මව්වරුනි පරිස්සම් වෙන්න! සිවිලිම් විදුලි පංකා අනාරක්ෂිත විය හැකිය

මව්වරුනි පරිස්සම් වෙන්න! සිවිලිම් විදුලි පංකා අනාරක්ෂිත විය හැකිය

විදුලි පංකාව නිසා ඇත්විය හැකි අනාරක්ශිත තත්තවයන් ගැන ඔබ දැන සිටියාද?

සිවිලිමේ විදුලි පංකාව කාමරය සිසිල් කිරීමට උදව් වනවා වගේම, ඒවා සිටුවන හෝ මේසය මත තබන විදුලි පංකාවලට වඩා හොඳින් ක්‍රියා කරන බවත්, වායුසමීකරණ යන්ත්‍රවලට වඩා පරිසර හිතකාමී බවත් අපි දනිමු. දරුවන්ට හානිකර විදුලි භාණ්ඩ අපි දරුවන් අතර තියන්නේ නැහැනේ.

ඝර්ම කලාපීය රටවල ජීවත් වන්නන් බොහෝ විට සිවිලිම් විදුලි පංකා වලට හුරුවන්නේ මේ නිසයි.

 

එහෙත් නිතර ගෙදර දොරේ පරිහරණය කරන නෙවන් දෙයක් අනතුරුදායක විය හැකිද යන්න අපට එක වර සිහියට නැගෙන්නේ නැහැ.

කෙසේ වෙතත්, කැරන් ෂියාඕ යන මව අත්විඳින ලද දේ සිවිලිම් පංකා ඇත්ත වශයෙන්ම කෙතරම් අනාරක්‍ෂිත විය හැකිද යන්න පිළිබඳ හොඳ උදාහරණයක්.

විදුලි පංකාව

කැරන් අප සමඟ බෙදාගත්තේ ඇය ඇගේ මාස 4 ක් වයසැති දියණිය සමඟ කාමරයේ සිටියදී 
සිවිලිමේ විදුලි පංකාව හදිසියේම පාලනයෙන් තොර වූ අතර එහි බ්ලේඩ් දෙකක් කැඩී ගිය 
බවයි.
එහෙත් දෙවියන්ට ස්තුතිවන්ත වන්නට, කැරන්ට හෝ ඇගේ දරුවාට හානියක් නොවීය.
 
කැරන් පවසන පරිදි ඇය තම දරුවා ඇඳ මත තබා තිබුනේ නම්, ඉන් ඉතා ලොකු විනාශයක්
වන්නට ඉඩ තිබුනු බව ඇයට විශ්වාසයි.

දරුවන්ට හානිකර විදුලි භාණ්ඩ: සිද්ධිය පිළිබඳ ඇගේ ෆේස්බුක් සටහන ඔබට පහත කියවිය හැකිය

කැරන් පවසන පරිදි, ඇගේ සිවිලිම් විදුලි පංකාවේ වේගය අවම මට්ටමක පැවති අතර සිද්ධිය 
සිදුවන විට එය ක්‍රියාත්මක කර පැය කිහිපයක් ගොසින් තිබුණි.

විදුලි පංකාව මුලින්ම සෙලවීමට පටන් ගත් අතර, එක් තලයක් විදුලි පංකාවටම වැදී කැඩී ගියේය.

විදුලි පංකාවේ අනෙක් තල කැඩීම වැළැක්වීම සඳහා කැරන් ඉක්මනින් විදුලිය විසන්ධි කළාය.

දිඝු කාලීම භාවිතය නිසා මෙය සිදුවන්නට ඇති බව ඇගේ වැටහීමයි. ඒ වන විට මේ විදුලි පංකාව සවිකර වසර 4 ක් ඉකුත් වී තිබුණි.

දරුවන්ට හානිකර විදුලි භාණ්ඩ

විදුලි පංකාව

කැරන් ගේ අරමුණ ඇගේ ෆේස්බුක් පිටුවේ ඇති මෙම විස්තරය කාගේ හෝ ඇසට යොමුවී සිවිලිම් විදුලි පංකා වලින් විය හැකි අනතුරු පිලිබඳ අවධානයෙන් ඉන්නට දෙවව්පියන්ට  උපදදෙසක් වන්නටයි.

එසේම, ළදරු කාමරයේ සිවිලිමේ විදුලි පංකාවක් සවි කිරීම හෝ ළදරුවාගේ ඇඳ කෙලින්ම 
සිවිලිමේ විදුලි පංකාව යට තැබීම ගැන මව්වරු දෙවරක් සිතා බැලිය යුතුය.

විදුලි පංකාව ලින් ඔබේ ළදරුවන් ආරක්ෂා කිරීම සඳහා උපදෙස්

පහත දැක්වෙන ඉඟි theAsianparent articleවෙතින්:
  • ඔබට පදික/මේස විදුලි පංකාවක් තිබේ නම්, එය ළදරුවා ට ළඟා විය නොහැකි ස්තානයක 
    තබන්න, විදුලි පංකාව වෙත ළඟාවීම සඳහා ඔහුට ඉහළට නැඟිය හැකි කිසිවක් අසල 
    නොමැති බව සහතික කරන්න.
  • සියලුම රැහැන් ඔබේ දරුවාගෙන් ඈත්ව තබා ගැනීමට වග බලා ගන්න.
  • දරුවන්ගේ කුඩා ඇඟිලි විදුලි පංකා තල වලට වලට හසු වීම වැළැක්වීම සඳහා සිහින් දැලකින් සාදා විදුලි පංකාවේ හිසට සවි කර ඇති විදුලි පංකාවක් සඳහා ආයෝජනය කරන්න.

