theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වස විස නැති ස්වභාවික රසකාරක 17ක්

3 අවම කියවීම
වස විස නැති ස්වභාවික රසකාරක 17ක්වස විස නැති ස්වභාවික රසකාරක 17ක්

ස්වාභාවික රසයන් තෝරා ගනිමුද?

දැන් අපිට කන්න වෙලා තියෙන්නේම වස විෂ දැමු එළවළු, පළතුරු. ඒවටත් තව රසකාරක, සෝස් වර්ග, සුප් කැට දාලා ගත්තාහම ඇගට යන විෂ ප්‍රමාණය කොහොමද? ඉතින් එක එක ලෙඩ නොහැදී තියේවිද? ඒත් ඉතින් බබාලයි, බබාලාගේ තාත්තායි කටට රහට කන්න කැමතියි . ඉතින් මොකද කරන්නේ කියලා මං කල්පනා කලා. එතකොට මෙන්න මේ අපූරු යාළුවෝ ටික ලං කරගන්න මං හිතුවා. කවුද මේ යාළුවෝ ? ස්වාභාවික රසකාරක!

හැමදාම දාන තුනපහ, මිරිස්, කහ තුනට අමතරව මෙන්න මේ දේවල් වලට අපේ කෑම වල රසය, සුවද වගේම ගුණයත් ඉහල නං වන්න පුළුවන්.

කිරි මාළු

ස්වභාවික රසකාරක පමණක් දා මෙවැනි රස කිරි මාළු ව්‍යංජනයක් හදමුද?

ස්වාභාවික රසකාරක 14ක්

1.කරපිංචා

මේ නම් අපි නිතර පාවිච්චි කරන දෙයක් , කරපිංචා රස,සුවද එකතු කරනවා වගේම විෂ නසන ගුණයක්ද සහිතයි.

තෙම්පරාදුවකට කරපිංචා එකතු කලහම පුදුම රසයක් ලැබෙනවා.

2. රම්පේ

මේත් අපි නිතර භාවිතා කරන ආහාරයට සුවද එකතු කරන දෙයක්, සම්බා හාල් උයද්දී බත් මුට්ටියට කොලයක් දැම්මොත් බතට අපූරු සුවදක් ලැබෙනවා.

3. සුදුළූණු

පරිප්පු ,පතෝල, වැටකොලු උයද්දී හොද්දට එකතුකරන්නත් මස්, මාළු,තෙම්පරාදු වලට එකතු කරන්නත් පුළුවන්.

ආහාරයට සුවදක් එකතු කරනවා වගේම සුදුළූණු ඇගේ වාතේ පුලුස්සනවා කියලා කථාවක් තියෙනවා.

4. රතු ළුණූ

ඕනෑම සම්බෝලේකට ගන්න පුළුවන් රස පිරුණු දෙයක් , විස නසන ගුණයකුත් තියෙනවා .

5. ඉගුරු

ඉගුරු තෙම්පරාදු වලදී අපූරු රසයකුත් සුවදකුත් එකතු කරනවා.

ඉගුරු වල බඩට සුව ගෙනදෙන ගුණ ගොඩාක් තියෙනවා.

6.ගම්මිරිස්

ගම්මිරිස් සැර වුනාට කටට  සැරට කන්න

ආස අයට රස රහසක් මේ, කිසිම වස විසක් නැති රස ආකාරයක්,

සම්බෝල , මස් , මාළු වලට පංකාදුයි.

7.උම්බලකඩ

මස් මාළු කන ඇත්තන්ට කෑමට පොඩි පුලුටු රහක් ගන්න පුලුවන් දෙයක් ,

පතෝල,මාළුමිරිස් සහ සම්බෝල වලට එකතු කරන්න කදිමයි.

8.උලුහාල්

කිරි හොද්දට යස අපූරු සුවදක් එකතු කරන  උලුහාල් අමතක කරන්න බැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

9.කරදමුංගු

මස් , මාළු , එළවළු බත් වැනි ඕනෑම ආහාරයක රසය සුවද එකතු කරනවා.

