theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

4 අවම කියවීම
අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

අනූෂා ජිවනී මහත්මිය අපිට කියාදෙන තවත් රසවත් ආහාර වට්ටෝරු 2 ක් මෙන්න

මුහුණු පොතේ අනූෂාගේ කිචන් එක පැත්තේ ගියොත් ඒ දකින රසවත් කෑම ඇය කියා දෙන විදියට හදන්නම හිතෙනවා. ඒ වගේම තමයි ඒ ආහාර ලස්සනට ඉදිරිපත් කරලා තියෙන ආකාරය සිත්ගන්නා සුළුයි. ඉතින් අපි අද ඔබට අනූෂා ජීවනී මහත්මියගේ  රසම රස ඉටැලියන් රෙසපි 2ක් (pasta recipes sinhala) අරගෙන ආවා.  ඔබත් මේ ඉතාලි ජාතිකයන් රසවිදින රසවත් කෑම නිවසේදීම හදලා බලන්නත

Pasta recipes Sinhala: ඉතාලි රෙසපි 2ක්

1. ඉටැලියන් රෙසපි : චිකන් පීසා (Pasta recipes Sinhala)

අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

පීසා දෙකක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (Pasta recipes Sinhala)

  •  පාන්පිටි 350 g
  •  ලුණුකුඩු  තේ හැඳි 1 1/2
  •  ඔලිව් තෙල් මේස හැඳි 2
  •  යීට්ස් තේ හැඳි 1 1/2
  • සීනි තේ හැඳි 2
  •  මද උණුසුම් වතුර 250 ml

සකස් කරන ආකාරය (Pasta recipes Sinhala)

පිටි අනා ගැනීම

  • මුලින්ම පිටි එක අනාගමු.
  • උණුසුම් වතුරට යීට්ස්. සීනි දාලා කලවම් කරලා විනාඩි 10 වගෙ තියන්න පිපෙන්න.
  • දැන් ලොකු බාජනයට පිටි, ලුණු, ඔයිල් මෙ යීට්ස් වතුර එක දාලා හොඳට අනාගන්න.
  • දැන් පිරිසිදු මතුපිටකට දාලා පිටි එක විනාඩි 10/15 වගෙ සොෆ්ට් වෙනකන් ඇද ඇද හොඳට අනගන්න.
  • . මම පාන් මැශින් එකෙන් ඇනුවෙ.
  • අනාගත් පිටි එක තෙල් ගාපු බාජනයකට දාලා තෙත රෙදි කෑල්ලකින් වහලා දෙගුනයක් වෙනකන් තියන්න.
  • මම පැයක් වගෙ තිබ්බා

චිකන් එක සකස් කිරීම

  •  කටුනැති චිකන් ටිකක්, මිරිස් කුඩු ටිකක්,  ලුනුකුඩු ගම්මිරිස් ටිකක්, සූදුරැ කුඩු ටිකක්, සුදුරැ කුඩු නැත්නම් අමුතුනපහ චුට්ටක් දාන්න.
  • සුදුලූණු ඉඟුරු පේස්ට් ටිකක් හා දෙහියුෂ ටිකක් දාලා කලවම් කරලා පෑන් එකට තෙල් ටිකක් දාලා හොඳට ෆ්‍රයි කරලා ගන්න .
  • චිකන් අකමැති අයට මේක අවහනෑ.

පීසා සකස් කිරීම

  • පීසා එකට දාන්න අවශ්‍ය දේවල්ම, මම පාට මිරිස්,  ලුණු, ගත්තේ ඔලිවි කෑලි නම් දැම්මෙ නෑ කැමති විදියට ඔයාලට ගන්න පුළුවන් .
  • මම ගත්තේ ගෝඩා චීස් එක ඔයාලට මොසරැල්ලා ගන්න පුළුවන්. මෙවා කැමති විදියට කපලා ලෑස්ති කරගන්න
  • පිටි එක පිපුනට පස්සේ අතින් තද කරලා පිටි ටිකක් ඉහලා කෑලි දෙකකට වෙන් කරගන්න .මම පීසා දෙකක් හැදුවා.
  • දැන් රවුමට වෙන්න තුනි කරලා ගෑරප්පුවකින් ඇනලා සකස්  කරගන්න.
  • පීසා තැටියක් නෑ මට තැටි තියන අයට පුළුවන් එ තැටියට දාලා රවුම් කරගන්න.
  • මන් වගෙ තැටියක් නැති අය ⁣තෙල් කඩදාසියක් දාලා තරමක් තුනි කරට පස්සේ බේකින් ට්‍රෙ එකට තුනිකරපු පිටි එක දාලා ලස්සනට රවුම් කරගන්න.
  • පස්සේ තමයි ගෑරප්පුවකින් ඇනගන්න ඕනෙ. දැන් ඉතින් පීසා සෝස් එකට දාලා ඉට උඩින් චීස් දාන්න වැඩිපුර.
  • ඉටපස්සෙ චිකන් එලවළු කැමති විදියට සරස ගන්න අනිතීමටත් ටිකක් වෙන්න චීස් උඩඩ දාලා ප්‍රීහීට් කරපු අවන් එකෙ 230 C. විනාඩි 15/20 බේක් කරගන්න .
  • එහෙනම් එන්න උණු උණුවෙන් කමු පීසා

