theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලිංගික අනුකූලතාව පිළිබඳව ඔබ දැනගත යුතු කරුණා කිහිපයක්

5 අවම කියවීම
ලිංගික අනුකූලතාව පිළිබඳව ඔබ දැනගත යුතු කරුණා කිහිපයක්ලිංගික අනුකූලතාව පිළිබඳව ඔබ දැනගත යුතු කරුණා කිහිපයක්

ලිංගික ජිවිතය තුලත් හොද ගැලපීමක් අවශ්‍ය වෙනවා.

ලිංගික අනුකූලතාවය නැතිනම් ඔබ දෙපළගේ ලිංගික ගැලපීම කොහොමද? ඒ ගැන හරි අදහසක් නොමැතිව එය විස්තර කරන්න අපහසුයි නේද?

ඔබ ලිංගික ජිවිතය තුල කොයි තරම් දුරට ගැලපෙන යුවලක්ද යන්න ඔබේ විවාහය පැවැත්ම හා ප්‍රීතිමත් බව තීරණය කරන බව සමහර විට ඔබ නොදන්නවා වෙන්න පුළුවන්.

මේ ඒ ගැන ඔබට කරන මග පෙන්වීමකි.

මනෝ විද්‍යාවට අනුව එය  සහකරුවන් දෙපළක් එකිනෙකා සමඟ ලිංගික විශ්වාසයන්, මනාපයන්, ආශාවන් සහ අවශ්‍යතා බෙදාගන්නා බව වටහා ගන්නා තරම එයයි. 

සායනික මනෝ විද්‍යාඥ වෛද්‍ය ක්‍රිස්ටෝපර් රයන් ජෝන්ස් ලිංගිකත්වය මෙලෙස අර්ථ දක්වනවා

  • ලිංගිකත්වය අපේක්ෂිත වාර ගණන සහ කාලසීමාව
  • ලිංගිකත්වය සඳහා වඩාත් කැමති “පරිසරය”
  • සක්‍රිය වීම හා  අක්‍රිය වීම 
  • සම්බන්ධතා දිශානතිය

ඉහත කාරනා සම්බන්ධයෙන් ඔබගේ අදහස් සමාන වෙන තරමට ඔබ ලිංගිකව හොද ගැලපීමක් සහිත වෙනවා.

එකිනෙකාගේ මනාපයන් දැන සිටීමෙන් ඔබට හොද ලිංගික අනුකූලතාවයක් ඇති කරගන්න පුළුවන්.

ඇත්තටම ලිංගික අනුකූලතාවය ගැන කථා කරන්න කලින් මේ ලිංගිකත්වය කුමක්ද යන්න ඔබ දන්නවාද?

මේ ප්‍රශ්නය සදහා අහන අයගෙන් ඔබට ලැබෙනුයේ එකිනෙකට වෙනස් පිළිතුරුයි.

ඇත්තටම ලිංගිකත්වය එකිනෙකා දකින කෝණයම වෙනස් වෙන අයුරු ඔබටම මෙහිදි වටහා ගන්න පුළුවන්. 

එසේ නම් එකිනෙකා ලිංගිකව ගැලපෙන බව සොයා ගන්නේ කෙසේද?

ලිංගික සංසර්ගය

මේ කාරණා ප්‍රවේශමෙන්  කියවන්න. ඔබට ඒ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

ඒ වගේම ඔබ දෙදෙනා ලිංගිකත්වය කෙරෙහි එකගතාවයක සිටින තාක්කල් මෙම සාධක වලට ඔබට බලපෑම් කරන්න බැහැ.

අවශ්‍යතා සහ ආශාවන් ඇතිවෙන්නේ කෙසේද?

ලිංගික අනුකූලතාවය යනු ඔබ විවාහයට පෙර හෝ පසුව සහ එකිනෙකා සමඟ ලිංගිකව හැසිරෙරීම පමණක් නොවේ. ඒ හා බැදි කාරණා ගණනාවක් තියෙනවා.

1. පරිසරය:

ඔබ ලිංගිකව හැසිරීමට කැමති ස්ථානය, විදුලි පහන් දැල්වී තිබීම හෝ නොතිබීම , කුමන වර්ගයේ සංගීතයක් වාදනය විය යුතුද සහ කාමර උෂ්ණත්වය වැනි දේවල් වලින් ලිංගිකත්වය සදහා ඔබ කැමති පරිසරයක් නිර්මාණය වෙනවා.