10.කරාබු නැටි

කරාබු නැටිත් ආහාර වලට හොද සුවදක් එකතු කරනවා.

11.කුරුදු

කුරුදු ටිකක් දැම්මාහම හැමදාම හදන පරිප්පු වුනත් අමුතුම රසයක් වෙනවා.

12.අබ

තෙම්පරාදුව රසවත් කරන අබ එයට රසය විතරක් නොවේ අමුතුම සුවදකුත් එකතු කරනවා .

ඒ වගේම වට්ටක්කා වගේ හොද්දකට අබ පේස්ට් එක ටිකක් එකතු වුනාහම රසය වැඩි වෙනවා.

13.සේර

මේ නම් එච්චර හුරුපුරුදු දෙයක් නොවෙන්න පුලුවන් , ඒත් පුංචි කෑල්ලක් එකතු කරගැනීමෙන් මස් , මාළු රස කරගන්න පුළුවන්.

14.අමුමිරිස්

මේවානම් චුට්ටක් සැරයි. ඒත් සම්බෝල, තෙම්පරාදු වලට අපූරු රස යාළුවෙක්,

15. දෙහි

දෙහි ඇඹුල කිව්වාහම මතක් වෙන්නේ සම්බෝල වර්ග වුනත් , කිරි හොද්දට වුනත් පැගිරි යුෂ ටිකක් එකතු වුනහාම හරිම රසයි.

16. ගොරකා

ගොරකා දාන්නේ මස් මාළු රස වෙන්න. මස් මාළු වලට අපූරු රසයකුත් මේ මගින් එකතු වෙනවා.

17. සියඹලා

ඇඹුල රසය එකතු කරන්න සෝස් වෙනුවට සියඹලා යුෂ ටිකක් එකතු කරන්න .

මුළුතැන්ගෙය පුරා මෙච්චර රස යාළුවෝ ඉද්දී අපි මොකටද කෘතිම රසකාරක ලං කරගන්නේ , දරුවන්ට හැකි තරම් ස්වාභාවික ආහාර දෙන්න. දැන් කොහොමත් එළවළු පළතුරු වසවිෂ පිරිලා. ඒකට අපි කෘතිම රසකාරක දාලා තවත් විෂ වැඩිකර ගන්න ඕනිද?

මෙන්න අපෙන් මග පෙන්වීමක්, තීරණය ඔබ සතුයි අම්මා.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • වස විස නැති ස්වභාවික රසකාරක 17ක්
බෙදාගන්න :
  • ස්වාභාවිකව ඔබේ හිස කෙස් වර්ණ ගන්වන්න ක්‍රම 7 ක්

    ස්වාභාවිකව ඔබේ හිස කෙස් වර්ණ ගන්වන්න ක්‍රම 7 ක්

  • කාන්තාවගේ සශ්‍රීකත්වය පිළිබඳ දැනුවත්භාවය සහ සාර්ථක ස්වාභාවික පවුල් සැලසුම් ක්‍රම 4ක්

    කාන්තාවගේ සශ්‍රීකත්වය පිළිබඳ දැනුවත්භාවය සහ සාර්ථක ස්වාභාවික පවුල් සැලසුම් ක්‍රම 4ක්

  • ස්වාභාවිකව ඔබේ හිස කෙස් වර්ණ ගන්වන්න ක්‍රම 7 ක්

    ස්වාභාවිකව ඔබේ හිස කෙස් වර්ණ ගන්වන්න ක්‍රම 7 ක්

  • කාන්තාවගේ සශ්‍රීකත්වය පිළිබඳ දැනුවත්භාවය සහ සාර්ථක ස්වාභාවික පවුල් සැලසුම් ක්‍රම 4ක්

    කාන්තාවගේ සශ්‍රීකත්වය පිළිබඳ දැනුවත්භාවය සහ සාර්ථක ස්වාභාවික පවුල් සැලසුම් ක්‍රම 4ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it