theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

 බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

5 අවම කියවීම
 බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක් බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

බබාගේ බර වැඩි කරන ආහාර වර්ග 20 ක් ‌මෙන්න

බබාගේ බර වැඩි කරන කෑම ගැන හැම අම්මා කෙනෙක්ම උනන්දුයි.

මාසෙකට වරක් බබාගේ වර්ධන සටහනේ බර සලකුණු කරගෙන බබාගේ බර ගැන දැඩි අවදානෙන් ඉන්නේ ඒ නිසයි.

මව්කිරි දෙන සමයේ වගේ නෙමෙයි බබා ඝන ආහාර පටන් ගැනීමත් එක්ක එයාගේ බර වැඩිවෙන ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්.

මව්කිරි වලට හුරුවෙලා හිටිය දරුවාට ඝන ආහාර ලබා ගැනීම කියන අලුත් වෙනසත් එක්ක කෑමට හොර වෙන්න පුළුවන්.

අපි අද කතා කරන්න යන්නේ දේශිය වශයෙන් බබාගේ බර වැඩි කරගන්න පුළුවන් ආහාර මොනවද කියලායි. ඔබත් මේ ආහාර 20 ඔබේ දරුවාගේ කෑම වේලට එකතු කරනවාද බලන්න.

 බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

 

1.කොස්

අපිට පහසුවෙන් සොයාගන්න පුළුවන් ආහාරයක් ලෙස කොස් පෙන්වා දෙන්න පුළුවන්.

අපි කොස් කෑවාට බබා කොස් කන්න කැමති වේවිද ඒක අම්මලා නිතර අහන පැනයක්.

බබාට කොස් හදලා දෙන්න පුළුවන් රසවත් ආකාර තියෙනවා. කිරිකොස්, තම්බපු කොස් පොල් සමග ලබා දෙන්න පුළුවන්.

ඒ වගේම වරකා ලෙස බබාට ලබා දෙන්නත් පුළුවන්. කොස් වල කාබෝහයිඩ්‍රෙට් වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා.

2.දෙල්

කොස් වගේම පිෂ්ඨය පිරිපුන් අපේ දේශිය ආහාරයක් වෙනවා.

කිරට ඉවු දෙල් මාළුව මෙන්ම දෙල් තම්බා පොල් සමගද බබාට දෙන්න පුළුවන්. ඒ වගේම දෙල් තම්බා කට්ලට් වගේ කෑමක් සකස් කර බබාට දෙන්නත් පුළුවන්.

නැතිනම් දෙල් පෙති කපා වේලා බැද බබාට ලබා දෙන්න පුළුවන්.

3.පරිප්පු

අපි නිතර ආහාරයට එකතු කරන පරිප්පු වලට බබාගේ බර වැඩි කරන්න පුළුවන් බව ඔබ දැන සිටියාද?

පරිප්පු වැනි රනිල බෝග මෙන්ම ධාන්‍යද ඔබේ දරුවාට නිතර දෙන්න. පරිප්පු නම් කිරට උයා දෙන්න පුළුවන්.

නැතිනම් පරිප්පු වලින් වඩේ වගේ දෙයක් සකස් කර දෙන්නත් පුළුවන්.

4.උකු පොල්කිරි

උකු පොල් කිරි නැතිනම් මිටිකිරි යොදා බබාගේ කෑම සකස් කරන්න.

කිරිහොදි , කිරට පිසින ව්‍යාංජන මෙන්ම ඔබට බබාට වටලප්පම් වැනි ආහාර උකු පොල් කිරි යොදා සකස් කර දෙන්න පුළුවන්. ඒ මගින් බබාගේ බර වැඩි කරගන්න පුළුවන්.

5.මුදවපු කිරි

 බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

මුදවපු කිරි වලට පැණි ටිකක් යොදා දෙන්න පුළුවන්. ඔබ මී පැණි දෙනවා නම් අවුරුද්දට අඩු බබාලාට එය ලබා දෙන්න එපා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මීකිරි බබාට අමතර ආහාර වේලක් ලෙස මෙන්ම අතුරුපසක් විදියටත් දෙන්න පුළුවන්.

6.බතල

බතල කියන්නේ පිෂ්ඨය අඩංගු රසවත් ආහාරයක්. බබාට උදේට බතල තම්බලා පොල් සමග දෙන්න පුළුවන්. නැතිනම් බතල කිරට උයලා බත් එක්ක දෙන්න පුළුවන්.

7.මයියොක්කා

මයියොක්කා තම්බලා පොල් සමග බබාට දෙන්න පුළුවන්. නැතිනම් මයියොක්කා කිරට පිස දෙන්න පුළුවන්.

නැතිනම් මයියොක්කා පෙති බැද දෙන්න පුළුවන්. මයියොක්කා පිෂ්ඨය අඩංගු බැවින් ඔබේ දරුවාගේ බර වැඩි කරගන්න පුළුවන්.

8.රතු සහල්

රතු සහල් වලත් හොදින් පිෂ්ඨය අඩංගු වෙනවා. බත් ලෙස සකස් කරන්න මෙන්ම උකු පොල් කිරි යොදා කිරි බතක් සකස් කර බබාට දෙන්න පුළුවන්.

9.සුවදැල් සහල්

බබාට සුවදැල් සහල් පිස දෙන්න පුළුවන්. මෙයත් පිෂ්ඨය අධික ආහාරයකි.

