ඔබ විවාහ වුයේ හරිම කෙනා සමගද කියා පෙන්වන සලකුණු 16 ක්

ඔබ විවාහ වුයේ හරිම කෙනා සමගද කියා පෙන්වන සලකුණු 16 ක්

ඔබට ලැබුනේ නිවැරදිම සහකරුවාද? ‌මේ සලකුණු 16 බලන්න.

කසාද බැඳීම තරම් එය පවත්වා ගෙන යාම පහසු නැහැ. කසාදය කියන්නේ තනිකරම රෝස මල් යහනාවක් නෙමෙයි.

සමහර කාල වලදී ඒ තුල අරගල වලට අපි මුහුණ දෙනවා.

එතකොට අපිට නිතර හිතෙන දෙයක් තියෙනවා. ඇත්තටම අපි තෝරා ගත්තේ හරිම කෙනාද?

මෙම ලිපියේ අනර්තර්ගත වෙන කාරණා 16 කියවලා බලන්න ඔයාට මුණ ගැහුන එයා බඹා කෙටු එක්කෙනාමද කියලා?

ඔබ තවම විවාහක නොමැති නම් මේ ලිපිය ඔබටත් වැදගත් වේවි.  ඔබට හරියටම හරියන කෙනා ලග මේ ලක්ෂණ තියේවි.

1.විනෝදාත්මක දේවල් කරමින් ඔබ දෙදෙනා එකට කාලය ගත කරනවා

උදාහරණයක් විදියට ඔබ කැමති ප්‍රේමණිය චිත්‍රපටියක් නැරඹීමට වෙන්න පුළුවන්.

නමුත් ඔබේ සහකරු හෝ සහකාරියගේ කැමැත්ත වෙනත් එකක් වෙන්න පුළුවන්.

විවිධ දේ කරමින් ඔබ ඔබේ විනෝදය ලබා ගන්නවා මෙන් ඔබේ අනෙක් පාර්ශවකරු හා එක්ව ඔහුගේ හෝ ඇයගේ කැමති දේවල් සමග විනෝදය හඹායන්න.

ඔබ දෙදෙනාට එසේ කරන්න  පුළුවන් නම් ඔබට හමු වී ඇත්තේ ඔබට හරි යනම පුද්ගලයායි.

ඔබ විවාහ වුයේ හරිම කෙනා සමගද කියා පෙන්වන සලකුණු 16 ක්

2. කසාද බැඳීම සර්ථක නම් ඔබට වෙන්ව කාලය ගත කරන්නත් පුළුවන්

විවාහවීම තුල ඔබ දෙදෙනා සෑම මොහොතකම එකටම ජිවත්විය යුතුයැයි නියමයක් නැහැ.

ඔබ දෙදෙනා එක්ව දේවල් කරනවා මෙන්ම තනි තනියම දේවල් සොයා යාම ඔබේ යුග දිවියේ ප්‍රශ්නයක් නොවේද?

ඔහු යහළුවන් සමග විනෝද යන විට , ඇය තම මිතුරිය හා සාප්පු සවාරියක් යන විට සහකරු ගැටලුවක් කර නොගන්නේ නම් ඔහු හෝ ඇය සුදුසුම සහකරුවෙකි.

හොද  සම්බන්ධතාවයකදී, ඔබ දෙදෙනාම තේරුම් ගැනීමට හා ගරු කිරීමට, ඔබට කිරීමට අවශ්‍ය කිරීමට කාලය ලැබීම කල යුතු වෙනවා.

3.ඔවුන් අවධානයෙන් සිටිනවා

ඔබට අවශ්‍ය හෝ දැනෙන දේ තේරූම් ගෙන ඒ අනුව කටයුතු කරන සහකරුවෙක් ඔබටත් සිටිනවාද?

උදාහරණයක් විදියට ඔබට වෙහෙසබර දවසක් අවසානයේදි සාප්පු සවාරි යන්න කරදර කරන අයෙක් වෙනුවට උණු තේ කෝප්පයක් පිළිගන්වන සහකාරියක් සිටිනවා නම් ඔබටත් ඔබව අවබෝධ කරගත් නියම කෙනා ලැබිලා තියෙනවා.

4.දුක පළමුවෙන් ඔබට කියනවා

ඔබේ සතුට ඔබ සෑම විටම ඔබේ සහකරු හෝ සහකාරිය සමග බෙදාගන්න කැමති වුනත් ඔබේ දුක ඔවුන් හා කියන්න ඔබ කැමති නැහැ නේද?

එහෙත් එහෙම කරන්න එපා ඔබට හොද සහකරුවෙක් හෝ සහකාරියක් සිටියි නම් ඔහු හෝ ඇය දුක සැප දෙකෙහිදීම ඔබව අත් හරින්නේ නැහැ.

ඒ නිසා ඔබට නියම සහකරුවෙක් සිටියි නම් ඔබේ සෑම හැගීමක්ම ඔහු හෝ ඇය සමග බෙදාගන්න පුළුවන්.

