theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පැටියටයි අම්මටයි පොල් තෙල් වලින් අදහාගත නොහැකි තරම් ප්‍රයෝජන 17 ක්

4 අවම කියවීම
පැටියටයි අම්මටයි පොල් තෙල් වලින් අදහාගත නොහැකි තරම් ප්‍රයෝජන 17 ක්පැටියටයි අම්මටයි පොල් තෙල් වලින් අදහාගත නොහැකි තරම් ප්‍රයෝජන 17 ක්

පොල්තෙල් ශරීරයේ සුවයට දෙන උදවු අපමණයි. ගර්භණි සමය තුළ පුංචි පැටියාටත් ලබාදෙන ප්‍රයෝජන මොනවද කියලා බලමු.

පොල් තෙල් හිසකෙස් වලට ගානවා, පිසීමේදී හොඳ රසයක් සුවඳක් එක් කරනවා. නමුත් මේ කල්ප රුක්ෂයෙන් ලැබෙන අනෙකුත් ප්‍රයෝජන ගර්භණි සමයේදී විශේෂයෙන් කැපී පෙනෙනවා.

පුරාතනයේ ඉඳන් අපේ ජන සමාජය තුළ පොල් තෙල් වලට ප්‍රධාන තැනක් හිමිවුණා. ඖෂධීය තෙල් සාදාගැනීමේ පදනම ලෙස භාවිතා කළේ පොල්තෙල්. එය ඉන්දියානු ජන සමාජය තුළත් එලෙසම සිදුවුනා. නව දිල්ලියේ වෛද්‍ය ජීල් භාතියා (Kairali Ayurvedic Group, Delhi) පවසන ආකාරයට පොල්තෙල් වල ප්‍රයෝජන ගොඩයි. 

ප්‍රතිශක්තිය ඉහළ දැමීමට

ගර්භණි මවකට රෝග සමග ගමන් කිරීමට ඇති ශක්තිය අඩුයි. පොල් තෙල් වල ඇති ලොරික් ඇසිඩ්, ෆැටි ඇසිඩ් බැක්ටීරියා සමග සටන් කිරීමේ ශක්තියෙන් යුක්තයි. මෙය ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ දැමීමට උදවු වෙනවා. ශරීරයේ දුර්වල පටක ශක්තිමත් කර පෝෂණය කරවන්න පොල් තෙල් උදවු වෙනවා. වෛද්‍ය බාතියා පවසනවා.

ඒ වගේම ලෝරික් අස්ථි, කළලය මෙන්ම නව බිළිඳාගේත් ප්‍රතිශක්තිය ශක්තිමත් කරනවා. දිනකට පොල් තෙල් තේ හැඳි 2 ක් පානයෙන් අම්මාටත් කළලයටත් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න උදවු කර ගන්න පුළුවන්.

ස්ට්‍රෙච් මාර්ක් වලට

පොල්තෙල් ස්වල්පයක් නිතර ඔබේ කුස තුළ පිරිමැදීම හා දරු උපතෙන් පසුවත් කිරීමෙන් ඔබේ කුසමත ඇති රැළි සහිත ස්වභාවය නැත්තටම නැති කරගන්න පුළුවන්.

පපුවේ දැවිල්ලට

ගර්භණි සමයේ ඇතිවන පපුවේ දැවිල්ල සුලබ තත්වයක්. ඉන් මිදීමට පොල්තෙල් මේස හැඳි දෙකක් පානය කිරීමෙන් සහනයක් ලබාගන්න පුළුවන්.

ප්‍රසූතියට උදවු වෙනවා

ප්‍රසූති මාර්ගය ආශ්‍රිතව පොල් තෙල් ගැල්වීම මගින් අවට ප්‍රදේශය ප්‍රසුතියේදී ඇතිවන පීඩනයෙන් ඉරීමට ලක්වීම පාලනය වෙනවා.

මළබද්ධය වළකයි

ගර්භණි සමයේ ඇතිවන ප්‍රජස්ට්‍රරෝන් හොර්මොනයේ ක්‍රියාකාරිත්වය මත මළබද්ධය ඇති කරනවා. පොල් තෙල් ඊට හොඳ සහනයක් ලබාදෙනවා.

උදෑසන වන අපහසුතා මගහරවයි

රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ගුණයන් අලුත් පිරිසිදු පොල්තෙල් වල අඩංගු වන නිසා ආහාරයට පිරිසිදු පොල්තෙල් ටිකක් එක් කරගැනීමෙන් ගර්භණි සමය තුළ උදෑසනට මුහුණ දීමට සිදුවන අපහසුතා වළකා ගන්න පුළුවන්.

දියවැඩිය තත්වයට

පොල්තෙල් දියවැඩිය තත්වයට හොඳ ඖෂධයකි. වෛද්‍ය බාතියා පවසනවා. මේ මගින් ඇතිවන රුධිරයේ අමතර සීනි පාලනය කරනවා වගේම ගර්භණි සමයේ පැණි රස කෑමට ඇතිවන රුචිය අවම කරනවා. මේ නිසා ශරීරයට අනවශ්‍ය කැලරි ලැබෙන්නේ නැහැ. 

