theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන මේ කෑම වර්ග දරුවන් විභාග වලට මුහුණ දෙන කාලයට හුඟක් හොඳයි.

5 අවම කියවීම
මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන මේ කෑම වර්ග දරුවන් විභාග වලට මුහුණ දෙන කාලයට හුඟක් හොඳයි.මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන මේ කෑම වර්ග දරුවන් විභාග වලට මුහුණ දෙන කාලයට හුඟක් හොඳයි.

සමහර කෑම වර්ග ගැනීම නිසා විභාග වලට මුහුණ දෙන සමයේදී දරුවන්ට වැඩි ලකුණු ලබාගන්න උදවු වෙන්නට ඇති අවස්ථා වැඩි බව පැවසෙනවා. ඔබ මේ බව විශ්වාස කළත් නැතත් එය අත්හදා බැලීමෙන් පාඩුවක් වෙන්නේ නම් නැහැ.

සමහර කෑම වර්ග ගැනීම නිසා විභාග වලට මුහුණ දෙන සමයේදී දරුවන්ට වැඩි ලකුණු ලබාගන්න උදවු වෙන්නට ඇති අවස්ථා වැඩි බව පැවසෙනවා. ඔබ මේ බව විශ්වාස කළත් නැතත් එය අත්හදා බැලීමෙන් පාඩුවක් වෙන්නේ නම් නැහැ. මේ මොළය වඩන ආහාර 15 ඔබේ දරුවාගේ සාමාන්‍ය ආහාර වේල් අතරට එක්කර බලන්න.

මොළය වඩන ආහාර

1. ඩාක් චොක්ලට්

මොළය වඩන ආහාර

මොළය වඩන ආහාර: ඩාක් චොක්ලට්

තද කළු පැහැති කොකෝ වලින් හදන කෑම වලින් ශරීරයේ ලේ ගමනය වැඩි කරන බව සොයාගෙන තියෙනවා.

රුධිර පීඩනය අඩු කරන අතර මොලයේ ක්‍රියාකාරිත්වය වැඩිකරනවා. ඒ වගේම ශරීරයේ ඇන්ටිඔක්සිඩන්ට් නිපදවීම වැඩිකරන අතර රුධිර කැටි ඇතිවීමේ අවදානම අඩුකරනවා.

ඒ වගේම ඔබව සතුටින් තබන හෝර්මෝන නිකුත් කිරීම වැඩිකරන නිසා විඩාබර ශිෂ්‍යයෙකුට එය හුඟක් වැදගත් වෙනවා.

2. පිනට් බටර්

හැමෝම පීඩනයට හා මහන්සියට පත්වෙලා ඉන්න උදෑසනක අමුතුවෙන් උදේ කෑම හදන්න අමාරු වෙන්න පුළුවන්.

මේ වගේ විභාග පවතින කාලයට පීනට් බටර් තැවරූ සැන්ඩ්විච් හුඟක් හොඳ වෙයි.

පීනට් බටර් වල ඇති ප්‍රෝටීන් හා ශරීරයට හිතකර මේදය දරුවාගේ කුස පුරවනවා. එය විභාගය ඇති කාලෙට හුඟක් වැදගත්.

3. ඔලිව් තෙල්

විභාග තියෙන කාලයට ඔලිව් ඔයිල් යෙදූ කෑම වැඩිපුර දෙන්න පුළුවන්නම් හොඳයි.

මෙහි ඇති මොනෝ අසංතෘප්ත මේදය මගින් මනස විඩාබර වීම වළකනවා. අල තෙල් දැමු කරියකට නැතිනම් දරුවා කැමතිම ව්‍යංජනයකට වුනත් එය එක් කරන්න පුළුවන්.

4. මොළය වඩන ආහාර: තෙල් සහිත මාළු

සැමන්, මැකරල්, සාඩින් වැනි මාළු වර්ග වල ඔමේගා 3 ෆැටි ඇසිඩ් අඩංගු වන අතර මෙම තෙල් වර්ග වලින් මොලයේ ක්‍රියාකාරිත්වය වේගවත් කරනවා වගේම එහි ඇති ප්‍රෝටීන ද ඊට හුඟක් උදවු වෙනවා.