5.ඔබට ලොකු විශ්වාසයක් තියෙනවා

ඕනෑම නිරෝගී  සම්බන්ධතාවයක් ගොඩ නැගෙන්නේ විහ්වාසය කියන පදනම මතයි.

යම් හෙයකින් එය බිද වැටුනහොත් ඒ මත ගොඩනගා ඇති ඔබේ සම්බන්ධතාවයද කඩා වැටෙන බව අමතක නොකරන්න.

ඔහු හෝ ඇය කුමක් කලත් කා සමග හිටියත් ඔබට  විශ්වාස කරන්න පුළුවන් නම් ඔබට හරිම කෙනා ලැබිලා තියෙනවා.

6.කසාද බැඳීම සර්ථක නම් ඔවුන් ආදරය ස්පර්ශයෙන් පෙන්වනවා

ඔබ විවාහ වුයේ හරිම කෙනා සමගද කියා පෙන්වන සලකුණු 16 ක්

ආදරය ස්පර්ශ මගින් පෙන්වනවා නම් ඒ කියන්නේ සිප ගැනීම්, වැළද ගැනීම් නිතර සිදුවෙනවා නම් ඒ සම්බන්ධය බොහෝ ස්ථාවර වෙනවා.

ස්පර්ශික ආදරය එකිනෙකාගේ මනසේ ස්වරූපය ප්‍රේමණිය කරන්න හේතු වෙනවා.

ඔබේ සහකරු හෝ සහකාරිය මෙලෙස ඔබටත් ආදරය පෙන්වනවා නම් ඒ කියන්නේ ඔබට හමුවෙලා තියෙන්නේ හරිම කෙනා කියලායි.

7.ඔබේ වෙනස්වීම එකවර බලාපොරොත්තු වෙන්නේ නැහැ.

කිසිවෙකු සර්වසම්පුර්ණ නැහැ. අපි කාගෙත් වැරදි හෝ අඩුපාඩු තියෙනවා.

ඒවා හදාගෙන වෙනස් වෙන්න කාලය දෙන්න අවශ්‍ය වෙනවා.

ඒ වගේම ඒ වැරදි ඔබේ සහකරු තේරූම් ගෙන නැතිනම් ඒ වෙනස්වීම් සදහා ඔබට හොද කාලයක් දෙන්න සුදානම් නම් හා ඒ සදහා ඔබට මග පෙන්වනවා නම් ඔබේ බඹා කෙටු එක්කෙනා එයා තමයි.

8.සිය  සහකරුට හෝ සහකාරියට මුල් තැන දෙනවා

ජිවිතය සංකීරණ වෙද්දි දරුවන් , රැකියාව පෙරට විත් ඔබේ සහකරු හෝ සහකාරිය මග හැරී යනවාද?

ඇත්තටම නියම සහකරුවෙකු ඔබට ලැබී ඇත්නම් එය එසේ නොවේ.

ජිවිතයේ මොන ප්‍රශ්න ආවත් ඔහුගේ හෝ ඇයගේ ජිවිතයේ අංක 1 ඔබ වෙනවා.

ඔබට නිතර ආදරය ප්‍රකාශ කරමින් ඔබ හා තනිව ප්‍රේමණිය වේලාවන් ගත කිරීමට ඔහු හෝ ඇය උනන්දු වෙනවා.

9.පුංචි පුංචි ගැටුම්  රණ්ඩු නොකර විසද ගන්නවා

මේ ලෝකයේ සිටින සෑම යුවලක්ම ගැටුම් ඇති කරගෙන නැහැ කියන්න බැහැ.

අඩුම තරමින් වචනයෙන් හෝ නොහද නෝක්කඩු වෙනවා.

මෙවන් ගැටුම් මහා රණ්ඩු කර නොගෙන සාකච්ඡා කර විසදගන්න හොද සහකරුවෙකුට පුළුවන්. 

එකිනෙකාට ඇහුම්කන් දීම, එකිනෙකාගේ අදහස් තේරුම් ගැනීම සහ ගරු කිරීම සහ ඔබේ විවාහය ශක්තිමත් කර ගැනීමට හේතු වෙනවා.

10.ඔබේ වටිනාකම් හා අරමුණු වලට සහය දෙනවා

යුවලක් එකිනෙකා අවබෝධයෙන් ජිවත් විය යුතුය. එක් අයෙකුගේ දුර්වලකම් හා ශක්තින් ඉදිරියේ අනෙක් කෙනා සමබර විය යුතුයි.

ඔබ පහසුවෙන් ඉදිරියට නොයන්නෙක් නම් ඔබට ලැබුන හොදම  සහකරු හෝ සහකාරිය ඔබව ඉදිරියට තල්ලු කරනවා.

11.ඔබ එකිනෙකාට වඩාත් සාර්ථක වීමට උදව් කරනවා

කෙනෙකු ජිවිතය තුල සෑම අතින්ම සාර්ථක වෙන්න නම් සහකරුගේ සහයෝගය අවශ්‍ය වෙනවා.