එවිට ඔබේ දරුවාට වෙනත් යම් දෙයක් හෝ විදුලි පංකා තල වලට ඇතුලු කිරීමට නොහැකි වේ.

  • නව විදුලි පංකාවක් මිලදී ගැනීමේදී, සෑම විටම පිළිගත් වෙළෙන්දෙකුගෙන් මිලදී ගෙන නිෂ්පාදකයාගේ උපදෙස් අනුගමනය කරන්න.
  • ඔබ පාවිච්චි කරල ළද විදුලි පංකාවක් මිලට ගන්නේ නම්, සෞඛ්‍යය හා ආරක්ෂාව අතින් එය හොද මට්ටමක තිබේ දැයි පරීක්ශා කර බලන්න.
  • ග්‍රිල් එක ආරක්ෂිත බවත්, දෝලනය ක්‍රියා කරන බවත්, විදුලි රැහැන් ආරක්ෂිත බවත් 
    සහතික කරගන්න.
  • සිවිලිමේ විදුලි පංකාවක් සවි කිරීම ගැන සලකා බලන්න, මේවා ඔබේ දරුවාට
    කොහෙත්ම ළඟාවිය නොහැකියි.
  • ඔබ ඉන් එකක් සවි කරන්නේ නම්, සිවිලිමේ විදුලි පංකා තුඩ සහ ඔබේ දරුවාගේ ඇඳේ හෝ වෙනත් ගෘහ භාණ්ඩ අතර අවම වශයෙන් අඩි 3 ත් 4 ත් අතර ප්‍රමාණයක් සහතික කරන්න, එබැවින් ඔහු ඇඳ මතට පනින්නට හෝ නැගීමට පෙළඹෙන්නේ නම් ඔහු විදුලි පංකාවට ළඟා නොවනු ඇත. (විශේශයෙන් ම තට්ටු දෙකේ ඇඳක් වැනි දෙයක්.)
  • සියලුම බ්ලේඩ් නිසියාකාරව ස්ථාපනය කර ඇති බවත් නිෂ්පාදකයාගේ උපදෙස් අනුව විදුලි
    පංකාව ආරක්ෂිතව සවි කර ඇති බවත් සහතික කරන්න.
    
    විදුලි පංකාව
    
  • විදුලි පංකාවක් කිසි විටෙකත් සෙල්ලම් බඩුවක් කර නොගන්න. ළමා වියේදි ඔබ විදුලි පංකාවක් ඉදිරිපිට ශබ්ද නගා ඇති නමුත් එය අනාරක්ෂිත බැවින් මෙය කරන්නේ කෙසේදැයි ඔබේ දරුවාට නොපෙන්වීම වඩාත් සුදුසුය.
  • මේසයක අද්දර හෝ එය වැටිය හැකි ඕනෑම තැනක විදුලි පංකාව නොතබන්න.
  • සිවිලිමේ විදුලි පංකාවක තල වලින් පටි, ලණු හෝ වෙනත් භාණ්ඩ එල්ලා නොගන්න. 
    මෙයින් ඔබේ දරුවාට ගෙල සිර කිරීමේ අනතුරක් විය හැකිය.
  • දූවිලි හා අපිරිසිදු දෑ තල මත සිරවී ඇති බැවින් අවම වශයෙන් මසකට වරක්වත් ඔබේ විදුලි පංකාව පිරිසිදු කරන්න.
  • යමක් පිළිස්සෙන ගඳක් හෝ අසාමාන්‍ය ශබ්දයක් ඇතිවුවහොත්, විදුලි පංකාව වහාම
    ක්‍රියා විරහිත කර සිල්ලර වෙළෙන්දා සහ/හෝ නිෂ්පාදකයා අමතන්න.
  • ළමයින් සහ සුරතල් සතුන් හපන හෝ රැහැන් අදින්නේ නැති බවට වග බලා ගන්න.
  • භාවිතයේ නොමැති විට සෑම විටම විදුලි පංකාව සොකට්ටුවෙන් නිවා දමන්න.
මෙම ලිපියෙන් ඔබ ආරක්ෂාව පිළිබඳ වැදගත් පණිවිඩයක් ඉගෙන ගෙන ඇතැයි අපි 
බලාපොරොත්තු වෙමු. සමහර විට එය විදුලි පංකා පිලිබඳ ව පමණක් නොව අනෙකුත් 
විදුලි උපකරණ සඳහා ද ඔබට මේ උපදෙස් වැදගත් වෙයි.

ඔබට මෙම කථාව පිළිබඳ කිසියම් අදහසක් ඇත්නම්, ඒවා theAsianParent Sri Lanka හි අප හා 
බෙදා ගන්න.

පරිවර්තනය: බෝසඳුන් ගුණසේකර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.

Written by

bosandun

කතන්දර ලිපි