ඔබේ පුංචි දියණියට කොණ්ඩ මොස්තර දමා හැඩ බලන්න ආසයිද? එහෙනම් මෙන්න පුංචි මග පෙන්වීමක්.
1.Top Knot – උඩට කර බදින්න
මෙය ඉතාම පහසුයි වගේම මේ මගින් ඔබේ දියණියට සුරතල් පෙනුමක් ලබා දෙනවා
රවුම්, ඔවලාකාර හා ඩයමන්ඩ් හැඩැති මුහුණකට මෙය කදිමයි. ඔනෑම අවස්ථාවකට සුදුසුයි.
ක්‍රමය –
- කොණ්ඩය පීරා ඉහලට කර ඉලාස්ටික් පටියක් ආකාරයෙන් පෝනි ටේල් එකක් දමන්න.
- ඉන්පසු කොණ්ඩය දෙකට බෙදා ඉන් එක් කොටසක් අගිස්ස තෙක් ගොතන්න.
- දැන් ගෙතු කොණ්ඩය අතෙන් අල්ලාගෙන ඔරලෝසු කටුව කැරකෙන පැත්තට අනෙක් කොණ්ඩ කොටස නවා ඒ වටා ගැටගසන්න.
- වැඩි ආරක්ෂාවට කොණ්ඩ කටු කිහිපයක් ගසන්න.
2. Bow Bun -බෝ එකක් ආකාරයේ බන් එකක්
පුංචි දියණියන් මේකප් පස්සේ නොගියත් ඔවුන්ට විලාසිතානූකූල වෙන්න අවශ්‍ය වෙනවා. මෙම සරල හා පහසු කොණ්ඩා මෝස්තරය මගින් ඔබේ දියණියට ස්වාභාවික විලාසිතානුකූල පෙනුමක් ලබා දෙන්න. රවුම්, ඔවලාකාර , ඩයමන්ඩ් හා හදවත් හැඩැති මුහුණු සදහා මෙය සුදුසුයි. දවාලකට පික්නික් එකක් යද්දි දියණියට දාන්න සුදුසු කොණ්ඩා මෝස්තරයක්.
ක්‍රමය –
- කොණ්ඩය පීරලා උඩට කර බැද ඉලාස්ටික් පටියක් යොදන්න.
- දැන් මෙම පෝනී ටේල් එක උඩු අතට නවමින් ලූප් එකක් තබන්න.
- එහිදි කොණ්ඩයේ නිදහස් කෙලවර නලල මත සිටින සේ මෙම ලූප් එක සකස් කල යුතුයි.
- දැන් ලූප් එක දෙකට බෙදන්න.
- ඉන්පසු නලල මත වු කොණ්ඩයේ නිදහස් කෙළවර ආපසු දෙකට බෙදු ලූපයේ හරි මැද මතට නවා බෝ එකේ ගැටය සකස් කරන්න. රබර් පටියකින් එය හිර කරන්න.
3. Double Bun – ඩබල් බන් කොණ්ඩ මෝස්තර
මෙම කොණ්ඩ මෝස්තරය ඔනෑම ගැහැණු දරුවෙකුට සුදුසුයිත මෙය ඉක්මනින් හා පහසුවෙන් කරන්න පුළුවන්. ඔනෑම මුහුණු හැඩයකට මෙය ගැලපෙනවා. හැමදාම කැෂුවල් ඇදුම් වලට මෙය ගැලපෙනවා.
ක්‍රමය-
- කොණ්ඩය හරි මැදින් දෙකට බෙදා පීරාගන්න.
- ඉන්පසු කොණ්ඩ කොටස් දෙක උඩට කර පෝනී ටේල් දෙකක් දමන්න.
- දැන් මේ කොටස් දෙක බන් එකක් විදියට ඔතන්න.
- දැන් කොණ්ඩ කටු මගින් මේ බන්ස් රදවන්න.
4.Flower Braid Updo – කොණ්ඩයේ මලක් එක්ක කොණ්ඩ මෝස්තර
කොණ්ඩයට යොදන මේ මල් මොස්තරය පුංචි දැරියන්ට කදිමයි. මෙය හරියට කොණ්ඩයේ මලක් ගැසුවා හා සමානයි. රවුම් හැඩැති මුහුණු සහිත ගැහැණු දරුවන්ට ගැලපෙන මෙය ඔනෑම උත්සවයක් සදහා සුදුසු වෙනවා.
ක්‍රමය-
- කොණ්ඩය කොටස් දෙකකට වෙනි කර ඉන්පසු පීරා ගැට ඉවත් කරන්න.
