දස මසක් වූ අපූරු චාරිකාව: දෙවැනි මාසය

දස මසක් වූ අපූරු චාරිකාව: දෙවැනි මාසය

දැන් අම්මි ලගට මං ඇවිත් මාසයක් ඉවරයිලු. මං හිතන්නේ අම්මි දැන් දැනන් ඇති එයත් එක්ක පුංචි අමුත්තෙක් ඉන්නවා කියලා.

ගැබිනි සමය දෙවැනි මස තුල ඔබේ දරුවා තුල සිදුවෙන වෙනස්කම් හා ඔබේ ගැබ තුල ඔහු අත්විදින තත්වයන් ඔබ මොහොතකට හිතුවාද?

ඒ පුංචි හිතට කතා කරන්න පුළුවන් වුනා නම් ඔබත් එක්ක කොයිතරම් දේවල් බෙදා ගනියිද?

නමුත් අවාසනාවකට එයාට තාම ඔයා එක්ක අදහස් බෙදාගන්න බැහැ.

නමුත් ඒ පුංචි හිතට ඔබට කියන්න තියෙන ‌දේවල්  ‌මේ විදියට  අකුරු බවට පත්වුනා.

ගැබිනි සමය දෙවැනි මස

ගැබිනි සමය දෙවැනි මස - පුංචි හදවතක රිද්මය 

දැන් අම්මි ලගට මං ඇවිත් මාසයක් ඉවරයිලු. මං හිතන්නේ අම්මි දැන් දැනන් ඇති එයත් එක්ක පුංචි අමුත්තෙක් ඉන්නවා කියලා.

අම්මිගේ දගකාරම් අඩුවෙලා වගේ, මට දැනෙනවා අම්මේ දැන් ඔයා අඩිය තියන්නෙත් හෙමින් පරිස්සමට.

අම්මිගේ  ගර්භාෂයට ආපු දවසට වඩා මං දැන් දස දහස් ගුණයක් ලොකුයි.

දස මසක් වූ අපූරු චාරිකාව: දෙවැනි මාසය

මගේ දිග අගලක් විතර ඇති ප්‍රමාණයෙන් මං රටකජු ඇටයක් විතර ඇති, හැබැයි ඔයාලා මට අගලා කියලා විහිලු කරන්න එපා.

මට දැන් කියන්නේ කලලය කියලා. අම්මිගේ ගර්භාෂය සිනිදු තට්ටු අතුරමින් මට සුව පහසුව දනවනවා.

මගේ පුංචි අත් වර්ධනය වෙලා පුංචි ඇගිලි වල නියපොතුත් තියෙනවා.

මේ පුංචි මට ඕනි කරන ඔක්සිජන්, පෝෂණය දෙන්නෙත් මගේ අපද්‍රව්‍ය ගෙනයන්නෙත් අම්මිවයි මාවයි සම්බන්ධ කරලා තියෙන ආදරණීය බන්ධනය, එයා තමයි වැදැමහ.

අම්මිට දැනුනේ නැති වුනාට මම අම්මිගේ බණ්ඩිය ඇතුලේ පුංචි රවුමක් එහෙම යනවා.

මගේ හදවත සම්පුර්ණයෙන්ම විකසනය වෙලා. ඇහෙනවාද අම්මේ මගේ හදවත ගැහෙනවා.

දස මසක් වූ අපූරු චාරිකාව: දෙවැනි මාසය

අම්මාගේ හදවතට වඩා තුන්ගුණයක වේගයෙන්, මගේ පුංචි පුංචි අවයව ගොඩාක් විකසනය වෙලා ඒවා තම තමන්ගේ වැඩ හීනීයට පටන් අරන්.

මං කොල්ලෙක්ද? කෙල්ලෙක්ද  කියලා මගේ අම්මා දැන ගන්න ආසයි නේද? හැබැයි අම්මේ ඒක තවම රහසක්, මම කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් මගේ අම්මා මට ආදරෙයි නේද ?

මාස ‌දෙකක් ‌ගෙවිලා ගිහින් ‌නේද අම්මේ? තුන්වෙනි මාසෙදි මම අම්මාගේ බණ්ඩිය ඇතුලේ කරන ‌දේවල් දැනගන්න ආසයිද? එහෙනම් ‌මේ ලිපි ‌‌පෙළත් එක්ක දිගටම රැදි සිටින්න.

පළමු නැවතුමට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 
කතන්දර ලිපි