theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හවසට ‌‌තේ ‌බොන ‌කොට කන්න රසම රස රෝල්ස් රෙසපි 2 ක්

3 අවම කියවීම
හවසට ‌‌තේ ‌බොන ‌කොට කන්න රසම රස රෝල්ස් රෙසපි 2 ක්හවසට ‌‌තේ ‌බොන ‌කොට කන්න රසම රස රෝල්ස් රෙසපි 2 ක්

පොඩ්ඩා එක්ක හවසට තේ බොන ගමන් රෝල්ස් එකක් කමු.

කම්මැලි නැතුව හදන්න පුළුවන් චයිනීස් රෝල්ස් රෙසපි 2 ක් මෙන්න. පොඩ්ඩා එක්ක හවසට තේ බොන ගමන් චයිනීස් රෝල්ස් කන්න කැමතියි නේද? තව ර‌ෙසපි ග‌ොඩාක් අරග‌ෙන අපි ලගදීම එනවා. ඒක සුභ ආරංචියක් ඔන්න.

හවසට ‌‌තේ ‌බොන ‌කොට කන්න රසම රස රෝල්ස් රෙසපි 2 ක්

චයිනිස් රෝල්ස් රෙසපි 1: පෙනුමින් ලස්සන පාන් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

  • චිකන්
  • තෙල්
  • සුදුළූණු
  • ලූණු
  • ලුණු කුඩු
  • ගම්මිරිස්
  • කෑලී මිරිස්
  • සැන්විච් පාන් පෙති

චයිනීස් රෝල්ස් රෙසපි: පිරවුම හදමු

1. මුලින්ම පෑන් එකට තෙල් දාලා රත් වෙන කොට සුදුලූණු ටිකක් ලූණු ටිකක් දාලා තෙම්පරාදු කරගන්න.
2. ඊට පස්සේ චිකන් ටික දාලා ⁣බැදෙන්න අරින්න. බැදුනට පස්සේ ලුනුකුඩු ගම්මිරිස් කෑලිමිරිස් ටිකක් දාලා විනාඩි 3-4 තෙම්පරාදු කර ගන්න.
3. බබාට හදන විට මිරිස්  එකතු නොකර ඉන්න පුළුවන්.

චයිනීස් රෝල්ස් රෙසපි : රෝල්ස් හදමු

1. සැන්ඩ්විච් පාන් පෙති වල වාටිය කපලා ඉවත් කරන්න.
2. ඉන්පසු ඒවා තුනි කරගන්න.
3. ඉන්පසු කැමති හැඩයට ( හතරැස්, ත්‍රිකෝණ)  කපා ගන්න.
4. දැන් ඉතින් චිකන් මිශ්‍රණය දාලා චීස් කෑල්ලකුත් තියලා වටේට අලවා ගන්න.
5. බිත්තර සාරු වල පොඟවා පාන්කුඩු වල තවරලා ගැඹුරු තෙලෙන් බැදගන්න.
හවසට ‌‌තේ ‌බොන ‌කොට කන්න රසම රස රෝල්ස් රෙසපි 2 ක්

චයිනීස් රෝල්ස් රෙසපි 2: යසට හැපෙන මාළු රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

රෝල්ස් රෙසපි: පිරවුම සඳහා (රෝල්ස් 15)

  • තම්බලා පොඩි කරගත් අල ⁣ගෙඩි 3
  • ලොකු සැමන් එකකින් 1/2
  • පොඩි කැරට් එකක් ග්‍රේට් කරලා
  • ලූණු බාගයක් පොඩියට කාගන්න
  • පොඩියට කපගත් කරපිංචා
  • සුදුලුනු ඉඟුරු ටිකක් තලලා
  • අමුමිරිස් පොඩියට කපාගන්න
  • ලුනුකුඩු ගම්මිරිස් අවශ්‍ය පදමට
  • කරපිංචා
  • කුරැඳු කෑල්ලක්
  • කරදමුංගු 2/3
  • කරාබුනැටි 3/4 මේ ටික කුඩු කරගන්න
1. මුලින්ම භාජනයට තෙල් ටිකක් දාලා රත් වුනාට පස්සේ ඉඟුරු සුදුලුනු ටික දාලා කරපිංචා ටිකත් දාලා ටිකක් තෙම්පරාදු වේගන එනකොට ලූණු ටික දාලා හොඳට තෙම්පරාදු කරන්න.
2. අමුමිරිස් කුඩු, කරගත් කුරැඳු කරාබුනැටි ටික දාලා කලවම් කර කැරට් ටික දාලා විනාඩි දෙක තුනක් තෙම්පරාදු කරන්න .
3. දැන් පොඩි කරගත් අල සහ පොඩි කරගත් සැමන් එක දාලා අඩු ගින්දරේ තෙම්පරාදු වෙන්න දෙන්න.
4. ඉන්පසු  ලුනුකුඩු ගම්මිරිස් දාලා කලවම් කරලා මිශ්‍රණය  හදාගන්න.
5. බබාට හදද්දී පිරවුම මිරිස් යොදන්නේ නැතුව අයින් කරගන්න.

චයිනීස් රෝල්ස් රෙසපි: බැටර් එක සඳහා

  • පාන්පිට් කප් දෙකාමාරක්
  • පොල්කිරි කප් 1
  • වතුර කප් 1
  • අවශ්‍ය පදමට ලුනුකුඩු
  • තැවරිමට පාන්කුඩු
  • බිත්තර 2
  • බැදගන්න තෙල්
1. පාන්පිට් කප් දෙකාමාරක්, පොල්කිරි කප් 1, වතුර කප් 1, අවශ්‍ය පදමට ලුනුකුඩු   භාජනයකට දාලා කලවම් කරන්න.
2. බැටර් එක උකුයි නම් වතුර දාලා හදාගන්න. දැන් පෑන් එකට තෙල් ලාවට දාලා රත් වෙන කොට අපි තෝසේ හදන විදියට හදාලා පැත්තකින් තියමු.
3. දැන් හදාගත් තෝසේට  එකට සැමන් මිශ්‍රනය ටිකක් තියලා ඔතලා අන්තිමට බාජනයේ ලාටව ඉතුරු  වෙලා තියන බැටර් එකෙන් අලවගන්න.
4. දැන් බිත්තර වල තවරලා පාන්කුඩු වල තවරලා ගැඹුරු තෙලෙන් රන්වන් පාටවෙනකන් බැදගන්න.
හවසට ‌‌තේ ‌බොන ‌කොට කන්න රසම රස රෝල්ස් රෙසපි 2 ක්
අද අපිට මේ රස ආහාර වට්ටෝරු ලබා දෙන්නේ අනූෂා ජිවනී මහත්මියයි. ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්.
ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් රසම රස කෑම වට්ටෝරු බලාපොරොත්තු වෙමු.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • හවසට ‌‌තේ ‌බොන ‌කොට කන්න රසම රස රෝල්ස් රෙසපි 2 ක්
බෙදාගන්න :
  • බබා පෙරලීම ගැන මවක් ලෙස ඔබ දැනගත යුතු සියලු කාරණා

    බබා පෙරලීම ගැන මවක් ලෙස ඔබ දැනගත යුතු සියලු කාරණා

  • රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

    රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

  • බබා පෙරලීම ගැන මවක් ලෙස ඔබ දැනගත යුතු සියලු කාරණා

    බබා පෙරලීම ගැන මවක් ලෙස ඔබ දැනගත යුතු සියලු කාරණා

  • රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

    රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it