10.කුරක්කන්

කුරක්කන් වලින් බබාට පිට්ටු, රොටි සකස් කර දෙන්න පුළුවන්. තනිකරම කුරක්කන් යොදා බබා කන්න අකමැති නම් පාන් පිටි ප්‍රමාණයක්ද කලවම් කර ආහාර සකස් කර දෙන්න.

කුරක්කන් කැදද රසවත් පානයකි.

11.වට්ටක්කා

වට්ටක්කා රසවත් ව්‍යාංජනක් ලෙස කිරි යොදා පිළියෙල කරනු ලබනවා. ඊට අමතරව වට්ටක්කා තම්බා පොල් සමග බබාට දෙන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි වට්ටක්කා සුප්, පුඩිං ලෙස බබාට පිළියෙල කර දෙන්න පුළුවන්.

12.උකු කොළ කැද

අප රටේ කොළකැද සකස් කල හැකි බොහොමයක් පලා වර්ග තියෙනවා. ඒවායින් බබාට උකු කොළකැද සකස් කර දෙන්න.

ඒ සදහා කොළ යුෂ, සහල් සහ උකු පොල් කිරි භාවිතා කරන්න.

13.බත් කැද

බත් කැද කියන්නේ පෝෂණිය ආහාරයක්. ගොඩාක් බබාලා බත් කැද කන්න අකමැත්තක් දක්වන්නේ නැහැ. මෙහි පිෂ්ඨය අඩංගු නිසා බබාගේ බර වැඩි කරගන්න පුළුවන්.

 බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

14. අලිගැටපේර

 

අලිගැට පේර පෝෂණයෙන් පිරිපුන් ආහාරයක්. බබාගේ පළමු ආහාරය විදියටත් දෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ,

අලි ගැට පේර මදය සුරා එයට සිනී ස්වල්පයක් එකතු කර බබාට දෙන්න පුළුවන්. නැතිනම් අලිගැට පේර පානයක් ලෙස සකස් කර බබාට දෙන්නත් පුළුවන්.

15.බර වැඩි කරන කෑම:  පොල්තෙල්

පොල්තෙල් කියන්නේ අපි නිවසේ නිතර භාවිතා කරන දෙයක්. බබාට පොල්තෙල් ලබා දීමෙන් බබාගේ බර වැඩි කරන්න මෙය කදිමයි.

බබාගේ කෑම වේලට පොල්තෙල් යෙදු ආහාරයක් එක් කරගන්න. බිත්තරය බැද දෙන්න. කට්ලට් හෝ වඩේ ලබා දෙන්න.

නැතිනම් කෑම එක තෙම්පරාදු කරන්න. මෙහි රසයත් ප්‍රියජනක නිසා බබාත් ආසාවෙන් ආහාර රස විදිවි.

16.කෙසෙල්

කෙසෙල්වල කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා. බබාට දිනකට කෙසෙල් ගෙඩියක් කැවීම බර වැඩි කර ගැනීමට හේතු වෙනවා. 

17.බඩඉරිගු

බඩ ඉරිගු කියන්නේ අපේ රටේ පහසුවෙන් සොයා ගන්න පුළුවන් ආහාරයක්. කාබෝහයිඩ්‍රෙට් වැඩි නිසා බබාගේ බර වැඩි කරගන්න පුළුවන්.

ඉරිගු ඇට සහිත නිසා තම්බා බබාට දෙන එක ගැන සැලකිලිමත් වෙන්න.ඔබට ඒ වෙනුවට ඉරිගු පිටිකර ආහාර සකස් කර දෙන්න පුළුවන්.

18.තල

තල තෙල් ආහාර බතට වඩා 8 ගුණයකින් ගුණදායක බව පැවසෙනවා. ඔබට බබාට තල වලින් සකස් කල  ආහාර ලබා දෙන්න පුළුවන්.

19.යොදය සහිත කිරි

යොදය සහිත කිරි බබාට ලබා දීමෙන් බබාගේ බර වැඩි කරන්න පුළුවන්.

මේ බබාගේ බර වැඩි කරන දේශියව පහසුවෙන් සොයා ගත හැකි ආහාර කිහිපයක් පමණයි. එම ආහාර බබාට ලබා දිය හැකි ආකාරත් අපි ඔබට සදහන් කර තියෙනවා.

බබාගේ නිරෝගි කමට හොද බරක් පවත්වා ගැනීමත් වැදගත් වෙනවා. ඒ නිසා නිතර නිතර මේ ආහාර ඔබේ දරුවාගේ කෑම වේලට එකතු කරන්න.

බබාගේ බර ‌පොතේ බබාගේ බර වැඩිවීම ගැන නිතර අවධානයෙන් සිටින්න. දරුවා මන්දපෝෂණය ‌පෙන්වන කලාපයට ඇතුල් ‌වෙනවා නම් ‌වෛද්‍ය උපදෙස් ලබාගන්න.

මෙවැනි බර වැඩි කරන ආහාර ඔබත් දන්නවාද? එසේ නම් අප හා බෙදාගන්න.

මුලාශ්‍ර - බර වැඩි කරන ආහාර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  •  බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්
බෙදාගන්න :
  • "මේ මොකද බබාගේ බර අඩු වෙලා"

    "මේ මොකද බබාගේ බර අඩු වෙලා"

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

  • "මේ මොකද බබාගේ බර අඩු වෙලා"

    "මේ මොකද බබාගේ බර අඩු වෙලා"

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it