theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවසේ ඉන්න ගමන් ඔබේ සැමියා එක්ක කරන්න පුළුවන් දේවල් 20 ක්

5 අවම කියවීම
නිවසේ ඉන්න ගමන් ඔබේ සැමියා එක්ක කරන්න පුළුවන් දේවල් 20 ක්නිවසේ ඉන්න ගමන් ඔබේ සැමියා එක්ක කරන්න පුළුවන් දේවල් 20 ක්

කොරොන්ටයින් සමයේ සැමියා අන්තර්ජාලයෙන් මුදවා ගන්නා මායම් 20 ක් ‌මෙන්න

සැමියා සමග නිවසේ ඉන්න මේ දවස් වල ඔහු අන්තර්ජාලයේ අතරමං වෙලාද?

අහන අහන දේට ෆෝන් එක දිහා බලාගෙන හ්ම් හ්ම් ගාන බකමුණෙක් වෙලාද?

එහෙම වෙලාවට ඔබට ඔහුත් එක්ක තරහා යනවාද? පොඩ්ඩක් ඉන්න.

අපි අද ඔබට කියා දෙන්නම් තරහා නොගෙන ඔහුව ඉන් මුදාගන්න පුළුවන් මායම් 20 ක්

සැමියා සමග මේ දේවල් 20 කරලා බලන්න

1.එකිනෙකා සම්බාහනය කලොත් මොකද?

නිවසේ ඉන්න ගමන් ඔබේ සැමියා එක්ක කරන්න පුළුවන් දේවල් 20 ක්

Photo Credit to www.insider.com

නිවසට වේලාම පීඩනයට පත්වෙලා ඉන්න ඔබ දෙපළට මානසික සැනසීම ලබා දෙන්න වගේම ආදරණිය වෙන්න ප්‍රේමණිය සම්බාහනයක් කලොත් හොදයි නේද?

දෙන්නාටම විවේක කාලය  තියෙන නිසා දෙදෙනාටම මෙලෙස සම්බාහනය කරගනිමින් සංසුන් වෙන්න පුළුවන්.

ඉටිපන්දම් දල්වා සම්බාහනය කිරීමට අවශ්‍ය ක්‍රීම් එකක් භාවිතා කර සම්බාහනය කිරීමෙන් වැඩි සහනයක් අත් කරගන්න පුළුවන්.

2.සැමියා සමග අලුත් ෆොටෝ ටිකක් බිත්තියේ එල්ලලා බලන්න

ඔබ දෙපල විවාහ වී වසර ගණනාවක් එකට ජීවත් වුවත් විවාහ වු අලුතම වුනත් ඔබ එක්ව ජිවත් වෙන විට  නව ඡායාරූප එල්ලීමෙන් ඔබ ජිවත්වෙන පරිසරය තුල නැවුම් බවක් අත්විදින්න ඔබ දෙපලටම පුළුවන්.

3.සැමියා සමග  දෙන්නා එක්ක එකට ව්‍යායාම කරන්න

දෙදෙනා එක්ව ව්‍යායාම කිරීමෙන් දෙදෙනාටම සෞඛ්‍යසම්පන්න බවක් ලබාගන්න පුළුවන්.

ඒ වගේම ව්‍යායාම කිරීමෙන්  කාංසාව අඩු කරන බව සනාථ වී ඇති බැවින් එය ඔබේ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීමටද උපකාරී වෙනවා.

ඒ නිසා ඔබේ සහකරු සමඟ ඕනෑම ආකාරයක ආරක්ෂිත ව්‍යායාමයක යෙදෙන්න.

4.සැමියා සමග වීඩියෝ ක්‍රීඩා කරන්න

මනස සංසුන් කල හැකි විවිධ වීඩියෝ ක්‍රීඩා තියෙනවා. ඒවායේ නියැලීමෙන් ලෝකයේ යථාර්ථයෙන් ගැලවී මදකට හෝ ඔබට අස්වැසිල්ලක් ලබාගන්න පුළුවන් වේවි.

එබැවින් ඔබ දෙදෙනාට ගැලපෙන විඩීයෝ ක්‍රීඩාවක් තෝරා ගෙන දෙන්න එක්ක සෙල්ලම් කරන්න.

ඔබ දෙදෙනාටම එක්ව ටිකක් විනෝද වෙන්න පුළුවන්.

5.සැමියා සමග මිතුරන් අමතන්න

ඔබේ සැමියා සමඟ නිවසටම වෙලා ඉන්න එක කොච්චර සුන්දර වුනත් මග හැරුන ඔබේ මිතුරන් අමතක නොකරන්න.

සියල්ලන්ම මේ මොහොතේදි සමාජ දුරස්ථතාවය අත්විදින නිසා දෙදෙනාම එක් වී මිතුරන් ඇමතිම දෙපිරිසටම දැනුන තනිකම දුරලාවි.

