theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කිරිකැටියාගේ ගුඩුස් යවන්නේ කොහොමද?

3 අවම කියවීම
කිරිකැටියාගේ ගුඩුස් යවන්නේ කොහොමද?කිරිකැටියාගේ ගුඩුස් යවන්නේ කොහොමද?

මේ වෙනුවෙන් අලුත් අම්මා කෙනෙකුට ක්‍රම කිහිපයක් අත්හදා බලන්න පුළුවන්.

අලුත් අම්මට අලුත් පැටියට කිරි පොවන එක වගේම කුසේ පිරුණු වාතය එළියට යන්නේ නැත්නම් ගුඩුස් යැවීම හුඟක්ම බැරෑරුම් දෙයක් බවට පත්වෙනවා.

මේ වෙනුවෙන් අලුත් අම්මා කෙනෙකුට ක්‍රම කිහිපයක් අත්හදා බලන්න පුළුවන්. මුලින් එය ඉතා අමාරු දෙයක් ලෙස සිතුනත් ක්‍රමයෙන් ඇයව ඊට හුරු කරන්න හැකි ක්‍රම කිහිපයක් අත්හදා බලන්න පුළුවන්. එය විටින් විට කිරීම මගින් ඊට හුරුවීම පහසු වෙනවා.

බබාගේ ගුඩුස් යැවීම ගැන දැනගැනීම වැදගත් ඇයි?

බබාගේ ගුඩුස් යැවීම ආහාර දිරවීම පහසු කරවනවා. කිරි බොන බබාට බඩට හුළං පිරීම නිසා පැටියාට අපහසුවක් දැනෙනවා. ගුඩුස් යැවීම නිසා බඩේ පිරුණු අවකාශයේ හුළං ඉවත්වීම මගින් කිරි වලට ඉඩ ලැබෙනවා වගේම බබාට සැහැල්ලුවක් ලැබෙනවා.

බඩේ ගෑස් පිරීම ඉතා වේදනාකාරී වන්නට පුළුවන්. ඒ නිසා ගුඩුස් යවන එක ඉතාම අත්‍යවශ්‍ය වගේම ඒ ගැන දැනුවත් වීමත් ඔබේ ළමා වෛද්‍යවරයාගෙන් ඒ ගැන අසා දැන ගැනීමත් ඉතා වැදගත්.

බබාගේ ගුඩුස් යවන්නේ කොහොමද? එය කළයුත්තේ කොයි වෙලාවටද?

ඔබ පැටියාට මව්කිරි දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් බෝතලයෙන් කිරි දෙන අවස්ථාවන් වල තරම් ගුඩුස් යැවීම කළයුතු නැහැ. මොකද දරුවා ස්වාභාවිකවම තමන්ට ලැබෙන කිරි පාලනය කරගන්නා අතර එක් තනපුඩුවකින්  අනෙක් තනපුඩුවට මාරු වීමේදී පමණක් හුළං පිරීමක් වෙනවා.

අනෙක් අතට බබාගේ මුව හරි ආකාරයට තනපුඩුව හා බැඳී කිරි උරා බොන විට හුළං යාම සිදුවන්නේ නැහැ.

බබාට කිරි බෝතලයෙන් ලබාදෙන විට දෙතුන් විටක් ගුඩුස් යැවීම කිරීම සුදුසුයි. අනෙක් අතට දරුවාට ගෑස් ගතියක් ඇති විටකත් නිතර අඬනවා නම් ගුඩුස් යැවීම ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. බෝතලෙන් කිරි බොන දරුවන්ට මෙන් නොව මව් කිරි බොන බබාලාට කිරි ලැබීම එකම ආකාරයෙන් නොවන නිසා එය එතරම් අපහසුවක් නැහැ. අනෙක් අතට හැම කිරි වාරයකට පසුවම දරුවාව ඉහළට ඔසවා ගැනීම වැදගත්.

බබාගේ ගුඩුස්

පහසුවෙන්ම බබාගේ ගුඩුස් හරින ක්‍රම 4ක්

ගුඩුස් යැවීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා. පළමුව දරුවා කිරි වමනය කළහැකි බැවින් කුඩා ලේන්සුවක් ළඟ තබා ගැනීම වැදගත්.

  1. දරුවා උඩු අතට පපුවට තද කරගන්න. ඔබේ උරහිසින් නිකට තබා ඔහුට ආධාරකයක් ලබා දෙන්න. හිසට ආධාරකයක් ලබාදෙමින් පිටට සෙමින් තට්ටු කරන්න.
  2. දරුවාගේ පිටට ආධාරයක් දෙමින් දරුවා උකුල උඩ හිඳවා තබා පිට මෘදුව පිරිමදින්න.
  3. ඒ වගේම බබාව උකුල මත බඩ තදවෙන සේ දිගා කරවා තබා ගන්නත් පුළුවන්.
  4. ඒවායෙන් සාර්ථක වන්නේ නැතිනම් ඔහුගේ පාද බඩ දෙසට බයිසිකලයක් මෙන් නවන්න පුළුවන්.

හුඟක් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න නම් කිරි දීම අතරතුර වගේම අවසානයේත් ගුඩුස් යැවීම කළයුතු වෙනවා. දරුවා අඬනවා නම් කිරි දීමට පෙර ගුඩුස් යවා බලන්න.

දරුවාගේ පිටට මෘදු ලෙස තට්ටු කිරීම වැදගත්.

ගුඩුස් යවන අතරතුර දරුවාගේ පිටට ඉතා මෘදු ලෙස තට්ටු කිරීම හානි දායක වන්නේ නැහැ. මුලින් රවුමට පිට පිරිමදිමින් තට්ටු කිරීම අරඹන්න. ගුඩුස් යවන විට කිරි පොඩ්ඩක් වමනය කිරීම ගැන කලබල විය යුතු නැති වුනත් දරුවාගේ නිකටට යටින් කුඩා රෙදි කැබැල්ලක් තැබීමෙන් එය පහසු කරගන්න පුළුවන්.

අමතර උපදෙස්

  1. මේ උපදෙස් වලිනුත් ප්‍රතිඵලයක් නැතිනම් මිනිත්තු කිහිපයකින් නැවත උත්සාහ කර බලන්න. මන්ද ඔහු තවම ඊට සුදානම් නොවෙන්න පුළුවන්.
  2. අනෙක් අතට කිරි වාරයට පෙර දරුවාට හුඟක් අඬන්නට ඉඩ හැරීමෙන් කුස තුළ වාතය පිරෙන අතර කිරි වාරය අතර තුරත් කුඩා විවේකයක් ගැනීමෙන් කිරි ජීරණය වීමක්ද වෙනවා. ඉන් ඇතිවෙන අපහසුතා මගහැරෙනවා.
  3. දරුවා වැඩෙත්ම ගුඩුස් යැවීම නිතර කළයුතු වන්නේ නැහැ. එය වැඩෙත්ම ඉබේම සිදුවෙනවා.

අම්මලා අපහසුවටත් කනස්සල්ලටත් පත් කරන ගුඩුස් යැවීම හුඟක් අම්මලාට ආරම්භයේ ඉතා නරක අත්දැකීමක් නිසා theAsianparent Sri Lanka  මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • කිරිකැටියාගේ ගුඩුස් යවන්නේ කොහොමද?
බෙදාගන්න :
  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it