රතුහාල් බත් සමග තෙම්පරාදු කළ සැමන් වැනි දෙයක් දරුවාට දීමෙන් හොඳ පෝෂණ ගුණයෙන් යුතු කෑමක් දරුවාට දෙන්න පුළුවන්.

අනෙක් අතට ඉන් කට්ලට් හෝ සැන්ඩ්විච් වැනි දෙයක් හදාගන්නත් පුළුවන්.

5. නිවිති

මොළය වඩන ආහාර

මොළය වඩන ආහාර: නිවිති

නිවිති සමග බිත්තර තෙම්පරාදු කර උදේ ආහාරයට එක් කරගන්න පුළුවන් නම් ඉතා වැදගත්.

නිවිති වලින් මොලයේ විඩාබර බව සමනය කරනවා. මැන්චෙස්ටර් හි ටෆ්ස් සරසවිය මගින් කරන ලද සමීක්ෂණ වලට අනුව නිවිති පරිභෝජනයෙන් මොලයේ ක්‍රියාකාරිත්වය භාෂාව හා ඉගෙනීම වගේම මතකයත් වැඩිකරන බව පැවසෙනවා.

6. අලිගැටපේර

ඔලිව් තෙල් වගේම අලිගැටපේර වලත් මොනෝ අසංතෘප්ත මේදය අඩංගු නිසා මානසික සෞක්‍ය වර්ධනය කරන රුධිර ගමනය වැඩිකරනවා. විභාග සමයට දරුවන්ට කිරි සමග මුසුකර අලිගැටපේර ලබාදෙන්න පුළුවන් නම් ඉතා හොඳයි.

7. මොළය වඩන ආහාර: බ්ලුබෙරි

මොලයේ මාංශ පේශි ක්‍රියාකාරිත්වය හා අධ්‍යනය කිරීමට ඇති හැකියාව වැඩිකරන බ්ලුබෙරි මොලයේ ක්‍රියාකාරිත්වයට ඉතා වැදගත් පළතුරක් ලෙස සායනිකව සනාථ කරලා තියෙනවා.

සමහර සුපිරි වෙළඳසැල් වලින් මේවා ලබාගන්න පුළුවන් අතර අතුරුපස වල උඩට තැවරුමක් ලෙසත් යොදාගන්න පුළුවන්.

 8. සුදුළුණු

මොලයේ පිළිකා වලට එරෙහිව ගමන් කරන්නත් මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන්නත් සුදුළුණු වැදගත් බව පැවසෙනවා. සුදුළුනු මුසුවූ චිකන් තෙම්පරදුවක් හෝ තෙල් වල බැදගෙන වුනත් දරුවන් කන්න කැමති වේවි.

9. බිත්තර

මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන මේ කෑම වර්ග දරුවන් විභාග වලට මුහුණ දෙන කාලයට හුඟක් හොඳයි.

බිත්තර වල කෝලින් අඩංගු වෙනවා. කෝලින් මොලයේ වර්ධනයට හා මතකය වැඩිකිරීමට උදවු වෙනවා. උදේ කෑම වලට බිත්තර එකතුකර ගැනීමෙන් ඔවුන්ගේ දවසට හොඳ තල්ලුවක් ලැබේවි.

10. යෝගට්

යෝගට් උදරයේ බැක්ටීරියා අසාදන වලට එරෙහිව ක්‍රියාකරන අතර නොසන්සුන් බව සමනය කරනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඒ වගේම තීරණගැනීමට උදවු කරනවා.

යෝගට් පානයක් ලෙසත් විභාගයක් පවතින විට දෙන්න පුළුවන් වගේම මේ කාලයේ නොසන්සුන්ව සිටින දරුවන්ට උදරය සන්සුන් කරන්න යෝගට් උදවු වෙනවා.

11. ජලය (ඔව්! මොළය වඩන ආහාර වලට ජලයත් ඇතුලත්)

දරුවන්ට අවශ්‍ය ප්‍රමාණයට ජලය නොලැබෙන විට ඔවුන් තුළ මලානික බවකුත් මතකය අඩු ගතියකුත් ඇතිවෙනවා. ඒ නිසා දරුවා ගන්න වතුර ප්‍රමාණය ගැන උනන්දුවෙන් ඉන්න.

12. වියළි පලතුරු

දරුවන් පාඩම් කරන අතර තුර ගන්න පුළුවන් නිසාත් දරුවන් හුඟක් බර ආහාර ගන්න මේ කාලයට අකමැති නිසාත් වියළි පලතුරු පහසුව වගේම මොලයට හොඳ උත්තේජනයක් ලබාදෙනවා.

