ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

ඔයාගේ සුදු ‌නෝනා සතුටින් ඉන්නවාට කැමතියි ‌නේද? මේ පුංචි ‌දේවල් 17 කරලා බලන්න.

බිරිදට ආදරය කරන ක්‍රම අමුතුවෙන් කියා ‌දෙන්න අවශ්‍යද කියලා ඔබ හිතන්න පුළුවන්. ඒත්  දරුවන් ලැබුන පසු විවාහය තුල ප්‍රේමයට තිබුන දැඩි කැමැත්ත මදක් පසු බසින්න පුළුවන්‌ නේද? එතකොට ආදරයට නිදහසේ ගලා යන්න ‌වේලාවක් නැති ‌වෙන්න පුළුවන්.

මෙය සම්බන්ධතාවයක ස්වභාවය කියලා අපි හිතනවා. දරුවන් ලැබීමෙන් පසු සියලුම අවධානය දරුවන් වෙත යොමුවෙනවා. මව්වරුන්ට මහන්සියක් වගේම  කාලයත් එක්ක ආදරය අඩුවෙලා කියලා දැනෙන්න පුළුවන්.ආදරණිය ස්වාමිපුරුෂයින් ඔබේ බිරිදට මේ වගේ හැඟීමක් ඇති වීමට ඉඩ දෙන්න එපා. ඔබේ දරුවාගේ අම්මා විදියට ඇය ගොඩාක් ආදරය ලබා දෙනවා නේද? එහෙනම් ඇයටද ආදරය ගොඩක් ලබා දෙන්න අවශ්‍යයි නේද?

ඔබේ බිරිඳට මේ ක්‍රම 17 භාවිතා කර දෙවගනක් ලෙස සලකන්න. නිසැකවම ඇය ඔබට ඇයගේ ආදරය සුවිශේෂි විදියට පිරිනමාවි.

  1. බිරිදට ආදරය කරන ක්‍රම: බලාපොරොත්තු නොවු හාදු දෙන්න

ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

” මං ආදරෙයි සුදු ‌නෝනා”

ආදරය යනු ලිංගිකත්වයම නොවේ. ඒ නිසා ගමනක් වන විට නිවසේ වැඩක් කරන විට අනපේක්ෂිත නැතිනම් පුදුම කරන හාදු ඇයට ලබා දෙන්න. අනිවාර්යයෙන්ම ඇයට සතුටක් හා ආදරණිය බවක් දැනේවි.

  1. ඇය පැරණි කියු දේවල් මතක් කරන්න

ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

” ඔයා එදාත් ඔහොම කිව්වා සුදු ‌නෝනා”

ඇය හා කතා කරන විට පෙර සංවාද වලදී ඇය කියු දේවල් මතක් කරන්න. ඔබ ඇයට සැලකිල්ලෙන් සවන් දෙන බවත් ඇය කියන දේවල් ආදරයෙන් මතක තබා ගන්නා බවත් එවිට ඇය දැනගන්නවා. 

  1. බිරිදට ආදරය කරන ක්‍රම:  උදව් කරන්න උදව් ඉල්ලනකම් ඉන්න එපා

 

බිරිදට ආදරය කරන ක්‍රම

” සීතලයිද සුදු ‌නෝනා? ඉන්න මම ඔයාට උදව් කරන්නම්”

නිවසේ වැඩ දරුවන්ගේ වැඩ කරන්න ඔබේ බිරිද ඔබට මතක් කරනවා හැර වෙන වැඩක් නැහැ.

ඒ වැඩ කටයුතු තියෙන බව දන්න නිසා ඔබ හැඩිකල දේවල් පිරිසිදු කරන්න, දරුවාට ආහාර කවන්න, කුඩා දරුවා උද්‍යානයට රැගෙන යන්න. මේ වගේ දේවල් ඔබම හිතලා කරන්න.

  1. මවක් වු ඇයගේ වෙනස් වු සිරුරට ආදරය කරන්න

බිරිදට ආදරය කරන ක්‍රම

” පුතා හම්බ වුනාට පස්සේ ඔයා තවත් ලස්සන ‌වෙලා සුදු ‌නෝනා”

මාතෘත්වය ඔබේ බිරිඳ විවිධ විදියට වෙනස් කරනවා නේද? ඇයගේ සිරුර නම් ගොඩාක් දුරට වෙනස් වෙනවා. ඔබ ඇයගේ මේ අලුත් වෙනස්වීම වලට කැමති වුනත් ඇය එසේ නෙවෙන්න පුළුවන්. ඒ නිසා ඇය ලස්සනයි කියලා ඇයට පවසමින් හා එය අදහස් කරමින් ඇයගේ සිරුරට නැවත ආදරය කරන්න ඇයට උදව් කරන්න. 