6.සැමියා සමග එකතු වෙලා ගෘහ භාණ්ඩ වල පිහිටීම වෙනස් කරන්න

නිවසේ ඉන්න ගමන් ඔබේ සැමියා එක්ක කරන්න පුළුවන් දේවල් 20 ක්

Photo Credit to www.insider.com

මේ වසංගතය සමයේ නිවසටම කොටු වුන ඔබ හා ඔබේ සහකරුට කාලය ඇතිතරම් තියෙනවා නේද?

ඒ නිසා  ඔබේ නිවසේ විවිධ ගෘහ භාණ්ඩ තිබෙන ස්ථාන වෙනස් කර නිවෙස සකස් කරන්න.

සැමියා සමඟ එය කිරීම පහසු වේවි.

මේ මගින් ඔබේ නිවසට අලුත් පෙනුමක් ලබා ගත හැකි අතර ඔබට නිවසේ  දැනෙන ඒකාකාරි බවට හොද විසදුමක් වේවි.

7.කෑම පිසීමේ තරගයක් තියන්න

නිවසේ සිට කලහැකි ‌දේවල්

දෙන්නා එක්ක කෑම පිසීමේ තරගයක් තියන්න. පරාජිතයාට පිගන් හෝදන්න කියමු.

එවිට එය වඩාත් තරගකාරි වගේම විනෝදාත්මක වේවි.

නිවසේ දැනට තියෙන දේවල් වලින් පිසින්න හැකි දේවල් සොයා බලන්න.

තරගය අවසානයේදි රසම රස කෑම වේලක් දෙන්නාටම රස විදින්න පුළුවන් වේවි.

8.  සැමියා සමග අල්මාරිය අස් කරන්න

ඔබේ අල්මාරියේ දේවල් පිළිවෙළට තබන්න කාලේ මදිවෙලාද ඉන්නේ?

ඒ වගේම තනියම කරන්න අපහසුයි වගේද? කණගාටුවෙන්න එපා.

ඔන්න මේ වසංගතය නිසා ඔබට කාලය ලැබිලා තියෙනවා. සැමියාත් ගෙදර ඉන්නවා.

දෙන්නා එක්ක එකතු වෙලා අනවශ්‍ය දේවල් ඉවත් කරලා අල්මාරිය ලස්සනට අස්කරගන්න.

එය පිළිවෙල වුනාහම ඔබ දෙපළට ඇදුම් සොයා ගන්න පහසු වේවි.

9. ඔබගේ පැරණි පවුලේ ඡායාරූප වලින් ඇල්බම් එකක් හදන්න

සැමියා සමග

Photo Credit to www.insider.com

දෙන්නා එක්ක පරණ ෆොටෝ එකතු කරලා ලස්සන ඇල්බම් එකක් හදන්න.

එවිට ඔබේ පැරණි මතකයන් අස්ථානගතවීම වලක්වාගත හැකි අතර අනාගතයේ දවසක ඔබට දකින්නට සුන්දර පැරණි මතකයන් ආරක්ෂා වී තියේවි.

10.සැමියා සමග ප්‍රහේලිකා විසදන්න.

හරස්පද සහ ප්‍රහේලිකා ඔබේ කම්මැලිකම මකන්න ඉතා හොඳ ගෘහ ක්‍රියාකාරකම් වෙනවා.

ඔබට ඒ මගින් දෙදෙනාටම එකතු වී එයට අවධානය යොමු කල හැකි අතර මේ දවස්වල නිවසට වෙලා ඉන්න නිසා අලසව ඉන්න ඔබේ මොලයටත් හොද ව්‍යායාමයක් වේවි.

11. බේඩ්ෂීට් එකක් ඇතුලට ගුලිවෙලා චිත්‍රපටයක් බලන්න

දෙන්නා එක්ක බෙඩ්ෂිට් එක අස්සට ගුලි වෙලා ෆිල්ම් එකක් බැලීම ඔබට ප්‍රේමණිය අත්දැකීමක් ලබා දෙනු ඇත.

ඒ සදහා සුදුසු ෆිල්ම් එකක් දෙදෙනාගේම කැමැත්ත අනුව තොරා ගෙන එය බලන්න.

12. විනෝදය දෙන දේවල් කරන්න

විනෝදය සොයා ඔබට මේ දවස් වල එළියට යන්න බැහැ තමයි. ට්‍රිප් ගිය හැටි මතක් වෙන කොට හීල්ලෙනවාද?

කමක් නැහැ. අපි විනෝදයට ඔබේ නිවස තුලට එන්න කියමු. එලිමහනේ ලිපක් භාවිතා කර රසවත් කෑමක් සකස් කර රස විදින්න.

ඊටපස්සේ ඔබේ ‌ගෙවත්තෙම පික්නික් එකක් යන්න.

13.ටික වේලාවක් ඔබ දෙදෙනා වෙන්ව ඉන්න

දෙන්නා එක්ක එකට ඉන්නවා වගේම වෙන් වෙන්ව ඉන්න එකත් වටිනවා.

