැවත් උත්සාහ කිරීමට ගත හැකියි.

එවිට සෑම කාඩ්පතක්ම “හපනා” ගොඩට එන තුරු උත්සාහ කිරීමට උද්‍යෝයගය ලැබෙනු ඇත.

විශාල තොගයකින් නොව කාඩ්පත් 10කින් මෙය ආරම්භ කළ හැකියි.  එවිට එය පහසුවෙන් කළමනාකරණය කළ හැකිය.

ඔවුන් ජය ගන්නා සෑම අභියෝගයකින්ම ඔවුන්ගේ ආත්මවිශ්වාසය වැඩි වනු ඇත.

14. ඔබේ දරුවාට දේවල් මතක තබා ගැනීමට හා මතකය වර්ධනය කරගැනීමට උපකාර වන්නේ මොනවාදැයි ඔවුන්ගෙන්ම විමසන්න

ඔබේ දරුවාට දේවල් මතක තබා ගැනීමට ඔවුන් භාවිතා කරන විවිධ ක්‍රම තිබිය හැකියි.

එබැවින් ඔවුන්ට යමක් පමතක තබාගැනීම පහසු කරවන් නොයෙක් ක්‍රමෝපායන් ගැන ඔවුන්ගෙන්ම විමසා දැනගන්න, ඒවා ගවේෂණය කරන්න.

ඇතැම්විට යමක් මතක තබාගන්නට ඔවුන් මනසේ චිත්තරූප මවාගන්නවා වෙන්නට පුළුවන්.

නැතිනම් එම වචනයම පුනාවර්ජනය කරනවා වන්නට පුළුවන්. එහෙමත් නැතිනම් ඊට අදාල ශබ්ධයක් මනසේ මවාගන්නවා වන්නට පුළුවන්.

මෙලෙස ඔවුනට වඩාත්ම ප්‍රියජනක හෝ ඔවුනට සාර්ථක යැයි හැඟෙන මතක තබාගැනීමේ ක්‍රමවේදය අථදා බලන්නට ඔවුන් දිරිමත් කරන්න.

15. මතකය වර්ධනය කරගන්නට දරුවෙකුට උපකාර කරන්නේ කෙසේද? නිර්මාණශීලී වන්න!

මතකය අඩු වන විට දරුවෙකුගේ ගැටලුව විසඳීමේදී නිර්මාණශීලී වීම වඩා සාර්ථක වේ. එය ඔවුන්ගේ මතකය ශක්තිමත් කරනවා පමණක් නොව, එතුළින් දරුවා ඔබ සමඟ ඇති බැඳීමද ශක්තිමත් කරනු ඇති.

ඉතින් මෙම ලිපිය තුළින් මතකය වර්ධනය කරගත හැකි මෙම විවිධ ක්‍රම, දරුවාට පහසුවෙන්ව සහ ඉක්මනින් ඉගෙන ගැනීමටත්, එම දත්ත වැඩි කාලයක් රඳවා ගැනීමටත් උපකාරී වනු ඇතැයි අපේක්‍ෂා කරමු.

ඔබගේ දිරිගැන්වීම සහ පුහුණුවීම් සමඟ, දරුවාට මතක තබා ගැනීම අභියෝගයක් වූ බව ඔබට ඉක්මනින්ම අමතක වනු ඇත!

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

    දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

  • දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

    දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

  • දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

    දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

  • දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

    දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it