අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

අලුත් අම්මලා ලස්සන ‌වෙන්න ආසයිද? ‌මෙන්න එහෙනම් ස්වභාවික සත්කාර 8 ක්

අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන සත්කාර මොනවද කියලා අපි කොයි කවුරුත් උනන්දුයි. කාන්තාවක් අම්මා කෙනෙක් වෙන්න යන්නේ අසීරූ ගමනක්.

අපමණ කැප කිරීම් මැදින් තමන්ට තමන්වත් නැති කරගෙන කරන මේ අමිල සේවය අන්තිමට මාතෘත්වය නමින් පිදුම් ලබනවා.

ගර්භණි කාලයේ අම්මා අවලස්සන වෙනවාද?

ඔනෑම සමක් ලස්සන වන අතර නිරෝගීව පවත්වා ගැනීම වැදගත් ‌වෙනවා. ‌

ඊට අමතරව ගැබිනි කාලයේදි සිදුවෙන හෝමෝන වෙනස්කම් නිසා කාන්තාවන්ගේ රූපය ටිකක් අඩු කරනවා.

සම අවපැහැ වීම, වියළීම , සමේ ඇදෙන සලකුණු, හිසකෙස් දුර්වල වීම හා හිසකෙස් හැලී යෑම වැනි බොහෝ දේවල් සිදුවෙනවා.

ඒක දරුවන් ලැබීමේදි අම්මලා කොයි කාටත් පොදුයි. ඉතින් දරුවා ලැබිලා අලුත් අම්මා ගෙදර ආවට පස්සේ දරුවාගේ වැඩක් එක්ක ගොඩාක් කාර්‍ය බහුලයි. 

ගොඩාක් ‌වේලාවට තම රුව ‌වෙනුවෙන් වැය කරන්න ‌වේලාවක් නැහැ කියලා එයාලා හිතනවා.

ඒක ඇත්තටම වැරදියි.

පුංචි පැටියා ආපු මුල දවස් වල ‌ගොඩාක් නිදාගන්නවානේ.

ඉතින් අන්න ඒ වගේ ලැබෙන ඉඩකඩකින් පුංචි ඉඩක් අරගෙන අදුරු වුන සම පැහැපත් ‌වෙන්න සත්කාර ටිකක් කරමුද?

1. සම පිරිසිදු කිරීම

අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

සම පැහැපත් කර ගැනීමට සමට ස්වභාවික පැක් එකක් යොදා ගන්න පුළුවන්. අපි ඔබට එවන් ස්වභාවික පැක් වර්ග 4 ක් අද ගෙන එනවා.

පළමුව මුහුණ හොදින් පිරිසිදු කරන්න. ඒ සදහා ක්ලෙන්සර් එකක් විදියට සම අනුව පහත ද්‍රව්‍ය යොදාගන්න පුළුවන්.

  • සාමාන්‍ය සමට

නැවුම් කිරි පුළුන් කැබැල්ලක ආධාරයෙන් මුහුණේ ආලේප කරන්න. ඊලගට එය සෝදා ඉවත් කරන්න.

  • තෙල් සහිත සමට

කඩල පිටි, කහ හා නැවුම් කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට සෝදා එය ඉවත් කරන්න.

  • වියළි සම

බිත්තර කහමද, මී පැණි හා කුඩු කරගත් ආමන්ඩ් ඇට කහ හා නැවුම් කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට සෝදා එය ඉවත් කරන්න.

  • මිශ්‍ර සම

පිපිඤ්ඤා හා මී කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට එය සෝදා ඉවත් කරන්න.

ඉන්පසු මුහුණට පැක් එක ‌යොදන්න පුළුවන්.

2.අලුත් අම්මාගේ ලස්සන වැඩි ‌‌වෙන්න පැක් එකක් ‌යොදන්න

අලුත් අම්මාගේ ලස්සන

තම්බාගත් අර්තාපල් ගෙඩි 01

දෙහි ඉෂ්ම

මී කිරි හෝ යෝගට්

මීපැණි

එකට මිශ්‍ර කර ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. මෙම සත්කාරය සතියකට දින තුනක් කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉන්පසු සෝදා ඉවත් කරන්න.

  • ද‌ෙවන පැක් එක

අල ගෙඩියකින් භාගයක් තම්බා ගන්න. අනෙක් භාගේ බෙලෙන්ඩ් කර ඊට රෝසවතුර එක් කර ගන්න.

කස්තුරි කහ මේස හැදි 01

සුදු හදුන් මේස හැදි 01

සියල්ල මිශ්‍ර කර සමට  ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. ඉන්පසු සෝදා ඉවත් කරන්න.

  • තුන් වන පැක් එක

ලප කැලල් මකා දමා කුරුළෑ පාලනය කර සම සුදු කිරීමට:

කෝමාරිකා ජෙල් (මද) තේ හැදි 02

සුදු හදුන් තේ හැදි 01

දෙහි යුෂ තේ හැදි 01

සියල්ල මිශ්‍ර කර සමට  ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. ඉන්පසු සෝදා ඉවත් කරන්න.

  • හතර වන පැක් එක

ඩබල් බොයිල් කර ගත් වැස්ලීන් මේස හැදි 01

ශීත ජලය මේස හැදි 02

කිරි මේස හැදි  01

දෙහි යුෂ මේස හැදි 01

සියල්ල මිශ්‍ර කර සමට  ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. ඉන්පසු සෝදා ඉවත්

කරන්න.

3.ස්ට්‍රෙච් මාර්ක්  මකා ගනිමු

අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

ස්ට්‍රෙච් මාර්ක්ස් අවලස්සනයි කියලා හිතනවාද?

සමේ ලස්සන ගැන වද වෙන ඔබට කුස පුරා සමේ ඇති ස්ට්‍රෙච් මාර්ක් හිසරදයක් නේද?

ඔන්න එහෙනම් ඒවාට පහසුවෙන් ගෙදරදීම කරන්න පුළුවන් අත්බෙහෙත් කිහිපයක්

  • සීනි

සීනි ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කිරීම සුදුසුයි.

ආමන්ඩ් තෙල් හෝ පොල්තෙල් වැනි මෘදු කිරීමේ කාරකයක් සමඟ සිනී 1/4 කෝප්පයක් තෙත් වැලි පදමට එනතුරු මිශ්‍ර කරන්න.

දැන් මෙයට ‌දෙහි යුෂ ටිකක් එකතු කරන්න.

ඔබේ ශරීරයේ ස්ට්‍රෙච් මාර්ක්  ඇති තැන මිශ්‍රණය ආලේප කර අතුල්ලන්න.

ස්නානය කරන අතරතුර සතියකට කිහිප වතාවක් මෙම සත්කාරය කරන්න. මිශ්‍රණය ආලේප කර විනාඩි 8-10 ක් පමණ අතුල්ලා ඉවත් කරන්න.

  • කෝමාරිකා

කෝමාරිකා  ස්වාභාවික සුව කිරීමේ කාරකයක් මෙන්ම සම මෘදුකාරකයක්ද වෙනවා.

ඒ වගේම එය සම සිසිල් කිරීම, තෙතමනය රැකදීම හා සමේ ඇදෙනසුළුබව ඇතිකිරීමට ‌හේතු ව‌ෙනවා.

තවද මෙම ඇදුනු සලකුණු මැකිමට කෝමාරිකා කදිම ඔසුවක් වෙනවා.

දිනකට වරක් ඔබේ ඇඟ  සේදිමෙන් පසු කෝමාරිකා කොලයක යුෂ සුරාගෙන ගෙන ඇදුනු සලකුණු මත ආලේප කරන්න. වියලුන පසු ඒවා ඉවත් කරන්න.

  • පොල්තෙල්

පොල්තෙල් කියන්නේ ඔබේ සමේ ඇතිවෙන ඇදුනු සලකුණු වලට තවත් අපූරු අත් බෙහෙතක් තමයි.

සෑම දිනකම පිරිසිදු පොල්තෙල් බිංදු කිහිපයක් ‌ගෙන ඔබේ ඇදුනු සලකුණු  වලට ආලේප කරන්න. එවිට ඒවායේ රතු පැහැය නැති වී යනවා.

පොල්තෙල් වල පවතින් ඉතාමත් ඉහල සුව කිරීමේ ගුණය නිසා ‌මේ අවලස්සන සලකුණු ඉක්මනින්ම මැකි යනවා.

4. හොදින් ජලය පානය කරන්න

අලුත් අම්මා මව්කිරි දෙන නිසා සිරුරට විශාල ජල පුමාණයක් අවශ්‍ය වෙනවා.

සිරුරෙන් අධිකව ජලය පිටවෙන විට සම වියලි ස්වභාවයක් ගන්නවා. ඒ නිසා දවස පුරා හොදින් ජලය පානය කරන්න. 

5.ව්‍යයාම ලබා ගන්න

සමේ ලස්සන වගේම සිරුරේ හැඩය පවත්වා ගන්න, වැඩි වු බඩ අඩු කරගන්න ව්‍යායාම ඔබට ලබා දෙන්නේ විසල් සහයක්.

දරුවා ලැබී ව්‍යායාම පටන් ගත යුතු කාලය ඔබේ සෞඛ්‍ය තත්වය අනුව වෛද්‍යවරයා ගෙන් විමසා උපදෙස් ගන්න.

ඒ අනුව නියමිත කාලයේ ඔබට සුදුසු ව්‍යයාම වල නිරත වෙන්න.

6.සමබර ආහාර වේලක් ගන්න

නැවුම් එළවළු , පළතුරු , පළා වර්ග ඇතුලුව සමබර පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න.

ඔබ දරුවා මව්කිරෙන් පෝෂණය කරන නිසා ආහාර පාලනයකට යන්න එපා. 

7.ස්නානය කර පිරීසිදුව ඉන්න

ස්නානය කිරීමෙන් බාහිර සම පිරිසිදුව නිරෝගිමත්ව තබාගන්න පුළුවන් වගේම ඔබට ප්‍ර්‍රබෝධමත් බවක්ද ලබා දෙනවා.

අලුත් අම්මා‌ෙගේ ලස්සන ‌වැඩි කරන්න පුළුවන් ‌දේවල් ඔබත් දන්නවාද? එහෙනම් අපිත් එක්ක ‌බෙදාගන්න.

8.මනස සැහැල්ලුවෙන් තබාගන්න

මුලාශ්‍ර- සුදු ‌වෙන්න ආසයිද?

ස්ට්‍රෙච් මාර්ක් 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.