මෙහිදි ලිංගිකත්වය සදහා  ඔබ කැමති පරිසරය ඔබේ සහකරු කැමති පරිසරයට හාත්පසින්ම වෙනස් නම් එතැන ගැටලුවක් පැන නගිනවා.

2. ඔබ කොපමණ කාලයක් යනවාද?

 එක් අයෙකු විනාඩි කිහිපයක් අතර විදින්න කැමති ලිංගික හැසිරීම තවත් අයෙකුට පැය ගාණක් විදින්න අවශ්‍ය වෙන්න පුළුවන්.

ඔබ ඉක්මනින් ලිංගික හැසිරීම තුල වින්දනයක් සොයන්නෙක් නම් ඔබට ලිංගිකව අනුකූල වන්නේ එවන් හදිසිකාරයෙකි.

3. විශේෂිත ලිංගික ක්‍රියාවන්:

 එකිනෙකාට සතුට ලැබෙන ලිංගික ඉරියව් හා ලිංගික ක්‍රියා තිබෙනවා.

ඔබට වින්දනය හා තෘප්තිය ලබා දෙන එවන් ක්‍රියා සදහා ඔබේ සහකරු කැමතියි නම් ඔබට ලිංගිකව අනුකූල සහකරුවෙකු ලැබී තිබෙනවා.

4. ඔබ එය කොපමණ වාරයක් කරන්නේද: 

ලිංගිකව එක්වීම එකිනෙකා අනුව ලැබෙන අවස්ථා අනුව වෙනස් වෙනවා. ඔබ එය කරන්නේ කෙසේද?

සංවත්සරවල පමණක්ද? මසකට කිහිප වතාවක්? සතියකට වරක්? දිනකට කිහිප වතාවක්?

කෙසේ වෙතත් ඔබගේ හා සහකරුගේ ලිංගික අවශ්‍යතාවයන් මදක් හෝ සමාන වන්නේ නම් ඔබේ ගැලපීම සදහා එයත් නිදසුනක් වෙනවා.

5. ලිංගික ආශාව:  

ගර්භණීභාවය, ළමයින්, වැඩ, සෞඛ්‍යය, පාරිසරික වෙනස්කම් සහ ඖෂධ වැනි දේ නිසා ලිංගික ආශාව හීන වෙන්න පුළුවන්. 

යුවලක් කිසියම් අවස්ථාවක විවිධ හේතුන් නිසා මෙම ලිංගික ආශාව නොගැලපීමෙන් පීඩා විදින්න පුළුවන්.

ලිංගික ගැලපීම ඔබට හදුනාගත හැකි දෙයක්ද?

ලිංගික එක්වීම

එය නොදැනෙන සිටින්න උත්සහා කරන්න පුළුවන්. ඒ වගේම සමහර විට එසේ නොකරන්නත් පුළුවන්.

ඔබ ලිංගිකව අනුකූලද යන්න හඳුනා ගැනීමට හොඳම ක්‍රමය එකිනෙකා අදහස් හුවමාරු කර ගැනීමයි.

ලිංගික ගැලපීම ඔබ සොයා ගත යුත්තේ කෙසේද?

ඔබ දෙදෙනාම එකම ආකාරයට ක්‍රියා කරන බවට හදුනා ගත හැකි  ඉගි පහත දක්වා තියෙනවා

  • ඔබේ ලිංගික අවශ්‍යතා සදහා ඔවුන් ඉටු කරයි
  • ඔබ දෙදෙනාටම සමාන ලිංගික අවශ්‍යතා තිබෙයි.
  • සරාගී කෙටි පණිවිඩ වැනි ඔබගේ ලිංගිකත්වය හා සම්බන්ධ ක්‍රියාවන්ට ධනාත්මකව ප්‍රතිචාර දක්වයි.
  • සරාගී චිත්‍රපට, ගීත වැනි සරාගී දේවල් සදහා එකම ආකාරයේ ප්‍රතිචාර දක්වයි

ඔබේ සහකරු සමග විවෘතව, අවංකව හා පැහැදිලිව අදහස්  හුවමාරු කරගඅනීම හොද ලිංගික ජිවිතයක් ගත කිරීම සදහා වැදගත් වෙනවා.