- එය ෆ්ලැට් වෙන්න වතුර ටිකක් ඉසින්න.
- ඉදිරිපස හිසකෙස් කොටස ගෙන එය කොටස් තුනකට බෙදා ගොතාගන්න.
- ඇහි බැම කෙළවර වන තෙක් ගෙතු පසු එය හරවා ගොතන්න.
- දෙපැත්තෙන්ම හිසකෙස් එකතු කරමින් ගොතන්න.
- මුහුණේ ඉදිරිපස සිට කොණ්ඩය එකතු කරමින් ඉහළ සිට පහළට ගොතන්න.
- ඉන්පසු ඉතිරි ලෙහා ඇති කොණ්ඩය ගොතා රබර් පටියකින් තද කරන්න.
- දැන් මෙම ගෙතුම පෙරලා කරකවන්න. ඉන්පසු කොණ්ඩ කටු වලින් තද කරන්න.
5. Half-Up Top Knot – භාගයක් උඩට කර බදින්න
මෙය පවත්වාගන්න අඩුවෙන් වෙහෙස වෙන්න අවශ්‍ය කොණ්ඩා මෝස්තරයක්. ඒ වගේම ඔනෑම මුහුණකට කැෂුවල් අදින කොට යොදන්න සුදුසුයි.
ක්‍රමය –
- කොණ්ඩය උඩට හි යටට බෙදා ගන්න.
- උඩ කොටසට පෝනි ටේල් එකක් යොදා එය රබර් පටියකින් හිර කරන්න
- දැන් පෝනී ටේලය ඔතා බන් එක සකස් කර හිස උඩින් තබා කොණ්ඩ කටු මගින් රදවා ගන්න.
- අවසානයේදි එයට හෙයාර් ස්ප්‍රේ ටිකක් යොදන්න.
6.Chignon Hair Bun – හිස පිටුපසට යොදන බන් කොණ්ඩ මෝස්තර
මෙය පුංචි ගැහැණු ළමයින්ට සුන්ද පෙනුමක් ලබා දෙන කොණ්ඩා මෝසතරයක්. එය සංකීරණයි වගේ පෙනුනට හරිම සරලයි.
ක්‍රමය-
- ඔබේ කොණ්ඩය පීරා පහලින් පෝනී ටේලයක් යොදන්න.
- මේ පෝනී ටේලයට ඉහලින් ඔබේ ඇගිල යොදා කුඩා විවරයක් සකස් කරන්න
- දැන් මේ විවරය තුලින් පෝනීටේලය ඔතා රදවා ගන්න.
- නැවත පෝනි ටේලය ගෙන එම විවෘත කිරිම හරහාම ලූප් එකක් සදාගන්න.
- කොණ්ඩ කටු වලින් මෙය රදවාගන්න.
ගැහැණු දරුවන්ට සරල ගෙතුම් කොණ්ඩ මෝස්තර
ගෙතීම කවදාවත්ම යල් පැන යන කොණ්ඩ මෝස්තරයක් නොවෙයි. මෙන්න එවැනි ගෙතුම් ක්‍රම කිහිපයක්.
7. Halo Braid – හැලෝ ගෙත්තම් කොණ්ඩ මෝස්තර
Photo credit : momjunctionඔබේ දියණියට පුදුමාකාර පෙනුමක් දෙන්න මේ ආකාරයට කොණ්ඩය ගොතන්න. සියලුම හැඩැති මුහුණු වලට ගැලපෙන අතර උත්සව අවස්ථා සදහා සුදුසුයි.
ක්‍රමය-
- එක් පැත්තක ඝන කෙස් කොටසක් වෙන් කරන්න .
- දැන් එක් එක් කොටස කොටස් තුනකට බෙදාගන්න.
- කන අසලට එනකම් පහලට ගොතන්න.
- ඉන්පසු ගෙතු කොණ්ඩය හිසවටා ඔතා කොණ්ඩ කටු වලින් රදවා ගන්න.
8. Pigtail Braid – පිග් ටේල් ගෙතුම් කොණ්ඩා මොස්තරය
මෙයත් සරල වගේම පහසු ක්‍රමයක් වෙනවා. හදවත් හා රවුම් හැඩැකි මුහුණු ඇති අයට කදිමයි. පවුලේ හමුවීමි හා චාරිකා සදහා සුදුසුයි.
ක්‍රමය –
- පනාව භාවිතා කර කොණ්ඩය කොටස් දෙකකට වෙන් කරගන්න.