ඉන් ශක්තිය මුදා හරින්නේ හෙමින් නිසා දරුවාට වැඩි වෙලාවක් බඩගිනි දැනෙන්න නැතිව ඉන්න පුළුවන්.

වියළි ස්ට්‍රෝබෙරි, කෙසෙල් ගෙඩි, ඇපල් හා අඹ වැනි වියළි පලතුරු ගන්න පුළුවන් නම් සීනි අඩුවෙන් ඇති වියළි පලතුරු ගැනීමට මතක තබාගන්න.

13. කජු

කජු වල මැග්නීසියම් අඩංගු නිසා නැවත මතක් කිරීමටත් අමතක වීම පාලනයටත් කජු ඉතා හොඳයි. වැඩිය පැණිරස කෑමට අකමැති දරුවන්ට කජු ලුණු ස්වල්පයක් සමග මුසුකර දෙන්න පුළුවන්.

14. මොළය වඩන ආහාර: ධාන්‍ය වර්ග හා ධාන්‍යමය සීරියල්

ධාන්‍යමය සීරියල්, රතුහාල් තවත් වැදගත් මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන ආහාරයක්.

මේ මගින් ග්ලුකෝස් නිකුත් කිරීම අනෙක් කබෝහඩ්රේට් වලට වඩා අඩු නිසා ශක්තිය වැඩිපුර වේලාවක් රඳවා තබා ගන්නවා.

ඉන් දරුවාට වැඩිකාලයක් වැඩ කිරීමට ශක්තිය ලැබෙන අතර දරුවා මහන්සියට පත් කරන්නේ අඩුවෙනුයි.

15. උණු කිරි

මොළය වඩන ආහාර

මොළය වඩන ආහාර: කිරි

විභාග කාලයට දරුවන් නින්ද හොඳින් නොලැබෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට හොඳ විවේකයක් ලබාදෙන්න උණු කිරි වීදුරුවක් නින්දට පෙර දෙන්න.

එහි ඇති කැල්සියම් හා ප්‍රෝටීන් මගින් දරුවන්ගේ කුස පුරවන අතර රැය පුරා ගැඹුරු නින්දක් ලැබෙන නිසා පසුදින ඔවුන් ප්‍රබෝධයෙන් අවදි වෙනවා. එය විභාගයට මුහුණ දෙන දරුවාට හරිම වැදගත්.

මොළය වඩන ආහාර සහ සම්පුර්ණ ආහාර වේලක ඇති වැදගත් කම

ආහාර තෝරා බේරා ගෙන සමබර ආහාර වේලක් ගැනීම මේ කාලයේ ඉතා වැදගත් වෙනවා. හොදින් නිදාගැනීම හා  පීඩාකාරී ව්‍යාකුල නොවන කෙටි ක්‍රියාකාරකම් වල නිරත වීමත් හොඳින් විභාගයට මුහුණ දෙන්න හැකියාව ලබාදෙනවා.

දෙමාපියන් වගේම දරුවනුත් පීඩනයට පත්වන විභාග වලට හොඳ පෙර සූදානමක් දෙන්න theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන මේ කෑම වර්ග දරුවන් විභාග වලට මුහුණ දෙන කාලයට හුඟක් හොඳයි.
බෙදාගන්න :
  • වාර විභාග සඳහා දින කිහිපයකින් දරුවා සුදානම් කල හැකි කෙටි ක්‍රමයක්

    වාර විභාග සඳහා දින කිහිපයකින් දරුවා සුදානම් කල හැකි කෙටි ක්‍රමයක්

  • දරුවාගේ අවධානය දියුණු කරන ක්‍රම

    දරුවාගේ අවධානය දියුණු කරන ක්‍රම

  • වාර විභාග සඳහා දින කිහිපයකින් දරුවා සුදානම් කල හැකි කෙටි ක්‍රමයක්

    වාර විභාග සඳහා දින කිහිපයකින් දරුවා සුදානම් කල හැකි කෙටි ක්‍රමයක්

  • දරුවාගේ අවධානය දියුණු කරන ක්‍රම

    දරුවාගේ අවධානය දියුණු කරන ක්‍රම

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it