එහිදි දෙදෙනා කඩිසරකම සහ විශ්වසනීයත්වය වැනි හොඳ පුරුදු සමග ජිවිතය ඵලදායිව හා සමතුලිතව පවත්වා ගැනීමට එකිනෙකාට උදව් කරගන්නවා.

ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට උදව් කරන ලොකුම උපදේශකයා ‌වෙනවා.

ඒ වගේම රැකියාවෙහි සහ ජීවිතයේ සාර්ථකත්වයට ඔබේ මාවත අවහිර කරන බාධක ජය ගැනීමට ඔබට හැකි සෑම දෙයක්ම කරනවා.

12.ඔබ දෙදෙනාට එකිනෙකා සිනහා ගන්වන්න පුළුවන්

ඔබ විවාහ වුයේ හරිම කෙනා සමගද කියා පෙන්වන සලකුණු 16 ක්

සිනහාව ඔබේ පවුල තුල මහත් සේවයක් කරනවා. එය ඔබ දෙපලගේ ආතතිය දුරු කර ඔබව සැහැල්ලු කරනවා. 

ඒ වගේම නිර්මාණශීලිත්වය ඉහළ නංවනවා. මිනිසුන් එකට එකතු කර ජීවිතය වඩා හොඳින් කළමනාකරණය කිරීමට සිනාහවකට පුළුවන්.

ඔබට ගැලපෙන සහකරුවෙකු ඔබට ලැබී ඇත්නම් දෙදෙනාට සිනාහව එක්ක සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්.

13.කසාද බැඳීම සර්ථක නම් කතා කරනවාට වඩා සවන් දෙනවා

නිවැරදි විවාහයක් තුල නිවැරදි ප්‍රශ්න ඇසීමත් බාධා කිරිමකින් හෝ තීන්දුවකින් තොරව පිළිතුරු වලට සමීපව සවන් දීම වැදගත් වෙනවා.

සාකච්ඡාවට නිතර අවකාශ ඇති අතර  එකිනෙකාගේ මතයට සංවේදී වීමට ඉඩක් තියෙනවා.

එනම් ඔබ එකිනෙකා පවසන දේට ඔබ දෙපලම ගරු කරන අතර ඒවා තේරූම් යුතුයි.

ඔබට එවන් සහකරුවෙකු ලැබී ඇත්නම් ඔබ නිවැරදි සහකරු ලැබීමට තරම් වාසනාවන්තයි.

14.ඔවුන් දැනුම සොයනවා

ඔබේ සහකරු මහා බුද්ධිමතෙක් වීම අවශ්‍ය නෑහැ.

නමුත් එකිනෙකාට ගරු කිරීමට හා අගය කිරීමට අවශ්‍ය තරම් බුද්ධියක් තිබිය යුතුයි.

ඒ නිසා ඔබට ගැලපෙන නිවැරදි පුද්ගලයා නිරන්තරයෙන් දැනුම ලබා ගැනීමෙන් ඉගෙනීමට හා බුද්ධිමය වශයෙන් වර්ධනය වීමට උනන්දුවක් දක්වන අයෙක් විය යුතුයි.

15.ඔබ උදව් ඉල්ලීමට කිසි විටෙකත් පසුබට වෙන්නේ නැහැ

උදව් ඉල්ලීම කිසිසේත් දුර්වලකමේ ලකුණක් නම් නොවේ.

කෙනෙකු තම  සහකරු හෝ සහකාරියගෙන් උපදෙස් හෝ උපකාර ඉල්ලා සිටිනවා යනු තමන්  නොදන්නා යම් දෙයක් පිළිබද දැනුම හෝ අත්දැකීම් ඒ පුද්ගලයා සතු නිසා ගරු කරන අතර එය පිළිගන්නවා.

ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය ගෙන් උදව් ඉල්ලනවා නම් ඔබට හරි යනම කෙනා ලැබිලා තියෙනවා.

16.ඔබ එකම මූල්‍ය අරමුණු බෙදා ගන්නවා

කොච්චර ශක්තිමත් සම්බන්ධයක් වුනත් මුල්‍ය ගැටළු ඉස්සරහා බිද වැටෙන්න පුළුවන්.

කාථාවටත් කියන්නේ දුප්පත් කම ඉස්සරහා දොරෙන් එබිකම් කරද්දි ආදරය පස්ස දොරෙන් පැනලා යනවා කියලා නේද?

ප්‍රීතිමත් හා ආතතියෙන් තොර ජීවිතයක් ගත කිරීම සඳහා ඔබට කොපමණ මුදල් ප්‍රමාණයක් අවශ්‍යද සහ විශ්‍රාම දිවිය සඳහා ඔබ ඉතිරි කරන්නේ කෙසේද යන්න වැනි ඔබේ මූල්‍ය අරමුණු කරා ළඟා වන විට ඔබ දෙදෙනාම එකම අදහසක සිටිය යුතුයි.

ඔබ විවාහ කර ගත්තේ නිවැරදිම පුද්ගලයා ද? ඔබේ අදහස් අපිට කියන්න.

මුලාශ්‍ර - www.inc.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි