theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත් බබා ගෙදර එන්න කලින් මේවා මතක ඇතිව අරන් තියාගන්න

5 අවම කියවීම
අලුත් බබා ගෙදර එන්න කලින් මේවා මතක ඇතිව අරන් තියාගන්නඅලුත් බබා ගෙදර එන්න කලින් මේවා මතක ඇතිව අරන් තියාගන්න

අලුත උපන් පැටියා නිවසට ‌‌ගේන්න කලින් ‌සුදානම් කල යුතු ‌දේවල් තියෙනවා.

අලුත් බබා ගෙදර ගේන්න කලින් දෙමව්පියන් අලුත් බබාට බඩු ගන්න ගොඩාක් උනන්දුයි.

ඒත් බබාට ඇත්තටම අවශ්‍ය නැත්තේ මොනවාද? අවශ්‍ය මොනවද කියලා අදහසක් නැහැ නේද?

අලුතින්ම දෙමව්පියන් වෙන අයට නම් මේක ගොඩාක් අසීරූ දෙයක්. නිකරුනේ මුදල් වියදම් නොකර, අනවශ්‍ය දේවල් ගෙදර පුරවගන්නේ නැතුව බබාට අවශ්‍ය දේවල් ගන්නේ කොහොමද?

ඔබ තවත් කල්පනා කරන්න එපා. මෙන්න අපි ඒ සදහා මග පෙන්වීමක් කරන්නයි සුදානම.

බබා ගෙදර ආවට පස්සේ බබාට අවශ්‍ය වෙන එක එක දේ සදහා කිහිප වරක් සාප්පු යන්න ඔබට වේලාවක් නැතිවේවි.

මේ ඔබට රෝහලෙන් ලැබෙන ලැයිස්තුවට අමතරව ඔබට අවශ්‍ය වෙන්න පුළුවන් දේවල් ලැයිස්තුවක්.

හොදම දේ මෙය හොදින් අධ්‍යයනය කර තමන්ට අවශ්‍ය දේවල් හා ප්‍රමාණයන් ලැයිස්තුවක් සකස් කරගැනීමයි.

මෙය අනවශ්‍ය ලෙස ඔබේ මුදල් වැය වීම වළක්වනවා මෙන්ම ඔබට බබා අරගෙන ආවට පස්සේ නිතර සාප්පු දුවන්න වෙන කරදරය නැති කරාවි.

1.අලුත් බබාට බඩු: තොටිල්ලක්

අලුත් බබා ගෙදර එන්න කලින් මේවා මතක ඇතිව අරන් තියාගන්න

ඔබේ බබා පවුලේ අනෙක් අය සමග එකම යහනක නිදාගැනීම බබාට අනතුරුදායක වෙන්න පුළුවන්.

ඒ නිසා දරුවාව තැබීමට වෙනම යහනක් පිළියෙල කල යුතුය. ඒ සදහා දරුවාට ආරක්ෂාකාරි තොටිල්ලක් හා මෙට්ටයක් කල් තබා ගන්න.

2.ඇද ඇතිරිලි

ඔබේ දරුවා තබන්න තොටිල්ලක් ගත්තාට විතරක් ප්‍රමාණවත් නැහැ.

එයට සරිලන ආරක්ෂිත ඇද ඇතිරිලි වගේම මෙට්ටයට උඩින් යොදන ජල ආරක්ෂිත ආවරණයක්ද මෙට්ටය සදහා මිලදී ගැනීම සුදුසු වෙනවා.

දරුවාට හුස්ම හිරවීමේ අවදානමක් ඇති බැවින් දරුවාගේ තොටිල්ල තුල අනවශ්‍ය පරිදි කොට්ට, රෙදි හා මෘදු සෙල්ලම් බඩු ගොඩ ගසන්න එපා.

3.ඩයපර්ස්

රෙදි ඩයපර්ස් හෝ ඉවතලන ඩයපර්ස් කිහිපයක් මිලදී ගෙන තබාගන්න. එකවර ගොඩාක් ගබඩා කරගන්න එපා.

බර අනුව ඩයපර් එකේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ නිසා පසුව බබාගේ බර අනුව ඩයපර්ස් මිලදී ගන්න තුරු මුල් සති කිහිපය සදහා ඩයපර්ස් කිහිපයක් මිලදී ගන්න.