පීසා සෝස්

  •  තක්කාලි ගෙඩි 6 , ලොකු ලූණු බාගයක් , වේලිච්ච මිරිස් කරල් 2/3  ගන්න.
  • මුලින්ම තක්කාලි වල X හැඩයට පිහියකින් කැපිල්ලක් දාන්න.
  • මෙහෙක කරන්න කිව්වේ පොත්ත ගලව ගන්න ලේසි නිසා. දැන් තක්කාලි ලූණු වේලපු මිරිස් මෙ ටික විනාඩි 2/3 තම්බ ගන්න.
  • තම්බලා ටිකක් නිමෙන්න තියලා තක්කාලි වල පොත්ත ඇරගන්න.
  • X හැඩටය කපපු නිසා නිකන්ම ගැලවෙනවා. වේලපු මිරිස් වල සැර අකමැති අයට ඇට ඉවත්කර ගන්න පුළුවන් .
  • මෙ ටික හොඳට පොඩි වෙන්න බ්ලෙන්ඩර් කරගන්න.
  • දැන් පෑන් එකකට තෙල් හැන්දක් දාලා පොඩියට කපාගත් සුදුලූණු 3/4 වගෙ කපලා දාලා සුදුලූණු වල අමු ගතිය නැති වුනාට පස්සේ අඹරපු තක්කාලි ටික දාන්න.
  • ලුනුකුඩු එකතු කරලා ටිකක් හිඳෙනකන් තියන්න. හිඳිගෙන එනකොට ටොමෑටෝ සෝස් මේස හැඳි 4 දාලා රස බලන්න..
  • ගම්මිරිස් කුඩු ටිකකුත් දාන්න. සීනි තෙ හැඳි 2 වගෙ දාලා කලවම් කරලා සෝස් එක හොඳට හිඳෙන්න දෙන්න.
  • හොඳට හිඳුනට පස්සේ මික්ස් හර්බ්ස් ටිකක් එකතු කරගන්න ඕනෙ. ( බැසිල්. ඔරිගානෝ ) මම එකතු කරෙ.
  • ලන්කාවේ සුපර් මාකට් වල තියනවා මේවා අඩු මුදලට ගන්න රැපියල් 100 වත් වෙන්නෙ නෑ.
  • මෙ ටික දාලා තව ටිකක් හිඳෙන්න තියන්න. වැඩියෙ වතුර වගෙත් නැතුව වැඩියෙ ගන කමටත් නැතුව හදාගන්න..

2. ඉතාලි රෙසපි (Pasta recipes Sinhala):

: සෝස් පාස්තා

අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  •  රෙඩ්සෝස් පාස්තා
  •  තම්බගත් පාස්තා
  •  අඹරපු චිකන්
  •  පොඩියට කපාගත් ලූණු 1 ලොකු
  • කුඩාවට  කපාගත් සුදුලුනු 1
  • පොඩියට කපාගත් කැරට් 1
  •  ටොමැටෝ ටින් 1
  •  සෝයාසෝස්
  • සීනි
  • ලුනු
  • ගම්මිරිස්

සකස් කිරීම

  • භාජනයට තෙල් ටිකක් දාලා සුදුලුනු එක දාලා ලුණු එකයි කැරට් එකයි දාලා විනාඩි 10 වගේ තෙම්පරාදු කරන්න.
  • දැන් මස් එක දාලා ටිකක් පාට වුනාට පස්සේ ටොමැටෝ එක දාලා වතුර ටිකක් දාලා ලුනු ගම්මිරිස් දාලා වහලා විනාඩි 30 වගේ තියලා ටිකෙන් ටික කලවම් කරන ගමන් උයාගන්න.
  • ඒ අතර පාස්තා එක තම්බ ගත්තා.
  • විනාඩි 30 වගේ ගියාම ⁣ලස්සන පාටක් එනවා සීනි එක රස බලාලා දාන්න.
  • සෝයාසෝස් එකත් දාලා රස අනුව ලුනු බලලා දාලා හදාගන්න

අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් රසම රස කෑම වට්ටෝරු බලාපොරොත්තු වෙමු.

අනූෂා ජීවනී මහත්මියගේ ‌anu kitchen and home  ‌ෆේස් බුක් පිටුවේ පල වු ඉහත ‌රෙසපි හා ඒවායේ ඡායා රූප  ඒ මහත්මියගේ අවසරය හා අනුදැනුම සහිතව නැවත පල කරන ලද බව කරුණාවෙන් සලකන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්
බෙදාගන්න :
  • ගෙදර කට්ටියට රස කර කර කන්න රස වෑහෙන ඉතාලි රෙසිපි 7ක්

    ගෙදර කට්ටියට රස කර කර කන්න රස වෑහෙන ඉතාලි රෙසිපි 7ක්

  • Hubby's kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

    Hubby's kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

  • ගෙදර කට්ටියට රස කර කර කන්න රස වෑහෙන ඉතාලි රෙසිපි 7ක්

    ගෙදර කට්ටියට රස කර කර කන්න රස වෑහෙන ඉතාලි රෙසිපි 7ක්

  • Hubby's kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

    Hubby's kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it