theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවාහය තුළ හොඳ සන්නිවේදනයක් පවත්වාගනට ක්‍රම 15ක්

5 අවම කියවීම
විවාහය තුළ හොඳ සන්නිවේදනයක් පවත්වාගනට ක්‍රම 15ක්විවාහය තුළ හොඳ සන්නිවේදනයක් පවත්වාගනට ක්‍රම 15ක්

ඔබේ විවාහය ප්‍රාණවත්ව තබාගන්න සන්නිවේදනය වැදගත් බව ඔබට අමුතුවෙන් කියන්න උවමනා නැහැ. ඉතින් මේ වෙනුවෙන් ඔබේ බැඳීම තුළ යම් යම් අවස්ථාවන් ශක්තිමත් විය යුතු වෙනවා.

ඔබේ විවාහය ප්‍රාණවත්ව තබාගන්න විවාහය තුළ සන්නිවේදනය ඉතා වැදගත් බව ඔබට අමුතුවෙන් කියන්න උවමනා නැහැ.

ඉතින් මේ වෙනුවෙන් ඔබේ බැඳීම තුළ යම් යම් අවස්ථාවන් ශක්තිමත් විය යුතු වෙනවා.

සමහර කෙනෙක් හිතනවා සන්නිවේදනය මහ ලොකු දෙයක් නෙමෙයි කියලා. ඒත් ඒක හිතන තරම් ලේසි පහසු නැහැ.

ඒක හරියට මංතීරු දෙකක් ඇති පාරක් වගේ. ඉතින් මංතීරු දෙකම හොඳින් ධාවනය වෙන්න අපි ඔබට නැවුම් අදහස් ටිකක් දෙන්නම්.

සමහර විට ඔබ එකිනෙකාට කතා කරන ආකාරයම එහි අවසානය වෙන්න පුළුවන්.

ඉතින් මුලින්ම ඔබට ඊට ඇති ආකර්ෂණය විශ්වාසය ඇති කරගන්න උදව් කරන්නම්.

විවාහය තුළ සන්නිවේදනය ශක්තිමත් කරගත හැකි ආකාර 15ක්

1. පැහැදිළි බව

දෙදෙනාට දෙදෙනා විවෘත වීම ඉතා වැදගත්. මෙහිදී ඔබ කියන දේ පැහැදිළිව කියන්න.

ඔබ දෙදෙනා කොයිතරම් කාලයක් එකට ජීවත් වුනත් ඔබේ සහකරු ඔබේ හිත කියවාවි යැයි සිතන්න එපා. පිරිමින් හා කාන්තාවන් සිතන ආකාරය වෙනස්.

ව්‍යංගය, රහසිගත ලෙස ඇතිවන බලාපොරොත්තු, සිදුවීම් තවත් නරක අතට හරවන්න පුළුවන්.

ඔබට කියන්න ඇති දේ කියන්න. අදහස් කරන දෙයක් කියන්න. මූලිකව ඔබ හිතන් ඇති දේ විවෘතව කතා කරන්න.

2. ඔබේ වචනය වෙනස් කරන්න එපා

ඔබ යමක් කරන්නට පොරොන්දු වුනොත් එය කරන්න. විශ්වාසය තැනෙන්නේ එවිටයි.

3. ඔබේ හැඟීම් සඟවන්න එපා

ඔබේ සිතුම් හා හැඟීම් ප්‍රකාශ කරන්න බැරි වුනොත් සිදුවන්නේ කුමක්ද? සමහර විට ඔබේ වෙනස්කම් තුළින් සහකරු එය හඳුනා ගනිතැයි ඔබ සිතුවත්, ඔබ ඔහුට එය නොකීවොත් ඔහු එය සදාකාලිකවම වටහා ගන්නේ නැහැ.

විවාහය තුළ සන්නිවේදනය

ඔබට හැඟෙන දැනෙන දේ කියන්න ධෛර්යය උපදවා ගන්න. එය සඟවාගෙන සිටීමෙන් ඔබට වන සෙතක් නැහැ.

ඔබට ඔබේ හැඟීම් වලට වටිනාකමක් ඇතත් ඒවා ගැන සහකරු දැන සිටීම වැදගත්.

මෙය සැමියාටත් බිරිඳටත් පොදුයි. සහකරුවා නිතර අගයන්න. ඔහුව පහත හෙලන්න එපා.

4. ගෞරවය :විවාහය තුළ සන්නිවේදනය

මෙය දෙපාර්ශවයටම අදාලයි. ගෞරවය බිඳුන තැන ඔබේ සබඳතාවය යන්නේ අගතියටමයි.

5. කරුණු ඇවිස්සීමට පෙර සියල්ල දැනගන්න

යමක් අනුමාන කරන විට එහි සියලු දේ හා සත්‍ය තොරතුරු දැනගන්න. එම සිද්ධියේ හැම පැත්තක්ම ගැන සිතන්න.

අනුමාන කිරීම් උපකල්පන මත තීරණ ගන්න එපා. ඒ ගැන කතා කරන්න. කරුණු සාකච්ඡා කරන්න.

6. එකිනෙකාගේ අවශ්‍යතාවයන් බලන්න

සියලු අවශ්‍යතා සම්පූර්ණ කරන්න අමාරුයි. ඔබේ අවශ්‍යතා ඉටු නොවන විට ඊට දොස් කියන්න එපා. විචාරය, විවේචනය කරන්නත් එපා. පුංචි ඉල්ලීමක් කර බලන්න.

සමහර විට සහකරු ඔබේ අවශ්‍යතාවය නොදන්නවා වෙන්න පුළුවන්. දෙවන වරටත් ඔබ ඉන් ශක්තිමත් නැතිනම් එය කළයුතු ආකාරය ඔහුට විස්තර කර දෙන්න.

7. හැකි තරම් සවන් දෙන්න :විවාහය තුළ සන්නිවේදනය

නිතරම ඇහුම්කන් දීම වැදගත්. සමහර විට සහකරු කියන දෙයට පිළිතුර හිතේ හැදිලා ඉවරයි වෙන්නත් පුළුවන්.

නමුත් ඔහුට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔබ කතා නොකර සිටීම, ඔබේ කන් දීම නිසා සිදුවන්නක් බව අඟවන්න. ඔහු දෙසට හැරී ඔහුට සවන් දෙන්න.

විවාහය තුළ සන්නිවේදනය

“ඔව්. මට තේරෙනවා. ඉතින්... ඉතින්...” ඔබ දෙදෙනා හොඳින් වටහා ගෙන ඇති බව ඉන් කියවෙනවා. විටින් විට “ඒ කියන්නේ? මෙහෙම වෙලා, එතනින් පස්සේ...” ඔහුගේ කතාවට ඔබේ අවධානය ඇති බව ඉන් වැටහෙනවා. 

8. හැමදේම වැදගත් :විවාහය තුළ සන්නිවේදනය

කතාව විතරක් නෙමෙයි සන්නිවේදනයේදී ඔබේ ඉරියව් පවා බලපානවා. ඇස් අතර සබඳතාවය, ශරීරයෙන් දෙන ඇඟවීම්, උච්චාරණය, හඬ, ස්වරය, තෝරා ගන්න වචන, ඔබේ බැලුම් මීට බලපානවා.

කතා කරන වාරයක් ලබාගන්නවා වගේම සවන් දෙන්න.

ඒ වගේම ඔබ දෙදෙනාම සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක් තෝරා ගන්න. දෙදෙනාම පීඩනයෙන් ඉන්න වෙලාවකට එක් මතයකට පැමිණීමට අමාරුයි.

9. චෝදනා කරන්න එපා

විවේචනයක් හෝ කතාවක අවසානයක් චෝදනාවකින් එය අවසන් කරන්න එපා. නිතරම ‘මම’ වෙනුවට ‘ඔයා’ යන්න යොදා ගැනීමෙන් චෝදනාව දරුණු වෙනවා.

උදාහරණයක් ලෙස “ ඔයා කවදාවත් රෑ කෑමට ගෙදර එන්නේ නැහැ” වෙනුවට “මම තනියම අපි දෙන්නටම රසට කෑම හදලා, මම විතරක් තනියම කෑම කනවා.

මට හුඟක් හිත රිදෙනවා”. ඒ නිසා තමාව එල්ල කර චෝදනා කරන බවත් අනෙක් කෙනාට දැනෙන්නේ නැහැ. නමුත් ඔබේ සහකරුට ඔබට හැඟෙන දේ හරියටම දැනෙනවා.

10. අතීතයේ වළලා දැමූ දේ නැවත ඇදගන්න එපා

මෙය තේරුම් කිරීමට අවශ්‍ය නැහැ. අමිහිරි අතීතයේ දේවල් කිසිවක් වර්තමානයට ඈඳා ගන්න එපා.

විවාහය තුළ හොඳ සන්නිවේදනයක් පවත්වාගනට ක්‍රම 15ක්

11. එක් වරකට එක මාතෘකාවක් කතා කරන්න

සමහර අඹුසැමියන් මුදල් ප්‍රශ්නයක් ගැන කතා කරන්නට මුල පිරුවත් එය අවසන් වන්නේ නැන්දම්මාගේ ගැටළුවක් ගැන කතා කරන්න නම් එක ප්‍රශ්නයකටවත් පිළිතුරක් ලැබෙන්නේ නැහැ.

ඉන් ඔබ තවත් අසහනයට පත්වෙනවා විතරයි. ඒ නිසා වරකට එක් ගැටළුවක් ගැන කතාකර ඊට විසඳුමක් ලබාගෙන අනෙකට යන්න.

12. කතා කරන්න පෙර දෙවරක් සිතන්න

ඔබේ කතාකරන දෙය නැවත ගන්න බැහැ. ඒ නිසා ඔබේ හැඟීම් වලට ඉඩ නොදී මනසින් සිතා බලන්න. සිත් රිදීම් ඉන් වැඩිවෙන්න පුළුවන්.

13. ආදරය හා සමාව දෙන්න : විවාහය තුළ සන්නිවේදනය

මේ වන විට ඔබ දන්නවා ඔබේ සහකරු සර්ව සම්පූර්ණ නැති බව. නමුත් ඕනෑම දෙයකට මුහුණ දෙමින් මේ ගමන යන්න ඔබ ඔහු තෝරාගෙන අවසන්.

ඉතින් හැමදේම ආදරය වෙනුවෙන් ඉටු කරන්න. අතපසු වීම් වලට සමාව දෙන්න. කියන්න ලේසියි. නමුත් ඔබට එය කළහැකි බව සිතන්න.

14. නිතර ඇතිවෙන බැඳීම් : විවාහය තුළ සන්නිවේදනය

හැම විවාහක යුවලකටම පෞද්ගලිකව ඔවුන්ටම වෙන්වූ කාලයක් අවශ්‍යයි. ඉන් නැවත ආදරයෙන් බැඳෙනවා.

විශේෂයෙන් දරුවන් ලැබුණු පසු කිසිවිටකත් ඔබට දැනෙන හැඟීම් ප්‍රකාශ කරන්න මැලිවන්න එපා. ඕනෑම සිහිනයක්, බලාපොරොත්තුවත් බෙදාගන්න. එය කුඩා වුනත්, විශාල වුනත් ගැටළුවක් නැහැ.

15. ඉවසීම හා අනුකම්පාව

සමහර විට ඔහු තුළින් වන වැරදි ගැන ඔහුගේ පැත්තෙන් බලන්න. ඔහුගේ පසුබිම ගැන සිතන්න. මේ ගුණාංග දෙක ඇත්නම් හුඟක් දුර යන්න පුළුවන්.

යුග දිවියක් සාර්ථක කර ගැනීම අරගලයක් වගේ. එය එතරම්ම ගැඹුරුයි. සංකීර්ණයි.

නමුත් ඔබට ඊට තිබිය යුත්තේ උවමනාව හා කැමැත්ත පමණයි. ඒ උවමනාව වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය ලිව්වා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • විවාහය තුළ හොඳ සන්නිවේදනයක් පවත්වාගනට ක්‍රම 15ක්
බෙදාගන්න :
  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it