එහිදි තෙතමනය උරාගන්නා ඇල්කොහොල් රහිත ඉවතලන ඩයපර්ස් මිලදී ගන්න. රෙදි ඩයපර්ස් නම් මෘදු ඒවා ගන්න.

4.අලුත් ඇදුම් කිහිපයක්

අලුත් බබා ගෙදර එන්න කලින් මේවා මතක ඇතිව අරන් තියාගන්න

බබාට නිතර අදින්න ගන්න ඇදුම් ලිස්ට් එකට අමතරව අලුත් ඇදුම් කිහිපයක් අරගන්න.

බබාට ක්ලිනික් එකට, ඩොක්ටර් ලගට ඇදගෙන යන්න ඒවා අවශ්‍ය වේවි.

නමුත් විශාල ප්‍රමාණයක් මිලදී ගෙන තබන්නත් එපා. බබා ඉක්මනින් වර්ධනය වෙන නිසා ඒවා ඉක්මනින්ම අදින්න බැරිවේවි.

5.අලුත් බබාගේ බඩු ගෙනියන බෑගයක්

අලුත් බබා එක්ක ගමන් යද්දි ඔබට අනිවාර්යයෙන්ම එයාගේ බඩු දාගෙන යන්න ටිකක් ලොකු බෑගයක් අවශ්‍ය වෙනවා.

සාක්කු කිහිපයක් ඇති කොටස් කිහිපයකට වෙන් කර ඇති තරමක් විශාල බෑගයක් ලබා ගැනීමෙන් ඔබට බබාගේ බඩු පිළිවෙලකට අසුරගන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

6.බබා නාවන ලොකු බේසම

අලුත් බබා ගෙදර එන්න කලින් මේවා මතක ඇතිව අරන් තියාගන්න

බබාව ගෙදර ගෙනාහම නාවන්න බේසමක් අවශ්‍ය වෙනවා. බබා ඉතාම පුංචි නිසා ඔබට එකවර විශාල බේසම බහා නාවන්න බැහැ.

ඒ නිසා මුලින්ම පුංචි නමුත් ආරක්ෂිත බේසමක් ගන්න

7.රෙදි වනන රැක් එකක් හෝ රෙදි රදවන කටු

බබාගේ රෙදි සෝදලා විතරක් මදි හොදින් අව්වේ වේලගන්න අවශ්‍ය වෙනවා. ඒ සදහා රැක් එකක් ඔබට මිලදී ගන්න පුළුවන්.

නැතිනම් ඔබ රෙදි වැලක රෙදි වනනවා නම් රෙදි බිම වැටීම වැළැක්වීමට රෙදි රදවන කටු මිලදී ගන්න.

8.බබාගේ රෙදි සෝදන පවුඩර් එකක් හෝ දියරයක්

බබාගේ රෙදි වැඩිහිටියන්ගේ රෙදි සෝදන කුඩු වලින් සෝදන්න බැහැ. එය දරුවාට අසාත්මික වෙන්න පුළුවන්.

ඒ නිසා දරුවන් වෙනුවෙන්ම නිපද වු මෘදු විෂබීජ නාශක අඩංගු රෙදි සෝදන කුඩු හෝ දියර භාවිතා කරන්න.

9.බර්ෆ් ක්ලෝත්ස්

බබාට කිරි දෙන විම පියයුරු පිරිසිදු කිරීම, බබාගේ මුව පිස දැමීම මෙන්ම බබාට ගුඩුස් යවන විට එය කරන වැඩිහිටියාගේ උරහිස්සට දමන්න රෙදි කැබැලි අවශ්‍ය වෙනවා.

පිරිසිදු රෙදි කිහිපයක් ඒ සදහා වෙන් කර තබන්න.

10. අලුත් බබාට බඩු: කාර් සීට් එකක්

මෙය සැමට අනිවාර්යය උපකරණයක් නොවුනත් ඔබට වාහනයක් ඇතිනම් අනිවාර්යයෙන් ළදරු කාර් සීට් එකක් මිල දී ගන්න.

එසේ නැතිව දරුවා වාහනයක නිතර එහේ මෙහේ ගෙන යෑම අනාරක්ෂිත වෙන්න පුළුවන්.

11.කිරි දොවන පම්ප් එකක්

මෙයත් සෑම අම්මා කෙනෙකුටම අවශ්‍ය නොවුනත් ඔබත් රැකියාවක් කරන මවක් නම් ඉක්මනින්ම රැකියාවට යන්න සිදුවෙනවා නම් කිරි දොවන පම්ප් එකක් අරන් තියාගන්න එක සුදුසුයි.

12.ඖෂධ ගබඩා කරන කබඩ් එකක්

බබා බෙහෙත් වෙනම කබඩ් එකක තබා ගැනීම ආරක්ෂිතයි. එය වැඩිමහලු දරුවන් සිටීනම් ඔවුන්ට ලගා විය නොහැකි හොද ක්‍රමයකි.

ඒ වගේම බබාගේ බෙහෙත් ඔබට පැටලීමද වළක්වාගන්න පුළුවන්.

13.මදුරු දැලක්

ශ්‍රී ලංකාව මදුරුවන් බහුල රටක මදුරු දැලක් කියන්නේ අනිවාර්යයෙන්ම ගන්න අවශ්‍ය දෙයකි.

ඔබට බබාගේ කොට් එකට එක මදුරු දැලක් මිලදී ගත හැකි අතර බබාව නිතර ගමන් රැගෙන යන්නේ නම් හකුලන මදුරු දැලක්ද ලග තබා ගැනීම සුදුසු වෙනවා.

14.උණුවතුර බෝතලයක්

මේක නිතර අවශ්‍ය වෙන දෙයක්. ඔබට බබා නහවන්න බබා නැගිටිනකම් වතුර උණු කරලා තියාගන්න පුළුවන්.

මව්කිරි දෙන ඔබට වුවත් මෙහි උණුවතුර ගබඩා කර තබා ගැනීමෙන් අවශ්‍ය වු විටදි කිරි එකක් සකස් කරගෙන බොන්න පුළුවන්

15.ළදරු නියපොතු කපනයක්

අලුත් බබා කියලා නැහැ පැටියාට පුංචි පුංචි නියපොතු තියෙනවා. ඒවායින් එයාටම තුවාල වෙන්න පුළුවන් . ඒ නිසා ආරක්ෂිත ළදරු නියපොතු කපනයක් මිලදී ගෙන තබා ගන්න.

ඔබටත් දරුවාටත් සුව පහසුව දෙන තවත් අමතර දේවල් 3 ක්

16.බේබි කැරියර් එකක්

බබාව නිතර වඩා ගෙන ඉන්න වෙන නිසා බේබි කැරියර් එකක් අරගන්න පුළුවන්. එවිට දරුවා ආරක්ෂිතව රදවා ගෙන ටිකක් ඇවිදින්න පුළුවන්

17.තොටිල්ලට එල්ලෙන සෙල්ලම් බඩුවක්

බබා නිතර හඩනවා. එවිට බබාගේ අවධානය වෙනතකට යොමු කර බබාව නලව ගන්න තොටිල්ලට එල්ලන්න පුළුවන් ශබ්දය පිට කරමින් කැරකෙන සෙල්ලම් බඩුවක් මිලදී ගන්න අමතක කරන්න එපා.

18.රාත්‍රියට දැල්වෙන ලාම්පුවක්

බබාව අදුරේ නිදි කරවන්න බැහැ. ඒ නිසා එළිය අඩු ලාම්පුවක් තබාගන්න. ඒ වගේම හදිසියේ විදුලි විසන්ධි වුනොත් භාවිතා කල හැකි ටෝර්ච් එකක් හෝ එමජන්සි ලෑම්ප් එකක් තබාගන්න.

ඔබටත් ‌මේ ලැයිස්තුවට එකතු කරන්න ‌දේවල් ඇති නම් පහතින් සටහනක් ‌යොදන්න.

මුලාශ්‍ර - medicinenet

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Featured image: SleepBaby

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා නිෂ්පාදන
  • /
  • අලුත් බබා ගෙදර එන්න කලින් මේවා මතක ඇතිව අරන් තියාගන්න
බෙදාගන්න :
  • අලුත උපන් කිරිකැටියා ගැන ඔබ දැන සිටිය යුතු වැදගත් කාරණා 14 ක්

    අලුත උපන් කිරිකැටියා ගැන ඔබ දැන සිටිය යුතු වැදගත් කාරණා 14 ක්

  • අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

    අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

  • අලුත උපන් කිරිකැටියා ගැන ඔබ දැන සිටිය යුතු වැදගත් කාරණා 14 ක්

    අලුත උපන් කිරිකැටියා ගැන ඔබ දැන සිටිය යුතු වැදගත් කාරණා 14 ක්

  • අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

    අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it