- ඉන්පසු මේ දෙපැත්තටම රබර් පටියක් යොදන්න
- එක් එක් පැත්තේ රබර් පටිය එක ලග සිට පහලට ගොතන්න.
- අවසානයේ එය තද කර රබර් පටියක් යොදන්න.
9. The Heart Braid – හදවත හැඩැති ගෙතුම් කොණ්ඩ මෝස්තර
මෙය දැරියන් අතර ප්‍රකට මෝස්තරයක් වෙන අතර එය පෙනෙන තරම් අමාරු නැහැ. ඔනෑම මුහුණු හැඩයකට ගැලපෙන එය පුංචි සාද සදහා කදිමයි.
ක්‍රමය –
- කොණ්ඩය ගැට හැර පීරාගන්න.
- ටේල් පනාවකින් කොණ්ඩය පහල සිට ඉහලට වෙන් කරගන්න.
- ඉහලින් කුඩා කොටස් දෙකක් වෙන්කර එය කොටස් තුන බැගින් වෙන්කර උඩු අතර ගොතා වක්‍රයක් ගෙන හදවතේ හැඩයට පහලට ගොතන්න.
- අවසානයේදි කොටස් දෙක සම්බන්ධ කර රබර් පටියක් යොදන්න.
10. Dutch Fishtail Braid – ලන්දේසි මාළු වලිග ගෙතුම
ටිකක් සංකීරණ වුනාට දිගු කොණ්ඩයක් තියෙන ගැහැණු දරුවෙකුට මෙය සුදුසුයි. ඔවල්, රවුම් හා හදවත් හැඩැති මුහුනු සදහා වඩාත් ගැළපෙනවා. විවාහ උත්වයකට හෝ සාදයකට යන්න කදිමයි.
ක්‍රමය
- කොණ්ඩයේ ඉදිරි පසින් කුඩා කොටසක් වෙන් කර ඉතිරය උරහිස දිගේ කඩා හැලෙන්න දෙන්න.
- දකුණු පැතිතේ කොණ්ඩයෙන් කොටසක් ගෙන එය දෙකට බෙදන්න.
- දකුණු පැත්තෙන් එලෙස කොටසක් ගෙන කතිරයක ආකාරයට තබන්න.
- එය වම් පැත්තෙන් ගත් කොටස හා සම්බන්ධ කරන්න.මෙලෙස කොණ්ඩය එකතු කරමින් අවසානය තෙක් දිගටම ගොතන්න.
- අවසානයේදි බුරුල් නොවීමට හෙයාර් ස්ප්‍රේ ටිකක් යොදන්න.
11. Micro Braids – පුංචි ගෙතුම් පිරුනු කොණ්ඩ මෝස්තර
සංකීරණ කොණ්ඩ මොස්තර සුන්දරයි. Micro Braids කියන්නේ එවන් සුන්දර කොණ්ඩ මෝසතරයකට උදාහරණයක්. මෙය රවුම් ඔවලාකාර මුහුණකට ගැලපෙන අතර ඔනිම අවස්ථාවකට ගැලපෙනවා.
ක්‍රමය –
- තෙත හිස කෙස් පීරා පෝනී ටේල් එකක් උඩට කර දාන්න.
- දැන් කොණ්ඩයෙන් කොටසක් ගෙන එය කොටස් තුනකට බෙදා ගොතන්න. අවසානයේ තද වෙන්න වූල් බෑන්ඩ් එකක් දාන්න.
- තවත් කොටසක් එලෙස ගොතා ගන්න
- දැන් මෙසේ ගෙතු කුඩා කොණ්ඩ කොටස් 2 ක් හා ගැට නොගැසු ඉතිරි කොණ්ඩය තියෙනවා.
- දැන් මේ කොටස් එකිනෙක හරහා යන විදියට පිටුපසට ගන්න.
- ගෙතුම අවසානයේ රබර් පටියක් යොදා තද කරන්න.
- කොණ්ඩ මෝස්තරය තවත් හැඩ කරන්න හිස් සැරසිල්ලක් හෝ රිබන් පටියක් යොදාගන්න.
12. Same Side Lace Braid – එකම පැත්තට යොදන ගෙතුම්
මෙය පුංචි ගෙතුමක් එක්ක කොණ්ඩය නිදහසේ කඩා වැටෙන සරල කොණ්ඩ මෝස්තරයක් වෙනවා. මෙය ඔ්වලාකාර, හදවත් හා ඩයමන්ඩ් හැඩැති මුහුණු වලට ගැලපෙන ඔනම අවස්ථාවකට භාවිතා කරන්න පුළුවන්.
ක්‍රමය
- කොණ්ඩය ස්ට්‍රෙට් කරගන්න.
- කොණ්ඩය කොටස් දෙකකට බෙදලා එක පැත්තක් ෆෙන්ච් ගොතන්න.
- පසුපසින් නොව ඉහලින් කොණ්ඩය ගන්නට වගබලාගන්න.
- ඉදිරියෙන් කෙස් මිටක් අරගෙන එක පැත්තකට හිටින විදියට ගෙතුමට එකතු කරන්න
- ගෙතුනු පෙදෙස ටිකක් එලියට ඇදලා අගිස්ස වූල් බෑන්ඩ් එකකින් තද කරන්න .
13. Chain Link Braid – දම් වැල් ගෙතුම
මෙය සෑම කෙනෙක්ම භාවිතා කල හැකි විශේෂයෙන් නැටුම් කරන ළමුන් භාවිතා කරන්නකි. රවුම් මුහුණක් ඇති අයට සාදයකට මෙය කදිමයි.
ක්‍රමය
- කොණ්ඩය පැතලි වෙන්න පීරා පෝනී ටේල් එකක් දාන්න
- පෝනි ටේලය දෙකට බෙදා අඹරා එය අගට රබර් පටියක් යොදන්න.
- දැන් මෙම අඹරා ගත් කොටස් දෙක එක් කර අඹරා යලිත් අගිස්සට රබර් පටියක් යොදන්න
14. Milkmaid Crown Braid – ඔටුන්නක් වගේ කොණ්ඩ මෝස්තර
මෙම කොණ්ඩ මෝස්තරය සිනිදු හා ආකර්ෂණිය වෙන අතර ඔබේ දියනියට ඒ මගින් කිරි දොවන්නියකගේ පෙනුම ලැබෙනවා.
ක්‍රමය
- කොණ්ඩය මැදින් චෙකට බෙදන්න. ටේල් පනාවකින් ඔටුන්නට අවැසි හිසකෙස් ඉදිරිපසය පීරන්න.
- දෙපැත්තේ කොණ්ඩය වෙනවෙනම ගොතන්න. මෙහිදි ගෙතීමට හිසකෙස් කුඩා කොටස් දෙකක් හා විශාල කොටසක් භාවිතා කරන්න.
- ඔබේ හිස මුදුනේදී ගොතන ලද කොණ්ඩ දෙකක් හරහාට තබන්න.
- ගෙතුමේ අවසානයේ කොණ්ඩයේ ඉහල කෙළවරට ඇතුලු කර ප්‍රධාන ගෙතුමට ඒවා සවි කරන්න.
15. Messy Hair Braid – අවුල් සහගත ගෙතුම
සංකීරණ නමුත් පහසු කොණ්ඩ මෝස්තරයකි. නිතර භාවිතා කල හැකි සෑම මුහුණකටම ගැලපෙන විලාසිතාවකි.
ක්‍රමය –
- කොණ්ඩය ටිකක් හිස මුදුනට පීරන්න.
- ඉතිරිය මෘදු කරන්න.
- ඔබේ කොණ්ඩය එක් පසෙකට එකතු කර දෙකට බෙදන්න.
- එක් කොටසක් රබර් බෑන්ඩ් එකක් දමා ආරක්ෂිත කරන්න
- රබර් පටියට ඉහලින් ඇගිල්ලෙන් සිදුරක් සදා අනෙක් කොටස ඒ තුලින් ගෙන එන්න.
- පහල අතට කොණ්ඩය ගොතමින් ගෙතුම විහිදුවන්න.
- ඔබේ ඇගිලි වලින් කොණ්ඩය ටිකක් අවුල් කරන්න.
පුංචි ගැහැණු දරුවන්ට බෝ හා ඇඹරුම් කොණ්ඩ මෝස්තර
ස්වාභාවික, ලස්සන හා පහසු ඇඹරුම් මෝස්තර ගොඩාක් තියෙනවා. මේ ඒ අතරින් කිහිපයක්
16. Waterfall Twist – දියඇල්ලක් වන් ඇඹරුමක්
මෙය කුමාරිවන්ට සුදුසු කොණ්ඩා මෝස්තර ගණයට අයත් වෙන විලාසිතාවකි. හදවත්, ඔවල් හා රවුම් හැඩැති මුහුණු සදහා ගැලපෙන මෙය සාද සදහා සුදුසු වෙනවා.
ක්‍රමය
- හිස වටා අඹරා ගෙන යන්නට හැකි වෙන පරිදි හිසේ දකුණු පස ඉදිරියෙන් විශාල කෙස් කොටසක් වෙන් කරගන්න
- මෙම කෙස් කොටස සමාන කොටස් දෙකකට බෙදා එකිනෙක වටා අඹරන්න.
- තව වෙනම කෙස් ටිකක් ගෙන එය ඇඹරු කෙස් අතරින් තබන්න.මුලික කෙස් කොටස යලිත් වතාවක් අඹරන්න
- ඉහත පියවර හිස වටේම යන තුරු නැවත නැවත කරන්න
- වම් පැත්තේ අන්තිමට එකතු කල කොටස අඹරා ගැනීමට මුලින්ම ඔබ ඇඹරු කෙස් කොටස සකස් කර ගැනීමට ඇද ගත් පරිදි කෙස් කොටසක් අදින්න.
- අන්තිම කොටස සම්පුර්ණ කල පසු කොණ්ඩ කටුවකින් එය රදවන්න.
- Half Up Twist – භාගයට ඇඹරු කොණ්ඩය
මේ මෝස්තරය සරල වුනත් සුන්දරයි. ඩයමන්ඩ්, හදවත් හැඩැති හා ඔවලාකාර මුහුණු සදහා මෙය සුදුසු වෙනවා. මෙය නිතර භාවිතා කල හැකි විලාසිතාවකි.
ක්‍රමය –
- හිසේ ඉහළ කොටසේ හිස කෙස් වෙන් කර මුදුනෙන් කොටසක් අරගෙන සෙමෙන් පිටුපසට සම්බන්ධ කිරීම අරඹන්න.
- හිසේ ඉහළ කොටසින් කෙස් ටිකක් වෙන් කර බෝඩ් බ්‍රෂ් එකකින් ටිකක් පීරන්න. ඉන්පසු හිසමතට අමුණන්න.
- කන ඉදිරි පසින් කෙස් ටිකක් වෙන් කර එය අඹරන්න. අඹරන ලද කොණ්ඩය ඇමුණුම් කටු වල මුදුන ආවරණය වෙන ලෙස තබන්න.
- අනෙක් පැත්තටද එසේ කර ආරක්ෂිතව සවිකරන්න.
- කොණ්ඩය පසුපස පරීක්ෂා කරන්න.
- අවශ්‍ය නම් හෙයාර් ස්ප්‍රේ යොදා කොණ්ඩ මෝස්තරය නිම කරන්න.
18. Curly Stacked Bob
ඔබේ දියණියට කර්ල්ස් තිබේ නම්, එය ඉස්මතු කරගන්න. පවත්වා ගැනීම හරිම පහසුයි. හතරැස්, ඩයමන්ඩ් හා ඔවලාකාර මුහුණු සදහා නිතර භාවිතයට සුදුසුයි.
ක්‍රමය –
- කොණ්ඩය හෝදා තුවායකින් වියළා ගන්න.
- ජෙල් හෝ හෙයාර් ස්ප්‍රේ ආලේප කර කර්ල් වල මනා හැඩය රදවා ගන්න.
- හිසකෙස් වියළා ඔබේ ඇඟිලි භාවිතා කර අවුල් සහගත පෙනුමක් ඇති කරන්න.
19. Hair Bow
ඉතා පහසු කොණ්ඩ මෝස්තරයක් වන මෙය ඔනෑම හැඩයක මුහුණකට සාදයක් සදහා සුදුසු වෙනවා.
ක්‍රමය –
- කොණ්ඩය පීරා ඉහළට ඇද පෝනී ට්‍රෙල් එකක් දමන්න.
- අවුල් සහගත බන් සකස් කර පොනී වල අගවල් ඉවතට දමන්න.
- බන් එක පරිස්සමෙන් බෝ එක සකස් කල හැකි පරිදි බෙදන්න.
- පෝනියේ කෙළවර ඉහළට ඇද බෝ එකේ මැදට සවිකරන්න.
- බොබි පින්ස් භාවිතා කර බෝ එක ආරක්ෂා කරන්න. අවුල් වීම වළක්වන්න හෙයාර් ස්ප්‍රේ ආලේප කරන්න.
යම් අයෙකුගේ කොණ්ඩ මෝස්තර ඔහුගේ පෞරුෂත්වය මෙන්ම පළමු දැක්මෙන් ඇතිවෙන හැගීම සදහා හොදම ක්‍රමයක්. ඒ වගේම ඔබේ පුංචි දියණියට ලස්සන පෙනුමක් පවත්වාගන්න. නමුත් ඇයට හිංසාකාරි වෙන දේවල් කරන්න එපා.
මුලාශ්‍ර
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරි යහැකිය.