සලකා බැලිය යුතු කරුණු

ඔබ දෙදෙනා ලිංගිකව නොගැලපේ නම් පහත කරුණු පිළිබදව සලකා බලන්න.

  • නොගැලපීම කොතරම්ද?

ඔබ දෙදෙනා අතර ඇති වෙනස්කම් නැති නම් ඔබේ කැමැත්ත අතර පරතරය ඉතා වැඩිද යන්න සොයා බැලිය යුතුයි.

  • නම්‍යශීලී වීමට කැමතිද?

එකිනෙකාගේ ලිංගික අවශ්‍යතාවයන් කෙරෙහි එකිනෙකාට නම්‍යශීලී විය හැකි ප්‍රමාණය සොයා බලන්න.

  • කොපමණ උත්සාහයක් දැරීමට කැමතිද?

ඔබගේ ලිංගික  ගැලපීම වැඩි දියුණු කිරීමට උත්සාහ දරන්නේද යන්න අනෙක් කෙනාගේ හැගීම් හා හැසිරීම අනුව සොයා බැලිය යුතුයි.

ලිංගික ගැලපීමක් නොමැති කුමක් කල යුතුද?

හොද ලිංගික ගැලපීමක් තිබීම ඔබේ සම්බන්ධතාවයට තදින්ම බලපාන බව මතක තබා ගන්න.

ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබ දෙදෙනාම විවෘතව සාකච්ඡා කර තීරණයකට එළඹෙන්න.

අතෘප්තිමත් ලිංගික ගැලපීම සකස් කරගන්න කටයුතු කරනවාද? නැතිනම් එය අත්හැර දමනවාද යන්න එහිදි පැහැදිලි තීරණයකට එන්න පුළුවන්.

ලිංගික ගැලපීම ඔබට කාලයත් සමඟ ඇති කරගන්න පුළුවන්ද?

ලිංගික එක්වීම

නිරන්තර හා විවෘත සාකච්ඡා කිරීම් තුලීන් ඔබේ ලිංගික අනුකූලතාව කාලයත් සමඟ විකාශනය වෙනවා. 

ලිංගික අවබෝධය, අවශ්‍යතා සහ ලිංගිකත්වය බෙදා ගැනීම තුලින් ලිංගික අනුකූලතාවය ඇතිවෙනවා.

ඔබ සහ ඔබේ සහකරු “පරිපූර්ණ” ගැලපීමක් රහිත නම්, එය විවෘත කතා බහ කර  සහ එකගතාවය තුළින් වැඩිදියුණු  කරන්න පුළුවන්

නමුත් ඔබ ලිංගිකව නොගැලපෙන බව ඔබ තීරණය කරන්නේ නම්, ඒ සදහා පියවර ගැනීමටද ඔබට බාධාවක් නැත.

ලිංගික ජිවිතය විවාහ ජිවිතය තුල ප්‍රධාන තැනක් ගන්නා බවත් එය බිද වැටීම සම්බන්ධතාවයක් බිද වැටීමට ප්‍රධාන හේතුව වෙන බවත් ඔබ තේරූම් ගන්නට ඇත.

ලිංගිකව ගැලපෙනම කෙනා අප වගේ ආසියානු රටක බටහිර රටවල් වල මෙන් විවාහයට කලින් අත්විද සොයා බලන්න නොහැකියි.

ඒනිසා විවාහයේදි අවම වශයෙන් කතාබහ කරවත් තම රුචි අරුචි කම් තේරූම් ගන්න. හොද බැදීමක් යනු හොද කැපවීමක් තිබිය යුත්තකි.

ඒ නිසා එකිනෙකා තේරූම් ගෙන එකිනෙකාගේ රුචි අරුචි කම් වලට නම්‍යශීලී වෙමින් ලිංගික ගැලපීම ඇති කරගන්න උත්සහ දරන්න.

මුලාශ්‍ර : www.healthline.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ලිංගික අනුකූලතාව පිළිබඳව ඔබ දැනගත යුතු කරුණා කිහිපයක්
බෙදාගන්න :
  • සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

    සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

  • කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

    කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

  • සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

    සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

  • කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

    කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it