ඉදහිට ඔබ හා ඔබේ සහකරු වෙන් වෙන්ව කටයුතු කිරීමටත් සැලසුම් කරන්න.

එවිට දෙන්නාට තනි වු විට දවස ගත වු හැටි අනෙකාට කියන්න කතාවක් තියෙනවා.

14.සැමියා සමග විශේෂ රාත්‍රි ආහාරයක් එක්ව පිසින්න

නිවසේ ඉන්න ගමන් ඔබේ සැමියා එක්ක කරන්න පුළුවන් දේවල් 20 ක්

 

දෙන්නා එක්ක එකතු වෙලා රසවත් ආහාර වේලක් පිසින්න.

මුළුතැන් ගෙයි තියෙන පුංචි පුංචි වැඩ සැමියාට කරන්න දෙන්න. 

එය විනෝදජනක වේවි. අවසානයේදි දෙදෙනාට එකතුව කැන්ඩල් නයිට් ඩිනර් එකක් භුක්ති විදින්නත් පුළුවන්.

15.දෙන්නා එක්ක එකට ස්නානය කරන්න

මෙය නම් තරමක් සරාගි අත්දැකීමක් වෙනු නියතයි. එය වඩා ප්‍රේමණිය කරගැනීම ඔබ සතුයි.

 16.දෙන්නා එක්ක හවසට ඉගුරු ප්ලෙන්ටියක් බොන්න 

දෙන්නා එකට ගෙදර ඉන්න නිසා විශේෂයෙන් දවස ගැන දෙන්නාට කතා කරන්න දේවල් නැතුව ඇති නේද?

ඒත් ඔබ දෙපල හමු වු හැටි ජිවිතයේ රස මුසුතැන් මතක් කරමින් උණු උණු ඉගුරු ප්ලේන්ටියක් බිව්වොත් නියමයි නේද?

17.පරණ බිල් හා බදු ගෙවීම් පිරික්සන්න 

ආදායම් බදු ගෙවිය යුතු දිනය , බිල්පත් ගෙවිය යුතු දිනය හා ගෙවිය යුතු මුදල් ඇතිදැයි දෙන්නා එක්ක එකතු වෙලා පරීක්ෂා කර බලන්න.

18.සැමියා එක්ක තියෙන ඉඩෙහි යමක් වවන්න

ඔබේ ගෙමිදුලේ පුංචි හෝ ඉඩක් ඇතිනම් එහි ආහාරයට ගත හැකි පුංචිම හෝ දෙයක් වවන්න.

මේ අසීරු සමය අවසන් වෙන විට ඔබට වස විෂ නැති කෑම ඔබේ ගෙවත්තෙන්ම ලැබේවි.

19.ආදර සටහන් ලියන්න

පුංචි පුංචි චිට් වල ඔබේ ආදරය අකුරු කර ඔබේ සහකරුට ලැබෙන්න සලස්වන්න .

ඔහුටත් එය ප්‍රේමණිය අත්දැකිමක් වෙනු නොඅනුමානයි.

දැනට මෙම වෛරසය නිසා නිවාස වල සිටින ජනයා ගෙන් ගෘහස්ත හිංසනය හා දික්කසාද සිදුවීම් වාර්තා වෙන නිසා ප්‍රේමය ඔබ දෙපල අතරම තබා ගැනීම වැදගත් වෙනවා.

20 සැමියා එක්ක ඩාන්ස් කරන්න

දෙන්නාම ආසා කරන සිංදුවක් දාලා ටිකක් ඩාන්ස් කරනන්න.

එවිට දෙදෙනාටම ප්‍රේමණිය කාලයක් ගත කරන්න පුළුවන්.

මුලාශ්‍ර – www.insider.com

පරිවර්තනය හා සංස්කරණය  – නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • නිවසේ ඉන්න ගමන් ඔබේ සැමියා එක්ක කරන්න පුළුවන් දේවල් 20 ක්
බෙදාගන්න :
  • විවාහයක් අසාර්ථක වීමට හේතු වන සහකරුවන් කරන වැරදි 41ක්

    විවාහයක් අසාර්ථක වීමට හේතු වන සහකරුවන් කරන වැරදි 41ක්

  • ලිංගික එක්වීමකින් පසුව කල යුතු දේවල් 5ක්

    ලිංගික එක්වීමකින් පසුව කල යුතු දේවල් 5ක්

  • විවාහයක් අසාර්ථක වීමට හේතු වන සහකරුවන් කරන වැරදි 41ක්

    විවාහයක් අසාර්ථක වීමට හේතු වන සහකරුවන් කරන වැරදි 41ක්

  • ලිංගික එක්වීමකින් පසුව කල යුතු දේවල් 5ක්

    ලිංගික එක්වීමකින් පසුව කල යුතු දේවල් 5ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it