මව් කිරි වැඩිවෙනවා

ඔබ ඔබේ මව් කිරි වැඩි කරන්න උත්සාහ කරනවා නම් එය හොඳ විසඳුමක්. මව් කිරි වල ස්වාභාවිකවම ඇති සමහර ෆැටි ඇසිඩ් වර්ධනයට උත්තේජනයක් ඉන් ලැබෙනවා. ඒ වගේම මව් කිරි නිෂ්පාදනය වැඩි වෙනවා.

තනපුඩු තුවාල වීම ඉරි තැලීම සුව කරනවා

මව් කිරි දීමේදී තනපුඩු වල ඇතිවන වේදනාවන් හා ඉරි තැලීම් ඉක්මනින් සුවකරන්න පොල්තෙල් උදවු වෙනවා. තනපුඩු මත ක්‍රීම් එකක් ආලේප කරන ආකාරයට ආලේපයෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

ප්‍රසූතියෙන් පසු හිස කෙස් පෝෂණය කරයි

පොල්තෙල් හිස කෙස් වල හැම ගැටළුවකටම ප්‍රතිකාර කරනවා. ප්‍රසූතියෙන් පසු ඔබේ හිසකෙස් ගැලවී යනවා නම් පොල් තෙල් ඊට හොඳ විසඳුමක්. වෛද්‍යවරිය පවසනවා.

බිළිඳු සම සම්බාහනයට

පොල්තෙල් වල ඇති තෙතමනය රඳවන ගුණය නිසා බිළිඳුන්ගේ සම සම්බාහනයට හරිම හොඳයි. නැවීමට පෙර පැටියාගේ සමේ පොල්තෙල් ගල්වා සම්බාහනය කිරීමෙන් සම නිරෝගී වෙනවා.

Eczema රෑෂ්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

බිලිඳු සමේ ඇතිවන තුවාල තත්වය සුව කරන්නත් පොල්තෙල් හුඟක් හොඳයි. එහි ඇති ස්වභාවික ශිත ගුණයෙන් තුවාල සනීප කරනවා.

හිස් කබලේ ඇලී ඇති කබල ඉවත් කරන්න

බිලිඳු හිසේ තවමත් ඇති කබල ඉවත් කරන්නත් ඉතාම මෘදු ලෙස පොල්තෙල් ගල්වා පිරිමැදීමෙන් පුළුවන්.  

දත් එන කාලයේ වේදනාවට

දත් එන කාලයට පැටියාගේ විදුරුමස් වල වේදනාවට පොල් තෙල් හොඳ විසඳුමක්. කරදමුංගු කැබැල්ලක් රත්කර කුරුඳු හා වර්ජින් පොල් තෙල් සමග මුසු කර නිවුණු පසුව දත් මෝදු වන තැන්වල ආලේප කරන්න.

පළමුවෙන් ඉවත්වන තද මළපහ පැල්ලම ඉවත් කිරීමට

පුංචි පැටියා පළමු දින කිහිපයේ පිටකරන මළපහ වල පැල්ලම් ඉවත් කිරීම හරිම අපහසුයි. නමුත් පොල්තෙල් ස්වල්පයක් එම පැල්ලම මත ගැල්වීමෙන් ඔබට පිරිසිදු කිරීම හුඟක් පහසු වේවි.

නැපි රෑෂ්

නැපි රෑෂ් ඇතිවන ප්‍රදේශවලත් පිරිසිදු පොල්තෙල් ආලේපයෙන් පැටියාට සුවයක් ලබාගන්න පුළුවන්.

වේදනා සමනයට හා සුවයට

තද හෙම්බිරිස්සාව හා කැස්ස පුංචි පැටියාට තියෙන වෙලාවට යූකැලිප්ටස් තෙල් බිඳිති 8-10 ක් පිරිසිදු පොල් තෙල් මේස හැඳි 3 කට මුසු කර පැටියාගේ පපුවේ සියුම්ව ගලවන්න.

මේ හැම සත්කාරයකදිම ඉතා පිරිසිදු පොල්තෙල් භාවිත කරගැනීම වැදගත් බව දෙමාපියන් මතකයේ තබාගත යුතුයි.

ස්වභාවික සත්කාරයන් තරම් දෙයක් දරුවෙකුටත් අම්මාටත් තියෙනවද? ඉතින් මේ සත්කාරය දිව ඔසුවක් සේ ඔබට සුව ගෙන දෙයි. theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ප්‍රාර්ථනා කරනවා.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • පැටියටයි අම්මටයි පොල් තෙල් වලින් අදහාගත නොහැකි තරම් ප්‍රයෝජන 17 ක්
බෙදාගන්න :
  • පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

    පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

  • Is cooking with coconut oil healthy or unhealthy?

    Is cooking with coconut oil healthy or unhealthy?

  • පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

    පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

  • Is cooking with coconut oil healthy or unhealthy?

    Is cooking with coconut oil healthy or unhealthy?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it