  1. බිරිදට ආදරය කරන ක්‍රම:  කාමුක දර්ශන නැරඹීමෙන් වළකින්න

ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

“ඔයා තරම් ලස්සන බිරිදක් ඉන්න ‌කොට මම ‌වෙන ගැහැණු දිහා බලන්නේ නැහැ, සුදු!”

වෙනත් කාන්තාවකගේ කාමුක ඡායා රූප දෙස බැලීමට වඩා ඔබේ බිරිඳගේ විශ්වාසය බිඳ දමන තවත් ක්‍රමයක් නැහැ. (විශේෂයෙන් ඇය තවමත් දරු ප්‍රසුතියෙන් පසු සිරුරට හුරු වෙමින් සිටියි නම්).

ඔබේ සිතුවිලි තුළ පවා ඇය වෙනුවෙන් පමණක් කැපකිරීමට තෝරා ගැනීමෙන් ඔබට ඇය පමණක් සිටින බව ඔබේ බිරිදට පෙන්වන්න.

  1. සාදයකදී ඇයගේ කනට කොඳුරන්න

බිරිදට ආදරය කරන ක්‍රම

” දන්නවාද ඔයා හරිම හුරතල් සුදු ‌නෝනා”

ඔබ නිවසින් පිටත සිටින විට ඔබේ බිරිඳට පුංචි අගය කිරීමක් මුමුණන්න. පොදු ස්ථානයක මෙවැනි පුංචි රහසක් කියන එක තුලින් ඇයට තමන් විශේෂ බව සහ ඔබ ඇය ගැන සැලකිලිමත් බව හැගේවි.

  1. බිරිදට ආදරය කරන ක්‍රම: ඇගේ ආදරණිය කෙටි පණිවිඩ යවන්න

ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

” ඔයාව මට ‌ගොඩාක් මතක් ‌වෙනවා”

ඔබ ලග නොසිටින විට පවා, ඔබේ බිරිදට ආදරණීය හෝ සරාගී කෙටි පණිවිඩ යැවීමෙන් ඔබ ඇය ගැන සිතන ඇයට පෙන්වන්න. ඔබේ බිරිඳ සැමවිටම ඔබේ මනසෙහි සිටින බව පෙන්වන මෙවැනි ක්‍රියා වලට ඔබේ බිරිඳ ගොඩාක් කැමති වේවි.

  1. නිතර ඔබේ බිරිද හා තනිවෙන්න අවස්ථා සැලසුම් කරන්න

ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

” අපි ‌දෙන්නා විතරක් ‌කොහේ හරි යමුද, සුදු?”

දෛනික වැඩවලින් සහ දරුවන් රැකබලා ගැනීමෙන් ඔබේ ආදරණිය බිරිද මුදවා ඇයට යම් විවේකයක් ලබා දෙන්න. ඒ සදහා ආදරණීය දිවා රාත්‍රියක ඇයව සුදුළුනු, රාත්‍රියක් ඇය සමග එලියේ ගත කර ඔබ මුළු සන්ධ්‍යාවම ඇය වෙනුවෙන් කැප කරන්න. ඉන්පසු ඇය ලගින් සිට ඇය ආදරයෙන් හා සතුටින් සිටින අයුරු දකින්න.

  1. බිරිදට ආදරය කරන ක්‍රම: ඇගේ සිහින වලට යන්න ඇයව දිරිමත් කරන්න.

බිරිදට ආදරය කරන ක්‍රම

” ඔයා ‌කොහොම හරි ඔයාගේ Dream එකට යන්න ඔනා. ‌මේ මම ලගින් ඉන්නවා “

දරුවන් ලැබීම නිසා ඔබේ බිරිඳට තම වෘත්තිය හෝ අධ්‍යාපනය කැප කළාද? එසේ නම්, ඇයගේ නැවතුන සිහින යලි පණ ගැන්වීමට ඇයව ධෛර්යමත් කරන්න. ඒවා සැබෑ කර ගැනීම සඳහා ඇය තබන සෑම පියවරකදීම ඔබ ඇයට අත්වැලක් වෙන්න. 

  1. ඇය වෙනුවෙන් කෑම සකසන්න

ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

” රසද දන්නේ නැහැ. ඒත් ආදරය දාලා හැදුවේ”

ස්වාමිපුරුෂයන් තමන් වෙනුවෙන් කෑම සකසනවාට කාන්තාවන් කැමතියි. ඇත්තෙන්ම මෙවැනි මිහිරි තවත් දෙයක් නැති තරම්. 

ඔබට උයන්න බැහැ කියලා කණගාටු වෙන්න එපා. අන්තර්ජාලයේ හරිම සරල කෑම වට්ටෝරුවක් හොයාගන්න. හරිම පහසුයි නේද? ඔබ සාදන ඕනෑම දෙයකින් ඇය පුදුමයට පත් වේවි.

  1. බිරිදට ආදරය කරන ක්‍රම: ඇයට සූදානම් වීමට කාලය ‌දෙන්න.                                       

ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

“ඔයා ‌හෙමින් ලෑස්තිවෙන්න. මට හදිස්සි නැහැ”

ලස්සනට සුදානම් වෙන්න පුංචි කාලයක් අවශ්‍යයි. ඔබට පිටතට යාමට අවශ්‍ය අවස්ථාවකදි ඔබේ බිරිද  සූදානම් වීමට “තවත් මිනිත්තු පහක්” ගත කරන්නේ නම්, ඇයව කලබල නොකරන්න. යන්න අවැසි බව ඇයට වරින් වර  මතක් කරන්න එපා. ඇයට හැඩවැඩ වෙන්න කාලය ලබා දෙන්න.

  1. බිරිදට ආදරය කරන ක්‍රම: ඔබේ පැසසුම් නිතර ලබා දෙන්න

බිරිදට ආදරය කරන ක්‍රම

” ඔයා වගේ ‌හොද බිරිදක් ලබන්න මම වාසනාවන්තයි”

ඔබ  අන්තිමට ඔබේ බිරිඳට ඇය ලස්සනයි කිව්වේ කවදාද? ඇගේ කොණ්ඩයට හෝ ඇඳුමට ප්‍රශංසා කලේ කවදාද? ඇය සුවිශේෂියි කීව්වේ කවදාද?

කාන්තාවන් පැසසුම් ලබන්න ආසයි. ඒක නිසා ඇයට එම පැසසුම් ලබා දෙන්න.

  1. ඇය වෙනුවෙන් කාලය වෙන් කරන්න

ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

“අපි ‌දෙන්නා අද ‌මොකද කරන්නේ සුදු. ‌‌ෂොපින් යමුද? “

ඔබ ඉතාමත් කාර්යබහුල වෙන්න පුළුවන්. නමුත් ඔබ බොහෝවිට හවස් වෙනකම් වැඩ කරන්න සිදුවෙනවා නම් අවම වශයෙන් සතියකට වරක්වත් එක් සවසක් ඇය සමග නිදහසේ කාලය ගත කරන්න. 

  1. බිරිදට ආදරය කරන ක්‍රම: ඇයව පුදුම කරන්න

බිරිදට ආදරය කරන ක්‍රම

” දන්නවාද සුදු, අද අපේ 3‌ වෙනි ඇනවසරි එක”

සෑම විටම රාත්‍රී ආහාරය ගැනීමට යන ස්ථානය ගැන හෝ උපන්දිනය සඳහා ඔබේ බිරිදට අවශ්‍ය දේ ගැන විමසීමට අවශය වන්නේ නැහැ. ඇය පුදුමයට පත් කරන්න. මල් පොකුරකින් වුවත් ඇයව සතුටු කරන්න ආදරණිය තියන්න පුළුවන්.

  1. ඇයට ආදරෙයි කියන්න

බිරිදට ආදරය කරන ක්‍රම

” මට ‌කොච්චර ආදරෙයි කිව්වාත් මදිනේ සුදු ‌නෝනා”

“මම ඔබට ආදරෙයි”   කියලා කියන්න සහ නිතරම කියන්න.

ඇය මුළු රාත්‍රිය පුරාම ඔබේ රෝගී දරුවා නලවන විට, ඇය මවක් ලෙස වෙහෙසට පත් විට, දිගු, දුෂ්කර දවසක් අවසානයේ ඇය ඇඳ මත වැටී සිටින විට මෙම වචන තුන කියන්න. ඇය එය අසන්න බලාගෙන ඉන්නවා.

16. බිරිදට ආදරය කරන ක්‍රම: ඇයට ආදර වදන් ලියන්න

බිරිදට ආදරය කරන ක්‍රම:

” ආදරෙයි මගේ සුදු ‌නෝනා”

ස්ත්‍රියකට තම පුරුෂයාගෙන් අතින් ලියන ලද සටහනක් ලබා ගැනීම තරම් ආදර හැඟීමක් තවත් නැහැ. ඒ නිසා සුන්දර ආදර සටහනක් ලියන්න. එය ඇගේ බෑගයට හෝ සාක්කුවට දමා ඇයගේ සතුට දෙස බලන්න.

  1. ඇයට බල කරන්න එපා

ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

” මම ඔයාට කුචි කවන්නද සුදු ‌නෝනා”

ඔබට අවශ්‍ය වුවත් ඇයට ලිංගික හැසිරීමකට ඇය අකමැති අවස්ථා තියෙන්න පුළුවන්. අමනාප නොවී ඇගේ කැමැත්තට ගරු කරන්න. සමහර විට, ලිංගික බැදීමකට වඩා හුරතල් කිරීමක් අසීරු දවසක් අවසානයේ ඇයට නැවත සුවයක් ලබා දේවි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි