theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව්කිරි ලබා දීමෙන් පසු පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නේ කෙසේද?

4 අවම කියවීම
මව්කිරි ලබා දීමෙන් පසු පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නේ කෙසේද?මව්කිරි ලබා දීමෙන් පසු පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නේ කෙසේද?

ඔබ අද මේ සරල දේවල් ගැන කල්පනා කර තිබේ නම් ඔබගේ පුංචි දරුවාට  මව්කිරි දීමෙන් පසු ඔබේ පියයුරු ආකර්ෂණයව තබා ගැනීම කල නොහැක්කක් නොවේ.  

මව්කිරි දීම යනු ස්වභාව දහමේ දයාදයක්  වුවත්, සමහර මව්වරුන් එය ඔවුන්ගේ පියයුරු වල පෙනුමට බලපාන ආකාරය ගැන කනස්සල්ලට පත්වෙනවා. මගේ පියයුරු මගේ කුඩා දරුවාට මව්කිරි ලබා දෙන විට තවමත් ශක්තිමත්ව හෝ පෙනුමකින් පවතීද? පියයුරු එල්ලා වැටීම ගැන මව්වරුන් සිතනවා වෙන්න පුලුවන්.

පියයුරු එල්ලා වැටීම

පිළිතුර බොහෝ විට එය ආකාරය අනුව වෙනස් වෙන්න පුළුවන් යන්නයි.  නමුත් එක් දෙයක් ස්ථිරයි. පියයුරු  එල්ලා වැටීම වලක්වා ගැනීම සදහා හැකි ඉක්මනින් සුදානම් වීම වඩාත් සුදුසු ය.

පියයුරු යලිත් සකස් කිරීම, හෝ පියයුරු කලින් තිබුන ප්‍රමාණයට හෝ හැඩයට නැවත පැමිණීමට සාමාන්‍ය යෙන් ඔබේ දරුවාට කිරි වැරීමෙන් පසු මාස හයක් වත් ගත වේ.

පියයුරු එහි පෙර පෙනුම නැවතත් පැමිණිම, හැකිලීම හෝ මව්කිරි දීමෙන් පසුව විශාල වීම සිදු විය හැකිය.

මව්කිරි දෙන සියලුම කාන්තාවන්ට පියයුරු  එල්ලා වැටීම ඇති නොවේ. නමුත් සමහර කාන්තාවන්ට දැඩි පියයුරු වෙනස් වීමක් අත් විදියි.

එමගින් පියයුරු  එල්ලා වැටීම වැනි පෙනුමක් හෝ හැකිළුණු පෙනුමක් ලැබේ. එසේ වන්නේ පියයුරු පටක සංකෝචනය වුවද පියයුරු වටා සමේ ප්‍රමාණය වෙනස් නොවීම නිසයි.

මෙය හරියටම සිදුවන්නේ ඇයි?

ගර්භණීභාවය පුරාවටම පපුව හා පියයුරු සම්බන්ධ වෙන මස් මාංශ පේශි  ඇදීමට ලක්වෙන අතර දුර්වල වේ. මව්කිරි ලබා දීමට සුදානමක් ලෙස පියයුරු සඳහා සූදානම් කිරීමට ඒවා විශාල වේ.

පියයුරු  එල්ලා වැටීම ඔබේ වයස, ජාන සහ ජීවන රටාව මත රඳා පවතී.

කාන්තාවන් වයසට යත්ම ඔවුන්ගේ සමේ ඇදෙන සුළු බව දුර්වල වේ. පියයුරු ප්‍රමාණය ජාන වලින් උරුම වී ඇති බව විශ්වාස කලත්  දුම් පානයට සමේ සමේ ඇදෙන සුළු බව අඩු කිරීමට හැකිය.

පියයුරු වල ප්‍රමාණයට  ගර්භනී  වු වාර ගණනද බලපායි. ඇත්ත වශයෙන්ම, ඔබට වැඩියෙන්  දරුවන් සිටින විට, ඔබේ පියයුරු හැඩය හා ඍජු බව වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය.

ගර්භණිත්වයට පෙර ඔබේ පියයුරු ද මෙයට බලපායි. ඔබගේ පියයුරු ස්වභාවිකවම කුඩා හා යටකොටසින් වටකුරු නම්  විශාල, දිගු පියයුරු මෙන් නොව, ඒ්වාට හැඩය පවත්වාගෙන යාමේ වැඩි අවස්ථාවක් ඇත.

මව්කිරි ලබා දීමෙන් පසු පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නේ කෙසේද?

අතිරික්ත බර වැඩි වීමද පියයුරු ඇදී යාමට හේතු විය හැක. මව්කිරි දීම ද එයට හේතු වේ.

පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නේ කෙසේද?

ඔබ මව්කිරි දෙන අතරතුර පියයුරු එල්ලා වැටීම වලක්වා ගත හැකිද?

ඒ සදහා එක් මාර්ගයක් වන්නේ මව්කිරි ලබා දෙන අතර තුර පියයුරු වල මාංශ පේශින්ට සහය ලබා දෙන ඒ් සදහා සකස් කල නර්සින් බ්‍රා එකක් පැලදීමයි.

විශේෂයෙන්ම ඔබගේ පියයුරු විශාල වේ නම් ගුරුත්වාකර්ෂණයද හේතුවිය හැකිය. ඕනෑම ඍණාත්මක බලපෑමක් වැළැක්වීම සඳහා, ඔබට මෙම බ්‍රා දවස පුරාම මුළු රාත්‍රිය පුරාම පැළඳිය හැකිය.

එය ඉතා තදින්  අදින්න එපා.

බර වැඩිවීම පාලනය කිරීම හා හදිසි බර අඩු වීමෙන් වළක්වා ගැනීම  මගින් පියයුරු එල්ලා වැටීමේ අවදානම අඩු කර ගැනීමට උපකාර කරනවා.

සත්ව ආහාර අඩුවෙන් අනුභව කිරීමට උත්සාහ කරන්න. ධාන්‍ය , විටමින් බී පොහොසත් ආහාර සහ හරිත එළවලු ඔබේ පියයුරු වල ඇදෙන සුළු මට්ටම පවත්වා ගැනීමට උපකාරී වේ.

ඔබේ සමේ ප්‍රමාණවත් තෙතමනය ඇති බවට වග බලා ගන්න. ඒ් වියළි සමේ ඇදෙන සුළු බව අඩුවෙන නිසයි. ඔබ තෝරා ගත්  භාණ්ඩ කිරිදෙන මව්වරුන්ට සුදුසු බව සහතික වන්න.

ස්නානය කරන විට උණුසුම් හා සීතල ජලයෙන්  මාරුවෙන් මාරුවට ඔබේ පියයුරු සම්බාහනය කරන්න. මෙය සමේ  සංසරණය වැඩි දියුණු කරයි. හැමවිටම සීතල වතුරෙන් අවසන් කරන්න මතක තබා ගන්න.

ඔබ ඔබේ දරුවා ක්‍රමානුකූලව කිරි වරන බවට වග බලා ගන්න.

මෙම මාර්ගෝපදේශ පහෙන් හැරුණු විට, නිරන්තරව සිදු සිදුකර පියයුරු එල්ලා වැටීම වළක්වා ගත හැකි බොහෝ විට නොසලකා හැරෙන ක්‍රම දෙකක් තියෙනවා.

1. පියයුරු  එල්ලා වැටීම වලක්වා ගැනීම සඳහා ඔබේ ඉරියව්ව මනාව පවත්වා ගන්න

මව්කිරි ලබා දිමෙදි ඔබේ ඉරියව්ව ගැන ප්‍රවේශම් වන්න. ගුරුත්වාකර්ෂණයට එරෙහි වන මව්කිරි දෙන ඉරියව්ව අනුගමනය කරන බවට වග බලා ගන්න.

මේ සඳහා නිදසුනක් නම්, ඉහලට වාඩි වී මව්කිරි දීම, බෑවුම් පිහිටීම සහ ආධාරක සඳහා කොට්ටයක් භාවිතා කිරීමය වේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

2. එල්ලා වැටෙන පියයුරු වලක්වා ගැනීම සඳහා විශේෂ ව්‍යායාම කරන්න

සමහරුන් විශ්වාස කරන දේට පටහැනිව, ව්‍යායාම කිරීම කිරි සැපයුමට බලපාන්නේ නැහැ. ව්‍යායාම මගින් පපුවේ පේශි ශක්තිමත් කර පියයුරු අවිධිමත් වීම  වළක්වා ගත හැකිය.

ඩම් බෙල් (dumb bell) අදින්න

මව්කිරි ලබා දීමෙන් පසු පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නේ කෙසේද?

ඔබට ඩම්ප්බෙල් අදින්න උත්සාහ කළ හැකිය. බංකුවක් මත දිගා වී කකුල් පොළවට ඍජුව තබාගන්න. ඉන්පසු ඩම්ප්බෙල් අදින්න.

පුෂ් අප්ස් (push ups)

ඔබට සම්පූර්ණ හෝ අර්ධ පුෂ් අප්ස් කරන්න පුළුවන්. නැත්නම්  ඔබේ සිරුරේ ඉහළ කොටස සොලවමින් දණගසන්න  පුළුවන්. ඔබේ දෑත් එකිනෙකා සමඟ සමාන්තරව තබාගන්න. ඔබට හැකි තරම් දුරට ඔබම පහත් වෙන්න නමුත් එය බලෙන් කරන්න එපා. මෙය ඔබගේ  අත් , පිට  සහ මධ්‍යයට සඳහා හොඳ ව්‍යායාමයක් වෙනවා.

පපුව තෙරපීම

ඔබේ ඉහළ ශරීරය සඳහා තවත් ක්‍රමයක් නම් එක් එක් අතෙහි ඩම්බල්ස් තබා ඒවා  පපුව දෙසට හා ඉන් ඉවතට චලනය කිරීමයි.

විශේෂයෙන් ඔබ සීසර් සැත්කමට භාජනය වුවෙක් නම් දරු ප්‍රසුතියෙන් පසු යම් කිසි ආකාරයක ව්‍යායාමයක හෙදීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

ඔබේ පියයුරු වල මනා හැඩය රැක ගන්න මේ අත්වැල the Asianparent Sri lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • මව්කිරි ලබා දීමෙන් පසු පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නේ කෙසේද?
බෙදාගන්න :
  • දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

    දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

  • මව්කිරි දීම නැවැත්වීමෙන් පසුවත් මගේ පුතු පැටියා ගැන මට හැඟුණු දේවල්

    මව්කිරි දීම නැවැත්වීමෙන් පසුවත් මගේ පුතු පැටියා ගැන මට හැඟුණු දේවල්

  • දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

    දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

  • මව්කිරි දීම නැවැත්වීමෙන් පසුවත් මගේ පුතු පැටියා ගැන මට හැඟුණු දේවල්

    මව්කිරි දීම නැවැත්වීමෙන් පසුවත් මගේ පුතු පැටියා ගැන මට හැඟුණු දේවල්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it